හිත සුද්ද කිරීම නොහොත් (හ්ම්ම් ලස්සනයි ලස්සනයි.. හැබැයි.. අංක 2 )

Friday, May 18, 2012

රෙදි හෝදනවා රින්සෝ දාල කුණු යන්නේ නැහැනේ. දාමු බ්ලීච් ටිකක්.
 .  ඔය තියෙන්නේ ගින්දර වගේ සුදට.. 
නොදකින් අර හොල්මන පද්ද පද්ද යනහැටි.. ඊරිසියාවේ බෑ තුක්  විතරක්.. 
 (මාත් ඔයවගේ තමයි යනවා ඇත්තේ..මට පෙනෙන එකක්යැ..  
ගෑනි ලස්සනයි.. වගේ ඇඳුමක් මට ගැලපෙන එකක් නැහැ..
ටිකක් ඇවිදලා  බලන්න ඕන  වගේ.  හික්..  නියමයි.. ) 
ගෙදර යකා නටලා.. අතුගාන්න ඕන.. ඔන්න දැන් ඉතින් නියම පිරිසිදුයි  .. 
 වැඩක් නෑ ඉතින් ..හපොයි මේ යකාට ගේ හැඩි නොකර ඉන්න බැරි හැටි.. 
මමත් ඉඳල ඉඳලා හොයාගත්තා මිනිහෙක්.. චික්.. ( උනාට ඉන්නකොට හිතට 
හොඳයි.. කෝ බලන්න ? ඊයේ පාන් කියන්න බැරුවනේ ගෙදර ආවේ.. 
වෙන රස්සාවක් තිබුනා නම් හොඳයි.. පවු..)
අල්මාරිය අස්පස් කරලා දැම්මොත් හොඳයි වගේ .. ඔන්න එකත් හරි .. 
ශික් එතකොටයි මතක් උනේ.. ඇඳුම් තිබ්බට ඇති වැඩේ මොකක්ද ?
 මු මාව හරි හමන් ගමනක් එක්ක ගිය කාලයක් මතක නැහැනේ..  
( එයත් ඉතින් හරකා වගේ වැඩ කරන ඒක විතරයිනේ.. එහෙම 
නොකලොත් කොහොමද ළමයින්ගේ වියදම් හොයන්නේ ? ළමයින්ට 
හොඳම දේ දීල අපි ඉතින් දුක් විඳිනවා තමයි. එත් ඉතින් දෙන්නමනේ..)
අම්මෝ දාඩිය.. මුළු ඇඟම ගඳයි.. යන්න ඕන නාගන්න.. හ්ම්ම්  දැන් හරි 
සනීපයි  ඉතින් ඇඟ පිරිසිදු උනානේ.. 
චික්.. මේ ජරා සබන්වල කිසි සුවඳක් නෑ.. මෙවුව හදන උන් හැඳි ගෑවිලා යන්න ඕන.. 
(නෑ    උනාට ඔය සුවඳ වැඩි සබඳතාවල දාල තියන කෙමිකල් සරීරෙට
හොඳ නැහැනේ. ඒක අතකින් සුවඳ නැතත් මොකද පිරිසුදු වෙනවා නම් )
මේ ගවුම හොඳද  ? නෑ.  මේක හොඳයි..  ම්ම්  මං තාම හැඩයිනේ.
කෝ අපේ බුරුවට පෙනෙයිද මගේ ලස්සන ?  
වෙන ගෑනියක් නම් ලස්සනට පෙනෙයි..  තුක්.. (එහෙම හිතන්නත් බැහැනේ..
අද උදෙත් මාව ඉඹලානේ  ගියේ.. එයත්  ඔහේ අහුවෙච්ච එකක් ඇඳගෙන යනවා.. 
පවු.. ඉස්සර වගේ හැඩ වෙන්න ඉතින් වෙලාවක් කෝ? )
දාගන්න ඕනා සෙන්ට් ටිකක්..   ම්ම් නියමයි ..
කොච්චර පරණද මේ සෙන්ට් ඒක ? අරන් දුන්නේ කවද්ද කියල 
මතකත් නැහැ. මේ යකාට දැන් මං ගැන ගානක්වත් නෑනේ..  
ෂුවර් එකකට හොර ගෑනියෙක්වත්  ඇති..  වරෙන්කො අද ගෙදර.. දෙන්නම් ..
 ( නෑනේ.  එයාටත් රැවුල කපල ගාන්න ආෆ්ටර් ශේවු එකක් වත් නැහැනේ.. 
තමුන්ට කියල කිසිදෙයක් ගන්නෙත් නැහැ.. පවු ඉතින්  )
රෙදිත් පිරිසිදුයි
ගේත් පිරිසිදුයි පිළිවෙලයි 
අල්මාරිය නීට් 
ඇඟත් පිරිසිදුයි  
පෙනුමත් බොහොම හැඩයි..
සුවඳත් එක්ක ම්ම්  .. අද නම්...ම්ම් ..  හිතත් හොඳයි.. 
හ්ම්ම් .. ඕන නෑ.. අදත් බොරුවට බුම්මගෙන ඉන්නවා  .. පාඩමක් උගන්නන්න .. 
හික්...  වැඩක් නෑ 
ඉතින් ඔය මනුස්සයත් එක්ක වැඩි වෙලාවක් බුම්මන් ඉන්නත් බැහැනේ..හික්.. 
(කමක් නැහැ ගෑනු ගතියනේ... )

8 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

රෙප් මහත්තයා said...

ගෙදර හුචක්කුව තියෙන්නේ හුචක්කුවක් හින්ද මනුස්සයට පාරේ යන බෙන්ස් කාර් දිහා බලන්න වෙන්නේ ඔන්‍න‍ ඔය වෙලාවට තමා.

සරත් ලංකාප්‍රිය said...

ගෙදර බෙන්ස් කාර් තියාගෙන පාරේ යන බර කරත්ත පස්සේ යන මිනිස්සුත් ඉන්නවා රෙප් මහත්තයෝ !

Kushi said...

ගැහැනු අතර අපි අති වැරදි සිදුවුනත් ඉවසන, වැරදි කියාදෙන කරුණාවන්ත දිව්‍යංගනාවොත්, කොච්චර හොඳ කලත් නපුරුම නපුරු යක්ෂණියොත් ඉන්නවා.....එකත් පින පව අනුව තමයි අපිට ලැබෙන්නෙ...

මඩිස්සලේ නිශාන් said...

හිකිස්‌

වින්චැට් කිරිල්ලි. said...

Kushi@......ඔය කියන දෙගොල්ලොම ඉන්නෙ එකම ගැහැනියක් තුල....පිරිමිය අනුව තමා ඒ අය එලියට එන්නෙ....:D:D:D:D

ජිංජිබිරිස් said...

මුලින් ප්‍රශ්නේ ඊට පස්සේ උත්තේ
දෙකම තියෙන්නේ එයාල ගාවම විතරයි
බැරි වෙලාවත් අපි ප්‍රශ්නෙට මැදිහත් උනොත්
අනිවා පාරේ යන බෙන්ස් දිහා බල බලා තමා ඉන්න වෙන්නේ
අපි පයින් ගියත් බෙන්ස්වල දාගෙන යයියැ

සරත් ලංකාප්‍රිය said...

සාමෙන් පවුල් කන්න ඕන නම් වැදගත්ම දේ තමයි සහකාරය හරි කාරීගේ වරද දකිනකොට අනිත් මනුස්සයාගේ පැත්තෙනුත් ටිකක් හිතන්න පුරුදුවෙන එක. මම මේක දෙපැත්තටම හිතන්න පුළුවන් විදිහටයි ලිවුවේ. එහෙම හිතන්න පුරුදු උනොත් ප්‍රශ්න අඩුයි..

Chatura Wijekoon said...

ඉතාම අගෙයි..

Post a Comment

පි‍ටු පෙරලපු ගාන