අවාසනාවට සත්‍ය කතාවක් : යකුන් හා ප්‍රේතයන් සමඟ කතා පෙළ අංක 04

Tuesday, April 10, 2012

ඔන්න ඉතිං අවාසනාවට සත්‍ය කතාවක් : යකුන් හා ප්‍රේතයන් සමඟ 04 වෙනි කොටසත් ඔයාලට ගෙනාවා. මුල් කොටස් දෙකට හොඳ ප්‍රතිචාර ලැබුනු නිසා ඔන්න මේකත් දානවා. මේ කතාවෙන් මිත්‍ය අදහස් ඇති අයට හොඳ බඩේ පහරක් වඳිනු ඇතැයි සිතමි. කතාව පටං ගන්නවා. එහෙනං කියවලාම බලන්න.


දේව දූතයන් පිළිබඳව අපි අසා ඇත්තෙමු. අද මම ඔයාලට කියන්නට යන්නේ තවත් දේව දූතයෙක් පිළිබඳව කතන්දරයකි. බඩ උඩ වංගෙඩිය තබා පිටි කොටා කිරි දාන දුන් දේව දූතයාගේ කතන්දරය සත්තකින්ම සුන්දරය. පත්තිනි මෑණියන් මුල් කරගෙන දෙන දානයකි කිරි අම්මා වරුන්ගේ දානය. මෙම දානමය පුණ්‍ය කටයුත්ත ලංකාවේ පළාතෙන් පළාතට වෙනස් වේ. මෙම දානවල විධි ක්‍රමවේදයන්ද වෙනසක් පවතී. කිරි දෙන අම්මා වරුන්ද කිරි දුන් අම්මාවරුන්ද තවත් සමහර වෙලාවට දරුවන් සිටින වයසක මාතාවන් සඳහාද මෙම කිරි දානය පුණ්‍ය කර්මය කරයි.

____________________________________
සුදෝ සුදු වතින් සැරසුණු ඒ අම්මාවරුක් පියකරුය. කැවිලි කිරිබත් සුවඳින් සුවඳවත් වූ මේ මනරම් උදෑසන සොඳුරුය. එසේ සාහිත්‍ය වැනුමක් කරා යන්නටද මේ දානමව පින්කම දැක්විය හැකිය. කැවිලි හතයි, හාල් කිරි කෑලි හතයි, අම්මාවරුන් හතයි ආඳී වශයෙන් මේ සඳහා තෝරා ගන්නා අතර සමහර අවස්ථාවලදී හත දාහතර, විසි එක ආඳී වශයෙන් දානයට තෝරා ගැනීමක් සිඳු කරනු ඇත. රෑ නිදිවර්ජිතව පිරිමින් විසින් (සමහර ප්‍රදේශවල) පිලියෙල කරගනු ලබන කිරි දානය සමහර ප්‍රදේශවල කපුමහතෙකු හෝ පත්තිනි හාමි විසින් සලඹ සලමින් පත්තිනි දේවියට කන්නලව් කරමින් කිරි සකස් කිරීම සිදු කරන්නේය. මෙය දානමය පුණ්‍ය කර්මයක් බවත් සැබවින්ම සිත් පහන් කරවන මේ දානය මඟින් සිත් සුවපත් කරන්නේය යන අදහසක් ගැබ්ව ඇත. හිමිදිරියේ දනට වඩිනා කිරි අම්මාවරුන් හිමිදිරියේම දානය රැගෙන යන සෙයක් දැකිය හැකිය. යමෙකුට දෙවියන්ගේ රෝග ලෙස සැලකෙන පැපොල, කම්මුල්ගාය යන රෝගවලට දෙවියන්ට බාර වී කිරි දානයක් දී එම භාරය ඔප්පු කරයි. අප සමාජයේ තවත් සිරිතක් වන්නේ දරුවන් උපදින්නට සිටින ගැබිනි මාතාවන්ද කිරි දානවලට භාර වී මෙය සිදු කරන ආකාරය දැකිය හැකිය. මෙමගින් මානසික සුවයක් ඇතිවේයයි සමාජ සම්මත වී ඇත. නමුත් කිරි දාන මුවාවෙන් කිරි දාන විකුණගෙන කන පාපතරයින්ද අප සමාජයේ දැකිය හැකිය. මේ ඔවුන් අතරින් එක් අයෙකුගේ දේව දූත කතාවකි.


කොළඹ කලුතර ප්‍රදේශයට වන්නට එක්තරා ගමක් පිහිටියේය. එම ගමේ සාමි නම් කපුමහතෙකු විය. විශ්මිත අපූරු හාස්කම් කරන මේ පුද්ගලයා සුවිශේෂී වූ අයෙකු වශයෙනන් ජනතාව හැඳිනගෙන සිටියහ. කිරි ගහට ඇන්නා වගේ පේන කීම, බලා සිටියා වගේ අංජනම් බැලීම, දෙවියන් උදෙසා යාතිකා කිරීම, කිරි දාන වලදී පින්දීම, සාස්තර කීම ආඳී දක්ෂතාවලින් ඔහු සමන්විත වූ බව කියති. පෙළින් පෙළට එක්වන්නා වූ දේව ගැතියෝ බුලත් හුරුලු මත රුපියල් සත තබා පේන ඇසීමට පෝලිමේ සිටිති. නිවසර කර ඇති අණ විණ හූනියම්, ප්‍රේත දෝෂ, අමනුෂ්‍ය දෝෂ, නිවෙස්වල ගුන අගුණ, ළිං කැපීම, සුභ වේලාවන් ලබා දීම, රෝගීන් සුවපත් කිරීම, නැතිවුණ දේ සොයාදීම, කනප්පු වහන්සේ ගමපුරා ඇවිද වීම, හොරුන් අල්ලන්නට කුල්ල කැරකවීම, ග්‍රහ දෝෂ සමනය කිරීම සඳහා මේ මහතා අගනා මෙහෙවරක් කරන බව ඔහුගේ අනුගාමිකයෝ අතර ජනප්‍රිය වූ කතාන්දරයෝය. මධ්‍යම රාත්‍රියේ, දහවල විශේෂ පූජාවන් පැවැත්වීම, ගිනි පෑගීමද ඔහුගේ දක්ෂතාවයෝය. රාත්‍රී දොළහට දෙනු ලබන කඩවර පූජාවක් කිරීමට ඔහුගෙන් සරණ සොයා එන්නවුන්ට දෙනු ලබන චාරිත්‍රයකි. කිරි අම්මාවරුන් වෙනුවෙන් දානයක් දීමට භාර වන හැටියටද අපේ දේව දූත කපු මහතා ලබා දෙන පොරොන්දුවකි.

මෙම දියණියගේ වයස අවුරුදු දහතුනක් වූවා පමණි. ඇයට සිහිනෙන් මුත්‍රා පිටවෙන රෝගයක් තිබිණි. ඇයට විවිධ දේවල් සිදු කලද විසඳුමක් සොයාගත නොහැකි විය. ඒ අනුව දේව දූත සාමි සොයායන්නේ මේ ප්‍රශ්නයට විසඳුමක් වශයෙනි. හිමිදිරියේම දේව සාමි සොයා යන මොවුනට පැය ගණනාවක් පෝලිමේ සිටින්නට සිදු වේ. ගිගිරි හඬ සලමින් මල් සුවඳ දුම් සහිත වූ ඒ දෙවොල තුළ නින්නාද වන්නා වූ සීනු හඬ කන්කලුය. එක්වරම දේවාලය දෙවනත් කරමින් ශබ්ධයෙන් යාතිකා කර දෙවියන්ට ආරාධනා කරන මෙම දේව ආරාධනාව විටක බියපත් වූ කරුණක් වන්නේය. තවත් විටෙක ත්‍රාසය එක් කරන්නටද විමතිය සමඟ කුතුහලය දනවන්නටද කරුණක් විය. භාෂාවන් පරිවර්තනය කරන පරිවර්තකයන් මෙන් මෙම දේව විමානයෙහි දෙවියන් කියන දෑ පරිවර්තනය කරන්නට දේව භාසා පරිවර්තකයන් කිහිප දෙනෙකු සුදුවතින් සැරසී රතු නිල් පටි හිස කඳ බඩ බැඳගනිමින් මොනර පිල් අතැතිව ගරු සරු ඇතිව නියම ආකාරයෙන් දේව භාෂාව පරිවර්තනය කරමින් ගැත්තන්ට නිවැරදි දෑ අර්ථකථනය කර දෙන්නේ විදෙස් සමුලුවක භාෂා පරිවර්තකයන් මෙනි. හාස්ත්‍ර කීමද ආරම්භ වන්නෙන් ඒ සමඟිනි. ශාස්ත්‍ර කීම දේවාලයේ සිටම සිදු කරයි.

දැන් අපේ මේ කතාවේ ඉන්න දියණිය හා දියණියගේ දෙමාපියන් ඔවුන්ගේ වාරය එනතුරු බලා සිටී. දේව සාමියා කියනා සියල්ලම දේව බසින් තේරෙන සිංහලයට නගන්නේ පරිවර්තකයෝය. ළමයාගේ අනවශ්‍ය ප්‍රේම සම්බන්ධයක් කඩන්නට නේද යැයි ඇසූ විට මව නෑ යැයි පිළිතුරු දුන්නාය. මැයට සිහිනෙන් සිදුවන පුරුද්දක් නිසා ඇතිවී ඇති රෝගයක් වව මව පැවසුවාය. ඒ ප්‍රශ්නය හොඳ කරන්න පුලුවන්, මොනවද තියන රෝග ලක්ෂණ? "අපේ දුවට නින්දෙන් මුත්‍රා යනවා ඇගේ වයස අවුරුදු 13යි" මව කීවාය. ඒ සමඟම මහා ශබ්දය එක්වරම නැවතුණි. ශබ්දය අඩුකර දේව භාෂාවෙන් දේව කපුමහතා කී දෙබස පරිවර්තකයෝ මෙසේ කියන්නට වූහ. "ළමයාට ගෙදරට තනිකම් දෝෂ තියෙනවා. මෙය සුවරකර දෙන්න හැකියාවක් තියෙනවා. දින තුනක් ඇතුලත කඩවර පූජාවක් කළ යුතුයි. දින පහකට පසුව පේනයක් ඇසිය යුතු වෙනවා." 

ගෙදරට පවුලට දරුවන්ට සිදු වී ඇති වින්නැහිය තුළින් ගොඩ ඒම සඳහා දැරියගේ දෙමාපියන් ඒ සඳහා කැමැත්ත පළ කලෝය. පූජා භාණ්ඩ හා අනෙකුත් කළමනා සඳහා අඩි ගණනාවක් දිග කලමනා ලැයිස්තුවක් අතට පත්වූයේය. ඒ කාටත් ලබා දෙන ලැයිස්තුවකි. එහි උවමනා තමාට සපයා දිය හැකිය. නැතහොත් දේව කපු මහතාගේ පරිවාර ඇත්තන් හරහා සරිකරගත හැකිය. ඒ සඳහා ලබා දිය යුත්තේ මුදල් පමණි. වැඩි ගානක් යන්නේ නැති බවත් රුපියල් රුපියල් අටදාහක මුදලක් වැයවන බවත් ඔවුහු පැවසූහ. මීට අමතරව රුපියල් දසදහසක දේ පූජා ගාස්තුවක්ද අය කරන්නේ දේව නියමය අනුවය. කෙසේ හෝ මුදල් සොයා ගත් ඔවුන් පූජාව හා අනෙකුත් කටයුතු සඳහා දින වෙන් කර ගත්තෝය. කඩවර පූජා දිනය ලඟා වුනි. කඩවර පූජාව රාත්‍රී එකට පමණ සිදු කරන අතර රෝගීන් හතර දෙනෙකු පමණ ඒ සඳහා සහභාගි වේ. පූජා භාණ්ඩ රුගෙන පූජා කරන්නට පටන් ගත්හ. එක් පසකින් මහා ගිණි ජාලාවකි. හිස කරකවමින් ආරූඪ වී දේව සාමි පූජාව අරඹන්නේය. ගින්දරට පැන දේව කපු මහතා ඒ මත දිව යන්නේ මහත් බියකරු ආකාරයෙනි. ඒ අතර "දැන් සුරන්ගිට සුවයි" කාන්තිලාගේ ගෙදරට කරපු හූනියම් කැපිලා හොරු ටික අල්ල ගන්න ගෙදර දකුණු පැත්තේ කන්ද උඩ පැත්තට තමයි අරන් ගිහින් තියෙන්නේ. අපේ සිඏඟිති දුවටත් සනීපයි. මේ අයට ආයේ කරදරයක් වෙන්නෙ නෑ. මේ දරුවාගේ අණ විණ කරපු එකා සතියෙන් මැරිලා යාවි කියමින් කඩවර පූජා හතරම එකවර සුව කළේය.

පූජාව අවසන් වන විට උදෑසන පහ පමණ විය. දැන් සියල්ලන්ටම ගුණයි. මේ අය තව සතියකින් ඇවිල්ලා ගුණ දොස් කියන්න කියමින් සියල්ලෝම නිවස කරා පිටත් කර යැවීය. පුදුමයකි, අප දියණියගේ රෝගය සුවවී තිබුනේ නැත. යළිත් දේව සාමි සොයා දියණිය හා ඇගේ දෙමව්පියන් පැමිණියෝය. ගිය සතියේ පූජාවෙන් අසනීපය හොඳ වී ඇවිත් ඉන්න ළමයා ඇවිත් ඉන්නේ ඇයි දැයි පිරිස බලා සිටියදීම දේව කපු මහතා කෑ ගැසීය. දැන් හොඳටම හොඳයි නේද මොහු හයියෙන් ඇසීය. එසේ අස්සේ හිටි හැටියේම දේව භාෂාවෙන් නොව දන්නා සුද්ද සිංහලෙනි. දැන් ඔයාට සනීපයි. අසනීපය හැදිලා කොතරම් කල්ද? දැන් රෝගියාට හොඳටම හොඳයි. කිරිදානයක් දීලා භාරය ඔප්පු කරන්න. "අපි භාර උනේ නෑ ස්වාමි" කියා දෙමාපියෝ කීහ. ඔය අය භාර නොවුනට මම භාර උනා. ඒ නිසා තමයි අසනීපය දැන් හොඳ වෙන්න පටන් අරගෙන තියෙන්නේ ඒ නිසා කිරිදානය පවත්වන්න. එතකොට සියල්ල අසනීප දුරුව යහපතක්ම සෙතක්ම සැනසීමක්ද මෙම දේවදරුවන්ට දැරිවියට ලඟා වෙනවා කියමින් දේව කපු මහතා දේවාලයෙන් පිටව යන්නට දැරියට හා දෙමාපියන්ට අවසරය ලබාදෙන්නේය. ඒ සියල්ලන්ගේම දෑස ඉදිරිපිට සිදු කරන මහා ප්‍රාතිභාරයක් වැනි ආකාරයකටය.

කිරිදානය සකස් කිරීම සඳහා දිනයක් නියම විය. කිරි දානය සඳහා සියල්ලම සකස් කිරීමට හැකියාව ලැබුණි. ගමම බලා සිටින මෙම අසිරිමත් පුදුම දේව කිරි දානය අපූරුවට සිදු කරන්නට වූහ. පිරිසිදු රෙද්දක් පොළවට දමා එහි උඩුබැලි අතට හාන්සි වූ කපු මහතා දෙස සියල්ලෝම බලා හිඳින්නාහුය. දේව කපු මහතාගේ ගෝලයන් දෙදෙනා හරි අපූරුවට දෙකොන ඉද වංගෙඩියට සහල් දමමින් කොටන්නට වූහ. දෙමෝලේ හාල් පිටි කොටන්නේය. ඒ සමඟම ශ්ලෝක හා යාදිනි කියවමින් සහල් පිටි කොටන්නට වූහ. සකස් කල පිටි වලින් කිරි අම්මාවරුන් හත් දෙනෙකුට කිරි දානය සකස් කෙරිණි. සේවස්වාමි කපු මහතා උදෑසනින්ම ගියේය. ගත වූයේ දින කිහිපයකි. දියණියට නින්දෙන් මුත්‍රා පිටවීමනම් නතර නී නොමැති බව අවබෝධ විය. මෙම සිද්ධිය අවසානයේ වෛද්‍ය විද්‍යාකුලපති මහතාට මෙම දැරිවිය ඉදිරිපත් කරන්නේය. සිදුවූ සියල්ලම එහිදී දෙමව්පියෝ කුපලති මහතාට පැවසූහ. ඒ අනුව කුලපති මහා මෙහේ කීය. මෙම රෝගී තත්වය සමහර දරුවන්ට ඇති වෙනවා එය BedWetting වූ තත්වයක් තමයි ඇතිව තියෙන්නේ. මෙය තනිකම හෝ හොල්මන් අවතාර හෝ මඟින් සිඳු වන්නක් නොවෙයි. දරුවන් දරුවාගේ දැඩි අසහනයට පත්වූ මෙම රෝගී තත්වය සඳහා විසඳුම් ලැබුණි. රෝගය සුවපත් වූයේය.

දේව සාමි මෙහිදී සිදුකල ක්‍රියාවලිය පිලිබඳව අප ද සොයා බැලිය යුතුව ඇත. කුලපති මහතා මෙසේ පැවසීය. දේවස්වාමියා මායා රෝගියෙකි. මොහු පේන කියන අයෙකු සේ ජනතාව රවටා තම ගතමනාව සොයාගන්නවා වූ අයෙකි. ජනතාව ඔහුට ගරුකරන්නේ සරණ යන්නේ ඔහු සොයා එන්නේ ජනතාව තුල ඇති නොදැනීම හා මිථ්‍යාව නිසාය. ඒ නිසා දේව ස්වාමි කළ අවිඡ්චාවෝ විද්‍යාවේ මෙන් සිඳුවන බව ජනතාව පිළිගත්තෝය.. ඒ වැරදීම මත මුලා වූවන් රවටා හෙතෙම රුපියල් සත සොයන්නට වූයේය. තම පපුව මත තබාගෙන පිටි කෙටීම වූ කලී භයානක දෙයක් සේ මවා පෙන්නන්නට මෙම පුද්ගලයා සමත්ව ඇත. ලී වංගෙඩියක් තම පපුව මත තබාගෙන පිටි කෙටීම කළ හැකිය. එය එතරම් අසීරු කිටයුත්තක් වෙන්නේ නැත. එයට හේතුව වංගෙඩියේ පපුවට තබන ප්‍රෙද්ශයේ වර්ගඵලය වැඩි වීම නිසා බලය බෙදී යන්නේය. සමහරු බඩ උඩින් වාහන ගෙනියන කතාන්දර වලද ඇත්තේ ඒ ආකාරයේ සන්සිද්ධියකි. එහිදී වාහනයේ රෝදය ගමන් කරන්නේ පපුව හෝ බඩ මත ලෑල්ලක් තබාගෙනය. ඒ අනුව වාහනයේ බර ලෑල්ලේ වර්ගළයට සමව බෙදී යාම සිදු වේ.

මෙම සිද්ධියේද දේව ස්වාමි කපු මහතා කරන සියල්ලම රැවටිලිය. ඒ නිසා රෝගයක් වැළඳුනහොත් ප්‍රතිකාර කිරීමට වෛද්‍යවරයෙකු හමුවන්න. එය වැදගත් කටයුත්තක්. එසේ නොමැතිව මෙවැනි රැවටිලි කාරයන් සොයා නොයන්න. එය මෙම කතාන්දරයේ ඇති තවත් කතන්දරයකි.


(මෙහි එන සිද්ධීය සත්‍යයකි. ගම හා නම් ආසන්න වශයෙන් වෙනස් කර ඇත.)






ප.ලි -  මේ කතාවෙන් බොරු තොගයක් එලි වුනු නිසා මම කියවපු මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතාගේ පොතක තිබූ ගිණි පෑගීමේ සත්‍යතාවය පිලිබඳව සාරාංශයක් මට මතක විදිහට ඔයාලට කියන්නම්. ඇත්තටම ගිණි පෑගීම කියන දේට දෙවියන්ගේවත්, යක්ෂයන්ගේවත්, භූත බලවේගයන්ගේවත් කාගෙන්වත් උදව් අවශ්‍ය නෑ. මේ විදිහට එතුමා එතුමාගේ පොතේ සඳහන් කර ඇත්තේ එතුමා හා මහාචාර්ය ආතර් සී. ක්ලාක් මහතා  සමඟ කෙරූ පර්යේෂණයක් අනුවයි. පර්යේෂණය තමයි ගිණි පෑගීම. ඉතිං මොවුන් දෙදෙනා ගිණි පාගනවා කියන හැම තැනකටම ගිහින් (ලංකාවේ) ඒවා නිරීක්ෂණය කරලා දත්ත සටහන් කරගන්නවා. අන්තිමේදී මොවුන්ගේ සටහන් සන්සන්ධනය කරන විට පෙනී ගියේ සටහන් සියල්ලම එකම ආකාරයෙ ඒවා බවයි. ඒ මෙසේය. ගිණි පෑගීම සඳහා හාරන වලෙහි දිග, ගැඹුර හා පළල සෑම ගිණි පාගන තැනකම සමානයි. ඒ වගේම එම වළට දමන ගිණි එහෙමත් නැත්නම් අඟුරු උඩ ඇවිදීමේදී අඟුරු උඩ කකුල තබන තාල පරාසය, කකලු ඉහළට ගැනීමේ කාල පරාසය, කකුලක් අඟුරු ගොඩේ තබාගෙන සිටින කාලය, කකුල් දෙක මාරු කරන කාලය යන ඒවාද අනිත් නිරීක්ෂණ තුලින් බලන විට ඒ දත්තද සමාන බවක් ඔවුනට දක්නට ලැබිණි. ඒ අනුව මොවුන් දෙදෙනා ගත් තීරණය පහත පරිදිය. 
ගිණි පාගන්න කිසි දෙවියෙක්ගේවත්, එහෙම නැත්නම් කිසිම බලවේගයකින්වත් උදව් අවශ්‍ය වන්නේ නෑ. ඒකට බලපාන්නේ කාලය. පුහුණු වීමක් නැති කෙනෙකුට උනත් මේ ටයිමින්ග් කියන එක ඉගෙන ගත්තනම් වැඩේ ලේසි වෙනවා. ඇත්තටම ගිණි පෑගීමේදී දෙවියන් නමස්කරා කරන එක, අනෙකුත් බලවේග වලට යාතිකා කරන එක බොරු වැඩක්.                                    
                                                                                                           -කාලෝ ෆොන්සේක- 
 




(C)BLOGSHAN | All Things For You 

6 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

Anonymous said...

සුපිරි කතාව ඒකත්

Anonymous said...

kaalo monawada mae dewal gana danne? Physics is not everything. Kaalo doesn't know that he doesn't know..

Madhawa Habarakada said...

කියල තිබෙන කතා හැම එකක්ම ඇත්ත. මානසික ගැටළුවක් තිබෙන කෙනෙක්ට මේවගේ දේවල් කරල හරියන්නෙ නෑ, කරන්න ඕනෙ මානසික වෛද්‍යවරයෙක් ලඟට අරන් යන එක. හැබැයි ශාන්තිකර්ම වල එහෙම ඇත්තක් නැත්තෙත් නෑ, මොකද ඒවා හරහාත් කෙරෙන්නේ මානසික සුවයක් ලඟා කරල දෙන එක. නමුත් හරියට කළ යුතුයි. හොර කට්ටඩි ගාවට ගිහිල්ල හරියන්නෙ නෑ. :)
මේ දේවල් සම්පූර්ණයෙන්ම බොරු කියල අපිට කියන්න බෑ, යම් ඇත්තක් තිබෙනවා. නමුත් ඒවා ඔප්පු කරන්න කියල මේ ශාස්ත්‍රය හරියට දන්න කිසිම කෙනෙක් ඉදිරිපත් වෙන්නෙ නෑ. ඒ අයට ඕනෙ නෑ මේව බලෙන් ඔප්පු කරන්න, පිළිගන්න අය පිළිගත්තුදෙන්, අනිත් අය නොපිළිගත්තුදෙන් කියල ඔවුන් තම ශාස්ත්‍රයේ ගෞරවය රැකගෙන ඉන්නව.
ඔබ භෞතිකවාදියෙක් නෙමෙයිනෙ නේද? ඒග්‍රහම් ටී. කොවුර් වගේ? ඔහු එක්වරක් රු.ලක්ශයක් ඔට්ටු ඇල්ලුව මේ දේවල් ඇත්ත කියල පෙන්වන්න කියල. නමුත් කවුරුවත් ඉදිරිපත් උනේ නෑ, ඒ ඔප්පු කරන්න බැරි නිසා නෙමෙයි, ඔප්පු කරන්න අනවශ්‍ය නිසා කියලයි මට නම් හිතෙන්නෙ.

අන්තිම එක, ඇත්ත, ගිනි පෑගීමේ, ඇඟ හරහා තියුණු උල් යවල ඒවයෙ එල්ලිලා හිදීමේ කිසිම දේව භක්තියක් හාස්කමක් නෑ, තිබෙන්නේ අර නිරීක්ෂනයන් වලින් හදූනා ගත්තා කියන ටයිමිං පමණයි. මම ගිනි පාගල නම් නෑ, ඔය කියන වගේ විදිහට, නමුත් ගිනි ගොඩවල් හරහා ඇවිදගෙන ගිහිල්ල තිබෙනව ගෙදර වත්ත පහළ ගහපු ගිනි අදුරු තියෙන. :)

#sirkinna said...

@Anonymous said...

සුපිරි කතාව ඒකත්
April 10, 2012 7:05 PM
----------------------------------------*

බොහොම ස්තූතියි

#sirkinna said...

@Anonymous said...

kaalo monawada mae dewal gana danne? Physics is not everything. Kaalo doesn't know that he doesn't know..
April 10, 2012 7:39 PM
------------------------------------------------------------*

ඔබතුමාගේ ඔය comment එකට මම දෙනවට වඩා හොඳ වැදගත් උත්තරයක් මාධව කියලා තියෙනවා..

#sirkinna said...

@Madhawa Habarakada said...

කියල තිබෙන කතා හැම එකක්ම ඇත්ත. මානසික ගැටළුවක් තිබෙන කෙනෙක්ට මේවගේ දේවල් කරල හරියන්නෙ නෑ, කරන්න ඕනෙ මානසික වෛද්‍යවරයෙක් ලඟට අරන් යන එක. හැබැයි ශාන්තිකර්ම වල එහෙම ඇත්තක් නැත්තෙත් නෑ, මොකද ඒවා හරහාත් කෙරෙන්නේ මානසික සුවයක් ලඟා කරල දෙන එක. නමුත් හරියට කළ යුතුයි. හොර කට්ටඩි ගාවට ගිහිල්ල හරියන්නෙ නෑ. :)
මේ දේවල් සම්පූර්ණයෙන්ම බොරු කියල අපිට කියන්න බෑ, යම් ඇත්තක් තිබෙනවා. නමුත් ඒවා ඔප්පු කරන්න කියල මේ ශාස්ත්‍රය හරියට දන්න කිසිම කෙනෙක් ඉදිරිපත් වෙන්නෙ නෑ. ඒ අයට ඕනෙ නෑ මේව බලෙන් ඔප්පු කරන්න, පිළිගන්න අය පිළිගත්තුදෙන්, අනිත් අය නොපිළිගත්තුදෙන් කියල ඔවුන් තම ශාස්ත්‍රයේ ගෞරවය රැකගෙන ඉන්නව.
ඔබ භෞතිකවාදියෙක් නෙමෙයිනෙ නේද? ඒග්‍රහම් ටී. කොවුර් වගේ? ඔහු එක්වරක් රු.ලක්ශයක් ඔට්ටු ඇල්ලුව මේ දේවල් ඇත්ත කියල පෙන්වන්න කියල. නමුත් කවුරුවත් ඉදිරිපත් උනේ නෑ, ඒ ඔප්පු කරන්න බැරි නිසා නෙමෙයි, ඔප්පු කරන්න අනවශ්‍ය නිසා කියලයි මට නම් හිතෙන්නෙ.

අන්තිම එක, ඇත්ත, ගිනි පෑගීමේ, ඇඟ හරහා තියුණු උල් යවල ඒවයෙ එල්ලිලා හිදීමේ කිසිම දේව භක්තියක් හාස්කමක් නෑ, තිබෙන්නේ අර නිරීක්ෂනයන් වලින් හදූනා ගත්තා කියන ටයිමිං පමණයි. මම ගිනි පාගල නම් නෑ, ඔය කියන වගේ විදිහට, නමුත් ගිනි ගොඩවල් හරහා ඇවිදගෙන ගිහිල්ල තිබෙනව ගෙදර වත්ත පහළ ගහපු ගිනි අදුරු තියෙන. :)
April 13, 2012 8:53 PM
------------------------------------------------------*

ඇත්ත කතාව යාලුවා.. අර අන්තිමේට කියපු ගෙදර වත්ත පහළ ගිණි පාගපු සීන් එකනම් මාත් කරල තියෙනවා :D ස්තූතියි කමෙන්ට් කරාට

Post a Comment

පි‍ටු පෙරලපු ගාන