නොදැකපු කෙනෙක් නැතී...
නමුදු සිත දුටු අය නැතී...
සුවඳ වත්සුණු නොතවරා
සිනාසෙති කට පුරා
අනේ මහත්තයො සතයක්!
නොකියතී කිසිදා...
ළැම දුටු අය ඇතී
ළය දුටු උන් නැතී
කුස ඇවිලි කරුමෙට
පිටි පැකට් පිහිටට
විකුණතී ඇඟ මස්
පුරවතී පව්කම්...
ගැහැණු කම විකුණතී
පිරිමි ඇවිදින් යතී
ළඟ රැඳුනු කිසිවෙක්
නොඅසතී පැනයක්
කිමද මේ මහ මගට වී?
වෙශ්‍යාවක් වෙන්නැතී
හැඟුම් මිල ගන්නැතී
නුඹට නොදැනෙන්නැතී
මව් සෙනේ කඳ නිම් නැතී...
නොකියන් පුත මගේ
අම්මා නොව මගේ...
"උඹ වෙශ්‍යාවක්"
දෙතන කිරි නැති නිසා
මම නුඹට කිරි හොයා
විකුණුවෙමි ඉස්මස්..
පාරමී නොපුරාම...
පූරුවේ කල පවට
වැටුණා නරා වලකට
වරම් ඒවා මතු භවේකට
පතිනි අම්මා කෙනෙක් වන්නට...
නුඹ රැජිනකි මට සැමදා
-
නැගිටිනවා ළමයෝ......
මොකද අක්කා...
වෙලාව බලනවා කියාද කියලා....
කියද වෙලාව...
7.45යි...
මොකක්....
අක්කා මම කිවා නේද අද මට ඉන්ටවිව් එකක් තියනවා කලින් ඇ...
3 years ago
11 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:
මෙවාට කවිරු වැරදි කරුවන්ද
සමාජය
සමාජය යනු අපිමය
:ඔ අපි කුමක් කරන්නද?
අමුතු සංකල්පයක් නොවැ !
සංවේදී කතාවක් ලස්සනට කවි කරලා.
මල් මල් සාරිය ඇඳලා
පහන් කණුව යට ඉඳලා
ඇස් ඉස් මස් දන් දීලා
කිරි අරගෙන එයි අම්මා
දරුවෙකුට කිරි දෙන්නට !
උදර පෝෂණයට...
වේසකම මිස... වෙන මගක් ඇත්තේම නැද්ද ?
පතිනි අම්මාවරු හට ???
අවශ්‍ය වෙන්නෙ ජීවත් වෙන්න, ඒත් ආර්ථිකය හරස් වෙනවා.නමුත් උපයන්න රැකියාවක් ඇතෙම නැත්නම්මට හිතෙන්නෙ ලෝකයේ පැරණිම රස්සාව... ඒත් ජීවත් වෙන්න එපායැ.
හරිම ලස්සනයි ...
හරිම ලස්සනයි ...
මම උඩ තියෙන comments ඔක්කොම කියෙව්වා. ඒත් යථාර්ථය තියෙන්නෙ චතුරංගගෙ comment එකේ විතරයි. ඇත්තටම අම්මා කෙනෙකුට දරුවෙක් ජීවත් කරවන්න ඒ දේ කරන්න ඕනෙමද? ඒක එකම විකල්පයද?? නැහැ......... අම්මා කෙනෙකුට තමන්ගෙ දරුවන් වෙනුවෙන් තමන්ගේ ජීවිතේ දන්දෙන්න පුළුවන්, හැබැයි තමන්ගෙ ආත්මය විකුණන්න බැහැ. ඒකයි අම්මා කියන්නෙ හිතන්න........
චතුරංග, උඹ හරියටම හරි මචං. අම්මා කෙනෙකුට තමන්ගෙ දරුවන් වෙනුවෙන් කරන්න බැරි දෙයක් නෑ තමයි. දරුවන් වෙනුවෙන් තමන්ගෙ ජීවිතය දන් දෙන්න වුණත් අම්මා කෙනෙකුට පුළුවන්. ඒත් කවදාවත් දරුවන් වෙනුවෙන් තමන්ගෙ ආත්මය විකුණන්න අම්මා කෙනෙකුට බැහැ. ඒකයි අම්මාට අම්මා කියලා කියන්නේ...........හිතන්න.........
Post a Comment