නියම සිංහලයෙක්ද ? නියම ශ්‍රී ලාංකීක දමිල හිතවතෙක්ද ?

Thursday, June 23, 2011

උඹ නියම සිංහලෙක්ද ? උඹ නියම දෙමලෙක්ද ? එහෙනම් තවත් අත් දෙක බැඳගෙන කාලකන්නි වගේ ගිල ගිල ඉන්නේ නැතුව නැගිටපං. සුද්දා ඇවිත් උගේ පස්ස අපේ මූනේ අතුල්ලනකල් කට ඇරන් බලන් ඉන්නවද ? ඇඳුම් අඳින්නේ හෙලුව වහගන්නද ? නැත්නම් හැමෝම අඳින නිසාද ? නොදකිං… යකෝ එක එකාට තමන්ගේ කටට චූ කරන්න ඉඩ දෙන්න එපා. උඹලා මොන පක්ශෙට හුරේ දැම්මත් කමක් නෑ. තමන්ගේ රට ගැන කතා කරද්දි පක්ෂෙට හෙන ගැහුවත් රට වෙනුවෙන් වැඩ කරපල්ලා. පක්ෂ ඕන තරම් ආයේ හදන්න පුලුවන්. ඒත් රටක් නැති උනොත් නැති උනාමයි. මොකෝ පස් ගොඩ කරලා ආයේ වෙන තැනක එකක් හදාගන්නද ? ඔලුව තියන්නේ ඔන ඕවා කල්පනා කරන්න.
එහෙන් අර මූන් කාරයා මගුලක් හදාගෙන දඟලනවා. අපේ කාලකන්නිත් දෙපැත්තකට බෙදිලා ඒ වාර්තාවේ අරක හරි. මේක වැරදියි කිය කිය පක්ෂ වලට බෙදිලා පොරවල් වෙන්න දඟලනවා. මමත් දවසක් අහගෙන හිටියේ අලි පක්ෂේ ගම්පහ ඵැත්තට කිට්ටුවේ මන්ත්‍රී කෙනෙක් තවත් එතුමාගේ හිතවතෙක් එක්ක කතා කරනවා ඒ වාර්තාවේ අරව හරි මෙවා හරි කිය කිය. මමත් එතන එහා පුටුවේ ඒ කතාවට සම්බන්ධ වෙලා උන්නු නිසා මමත් බය නැතුව කියන්නේ. අර පොඩි පොඩි වැරදි නිසා උන් මූන් ට විරුද්ධව කතා කරන්නේ නැහැ ලු. ඔන්න අපේ රටේ සිංහල මිනිස්සු.
රටට මොන රෙද්ද උනත් කමක් නෑ. කොතනින් හරි තමන්ට වාසියක් වෙනවා නම් එච්චරයි. ඒ වාර්තාව ගැන කතා කරලා ඒකෙනුත් ආණ්ඩුව පෙරලෙන එක ගැන තමයි කතාව. ආණ්ඩුව පෙරලගත්තම ඔක්කොම හරි යයි. ආණ්ඩු එකක් නෙමෙයි සීයක් උනත් පෙරලන්න පුලුවන් අපිට අපේ කියලා රටක් ඉතුරු උනොත්. මේ වගේ කාලකන්නිත් අපේ රටේ මැති ඇමති වරු කරවන එවුන්ටයි ගහලා මරන්න ඕන.එහෙන් අර චැනල් 4 තව අලුත් සෙල්ලමක් පටන් අරගෙන. දැන් අපේ ලොකු ලොක්කොත් ඒකෙන් ආතල් ගන්නවා. ආණ්ඩුව කියනවා ඒක බොරුවක් කියලා (හැබැයි එච්චරම තමයි.. ප්‍රතික්ෂේප කරනවා මිසක් ඒවා බොරු කියලා ඔප්පු කරන්න ඕන කමක් නෑ). ප්‍රධාන විපක්ශ දෙක ආණ්ඩුවට වැරදි කියනවා. ඒ අස්සේ අපේ මී හරක් ටිකත් ඒ දෙකට හුරේ දදා ඉන්නවා. නොදකින් මෙහෙමත් මෝඩයෝ රැලක්. රටට හෙන ගැහුවත් ලොක්කොන්ට ඉන්න තැන් ඕන තරම් තියනවා. ඒත් තොපිටයි යන එන මං නැති වෙන්නේ.
මහා ලොකුවට තොරතුරු සන්නේවේදන තාක්ශණය පාසල් විෂය ධාරාවට ඇතුල් කරාට ඔය ලොකු පුටු වල ඉන්න එකෙවත් එල්.ටී.ටී.ඊ එවුන් තරම් වත් මේ තාක්ශ්ණෙන් ප්‍රයෝජන අරගත්තේ නෑ. ඒ අතින් කොටි අපිට වඩා දක්ශයි. අපේ මිනිස්සු එකතු වෙලා යූ ටියුබ් අර ටියුබ් මේ ටියුබ් අපේ ලමයින්ගේ මනස වනසනවා එවා තහනම් කරන්න ඕන කියලා කෑ ගහන්න විතරයි දන්නේ. ෆේස්බුක් මාරයා ලු. ට්වීටරේ තවත් මාරයෙක්ලු. ඔච්චර තමයි දන්නේ. මහ ලොකු සිංහලයා. අරුන් හොඳට ඒ තුන පාවිච්චි කරලා ලංකාව ගැන කරන්න පුලුවන් බොරු ප්‍රචාර සේරම කරනකොට අපේ එල හරක් ඒවා බ්ලොක් කරන්න කතා කරනවා.
ඒකත් නිකං අහක ඉන්න එකෙකුට කතා කරලා මගේ කටට චූ කරපන් කිව්ව වගේ. තවත් ඔය ලොකු පුටුවල ඉන්න අපේ එවුන්ට බැරි උනා එවායෙන් හරි ප්‍රයෝජනයක් ගන්න. උන්ට බැරි දේ අපිවත් කරමු. කරලා පෙන්නමු. මම දන්නවා ඕන තරම් අපේ කොල්ලෝ කෙල්ලෝ ඉන්නවා වීඩියෝ සංස්කරණය කරන්න දන්න. මේ අවස්තාව උඹලගේ. ඉගෙන ගත්ත දෙවල් වලින් රටට වැඩක් කරපන්. සල්ලි හම්බ වෙන්නේ නෑ මේවා කරාට. ඒත් අත පය දිග ඇරලා ඉන්න රටක් හම්බ වෙයි. උඹට නැතත් උඹගේ අනාගත පරපුරටවත්. වරෙන් එකතු වෙයන්. අපි පෙන්නපු මේ පුංචි රටේ ඉන්න යුධ අපරාධ කාරයෝ කියලා හංවඩු ගැහිච්ච රටේ මිනිස්සුන්ගේ වැඩ. සිංහල වෙච්ච අපි ඇත්තටම අපි ගැන ලැජ්ජ වෙන්න ඕන. දෙමල මිනිස්සු කවදාවත් අපි වගේ ගොං වැඩ කරන්නේ නෑ. අපිට උන්ගෙන් ඉගෙන ගන්න වෙනවා.

7 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

කිඩෝ said...

එල මචං එල මේක මෙතන නෙවෙයි දාන්න ඕනෙ පාර්ලිමේන්තුව ඉස්සරහා....

සිතුවිලි පවුරේ ඇඩ්මින් said...

කාලීන අවශ්‍යතාවය ඉස්මතු කරන වැදගත් ලිපියක්..

Yasantha Hennayake said...

පොඩ්ඩක් හරි මොළයක් තියෙනවා නම් ලංකාව දාලා යයි පුලුවන් කෙනෙක්.. ඒ තරමටම අසාධාරණය රජ කරන රටක් ලංකාව.. මේක හදන්න ගිහින් ඉල්ලන් කනවට වඩා හොදයි නේද පැත්තක වෙලා තමාට වැඩක් කරගත්තනම්

සිත් අහස said...

මැක්ස් ට කියන්න තියෙන්නෙ ඉතින් මැක්සා කියලා තමයි...

මලිත් Max said...

අදහස් වලට බොහෝම ස්තූතියි....
@කිඩෝ,ඇඩ්මින්,ප්‍රාර්ථනා ගොඩාක් ස්තූතියි දෙන සහයට.. ඒක හැමදාමත් වටිනවා... බය නැතුව මේ වගේ අදහස් ප්‍රකාශ කරන එකම ඇති.

@චතු... එහෙම ඉන්නත් පුලුවන්.. ඒත් මතකද පුංචි ඩ්ගැමුනු කුමාරයා කිව්ව කතාව. තමන්ගේ රටේ අත් බැඳගෙන ඉන්න බැහැ කිව්ව කතාව ? අද කට වහගෙන හිටියොත් සහ දේශපාලනේ කරන අයට බාර දීල උන්ටම බැන බැන හිටියොත් දවසක් එනවා අපිට ගුටි කකා වහල් කම් කරන්න. අපේ ගෙදරම අපි වහල්ලු වෙනවා.

චාලි said...

මෙන්න බලන්න පුලු පුලුවන් විදිහට ලන්කාවේ කොල්ලෝ මේ බයිස්කෝප් එකට විරුද්දව පෙල ගැහිච්ච හැටි

http://thejans.blogspot.com/2011/06/blog-post_25.html

http://www.facebook.com/video/video.php?v=178742852184838&oid=235035326513473&comments

ttp://anojsblog.blogspot.com/2011/06/4_26.html

මලිත් Max said...

මේ වැඩේ කොයි තරම් දුරට සාර්තකද කියන එක තවත් පාරක් හිතලා බලන්න වෙනවා. අපේ හැමෝම සිංහල යුනිකෝඩ්ස් වලින් සිංහලෙන් ඔය වීඩියෝ වල ඇත්ත නැත්ත බ්ලොග් පිරෙන්න දැම්මට වැඩක් වෙන්නේ නෑ. සුද්දා ඉලක්ක කරන්නේ මුලු ලෝකෙම රවට්ටන්න මිසක් ලංකාව රවට්ටන්න නෙමෙයි. මොකද උන් දන්නව ලංකාවේ එවුන් ඕවා පිලිගන්න තරම් හරක් නෙමෙයි කියන එක. අනික සුද්දා ඔය වැඩේට පාවිච්චි කරන බාසාව ගැන හිතලා බලන්න.. ඒ ඉන්ග්‍රීසි... ඉන්ග්‍රීසි කියන්නේ මුලු ලෝකෙම පුදු භාශාවක්...

එහෙම බැලුවම සුද්දගේ බොරුවද නැත්නම් අපෙ අය සින්හලෙන් සුද්දගේ බොරුව ඔප්පු කරපු එකඩ වැඩි පිරිසක් අතරට යන්නේ ?

අන්න ඒක නිසා අපි ලිඳ ඇතුලෙ ඉන්න ගෙම්බෝ වගේ වෙලා බෑ.

Post a Comment

පි‍ටු පෙරලපු ගාන