දැනුම්දීමයි.....

Thursday, November 10, 2011
මේක කට්ටියට ඉගෙන ගන්න යමක් තියන දෙයක් නම් නෙමෙයි. හැබැයි මට නම් මේ වැඩෙන් සෑහෙන දේවල් ඉගෙන ගන්න පුලුවන් උනා.
කෙටියෙන්ම කියනවා නම් මෙන්න මේකයි උනේ. මගේ අහිංසක බ්ලොග් පඩංගුවට හෙනහුරා කෙලියනේ. අර කතාවට කියනවනේ සෙනසුරු අපලේ නැති වෙනකොට යන්නේ ලොකු ලොකු ලෙඩ දාලා කියලා. මටත් ඒකම තමයි උනේ. බ්ලොග් එක කෝමා එකකට වැටුනා වගේ වැඩක් උනා.
මුලින්ම මගේ බ්ලොග් එක තියන සර්වර් එකේ MySQL ප්‍රශ්නයක් නිසා බ්ලොග් එක වැඩ කරන්නේ නැතුව ගියා. මට ඒ දවස් වල වැඩ ටිකක් වැඩිපුර තිබුන නිසා බැක් අප් එකක් එහෙම අරගෙන තිබුනෙත් නැහැ. ඉතින් මම පොඩි සෙල්ලම් ටිකක් දාන්න ගිහිල්ල වැඩේ අල බතල මඤ්ඤොක්කා උනා. Backup එකත් හරි ගියේ නෑ. Server එකෙන් උදව් ඉල්ලුවම ඒ යක්කු කියපු Scripts Side එකට උදව් දෙන්නේ නෑ කියලා. මොනවා කරන්නද ඉතින්. අන්තිමට මම තනියෙම දුන්නා ගේමක්. කොහොම හරි කරලා බ්ලොග් එක ගලවලා අයින් කරලා අලුතින්ම දාලා අලුත්  Theme එකකුත් දාලා හදලා ගත්තා. වාසනාවට වගේ මම ඉස්සර කල්පනා කරල කරපු එක වැඩක් නිසා මගේ ලිපි නම් සෑහෙන ප්‍රමානයක් බේරගන්න පුලුවන් උනා. ඒත් ඉතුරු ටික නැති නිසා මොකක්ද වගේ. මොකද හොඳම ටික තමයි නැති උනේ. කල්පනා කරගෙන යනකොට තමයි ක්ලික් උනේ RSS ෆීඩ්ස් වලින් ආපහු පෝස්ට්ස් ටික ඇදලා ගන්න පුලුවන් කියලා. කොලා ඉතින් ටියුබ් ලයිට් උනත් දක්ශයනේ. යන්තම් ගොඩ දාගත්තා.
ඒත් හෙනහුරා තවත් මට වද දෙනවා. ගත්ත ලිපි සේරම පල කරපු දවස් වෙනස් වෙලා. අන්තිමට දාපුවා මුලදි දාපුව කියලා පෙන්නනවා. මුලදි දාපුව අන්තිමට දාපුව විදියට යනවා. ඒත් ඉතින් දුකක් නෑ. ලිපි ටික තියනවනේ.

මට සිතුවිලි පවුරේ ඇඩ්මින් මඩුල්ලට කියන්න ඕන මම ලිපි නොලියන්න හේතුව මෙන්න මේ ප්‍රශ්නේ. මේක විසඳගන්න මම සෑහෙන කට්ටක් කෑවා. දැන් සේරම හරි. මම හෙමීට බ්ලොග් පඩංගුව ආයේ හරියට අටවගෙන ආයේමත් ලියන්නම්. කමක් නෑ නේද ?

තව දෙයක්. කාට හරි මේ වගේ ප්‍රශ්නයක් ආවොත් මට කියන්න. මම අනිවාර්යෙන්ම උදව් කරනවා බොක්කෙන්ම. මම දැන් දන්නවා කරන්න ඕන දේවල්. කොහෙන් වත් බලලා ඉගෙන ගත්ත එවා නෙමෙයි. තනියම කරලම ඉගෙන ගත්ත දේවල්.

10 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

ගලයා said...

මක්ක වුණත් මොකෝ...
මොන සෙල්ලම් දාලා හරි පෝස්ට් ටික ගොඩ දාලා නේ........
ටිකක් මහන්සි වුණාට පාඩු නෑ නේ....

මාධව විදුරංග said...

wati watee thamai liyanna ooni! suba pathum! wati watee hari digatama liyamu!

Madhawa Habarakada said...

goda daagattane. echchcarai. :)

Miyuru said...

අනේ අප්පේ පුලුවන් නම් මටත් උදව්වක් කරන්න මලේ.... මගේ අලුතෙන් දාපු පෝස්ට් තුනක්ම කොහේවත් අප්ඩේට් උනේ නැහැ නෙව... ඒක මගේ සයිට් එකේ පබ්ලිශ් උනා.. එච්චරයි... පුලුවන් නම් ගොඩයන්න මගක් කියන්නකෝ... ස්තූතියි..

චතුර විජේකෝන් said...

ඔහොම වෙනවා.. හෙනහුරාගේ හැටි..

මලිත් Max said...

@Madhawa : ඔව් ඔව් මර කට්ටක් කාලා යාන්තම් ගොඩ දාගත්තා... ෆ්ලෑග් කවුන්ටර් අඩවියේ කරන්න බෑ කියල තියන දෙයකුත් මම කරා. ( අයිති කාරයෝ දන්නෙත් නෑ .. විලි ලැජ්ජවයි ).
බලං ගියාම හිතුවොත් කරන්න බැරි රෙද්දක් නෑ

මලිත් Max said...

@Chathura : ආයෙත් අහලා.. හෙනහුරත් සෙල්ලම් නෑ නේද බලන් යනකොට... හොඳ වෙලාවට ලංකාවේ එකෙක් වෙලා ඉපදුනේ... නැත්නම් මේක ගොඩ දාන්න මේ වගේ ටිකිරි අදහස් එන්නෙ නැහැනේ..

Chanaka Aruna Munasinghe said...

සෙනසුරු මාරුවට තව දවස් 4ක් තියෙනවා :)

මලිත් Max said...

@Miyuru : admin@dayariya.info මෙන්න මේකෙන් මාව අමතන්න... මම බොක්කෙන්ම සප් එක දෙන්නම්

FUNNY BOY said...

mmm

Post a Comment

පි‍ටු පෙරලපු ගාන