ඔබ මොන වර්ගයේ බ්ලොග්කරුවෙක්ද?

Thursday, November 10, 2011

සමීක්ෂණයකට අනුව මෙන්න මේ දේවල් සොයාගෙන තිබෙනවා.

  • බ්ලොග් ලියන්නන්ගෙන් 3/5ක් පිරිමි
  • බහුතරයක් වයස අවු: 25 - 44 අතර වෙයි
  • බහුතරයක් විවාහකයින්
  • බහුතරයක් සතියකට 2,3න් වතාවක් ලියනව
  • බහුතරයක් සතියට පැය 3ක්වත් බ්ලොග් ලිවීම/කියවීමට වෙන් කරනවා

අපේ සිංහල බ්ලොග් කරුවන්ටත් මේක පොදු නම් නැතුවැති සමහරක් විට. මොකද මම දන්න විදිහට අපේ බ්ලොග්කරුවො ගොඩක් තරුණ අවිවාහක ප්‍රජාවක් විදිහටයි මට හිතිල තියෙන්නෙ. 


හරි, කතාවට එමුකො., 
බ්ලොග් ලියන්නන් වර්ග 4ක් ඉන්නව.

විනෝදය සඳහා බ්ලොග් ලියන්නන්
60%ක්ම බ්ලොග්ලියන්නන් මේ ගණයට තමා වැටෙන්නෙ. ඔවුන් බ්ලොග් ලිවීමෙන් ආදායමක් උපයන්නේ නෑ. සාමාන්‍යයෙන් ලියන්නෙ තම්න්ගේ පුද්ගලික දේවල්, තමුන්ට හිතෙන ඕනෙම දෙයක් වගේ දේවල් තමා. සාමාන්‍යයෙන් මේ ජාතියෙ අය සතියකට පැය තුනකට අඩු කාලයක් තමා වැය කරන්නෙ බ්ලොග් ලියන්න. මොවුන් බ්ලොග්කරණය හරහා බලාපොරොත්තු වෙන්නෙ පුද්ගලික තෘප්තිය පමණයි. එය තමා ඔවුන්ගෙ ඉලක්කය.

වෘත්තීයමය පූර්ණකාලීන/ අර්ධ කාලීන බ්ලොග් ලියන්නන්
18%ක පමණ බ්ලොග් ලියන්නන් මේ ජාතියෙ. මොවුන් බ්ලොග්කරණය හරහා ආදායමක් ලබාගන්න කට්ටියක්. එයාල තමුන්ගෙ ප්‍රධාන ආදායම් මාර්ගයට අමතරව හෝ මේක එයාලගෙ ප්‍රධාන ආදායම් මාර්ගය කරගෙන ඉන්නකට්ටියක්. ඔවුන් සම්පූර්ණයෙන්ම ස්වාධීනයි. ඔවුන් ලියන්නෙ පුද්ගලික දේවල් හෝ තාක්ෂණික දේවල් වෙන්න පුළුවන්.

සංස්ථාපිත බ්ලොග්කරුවන්
8%ක් බ්ලොග් ලියන්නො මේ ජාතියෙ. නම නම් තේරුනේ නැද්ද දන්නෙත් නෑ. මෙයාල ඇවිල්ල යම් සමාගමක් වෙනුවෙන් / තමුන් වැඩ කරන සමාගම වෙනුවෙන් බ්ලොග් ලියන කට්ටිය. ඔවුන් ඒක පූර්ණ කාලීනව හෝ අර්ධ කාලීනව කරනව වෙන්න පුළුවන්. මොවුන්ගේ සාර්ථකත්වය තමා උපරිම visitorsල ප්‍රමාණයක් ගෙන්වා ගැනීම. මොවුන් ලියන්නේ ඒ අදාල සමාගම සම්බන්ධ තාක්ෂණික හා ව්‍යාපාරික දේවල් සම්බන්ධව තමයි. 

ව්‍යවසායකයින්
ව්‍යවසායකයින් කියන්නෙ තමන්ගෙම සමාගමක් තියෙන අය. බ්ලොග් ලියන්නන්ගෙන් 13%ක් මේ වර්ගයට ඇතුළු වෙනවා. ඔවුන් මූලිකව බ්ලොග් ලියන්නෙ ඔවුන්ගේ කර්මාන්තය / ව්‍යාපාරයට සම්බන්ධ වෙන ආකාරයේ දේවල්. මොවුනුත් මේ හරහා බලාපොරොත්තු වෙන්නෙ තමන්ගේ සමාගමට සේවාදායකයින් ලබාගැනීම.

මේ සංඛ්‍යාන නම් අපේ සිංහල බ්ලොග් ලියන්නන්ට නොගැළපෙනව කියල පේනව. අපේ නම් 80%කට වඩා ඉන්නෙ පළවෙනි ජාතියෙ අය නේද?
නමුත් මේක ලියන්න හිතුනෙ technorati එකේ තිබුණු ලිපියක් දැකල.

ඉතින්, ඔබ කුමන ආකාරයේ බ්ලොග්කරුවෙක්ද?

20 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

ගලයා said...

විනෝදය සඳහා බ්ලොග් ලියන....
සතියට පැය 2/3 වෙන් කරන..,
අවිවාහක
පිරිමි
අවුරුදු 18-24 අතර...බ්ලොග් ලියන්නෙක්.....
වඩාම හොඳයි බ්ලොග් කියවන්නෙක් කිව්වොත්...

Bunny said...

මං නම් හිතන්නෙ සිංහල බ්ලොග් කරුවන් මේකට ගාව ගන් අමාරුයි වගේ

අපේ අය ලොකුවටම කියන්නෙ
"මගේ මේ හිතේ තියෙන දුක ලියන්න තමා බ්ලොග් ලියන්නෙ" කියලානේ :)

Unknown said...

විනෝදය හා අධ්‍යාපනය සඳහා

Anonymous said...

මම හිතන්නේ මම පළමු වර්ගයේ........

~ChAnDiKa~ said...

එක :)

kasun said...

විනෝදෙට තමා...
තව හිත නිදහස් කර ගන්නත් ඒක එක හේතුවක්..!!

ලකී වික්‍රමසිංහ said...

1 :)

සයුරි said...

මම නම් පළවෙනි කොටසේ වෙන්න ඕන..."අවිවාහක තරුණ" කියල කිව්වේ විවාහකනම් මහළු යි කියන්න නෙමෙයි නේද ඈ? :))

Chanaka Aruna Munasinghe said...

මම
වනාහි

පිරිමි
වයස 27+
අවිවාහක
මාසෙකට 2 3 වතාවක් ලියන (සතියකට නෙවේ)
සතියට පැය 3ක්වත් බ්ලොග් කියවීමට වෙන් කරන
විනෝදය සඳහා බ්ලොග් ලියන සහ කියවන්නෙක්මි

මීට මකරා

Dedunu Dhananjaya said...

‍එක අවිවාහකයි හික්ස්

චතුර විජේකෝන් said...

මුලින්ම කියන්නම් මම ඔයා උඩින්ම කියලා තියෙන බහුතරයට වෙන්ට ඕන අයිති.. ඒ කියන්නේ පිරිමි, වයස 34යි, විවාහකයි, සතියට 2-3 වතාවක් නම් ලියන්නේ නෑ.., සතියට පැය 7-8 බ්ලොග් ලිවීමට/කියවීමට වෙන් කරනවා..

ඔයාගේ වර්ගීකරණය නම් හරිද මංදා..
මමත් මුදල් ඉපැයීමේ අරමුණින් නෙවෙයි ලියන්නේ, හැබැයි විනෝදයටමත් නෙවෙයි. සමාජයට යම් පණිවුඩයකුත් එක්ක මා ගාව තියෙන දේ බෙදාගන්න තමයි උත්සාහ කරන්නේ..

අපේ ඉන්න හුඟක් බ්ලොග් කරුවො එහෙමනේ..
දුකා, මහේෂ්, වෙදනා, තිස්ස අයියා, ඩීන් අයියා, කල්හාර මලයා, අරුණි ශිපාරෝ අක්කා එයින් ටික දෙනෙක්...

nishuoc said...

"විනෝදය සඳහා බ්ලොග් ලියන්නන්"
මමත් අයිති වෙන්නෙ මේ කොටසට. ආර්ථික වාසියක් නෑ.

සරත් ගුණතුංග said...

හබර කඩ මහත්මයා, කරුණාකර වරදවා හිතන්න එපා. මම ඇද කුද හොයනවා නොවෙයි. මෙපමණකින් වත් යම් සොයා ගැනීමක් ඔබ විසින් සිදුකර තිබෙනවා. ඒ ගැන අපි ඔබට ස්තුති වන්ත වෙනවා. 'විද්‍යාත්මක' වශයෙන්, ඒ කියන්නෙ විද්‍යාත්මක ලෝකය පිලිගන්න අන්දමට (scientific research methods) සමීක්ෂනය කරන්න පුරුදු වෙන්න. ඒ සඳහා ඔබ "සමීක්ෂන ක්‍රමය"(Method) කෙටියෙන් සටහන මුලදී දැක්විය යුතුයි. ඒ සමගම ඔබේ සමීක්ෂ්නය කිරීමට හේතු (ව )(Research question) දැක්විය යුතුයි. මේක ඉතා විශාල විශයයක්. Qualitative and quantitative) කියල දෙවර්ගයක් තියෙනවා. මේ බොහෝ දෙනා අයිති ගණ වලට අයිති නැටි අයත් "Outliers කියල පෙන්විය යුතුයි. මම ඉස්සරවෙලා කිව්ව වගේ වරදවා හිතන්න එපා, මම පණ්ඩිත කම් කරනව කියල.

Asanka Udara said...

මමත් බ්ලොග් එක ලියන්නේ විනෝදෙට තමා.
සංගීත ක්ෂේත්‍රයෙන් ඉදිරියට යන්න පුංචි බලාපොරොත්තුවක් තියෙන නිසා මගේ සංගීත හැකියාව අනිත් අයට පෙන්වන්නත් මගේ බ්ලොග් එක යොදා ගන්නවා

Madhawa Habarakada said...

මම ලිපියෙත් කිව්ව වගේ "ඔව්" සිංහල බ්ලොග් කරුවන් එක්ක බැලුවම මේ සමීක්ෂණයේ තොරතුරු ගැළපෙන්නෙ නෑ. මෙය කරල තිබෙන්නෙ ඇමරිකාව තුළයි.
අපේ බ්ලොග් කරුවන් ගොඩක් ඉන්නව, ආර්ථික වාසි බලාපොරොත්තුවක් නැතිව දෙයක් කියාදීම සඳහාම ලියන. චතුර කිව්ව වගේ. මමත් බොහෝවිට ඒ ජාතියෙ තමයි. (guidetocse, roosara වගේ ඒව්වයින් මම කරන්න හදන්නෙ ඒකනෙ. :) )

සරත් මහත්මයාගේ කීම අනුමත කරනවා. විද්‍යාත්මක ක්‍රමය ගැන මම දන්නවා. නමුත් මම මේ ලිපිය ලිව්වෙ අර මම දාපු ලිපියෙන් උපුටා ගැනීමක් කරල, ඔවුන් කළ සමීක්ෂණය ගැන තොරතුරු ටිකක් කියන අදහසින්. මම සමීක්ෂණයක් කළොත් නම් ඔබ කිවා වගේ කරනවා තමයි. ස්තුතියි අදහසට.

:මනුවාManuwa: said...

එකෙන්ම එක

තරුණ අවිවාහක
පිරිමි
විනෝදය...!
manubloggers.blogspot.com\

හිම හංසි said...

මමත් ඔය පලවෙනි ජාතියෙ

JEEWAN said...

මම මොකට අයිති වෙනවද මන්ද කොහොම උනත් මම ලියන ඒවා මට ඇරෙන්න වෙන කාටවත් වැඩකුත් නෑ වැඩියේ මොනවත් ලියන්නෙත් නෑ කවුරුත් මම ලියන ඒවාට කමෙන්ට් දාන්නෙත් නෑ මමත් බ්ලොග් ලිපි 500 ක් කියෙවුවොත් එකක් වගේ දානවා මාසෙකට සැරයක් වත් මොනවත් ලියන්නේ නෑ දවසට පය 2 කට වඩා බ්ලොග් කියවනවා ඒ මාර අවුල මම මොකෙක්ද ඔයි

අසරණයා said...

වයස 25-35 ත් අතර.මං ලියන්නෙත් විනෝදෙට

Unknown said...

1

Post a Comment

පි‍ටු පෙරලපු ගාන