අනාථ කවියා

Saturday, October 22, 2011

කවියද ඔයාද
දෙකෙන් එකක්
තෝරගන්න කිව්වම
කවි ලියපු
අතත් එක්කම කපලා
වැළලුවා මම පෑන
අපේ ගෙදර
වත්ත පහල

ඌවද මාවද
දෙකෙන් එකක්
තෝරගන්න කියලා
මම කිව්වම
ඔයා
ඌව
තෝරගත්තට පස්සෙ
මම
වත්ත පහලට ගිහින්
හෑරුවා ආපහු වළ

ප්ලාස්ටික් පෑන
දිරලා නැතත් තාම
ඒක එක්ක වලදාපු
මගේ අත
නෑ පේන්ඩ
දිරලා ගිහිල්ලද කොහෙද

4 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

පන්සල් හංදිය said...

මොන මඟුලකට අත කැපුවෙ ......
අපරාදෙ .....

ඔබ නොදු‍ටු ලොවක්..... said...

හප්පේ ..අපරාදේ අත......

Miyuru said...

ඔයාගෙ කවි දැක්කම මට මතක් උනේ නිලාර් එන්. කාසිම් කියන අපේ මුස්ලිම් සහෝදරයා..... එයත් ජනප්‍රිය ගීත රචකයෙක් වෙන්න කලින් ඔය වගේ කවි ලියලා පත්තරවල පල කලා.... මම ඒ කවි කියෙව්වෙ හරිම ආසාවෙන්..... ඔයාගෙ කවිත් මම කියවන්නෙ ආසාවෙන්.... දිගටම ලියන්න....

චතුර විජේකෝන් said...

රසවත් අදහසක්.. ස්තුතියි..

Post a Comment

පි‍ටු පෙරලපු ගාන