මීයා හැමතිස්සෙම පූසට බයෙන් ඉන්නව දැකපු දෙවියන්ට මීය ගැන දුක හිතුනලු. ඉතින් දෙවියො මීයව පූසෙක් බවට පත් කලාලු. | |
පූසෙක් උනාට පස්සෙ මූ මුලු දවසම බල්ලට බයෙන් ගැහි ගැහි ජීවත් වුනාලු. ඉතින් දෙවියො මේකව බල්ලෙක් බවට පත් කලාලු. | |
බල්ලෙක් උනාට පස්සෙ මේක දිවියට බයේ දවසම ගැහි ගැහි හිටියලු. දෙවියන්ට මේක ගැන තවත් දුක හිතිල මූව දිවියෙක් බවට පත්කලාලු. | |
දිවියෙක් උනාට පස්සෙ මූ දඩයක්කාරයොන්ට බයේ දවසම නොසන්සුන්ව ඉන්න ගත්තලු. මේක දැකපු දෙවියො ආයෙන් මූව මීයෙක් බවටම පත්කරල කිව්වලු " මම උඹව මොකෙක් කලත් වැඩක් නෑ.. උඹට තියෙන්නෙ මීයෙක්ගෙ හදවතක් " කියල. | |
උපුටාගැනීම : http://www.spiritual-short-stories.com/spiritual-short-story-195-Heart+of+a+Mouse.html |
කාලෙකින් ආවේ.... එක්ක යන්න වෙන තැනකට ...
-
කාලෙකට පස්සේ නිකමට බ්ලොග් කියලා දෙයක් තිබුනානේ කියලා බලන්න ආවා..
මහේෂ් අය්යා තාම ඉස්සර වගේ සොදුරු සුව අසපුව ලියමින් දැනුම බෙදනවා.. ඉස්සර
වගේම ගොඩක් බ්ලොග් ව...
7 years ago
5 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:
දෙයියන්ටත් දෙයියෝ සිහි වෙන්න ඇති...
:)
වටින කතාව...
හික්ස්...
දෙවියන්ටත් මියගේ ඇග වෙනස් කරන්න පුළුවන් උනාට හදවත වෙනස් කරන්න බැරි උනා එහෙනම්
ඔන්න ඕක හින්ද තමයි කොම්පීතරේ වැඩ කෑල්ලට (mouse )උගේ නම දැම්මේ.. දැන් ඌව අල්ලාගෙන මිනිස්සු අනිත් උන්ව දඩයම් කරනව..
Post a Comment