[තොටගමුවේ හිමියන්ගේ ජනප්‍රවාද] නැකැත් කෙළිය

Monday, August 8, 2011
මගෙ බ්ලොග් අඩවියෙ මම ලිව්වනෙ තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් ගැන තිබෙන ජනප්‍රවාද කිහිපයක්. ඒව කියවල නැති අය කියවල බලන්නකො මෙන්න මෙතනින් ගිහිල්ල.

සිනිඳු සේළය
වක දෙක
ගුරු හිමියන්ට බළල් වසුරු කැවීම (කොටස් 12)
ජම්මෙද? පුරුද්දද?
සෘද්ධි තෛලය (කොටස් 12)
තොටගමුව නොව අපගමුව
තොටගමුවේ හාමුදුරුවො යක්ෂයො පන්නපු හැටි
පුන් සඳයි දසවකයි
ගොම දෝත 

අද කතාව "නැකැත් කෙළිය"
එක දවසක් තොටගමු විහාරයට ආව උපාසක මහත්මයෙක්. මොකටද? පොල් පැළ හිටවන්න නැකතක් හදව ගන්න. ගුරු හාමුදුරුවො ඔහුට කිව්ව පස්සෙ දවසෙ එන්න හදල තියන්නම් කියල.
ඉතින් ඔන්න ගුරු හාමුදුරුවො පොඩි නමට ඒ කියන්නෙ රාහුල හාමුදුරුවන්ට කතා කරල කතාව කියල, උන්නාන්සෙට කීව නැකතක් හදල දෙන්න කියල. ඉතින් රාහුල හාමුදුරුවොත් පොත් ගුලට වෙලා වෙහෙස මහන්සි වෙලා නැකතක් හදල දුන්නලු ගුරු හාමුදුරුවන්ට. 
ගුරු හාමුදුරුවො නිකං උන්නෙ නෑ, උන්නාන්සෙත් හැදුව නැකතක්, තමුන්ගෙ ගෝලයගෙ හැකියාව පරික්ෂා කරන්න. ඉතින් රාහුල හාමුදුරුවො හදපු එකත් එක්ක ගුරු හාමුදුරුවො හදපු එක සංසන්දනය කළාම දෙකම හරියටම හරි. ගුරු හාමුදුරුවන්ට හරිම සතුටුයි. උන්නාන්සෙට තේරුනා රාහුල හාමුදුරුවන්ට තව ඉතින් උගන්වන්න දෙයක් නොමැති බව.
ඉතින් ගුරු හාමුදුරුවො රාහුල හාමුදුරුවන්ට මෙහෙම කිව්ව.
"රාහුල, නුඹගේ නැකතට අනුව අපිත් පැළ සිටුවා නුඹගේ ශාස්ත්‍රය සළකා බලමු" කියල.
රාහුල හාමුදුරුවොත් එකඟ උනා.
උන්නාන්සෙගෙ නැකතට අනුව මෙන්න මේ දවසෙ මෙන්න මේ වෙලාවට මෙන්න මේ පැත්ත බලාගෙන පැළ සිටුවිය යුතුයි, මෙන්න මේ කාලය වෙනකොට අස්වැන්න නෙළාගන්න පුළුවන් කියල, කියවිලා තිබුනා.
ඉතින් අර නැකැත් පත රැගෙන යන්න ආපු උපාසක මහත්තයට කියල පොල් පැළ දෙකකුත් ගෙන්නාගෙන උන්නාන්සෙල දෙන්නත් ලෑස්ති උනා පොල් පැළ සිටුවන්න.

ඔන්න නැකත් දවසත් ආව. 
උදෙන්ම අවදි වෙලා මුන්නාන්සෙල දෙන්න පැළ සිටුවන්න සූදානම් උනා. වලවල් දෙකකුත් හාරල, නැකැත් වෙලාව එනකම් බලා උන්න.  ඉතින් නැකැත් වෙලාව ලං වෙනකොට, දුවන තරඟෙකට සූදානම් වෙලා ඉන්න ක්‍රීඩකයො දෙන්නෙක් වෙඩි හඬ ඇසෙනකම් බලා ඉන්නව වගේ දැන් ලෑස්ති වෙලා ඉන්නෙ දෙන්න.
ඔන්න නැකැත් වෙලාව ආව. මෛත්‍රී හාමුදුරුවො පොල් පැළය අතින් අරගෙන උස්සල වලට දාල පස් දාල වැහුව. රාහුල හාමුදුරුවො පොල් පැළය කකුලෙ මහපටැඟිල්ල හා දබරැඟිල්ල අතර රඳවාගෙන ඉඳල හරියටම වෙලාවට වලට අත හැරල, පස් දමල වැසුව. එතනින් ඉතින් පොල් පැළ සිටුවීමේ කාර්යය ඉවර උනා.

නැකතට පොල් වගා කරල ඔන්න වසර කිහිපයක් ගත උනා. ගුරු හාමුදුරුවන්ගෙ පොල් පැළේ හොඳට වැඩෙනව. ඒ උනාට අනේ රාහුල හාමුදුරුවන්ගෙ පොල් පැළේ??? කණාටු වෙලා. 
ඔන්න තව ටික කාලයක් යනකොට පොල් ගස් වල මල් පීදෙන්න පටන් ගත්ත. මල් පීදෙනවත් එක්කම ඔන්න ආපහු "නැකැත් කෙළිය" කියන ගුරු ගෝල සටන ඇරඹෙනවා...

දවසෙන් දවස ගෙවිල යද්දි ගුරු හිමියන්ගෙ පොල් ගසේ මල් පීදිල ගෙඩි හැදෙන්න පටන් ගන්නව. අනේ ඒත් ගෝල හාමුදුරුවන්ගෙ පොල් ගහ වැට ඉන්නක් වගේ එහෙමමයි. ටික කාලෙකින් මේ කතාව ගම් රට පුරාම ආරංචි වෙලා... හැමෝම දැන් මේක ගැන තමයි කතාව.
ගුරු හාමුදුරුවන්ගෙ පොල් ගහ දැන් හොඳට පීදිලා හොඳට ගෙඩි හැදිල. ගහට දරාගන්න බැරි තරම් වලු බර වෙලා. රාහුල හාමුදුරුවන්ගෙ ගහේ ඔන්න යන්තම් මලක් ඇවිල්ල තියෙනව. පංසලට එන කට්ටිය ඔක්කොම මේක ගැනමයි කතාව. හැමෝම රාහුල හාමුදුරුවන්ගෙන් අහනව මොකද මේ වෙලා තියෙන්නෙ කියල. ම්හ්. රාහුල හාමුදුරුවො සද්දයක් නෑ. 
ඔන්න ඉතින් ටික ටික ඵලදාව නෙලන කාලයත් ලං වෙනව. ගුරු හාමුදුරුවන්ගෙ පොල් ගහ නම් වලු බර වෙලා, ගෙඩි පිරිල, රන්වන් පාටින් බබලනව. ඒත් රාහුල හාමුදුරුවන්ගෙ කේඬෑරි පොල් ගහේ යන්තම් එකම එක පොල් වල්ලක් විතරයි තියෙන්නෙ. ඒකත් පොල් කීවට චුට්ටිම චුට්ටි ගෙඩි.
ඉතින් ඔන්න රාහුල හාමුදුරුවොයි ලොකු හාමුදුරුවොයි කතා වෙලා පොල් කඩන්න දවසක් තීරණය කරගෙන ඒ පණිවිඩය හැමතැනම ප්‍රචාරය කෙරෙව්ව. රාහුල හාමුදුරුවොත් එදාටම පොල් කඩනවය කියලත් කියල යැව්ව. අනේ මන්ද මොනව කඩන්නද කියල. මොකද උන්නන්සෙගෙ පොල් ගහේ තිබ්බෙ මේ පුවක් ගෙඩි විතර තරමෙ කළටි පොල් වල්ලක්නෙ. 
පංසලට එන උපාසකයො විහිළුවෙන් අහනව,
"ඈ අපේ පොඩි හාමුදුරුවනෙ, ඔබවහන්සේ නෙළන්නෙ අර කළටි පොල් වල්ලද?" කියල.

හාමුදුරුවො මොකද දන්නවද කිව්වෙ?
ඒක ලිපියේ ඉතුරු කොටසෙන්.....

13 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

Deeps said...

ඉක්මනට ඉතුරු ටිකත් ලියන්නෝ!!

කිඩෝ said...

මම හිතන්නේ මම ඉතුරු ටික දන්නවා....

Madhawa Habarakada said...

වෙන්න පුළුවන්. කතාව දන්න අය ඇති. :) අනිත් අයට කුතුහලය තියන්න අපි ටිකක් ඉවසමුකො ඉතිරි ටික එක පාරටම නොකිය. :)

Anonymous said...

පොඩි කාලේ අහල තියෙනවා වගේ හැඟීමක් තියෙනව, ඒත් දැන් නං මතකෙට එන්නෙම නැහැ. ඉතුරු ටිකත් ඉක්මනට දාන්න. මේකෙ පරණ පොස්ට් ටිකත් කියවන්න ඕනෙ.

Madhawa Habarakada said...

ඉතිරි ටික අද හෙටම දාන්නම්. කට්ටියට ටිකක් හිතන්න දෙවසක් දෙකක් දෙන්න එපැයි. :)

Malith said...

ඔය කතා ඉතුරු ක‍රන එක තමයි එපාක‍රපු වැඩේ.
හෙට වෙනකොට වත් ඉතුරු ටික දැම්මොත් හොදායි

සරත් ලංකාප්‍රිය said...

නියම කතා පෙළ.. අහල ඇතත් මතක නැහැ. බොහොම ස්තුතියි ලියනවට..

චතුර විජේකෝන් said...

මල්ලි තොටගමුවේ රාහුල හාමුදුරුවන්ගේ යාළුවෙක්ද මංදා මේ තරම් කතා දන්නේ. කතා ටික ඔක්කෝම කියෙව්වා... ඉතුරු කොටසත් ඉක්මනට ම දාන්න...

Madhawa Habarakada said...

යාළුවෙක් නම් නෙමෙයි. නමුත් දන්නව. හාමුදුරුවො අපවත් උනාට පස්සෙත් කතා තියෙනව.

Madhawa Habarakada said...

@මලිත්: අනිවා දානව, චූට්ටක් ඉවසන්නකො. හරියටම කියන්නම්. අනිද්ද උදේ 6ට ඉතිරි කොටස තියේවි. :)

Anonymous said...

අඩේ ඉක්මනට ලියපං බං....

Madhawa Habarakada said...

ඔන්න කතාවෙ ඉතිරි කොටසත් දැම්මා...
http://sithuwili-pawra.blogspot.com/2011/08/part-2_10.html

- said...

වාව් වාව් තෑන්ක්ස් ආ.... දැංම ගිහින් කියවන්නම්

Post a Comment

පි‍ටු පෙරලපු ගාන