විභාගයට තවදවස් 06 යි.දැන් දැන් මගේ හිතට මහා බරක් දැනෙන්න පටන් අරගෙන..

Monday, August 1, 2011
විභාගයට තවදවස් 06 යි.දැන් දැන් මගේ හිතට මහා බරක් දැනෙන්න පටන් අරගෙන එක කවදාවත් නොහැගුනු අමුතුම සිතුවිල්ලක්...විභාගයෙන් පස්සේ මොකද්ද කරන්නේ, මම හිතන්නේ නෑ මට කැම්පස් යන්න පුලුවන් කියල මොකද මම මහා බුද්ධිමතෙක් නොවන නිසා....මම සමහර විට පාස් වෙයි සමහර විට ෆේල් වෙයි එත් මට එක නෙවෙයි තියන ප්‍රශ්ණය මම ඊට පස්සේ කරන්නේ මොකක්ද ? මට රස්සාවක් කරන්න පුලුවන් වෙයිද ? රස්සාව කියන වචනයත් මට මහ අමුත්තක් ඇතිකරන දෙයක් මීට කලින් මම කිසිම රස්සාවක් කරලනෑ,මට හිතාගන්න බෑ මම කරන්න ඔන දෙය මොකක්ද කියලා,මොකද දැන් මට හිතෙනවා මම හැමදාටම පොඩි දරැවෙක් වෙලා හිටියානම් හොදයි කියලා.....
මට ඉස්සරහට ඉටුකරන්න ගොඩක් වගකිම් තියන බව දැන් මට නිකමට වගේ හිතෙනවා.මොකද හැම දාම ගෙදරින් කන්න බෑ ...තව ටික කාලෙකින් ගෙදරට කන්න හොයාගෙන එන්න වෙන්නේ මට මොකද මම තමයි පවුලේ එකම වැඩිමල් පිරිමි ළමයා...මේ ඔක්කොම දෙවල් ඩබල් වෙනවා නoගි ගැන හිතනකොට එයත් දැන් ටික ටික දැනුම් තේරැම් තියන වයසට එනවා..මේ ඔක්කොම මාව අවුල් කරනවා.....මට දැන් හිතෙනවා මම කොල්ලෙක් නොවේ කෙල්ලෙක් වුනානම් හොදයි කියලා මොකද මාව බදින එකා මට කන්න ගෙනත් දෙනවා අඩුපාඩු බලනවා එත් දැන් මොකද මේ වෙලා තියන ගිණි විජ්ජුම්බරය ,සේරම ප්‍රශ්ණ මාව කනවා හිතා ගන්න බෑ මොකද කරන්නේ කියලා.
බැරි වෙලාවත් මම පෙල් වුනොත් හැම දෙනෙක්ගෙම රැවුම් ගෙරවු මැද පැදුරටත් නොකියා යන්න තමයි වෙන්නෙ...එහෙම උනොත් කිසිම දෙයක් ඉතිරි වෙන්නෙ නෑ මට මාව ඇරෙන්න..පොඩි කාලේ අපි කොච්චර හින මවනවද ..මම කවද හරි ඉන්ජිනේරැවෙක් වෙනවා ...මම කවද හරි දොස්තර කෙනක් වෙනවා....පුහ් රෙද්ද තමයි මට එහෙම කියන පොඩි උන්ට ටොක්කක් අනින හිතෙනව...මොකද කවුද දන්නේ දොස්තර කෙනේක් තියා කොන්දොස්තර කෙනෙක් වත් වෙන්න පුලුවන් වේවිද කියලා.....මොකද හින අපිව ජිවත් කරනවා..එවගෙම හිනයකට පුලුවන් අපිව පිස්සු වට්ටන්න....මොකද මට දැන් හිතෙනවා මගේ සෙරම හින කුඩුවෙලා යයිද කියලා....
මට ජිවිතය ගැන මාර බයක් දැනෙනවා..මම හැම පැත්තෙන්ම හිරවෙලා කියලා හැගෙනවා..ඉස්සරහට මොකක් වෙයිද කියලා හිතෙනවා......මොකද කව්දාවත් මම සැබෑ ජිවිතයට මුහුණ නොදිපු නිසා මට හැම දාම වෙලාවට කන්න ලැබුනා බොන්න අදින්න මේ සේරම මගේ දෙපා ලග තිබුනා නමුත් මම කවදාවත් කල්පනා කරේ නෑ මේවා මට ලැබුන හැටි..මොකද අඩුවක් පාඩුවක් නොවුනු නිසා එත් එ ගැන කල්පනා කරන්න දැන් කාලය ඇවිත්..ඉස්සර වගේ පිස්සු කෙලින්න බැරි වේයි,පස්ස පැත්තට ඉර එලිය වැටෙනකම් නිදාගන්න බැරිවෙයි...එත් කමක් නෑ කොහොම හරි ජිවිතයට මුහුන දෙන්න ඉගෙන ගන්නවා..ගෙදරටත් මේ මහා පොලොවටත් බරක් නොවි ජිවත් වෙන්න දැන් ඉදන් හිතා ගන්නවා..මේ ගැන මට කාත් එක්කවත් කතාකරන්න බැරිනිසා ඔන්න ලියලා දැම්මා..මෙතන ඉන්න අය ගොඩක් අයියල අක්කලා...ජිවිතය ගැන ගොඩක් දෙවල් දන්න කියන අය ඔය කට්ටියගේ අදහස් මට ගොඩක් වටිනවා.............

7 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

Dilanka Madhawa said...

සැලෙන්න එපා සහෝ.ඕව පස්සෙ හිතන්න පුලුවන්.බය නැතුව විභාගෙ කරපන්.මමනම් කියන්නෙ උසස්පෙළ කියන්නෙ ජීවිතෙන් පොඩි කැල්ලක් මිසක් ජීවිතේ කියන්නෙ උසස්පෙළ නෙවේ.
සුභපැතුම්

දිනුක said...

උ\පෙ කියන්නෙ ටිකක් අමාරු එග්සෑම් එකක් තමා.ඒත් ඒක ඔය කට්ටිය කියන තරං ලොකු එකක් නෙමෙයි.මම කවදාවත් පන්තියෙ පළවෙනියා වෙලා නෑ.කොටින්ම දහවෙනියගෙන් උඩට ඇවිත් නෑ.ඒත් උ\පෙ සාධාරණ විදිහට ගොඩදාගන්න පුළුවන් උනා.මේ පාර බැරි උනොත් ආයෙ පාරක් කරපන්.බෑ ම කියල හිතෙනවනං ඔය තියෙන දාහකිං එකක් කෝස්වලින් එකක් කරපං.ගේම අතාරින්නනං එපා.

kasun said...

ඔය මගුල් හිතන්නේ නැතුව තමන්ට පුලුවන් විදියට AL කරන්න...
මේ ගමන ලියල ඉවර උනහම තේරෙනව නම් වැඩේ කෙල උනා කියල,එහෙනම් ආයෙත් කරන්න ...අනිවා කැම්පස් යන්න පාස් වෙයි...!!!
අනික ජීවිතේ සාර්ථක කර ගන්න AL පාස් වෙන්න ඕනමයි කියල දෙයක් නෑ...තව කොච්චර නම් කියල පාඨමාල එහෙම තියනවද කරන්න.....තමන්ට ගැලපෙනවයි කියල හිතෙන ෆීල්ඩ් එකක් බලල කරන්න....
අනික මේ දවස් 6ට ඔය ප්‍රශ්න හිතන්න යන්න එපා.....!!!!
ජීවිතේ ජය ගත්තු හැම කෙනෙක්ම මලේ අභියෝග හමුවේ සැලුනෙ නැති මිනිස්සු....!!!!
ඒක මතක තියාගෙන වැඩ කරන්න....වරදින්නේ නෑ..!

පිස්සු පුසා said...

කොහොම හරි හොදට පාඩම් කරල ගොඩ දාගනින් මල්ලියෝ.ඕවා ගැන හිතන්න එපා

රතු මුහුද said...

හොදට පාඩමි කරල තියෙනව වගේ..ගේමක් නැ මල්ලි ,පඩියකට අඩියක් තියල පඩි තුන හතරක් පැනහන් මලේ....

sudaraka said...

සහෝදරයා මමත් 2 වන වර විභාගය ලියන කෙනක්.මටත් ඔයාට දැනෙන දේවල් ඒ වගේම දැනෙනවා.මටත් හැමදාම පොඩිව ඉන්න තිබ්බනම් හොදයි කියලා අනේක වර හිතිලා තියෙනවා.ඒත් කාලය ඒහැම දේටම එරෙහි වෙනවා.මට කියන්න තියෙන්නේ බය වීමෙන් අපට ලැබෙන දෙයක් නැහැ.ප්‍රශ්න වලට මූන දෙන එක තමයි ඒකෙන් ගොඩ එන මග ,මට 2 පාරක් විභාගය ලියන්න උනෙත් ඒ නිසා ,මේ පාර ටිකක් හෝ හිතේ හයිය තියෙන්නේ ඒක තේරුම් අරන් වැඩ කල නිසා.ප්‍රතිපල ගැන නොහිතා විභාගේ හොදින් කරන්න.ජය වේවා...

මැරා... said...

කට්ටියටම බොහොම ස්තුති.......දැන් නම් ටිකක් විතර අප් වුනා.....

Post a Comment

පි‍ටු පෙරලපු ගාන