ජීවයක් නැති වන බිමෙක
ඉන්නවා මම මග බලන්
මසිත හොරකම් කල මගේ රැජින
ඇවිත් ජීවය දෙන තුරා //
දිවා රැ මම සෙවූ රුව ඔබේ රුව බව හැඟෙනවා
ඔබ ලබන්නට සැමදා පෙරුම් පුරමින් ඉන්නවා
සිහිනයෙන් ඔබ හැමදාම විත් මගේ හිස පිරිමදිනවා
ඔය උකුලෙ හිස තබන් ඉන්නද සුසුදු වත දෙස බල බලා
ජීවයක් නැති…
හිතේ ලතැවුල නිවන්නට මගෙ ලඟට ඔබ එන සැටි බලන්
කල්පයක් වුව බලන් ඉන්නම් සමවැදී ඔබ ගැන සිතින්
ඉවසන්න බැහැ සිනාසෙනවා පෙම්බරෙක් ඔබ අත අරන්
මගේ වෙන්නට පතනවා මම සැම භවයක අතිනත අරන්
ජීවයක් නැති…
කාලෙකින් ආවේ.... එක්ක යන්න වෙන තැනකට ...
-
කාලෙකට පස්සේ නිකමට බ්ලොග් කියලා දෙයක් තිබුනානේ කියලා බලන්න ආවා..
මහේෂ් අය්යා තාම ඉස්සර වගේ සොදුරු සුව අසපුව ලියමින් දැනුම බෙදනවා.. ඉස්සර
වගේම ගොඩක් බ්ලොග් ව...
7 years ago
0 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:
Post a Comment