මහින්ද මාමාගේ නීති සහ අපේ කලාව

Tuesday, July 26, 2011

අපේ මහින්ද මාමත් ඉතින් එක එක කාලෙට එක එක නීති දානවනේ. සමහර ඒවා නම් ඇත්තටම හොඳයි. ඒත් සමහර ඒවා නම් ප්‍රායෝගික නැහැ. මේ ඊයේ පෙරේදා ඉඳලා අලුත් නීතියක් දාගෙන. ඒක අයිති වෙන්නෙත් අර මම දෙවනියට කිව්ව ප්‍රායෝගික නොවන කුලකයට.
නීතිය තමයි ටෙලි නාට්‍ය, චිත්‍රපටි වගේ ඒවා වල “තමුසේ, තෝ” වගේ වචන පාවිච්චිය තහනම් කරන එක. අපරාදේ කියන්න බෑ. නියම ගොං කතාව. ඒකටම හරි යන්න ඒකට හූරේ දාගෙන ඒක ඒ විදියටම කරන්න ස්වාධීන රූපවාහිනී සේවය නම් කටයුතු කරලා තියනවා මම ඊයේ දැක්කා. අනිත් ඒවා ගැන හොයලා බලන්න තවම වෙලාවක් සෙට් උනේ නෑ.
මට තියන ප්‍රශ්නේ මෙන්න මේකයි. දැන් අපි හිතමු ඔන්න මොකක් හරි ටෙලි නාට්‍යයක එනවා ජවනිකාවක් දෙන්නෙක් බැනගන්නවා. එකෙක් හොඳටම තද වෙලා අනිකට කියනවා ගෙදරින් එලියට යන්න කියලා. එතකොට අර වචන ටික නැතුව ඒ දෙබස කියන්නේ කොහොමද ?
” ඔයා යන්න එලියට ” කියලද ?
එහෙම නැත්නම් තව ජවනිකාවක් එනවා එකෙක්ට හොඳටම තඩ වෙලා තුවක්කුවක් අරගෙන එනවා වෙඩි තියන්න. එතකොට මොන වගේ දෙබසක් යයිද?
” මම ඔයාව මරන්න කලින් මෙතනින් යන්න ” කියලද කියන්නේ.
ඒ ඒ අවස්තාවල් වල ඒ ඒ චරිතයට අදාල ආවේගය පිට කරන්නේ කොහොමද මේ වගේ වචන වලින් ? එහෙම කරාම ඒක තාත්වික රංගනයක් වෙනවද ? මහ ලොකුවට රන්මිහිතැන්න විවෘත කරනකොට නම් ට්‍රම්පට් ගැහුවා මහින්ද මාමා නලුවාය අරකය මේකය කලාවට ආදරේය කියලා. මරු නලුවා. මේවා තමයි අපේ දේශපාලනේ කරන එවුන්ගේ ගොං වැඩ. ඕවා කරලා ලමයි හදන්න පුලුවන් නම් ඒක මැජික් එකක්ම තමයි. අනිත් එක “තමුසේ” කියන වචනෙ නරක වචනයකුත් නෙමෙයි. ඒවා අපේ සිංහල වචන. මම අහලා තියන විදියට නම් “තමුසේ” කියන වචනේ හැදිලා තියන්නේ “තමුන්වහන්සේ” කියන වචනේ කොට වෙලාලු.
මේ තකතීරු නීති දාන මහත්තුරුන්ට ඉංග්‍රීසි කොච්චර දුරට තේරෙනවද කියන එක මේකෙන්ම පේනවා. එහෙනම් ඔය ඉංග්‍රීසි චිත්‍රපටි වල යන පට්ට අමු කුනු හරුපයි මුලින්ම නවත්තලා ඉන්න ඕන. එහෙම නැතුව මේ අපේ සිංහල වචන ටිකට කෙලින එක නෙමෙයි.

17 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

Unknown said...

patta kathawa machan...bona than walata kotu damma kiyala bona eka nobi inne na wage owa nokiwwa kiyala kiyana un nokiya inneth na..moda kamata beheth na kiyanne oka thama...

රාජ් said...

මම නං ඔය තමුසෙ වගේ වචන වලට විරුද්ධයි.ඒවා බලලා තමයි මේ රටේ මිනිස්සු නරක් වෙන්නෙ.ඒ විතරක් නෙවේ ඔය වෙඩිතියන බෝම්බ ගහන පිහි වලින් අනින එවුවත් කොටු දාල තහනං කොරන්ට ඕන.තමුසෙ කියන එකට ඔයා කියලා පාවිච්චි කරනවා වගේ තුවක්කුව වෙනුවට ඉදල-කොස්ස පාවිච්චි කිරීම(සද්දෙ කටින් දාතහැකිනේ), බෝම්බ වෙනුවට රතිඥ්ඥ පාවිච්චි කිරීම වගේ ඕන තරම් විකල්ප තියනවා නේ.අනෙක ටෙලි වල තියන ආවේගය පිටකරන කෑලි නැතුව උනත් ඕවා හදන්න පුලුවන්නේ.ඇයි මතක නැද්ද පබා නාට්ටියෙන් පබා අයින් කරන්න පුලුවන් නං ඕවා වැඩද?
මම දැක්කා ඔය නියෝගය ජනාධිපතිතුමා කලේ දවසක් අයි.ටී.එන්.එක ටික වෙලාවක් බලලලු.මම නං කියන්නෙ ජනාධිපතිතුමා හැම චැනල් එකක්ම සතියක්වත් බලලා ඒවායේ තියන අඩුපාඩු ටික හදලා දීපු දවසක අපටත් කැත නැතුව දරු මල්ලොත් එක්ක ටීවී බලන්න පුලුවන්නේ.

චතුර විජේකෝන් said...

කතාව ඇත්ත. මේ වචන සිංහල භාෂාවේ වචන නොවැ.සිංහල භාසාවට තවත් හෙණ ගෙඩියක්.

සොඳුරු ආගන්තුකයා said...

මේක නම් තවත් ලොකුම ගොන් පාට් එකක්. දැන් ඕක කපනකොට ඕනෙ පොඩි එකෙක් දන්නවා එතන කියන්නෙ " තමුසෙ " කියන වචනෙ කියල...

පිස්සු පුසා said...

ලොල් හික් හික් බොන සීන් වලට කො‍ටු දාන කොට ඊට යටින් සෝඩා බෝතලේ ඇඩ් එක දානවා.මරු කතාව මචන්

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...

පිස්සු විකාර නීතියක් . ලංකාවේ කලාකරුවෙකුට නිදහසේ නිර්මාණයක් කරන්න බැ දාහක් නීති . මම හිතුවේ ඕක බලපාන්නේ ටෙලි නාට්‍ය වලට විතරයි කියල

Yasantha Hennayake said...

ලංකාව ගැන කතා කර වැඩක් නැත.. ඒ නිසා කිසිවක් නොකියමි!

දිනුක said...

ඕකෙ තියෙන ආතල් එක ඕවට හුරේ කියන සෙට් එකකුත් ඉන්න එකනෙ.ලංකාවෙ ඉන්න හරක්ගෙ හැටි තමා.කලාව ගැන ටිකක්වත් හැඟීමක් නැතුව අමුතුම මොන්ටිසෝරි සමාජයක් හදන්නයි මුං හදන්නෙ.හරක්.

නාකියා said...

විකාරයි.. කාලයක් රූප නැතුව කොටු බලාගෙන සද්දෙ විතරක් අහන් හිටපු ඈයොන්ට තව ටික දවසකින් සද්දෙත් නැතිව කොටු දිහා බලන් ඉන්න වෙයි මයෙ හිතේ..

සිත් අහස said...

වැඩක් නෑ කථා කරලා.. ලංකාවනේ.. :P

මකුළු පැංචි (මංචි) said...

අපෝ...මමඞ් ඊලඟ සැරේ ලංකාවට එද්දි අනිවා ෆිල්ම්ස් තොගයක්ම බාගෙන එන්ට ඕනෙ..නැත්තං මාස දෙකේම ලුණු නැති හොද්දක් කනව වගේ අර දියාරු ටෙලිඩ්‍රාමාස් බල බලා කම්මැලිකමේ මැරෙන්න තමා වෙන්නෙ..

සාතන් said...

මල කෙලියයි... මම දැක්කෙ නෑනෙ ඔහොම එකක්... මහින්ද මාම කිව්වනම් ඔය වචන පාවිච්චි කරන එක වැරදියි හොඳේ...

(වෙලාවට මම නාට්‍ය එහෙම බලන්නෙ නැත්තෙ... )

මලිත් Max said...

මේවා මහ බොලඳ වැඩ ඇත්තටම.. මේකෙන් වෙන්නේ නිර්මානකරුවාව අනවශ්‍ය කොටු කිරීමකට ලක් කරන එක. එතකොට ටෙලි නාට්‍ය චිත්‍ර පට 100ක් කරත් අන්තිමේ ඒ 100 ම එකම වගේ.. සාමයම විතරයි. පටන් ගත්ත වෙලාවේ ඉඳන් සාමයම විතරයි.. බොරුව අසාධාරනය පරද්දලා සාදාරනය නැගිටින කතා නැහැ.

සුශාන් ප්‍රියනාත් රත්නායක said...

ලොක්කා මේ දවස්වල ඉසකුඩිච්චිය ගලවගෙන දුවනවලු . . කාලෙකට ඔහොම නොවැ . .:P නිකන් හිතලා බලන්න " ඔයා , මෙයා , යන්න " ඕවා දාලා ෆිල්ම් එකක් ගැහුවොත් මොනවගේ තියෙයිද . . .:D සමනල්ලු . .

Anonymous said...

එළ කතාව.ම_ _ _ හරකට ඕව තේරෙන්නෑ බන්.

මලිත් Max said...

ඔව්. ආයේත් අහලා... ඒවා නිකංම නිකං බොලඳ නිර්මාණ ටිකක් වෙයි... නිර්මාණමත් නෙමෙයි.... අනේමන්දා...

සරත් ලංකාප්‍රිය said...

ඉස්සෙල්ලම ඔය වැඩේ පටහ ගන්න තිබුනේ පර්ලිමෙන්තුවෙන්නේ.. දාන නීති 99% ම ඔය ගනයේ තමයි..

Post a Comment

පි‍ටු පෙරලපු ගාන