ජීවිතය...... කටුක බව අත්විදීම!

Saturday, July 16, 2011
හ්ම්. ජීවිතය කියන්නේ මහම මහ පුදුම දෙයක්. වෙලාවට හිතෙනවා මේ ජීවිතය ලැබුනේ ඇයි කියලා. වෙලාවකට හිතෙනවා ජීවිතයක් නැත්නම් වැඩක් නෑ කියලා. ගොඩක්ම මටනම් හිතෙන්නේ මිනිස් ජීවිතයක් ලැබුනේ නැත්නම් මෙලෝ වැඩක් නෑ කියලා. මොකද ඒකට හොඳම උදාහරණේ තමා සත්තු කියන්නේ. සත්තුන්ගෙනුත් අපි සිංහයාව උදාහරණෙට ගමුකෝ....
සිංහයා කරන්නේ කොහොම හරි ගේමක් දීල සතෙක් දඬයම් කරගෙන ඌව කන එක. නමුත් හැමදාම ඌට මේ වැඩේ කරන්න බෑ. මොකද සත්තු හිතලා සිංහයාට අහුවෙන්නෙ නෑනේ. අන්න එතනදී සමහරක් විට කැලේ රජා උනත් දවසක් දෙකක් නැත්නම් සතියක් දෙකක් උනත් බඩගින්නේ ඉන්න වෙනවා. මොකද උන් තණකොල කන්න කියලයැ. උං තනිකරම මාංෂ භක්ෂක සතුන්.
නමුත් ඔන්න ඔතනදී තමයි මිනිහෙක් වෙන එකේ වාසිය තියෙන්නේ. මොකද
අපිට මස් නැත්නම් එලවලු තියෙනවා. එලවලු නැත්නම් පලතුරැ තියෙනවා. පලතුරැ නැත්නම් කොල වර්ග තියෙනවා. කොල වර්ග නැත්නම් පිටිකිරි තියෙනවා. පිටිකිරි නැත්නම් තේ තියෙනවා. තේ නැත්නම් කහට තියෙනවා. කහට නැත්නම් වතුර තියෙනවා. වතුර නැතිඋනත් කොහේ හරි වතුර තියෙනවනේ.ෆිල්ටර් කොරලා පරිභෝජනය කරන්න පුලුවන්. 
ඉතිං මම මේ කියන්නේ අපි වෙලාවකට තමන්ටම බැන ගන්නවා
මොන කරැමයක්ද? මටනම් මේ ජීවිතේ එපා වෙලා තියෙන්නේ... කරැමෙ කියන්නේ මගෙ ගර්ල්ෆ්රෙන්ඩුත් මාව දාල ගියා(ගැහැණු ලමයිටනම් බෝයි ෆ්රෙන්ඩ් හොඳේ)..ෂික් මගේ වෙලාව.දැං මට මේ ජීවිතෙං වැඩක් නෑ.මම මැරෙනවා.. 
කියලා ඔන්න ඉතිං කඩේට ගිහිල්ලා වහ කුප්පියක් අරං බොනවා. ඉතිං ඔන්න ඉතිං පෙර පිනක් තිබිලා මැරැනොත්නම් හොදයි. මොකද මම එහෙම කියන්නේ දැං පවතින නීතියට අනුව ඔය වහබීලා රජයේ රෝහලකට ඇතුලත් උනොත්(මමනම් දන්නේ රජයේ ඒව විතරයි.අනිත් ඒවගෙත් එහෙමද දන්නෙ නෑ) මල කෙලියයි වෙන්නේ.
   මොකද එක්කෝ අනිවාරයෙන් දඩයක් ගහනවා. එක්කෝ සිමෙන්ති කොට්ට දෙකක්වත් අරං ඕනි කියයි. තව දෙයක්. ඔය වහබොන එවුන් කවදාවත් උන්ගේ දෙමාපියන්ට ආදරේ කරලා නෑ. මොකද පොඩි කාලේ ඉදං දුකටයි සැපටයි ලඟ හිටපු, තමන්ට කන්න නැති උනත් අනේ මගේ දරැවනේ කියලා තමන්ගේ කෑම එක තමන්ගේ දුවට හෝ පුතාට දුන්නු, හොඳට ඇඳ පලදින්න දීලා තමන්ට වඩා උසස් තත්වයකට දරැවාව යවන්න හදන දෙමාපියන්ට මෙහෙම කරන එක හරිද? ඇත්තෙන්ම නෑ. මොකද මොන දෙමාපියෙක්වත් කැමති නෑ තමන්ට ඉස්සෙල්ලා තමන්ගේ දරැවාගේ මළ මිණියට කරගහන්න.

ජීවිතේ තනිකරම කොටිනම කිව්වොත් ගොම ගොඩක් වෙලාවකට. වෙලාවකට සුදු මල් යහනක්. වෙලාවකට හිතාගන්න බැරිතරම් පස්ටයි. කෙසේ උනත් ජීවිතයට බලාපොරොත්තු එක්වෙනවා තමන් කරන වැඩ අනුව. තව දෙයක්. අපේ ජීවිතයට බුදුහාමුදුරැවෝ කියල තියෙන විදිහට ක්ම කියල කොටසකුත් ඉතිරි වෙනවා.
අපේ තෘෂ්ණාවට, ලෝභකමට සහ අනෙකුත් දේවල් වලට මේක ගොඩක්ම පාදක වෙනවා....

දැං ඔන්න මේක කියවලා ඉවරවෙලා කියන්න එපා තෝ මේ මොන මඟුලක්ද කියල තියෙන්නේ.. තොට පිස්සුද? පටංගෙන තියෙන්නේ එකකින්. ඉවර කරල තියෙන්නේ තව එකකින්. ඔය පුරස්නෙට මට දෙන්න තියෙන හොඳම උත්තරේ තමා සිත සන්සුන් වෙලාවක මේ පෝස්ට් එක හොඳට හිතට අරං කියවන්න කියලයි. මොකද ඕනම දෙයක් මොලේට යන්නනම් එ් කියන්නේ තේරැම් ගන්නනම් නිරවුල් මනසක් තියෙන්න ඕනි. ප්‍රශ්ණ කැටිකරගෙන ඒවට මැදිවෙලා කියන දේ අහං හිටියට හරියන්නෙ නෑ. මොකද එතකොට වෙන්නේ, කරන්නේ, කියන්නේ එක එක දේවල්. අන්න බලන්න.. එතනත් ජීවිතියේ යම් කිසි වැදගත් සිද්ධාන්තයක්.. මොකද ජීවිතයට ජීවිතයක් එක් කරන්න පුලුවන් වෙන්නේ සිතුවිලි සමුදායක් තිබ්බතේ විතරයි.
කට්ටයිම අහල ඇතිනේ ජීවිතං අනියතං මරණං නියතං කියලා. ඒ වගේම තව දෙයක්... පවුල් පංසල් අනියතං .... තණිකඩ ජීවිතං නියතං කියන එකත් මතකෙ තියාගන්න.. 


එහෙනම් අලුත් පෝස්ට් එකකින් හම්බවෙමු.. ආහ්.. කියන්න බැරිඋනානේ.. මේ මගේ පළවෙනි පෝස්ට් එක හොඳේ... හොඳද බලලා කෙමෙන්ටුවක් එහෙම දාගෙනම යන්නකෝ!!!

ලිවිවේ කිනා!!!! (කින්ග් ශාන්)

2 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

Red Sea said...

ජිවිතනං අනියතං මචන්....
ලීවේ ජෝලියටයි මචන්....
වැරැදි නමි සමා වියන් මචන්.....

කිනා said...

මොන අවුල්ද මචං.....
ජොලියට ලිව්වත් පස්ටනේ මචං...
උබ ඇත්ත තේරැම් ගත්තනේ මචං.......
එහෙනම් මට එඒ හොඳටම ඇති බං...

Post a Comment

පි‍ටු පෙරලපු ගාන