දේශප්‍රේමීන් සංගාට එරෙහිව වැඩ අල්ලයි - සංගා වෙනුවෙන් බුවාගෙන් පිලිතුරු ලිපියක්

Monday, July 11, 2011
මේ සිතුවිලි පවුරට එකතු කරන්නේ ඊයෙ මගෙ බ්ලොගය තුල ලියපු ලිපියක් . ඒ අපේ සංගට  එරෙහිව ලියවුන ලිපියකට පිලිතුරක් . මගේ බ්ලොගය තුලදි ඒ ලිපිය කියවපු අය මේක කියවන්න එපා . මේ  නොබලපු අයගේ දැන ගැනීම පිණිස පමණමයි .ඊලඟට පොඩි ඉල්ලීමක් , සංගා වෙනුවෙන් පෙනී සිටීමට කැමති නම් මම බ්ලොග් අඩවිය තුල එකතු කරල තියන  සංගාගේ කියමන සහිත විජට්ටුවක් ඔබගෙ  බ්ලොග් අඩවි තුලත් ප්‍රදර්ශනය කරන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනව


පිට කොන්දක් ඇති මිනිසෙකුගේ ශ්‍රේෂ්ටත්වය ලොවටම විදහා පැ කුමාර සංගක්කාර ගේ  ඓතිහාසික කථාව පිලිබඳ නොදන්නා ශ්‍රි ලාංකිකයෙකු නැති තරම්ය .ක්‍රිඩා ඇමති ඇතුලු දේශපාලකයින්ගේ  රෙද්ද ගැලවූ සංගාට දේශද්‍රෝහී ලේබලය ඇලවෙනා බවට බොහෝ දෙනා පල කල අනාවැකි සත්‍ය වෙමින් පවතී . දේශ්ප්‍රේමීන්ගෙ වෙබ් අඩවිය එහේ පලමු වෙඩි මුරය තබා ඇති ආකාරය පහත ලිපියෙන් දැකගත හැක .


Link To the  Article 



ඔවුන්ට අනුව ලංකාවේ කුල වාදයක් තිබූ බවට හැඟෙන සේ සංගා කථා කර ඇත . සැබවින්ම එහි හැඟෙන්නට දෙයක් නැත . හැම මගුලකදීම පද්දා හෝ රදවා පිලිබඳ හොයනා මිනිසුන් අදත් සිටිනා රටක කුල වාදය තිබුනා යැයි කීමේ වරදක් නොමැත . අනෙක් අතට  එය සංගා නිසා ලොවට හෙලිවන කෘණක් නොව  දැන යුත්තන් හොඳින් දන්නා කාරනාවක්ය . එසේම මිෂනාරි හෝ මොකා නිසා හෝ කුලවාදය යම් තරමකට හෝ අඩු වීම ඉතා යහපත්ය .

මේ ලිපියට අනුව බටහිර ජාතීන් වසර 400ක් ලංකාව යටත් කර සිටියා යැයි කීම එම රටවල මිනිස්සුන්ට  මහත් විනෝදයක්ය . මෙවැනි ලිපි ලියනා දේශප්‍රේමී කල්ලියෙ වංශය කබල් ගානා උන්ට හැර ලොව අන් රටවල මිනිසුන්ට අතීතයේ තම රටට යටත්ව තිබූ ජාතියක් ගැන ඇසීමේ අමුතු ආතලයක් නැත .

සීනී කථාව තුලින් සංගා කිවේ අපගේ මිනිසුන් ආගන්තුක සත්කාරයට දක්වන ලැදිකම පිලිබඳවය . සීනි වැඩියෙන් දමා තේ දෙන්නේ අමුත්තා වඩාත්ම හොඳ දේ ලැබිය යුතු නිසාම බව සංගා එහිදී පැහැදිලිව කීවේය නමුත් මොවුනගේ ලිපියෙන් ඒවා දකින්නෙ නැත

වචන කිහිපයක් රතු කරමින් ජාත්‍යන්තර දේශපාලනික බලපැමක් ගැන ඉලිප්පුවත් සංගා කීවේ දේශපාලන අත්ගැසීම් වැලැක් වීමට අයිසිසිය අතගැසිය යුතුයැයි කියා බව සිහි බුද්ධියෙන් අසා සිටියා නම් තේරුම් යනු ඇත


ජාතික දේශපාලනික යැයි කියා ගන්නා මතවාද නිසා රට වල පල්ලට යන බැව් තේරුම් ගැනීමට සංගා එය පැවසීම කිසි සේත්ම අවශ්‍ය නැත .


එතනින් එහාට ලිපිය පුරාවට ම ඇත්තේ ඔවුනගේ සිතලුය . සංගා දේශද්‍රෝහී පිලට දමා ගැනීමට අවශ්‍ය උපකල්ප්න හා තර්කය . රනිල්ට හා ෆොන්සේකාට කලාක් මෙන් ඔවුන් මෙහිදීද සිදු කරන්නෙ එක් එක් වාක්‍ය කණ්ඩ වල තේරුම් සෙවීම හා ඒවා තමන් හදා ගත් මතවාදයකට ගැට ගැසීමය . දේශනයක අරුත ඇත්තේ සමස්ථ අදහසේ මිස එක් එක් වාක්‍ය කණ්ඩ වල නොවන මොවුන්  පිලිගන්නෙ නැත . අප එසේ පැවසුවත් ඔය බටහිර ක්‍රමය, දේශීය ක්‍රමයට කැලි වශයෙන් විග්‍රහ කලයුතුයැයි කියා කියනු ඇත . ඔවුනගේ අවස්න් වාක්‍ය සර්ව ආගමික වීමක් ගැනය , නමුත් සංගා කිවේ සියලු ආගම් වලට ඉහලින් තමා ශ්‍රි ලාංකිකයෙකු බවය . ආගම මත පදනම් වී අන්තවාදය පතුරන මොවුනට ඒවා වහ කදුරු වුවත් . ආගම් ජාති පරයා නැගී සිටිය යුතු ශ්‍රි ලාංකිකත්වය සංගාට පමණක් නොව අප සියලු දෙනාටම වැදගත්ය


 රනිල්ගේ හෝ ෆොන්සේකාගෙ කථා විකෘති කිරීමේ සුනඛ දේශපාලනය ක්‍රීඩකයෙකුට එහෙරිව , ඇත්ත කථා කිරීමට නිර්භීත වූ ක්‍රිඩකයෙකුට එරෙහිව භාවිතා කිරීමට බුවා විරුද්ධය . අතහැර දැමූ දෙයක් ගැන නැවත් ලියවුනේද එනිසාය .

ප.ලි - මොවුනගේ ආරම්භක ඡේදයේ  83දී සංගාගෙ පියා දෙමල ජනතාවගෙ දිවි බේරා ගැනීම සඳහන් කර ඇත්තේ එයත් වරදක් ලෙස සලකන නිසාද යැයි  ලිපියේ අනිකුත් කාරණා දෙස බැලුවිට හැඟී යයි , අප රටේ පැවතුනේ සිවිල් යුද්ධයක් නොවේ යන්න  දේශප්‍රේමී ගවයින්ගේ අදහස  වුවත් , ලෝකයා හමුවේ එවන් ගොන් පාට් දැමීමට සංගාට නොහැකි බවත් සඳහන් කල යුතුයි 


Update - http://www.divaina.com/2011/07/11/news10.html දක්වා ඇති සබැඳියට අනුව ගෝඨාබය රාජපක්ෂ මහතා සංගාගේ කථාව අගය කර ඇත . එය එසේ නම් එතුමාට මගේ ස්තුතිය පිරිනමන අතර දේශප්‍රේමීනී තොපට කියන්නට ඇත්තේ හොඳවයින් හූවක් පමනය

7 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

Anonymous said...

sirawata machan. uba kiyanne aththa. lankawata adarayak nathi kalakanni haththak mun. munta thama therenne naa, "srilanka" kiyana punchi rata loketama prasidda cricket nisaa witharayi kiyala.

lipiyata sthuthiyi!
iPlus

Anonymous said...

sirawata machan. uba kiyanne aththa. lankawata adarayak nathi kalakanni haththak mun. munta thama therenne naa, "srilanka" kiyana punchi rata loketama prasidda cricket nisaa witharayi kiyala.

lipiyata sthuthiyi!
iPlus

චතුර විජේකෝන් said...

සංගාගේ කතාව අහන්නේ නැතිව අදහස් දක්වනවාට මුලින්ම සමාව ඉල්ලනවා... 83දී අහිංසක දෙමළ මිනිස්සුන්ට අපේ සිංහලයෝ සලකපු හැටි මටත් හොඳට මතකයි. කුල වාදයේ කතාවත් ඇත්තයි නොවැ. තමන්ට එහෙයි කියන්නේ නැති කට්ටියට බෙදන හැන්දෙන්ම සංගාටත් බෙදන එක අපේ රටේ අහම්බයක් වෙන්නේ කොහොමද? වැදගත්ම දේ සියලු ආගම්වලට ඉහලින් ශ්‍රී ලාංකීයත්වය වගේම ඊටත් ඉහලින් මනුෂ්‍යත්වය අප තුල තිබිය යුතුයි. රට වෙනුවෙන් එඩිතරව ඉදිරියට ගිය අර්ජුන, මාවන් වැනි ක්‍රීඩකයන්ගේ පරපුර ඉදිරියට ගෙනියන්න සංගා උත්සාහ කරන බවයි මට හැඟෙන්නේ... අගනා ලිපියක් සහෝ...

දිනුක said...
This comment has been removed by the author.
දිනුක said...

ලිපිය එලය..ක්‍රිකට් ගැන උනන්දුවක් නැතත් මට මේ ගැන උනන්දුවක් තියෙනවා.ෆොන්සේකාට කළ දේම මුන් මුන්ට විරුද්ධ වෙන හැමෝටම කරනවා කියන එක හොඳටම පෙනි පෙනිත් මෙව්වට ඇන්දෙන මිනිස්සු ඉන්නවනෙ අම්මපා ඇත්තට......

සරත් ලංකාප්‍රිය said...

කට මහපු මිනිස්සුන්ට විතරයි අද අපේ රටේ ඉන්න පුළුවන්

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...

සියලුම ප්‍රතිචාර වලට බොහොම ස්තුතියි

Post a Comment

පි‍ටු පෙරලපු ගාන