විදුලි බල මණ්ඩලය

Tuesday, July 26, 2011
ඔන්න මමත් සම්බන්ධ උනා සිතුවිලි පවුරට. මම සිතුවිලි පවුරට ලියන පලවෙනි ලිපිය මේක. ඉතින් මම හිතුවා ඒකට මට වගේම හැමෝටම තියන ප්‍රශ්නයක් ගැන කියන්න. ඒක තමා හිටපු ගමන් විදුලිය විසන්ධී කරන එක. අපේ පරිගණක පාවිච්චි කරන්න අපිට අවශ්‍ය වෙන විදුලිය ඒ වගේම ජනතාවගේ ගොඩක් කටයුතු කරන්න උදව්වෙන විදුලිය කිසිදු දැනුම් දීමකින් තොරව විසන්දි කෙරුවාම ඒ මිනිස්සු තම තමන්ගේ එදිනෙදා වැඩ කටයුතු කරගෙන යන්නේ කොහොමද? මේ ප්‍රශ්නය අපි ඇසිය යුත්තේ අදාල බලධාරීන්ගෙන් බව හැබෑව. ඒත් උන්ගෙන් ඇහුවාම කියන්නේ මොකක්ද? විදුලිය පිරිමැසීම සඳහා විදුලිය කප්පාදු කරන බවයි. ඉස්සර නම් විදුලිය කපන්නේ මාස දෙකකට සැරයක් විතර. ඒත් ගස්වල අතු කැපීම සඳහා. නමුත් දැන් හැමදාම පැයක් හෝ දෙකක් අනිවාර්යෙන්ම කරන්ට් කපනවා. සමහර විට දවසම උනත් විදුලිය නැහැ. උදේම වැඩට යන්න නැගිටින මිනිස්සුන්ට තමන්ගේ වැඩ කරන්න ගියාම විදුලිය නැහැ කියල තේරුනාම මොනවා හිතෙනවා ඇද්ද? හිතෙන දේවල් නම් ගොඩක් ඇති. සමහර විට විදුලි බල මණ්ඩලය සම්බන්ධ අයගේ අම්මලා ගැන මතක් වෙනවා ඇති. ඒ අයගේ අම්මලාට හිතෙන් සුබ පතනවාත් ඇති. මේ සේරම දේවල් උනාට පස්සේ මාසේ අන්තිමට රුපියල් දාහක දෙදාහක බිලක් නම් අනිවාර්යෙන් එනවා. ඒකෙත් අපි පාවිච්චි කරපු විදුලියට ගෙවන මුදලට අමතරව වැට් ඇතුලු සියලුම බදු ඇතුල් කරලා තියනවා. ඒත් බිල ගෙවන්න මාසයක් දෙකක් ගියොත් මොකද වෙන්නේ.....ඇවිල්ලා ලයිට් කපලා යනවා. ඉතින් මම අහන්නේ අපි දාහක් දෙදාහක් විදුලියට ගෙවලා අඳුරේ ඉන්නේ මොකටද? මට තියන ප්‍රශ්නේ ඒකයි.

ප.ලි. පෝස්ට් එක කොහොමද දන්නේ නෑ. මට ලස්සනට ලියන්නත් බෑනේ. කමක් නෑ ඔයගොල්ලන්ගෙ අදහසුත් දාලා යන්නකො. එහෙනම් මම යනවා. ඔබ සැමට ජය වේවා!

8 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

Yasantha Hennayake said...

පෝස්ට් එක කොහොමද අහන්නේ.. නියමයි. ඔය ලස්සනට ලියල තියෙන්නෙ.. මටත් මලේ මල පනිනව ලයිට් නැතිකොට.. බ්ලොග් කරන හැමෝටමත් එහෙම වෙන්න ඇති, මොනා උනත් ලංකාව ගැන කතා කරල වැඩක් නෑ මචං.. පුලුවන්නම් ලංකාව දාල පල.. කොතනක බැලුවත් අසාධාරණය විතරයි!

BAWANTHA said...

@යසයා
ඒකනම් ඇත්ත මේ මෝඩ ආණ්ඩුව කරන වැඩ හින්දා දුක් විඳින්නෙ අපිනේ. කමෙන්ට් එකට තැන්කූ වේවා

Deeps said...

ආයේ වෙලාවකට ලයිට් ගිහින් පටාස් ගාලා අනිත් පැත්තට එනවා. ඉතින් කරන්ට් එකෙන් වැඩ කරන බඩු අනාතයි :(

BAWANTHA said...
This comment has been removed by the author.
BAWANTHA said...

@deeps
ඔව් ඒ වගේ වෙලාවක වැදගත් වැඩක් කරකර හිටියොත් අනාතයි. කමෙන්ට් එකට තැන්කූ වේවා

Anonymous said...

කාසියේ අනිත් පැත්ත

http://www.divaina.com/2011/07/26/feature01.html

චතුර විජේකෝන් said...

සාදරයෙන් පිළිගනිමු සිතුවිලි පවුරට. පෝස්ට් එක අගෙයි. තව පොඩ්ඩක් දිග ඇරලා ලිව්වනං බලන්න ආසා හිතෙනවා.
රටටම තියෙන ප්‍රශ්ණයක් නොවැ මේ විදුලිය කැපිල්ල. කොළඹත් එක්ක බලනකොට කොළඹින් පිට විදුලිය විසන්ධි වීම් දහ පහලොස් ගුණයකින් වැඩියි. විශේෂයෙන් විදුලි බල සමාගමේ බෙදාහැරීම් වලට සාපේක්ෂව විදුලි බල මණ්ඩලේ බොහොමත්ම අසාර්ථකයි.

අගනා ලිපියක්...

Lahiru said...

heeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeee

Post a Comment

පි‍ටු පෙරලපු ගාන