අපි ආදරේ කරනව......

Saturday, July 16, 2011
කෙල්ලෙ....
මතකද?...
ඉස්සර අපි රණ්ඩු උන හැටි???
බැනගත්ත හැටි???
ආදරේ හැටි එහෙම වෙන්න ඇති
නේද?
ගොඩාක් ආදරේ අය
මුල් දවස් වල නයි වයිරයි ලු....
ඒ වගේම නේද අපිත් ඉස්සර .....
පුංචි දවස් වල.....


ඒ අතීතය....
අවුරුදු 6 ක් විතර....
අද...
අපි ආදරේ කරනව......
මේ පුංචි අපි???
ඔව් ඔව් අපි
ආදරේ කරනව
දන්නෙම නැතුව


කවුද හිතුවෙ එහෙම
නේද?
මම ආදරේ කරයි කියල?
මේ ආදරේ හැටිද?
වෙන්න ඇති නේද?
මොකද
ඔයාවත්
මමවත්
"ආදරේ"
වචන වලට පෙරලන්න දන්නෙ නැති නිසා......


දැන්නම් ආඩම්බරේකුත් දැනෙනව
ඔයාට නෙවේ
ඒත්
ඒ ඔයා නිසා
වෙන මුකුත් නෙවේ
පුංචි සුරංගනාවියක් වගේ
ලස්සන
රෝස මලක් වගේ මූනක් තියෙන....
සමන් පිච්ච මලක් වගේ සුවඳ
පුංචි ඔයත්...
මට
ආදරේ නිසා...

 

{මේ මම පෙම්බරීට යවපු නිසඳසක්.කෝපි කඩේ බ්ලොග් එකෙත් කළින් දවසක් පල කලා.අද ඔයාලත් එක්ක සිතුවිලි පවුරේ බෙදාගන්නවා.}

4 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

සාටර් said...

පට්ටයි බන්..

The තරුවා said...

ම්ම්ම්ම්ම....
ඒ ආදරේ කොච්චර වටිනවද කියල මේ පද ටිකෙන් පේනවා....

Anonymous said...

කෙටියෙන් කිව්වොතින් ... ලස්සනායි!

Dilanka Madhawa said...

ස්තුතී හැමෝටම

Post a Comment

පි‍ටු පෙරලපු ගාන