සිතුවිලි පවුර වෙනුවෙන් බුවාගෙන් විහිලු කථාවක් (හිනා නොගියොත් වග කියනු නොලැබේ )

Monday, June 27, 2011
සිතුවිලි පවුරට මාවත් එකතු කරගැනීම සම්බන්ධයෙන් ස්තුතිවන්ත වෙන ගමන් , පලවෙනි ලිපිය එකතු කරන්නයි මේ සූදානම . 


මේක ගොඩක් කාලෙකට කලින් මගේ බ්ලොග් අඩවියේ පල කරපු කථාවක් (කිති කවාගත්තොත් හිනාත් යනව මයෙ හිතේ ) . ඒ කාලේ මගේ බ්ලොග් අඩවියට ආපු ගියපු අය ඉතාම අඩු නිසා මේ කථාව දකින්න ඇත්තේ බොහොම ටික දෙනෙක් . ඒ නිසා ඕං ආයෙමත් සැරයක් ඒ කථාව කියන්නයි හදන්නේ . එහෙනම් කට්ටිය කිති කවාගන්න එහෙම ලැසිති වෙලා.. (හෝව් හෝව් අනුන්ගේ පිටවල්  කහන්න නෙවෙයි තමන්ම කිති කවාගන්න කියල කිව්වේ) , හූ පාරක් එහෙම තියල , පැත්තකින් ඇන තියා ගත්ත නම් හොඳා

ඔන්න එකෝමත් එක රටක ( ලංකාව කියමුකො ) ඇට්ටර කොලුවෙක් හිටියා . මුගේ නම...( මම අහපු කථාවෙ නම් කොලුවට නමක් නැහැ නමුත් කෝකටත් අපි ඌට ඇම්ඩා කියල කියමුකො ) .ඔන්න ඇම්ඩා දවසක් විභාගයක් ලියන්නේයි කියල ගියා . ලංකාවෙ විභාග කියන්නේ ඉතින් ලමයි මරවන්න හදපුව නේ කොහොමත් ඇම්ඩා වගෙ අයට විභාග අමාරුයි .

ඔන්න දැන් විභාගය පටන් අරගෙන ටික වේලාවක් ගත උනා .ශාලාධිපතිතුමත් ලමයි දිහා කන්න වගේ බලාන ඉන්නව . ඇයි හත්දෙය්යනේ එකෙක් වත් කොපි කරොත් එහෙම කවද හරි සක්විති වගෙ ලෝක හොරෙක් වෙලා නෙව නවතින්නෙ . ඉතින් ශාලධිපතිතුමා ඔහොම alert  එකේ ඉන්නකොට දැක්ක ඇම්ඩ කොලයක් බලගෙන මොනවදෝ ලියනව . ශාලධිපතිට මල , ඒත් ඉස්කෝලෙදි වගෙ විභාග ශාලවෙදි කැගහල බනින්න බැනේ . එනිසා ටිකක් වෙලා ඇම්ඩා දිහාම බලාන හිටියා. එතකොටවත් වැඩේ නතර වෙයි ද බලන්න . කොහෙද ඇම්ඩට ගානේ ගානක් නැහැ, හිටු කියල ලියනව. සැරින් සැරේ ඔලුව උස්සල බලනව අයෙත් ලියනව  . ඒ පාර නම් ශාලධිපති තුමගේ මල්වඩමම පැන්න . ගියා ඇම්ඩ ලඟට .ගිහින් හෙමීට උගුර පොඩ්ඩක් පැදුවා .


 "අම්මට උඩු ශාලධිපතිය ලඟ " ඇම්ඩා කලබල වෙලා බල බල හිටපු කොලේ පොඩි කරල බිමිට දැම්ම .ශාලධිපතිතුමත් ඇම්ඩට ඇඟ සලිත වෙන සයිස් එකේ බැල්මක් දාල බිම වැටිලා තිබුන කොලේ අරගේන බැලුව .

ඒකේ ලියල තියනවලු " සර් රැවටුනා නේද ? " කියලා  

ශාලාධිපතිට  කලිසම බිම වැටුණ ගානට ලැජ්ජයි ලු , සිද්ධිය දැක්ක වටේ පිටෙ ඉන්න උන් කින්ඩියට හිනාවකුත් දැම්මලු , ඒත් මොනව කරන්නද . බිම බලාගෙන තමන්ගේ පුටුවට ගිහින් ලමයි උත්තර ලියන දිහා බලාන ඉන්නවලු .හැබැයි ඇම්ඩ ඉන්න පැත්ත බලන්නේවත් නැතුව.

 ඔහොම ටික වෙලාව්ක් ගත උනා ශාලාධිපති අංකල්ට අයෙත් නිකන් කැහිල්ල වගේලු ඇම්ඩා මොනව කරනවද කියල බලන්නේ නැතුව . ( අපේ රටෙ උන්ට කොහොමත් ලැජ්ජාව කියල නාමයක් නැහැනේ එකම දේට  දෙතුන් සැරේ චාටර් වෙන්වනෙ )
ඒ නිසා ශේප් එකේ ඇම්ඩා ඒ පාරත් මොනවදො ලියනවලු කොලයක් බලාගෙන . මේ පාර නම් ඇත්තටම කොපි කරනව වගේමලු ටිකක් ලියනවලු කවුරු හරි දකීවිද කියල වට පිට බලනවලු අයෙමත් ලියනවලු 

" මූ හදන්නෙ මාව ගොනාට අන්දලා කොපි කරන්න"  තමයි කියල හිතපු ශාලාධිපති ගොන්පොර තරඟයක කුලු හරෙකෙක් වගෙ පිඹගෙනම ගියා ඇම්ඩා ලඟට . ශාලාධිපති වේගයෙන් ලඟට එනව දැක්ක ඇම්ඩා දඩිබිඩි ගාල ලිය ලිය හිටපු කොලෙයි බල හිටපු කොලෙයි  කොල ටික අස්සේ ගහගත්ත . හැබැයි හදිසිය නිසා ලිය ලිය හිටපු කොලෙ කොනක් එලියෙ .
 ඇම්ඩ ලඟට අපු ශාලධිපතිත් " හිතුව මදි 'කලවැද්දා' තෝ මාව තම්බන්න " ( ශාලාධිපති අංකල් 'ෆොන්සේකා' පාක්ෂිකයෙක් ද කොහෙද ) කියලා සද්දයක් එහෙම දාල අර එලිය පෙන්න තිබුනු කොනෙන් ඇම්ඩ ලිය ලිය හිටපු කොලය එලිය ඇදල බැලුවා
ඒකෙ ලියල තියනව " සර් අයෙමත් රැවටුණා නේද ?" කියලා



ඔන්න කථාව .  දැන් ඉතින් කට්ටිය කිති කවාගෙන එහෙම හිනාවෙල හිතෙන දෙයක් ලියල හරි , නැත්නම් පහල තියන "නියම්යි, හොඳයි,වැඩක් නැ " තැනට මනාපයක් පල කරල හරි යමුකො නේ ? 


ආ.. මේක මගේ නිර්මානයක් නම් නෙවෙයි . මමත් කෙනෙක්ගෙන් අහගත්ත එකක් ! 

11 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

Yasantha Hennayake said...

නියමයි! නියමයි! පලවෙනි ලිපියම තියෙන්නෙ ඔය නියමට.. කිතිකවාගන්න ඔනි නෑ.. හිනා යනවා පැලෙනකන්.. ඒක නෙමේ කියන්න බැරි ඇම්ඩගේ කතාත් තියෙනවා නේ??

කිඩෝ said...

ඕක මට ලගදී ඊයකින් ද කොහේ ආවා එල හිහි

සිතුවිලි පවුරේ ඇඩ්මින් said...

නියමයි නියමයි! සිතුවිලි පවුරට සාදරයෙන් පිළිගන්නවා!

හිස් අහස said...

කිතිකවාගන්නේ මොකටද බං ... මේක නම් පට්ටයි .. :) :)

පන්සල් හංදිය said...

ඔන්න මම එහෙනම් කිතිකවා ගත්තා ........
හිහි .. හිහි .... හිහි ....

Anonymous said...

අපරදෙ උබගෙ මහන්සිය ටයිප් කරන්න.

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...

කට්ටියගෙම ප්‍රතිචාර වලට බොහොම ස්තුතියි

සිත් අහස said...

හී හී හී... නියම කථාව... මටත් ඊයකින් ඇවිත් තිබුනා මේ ලගදි...

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...

මේ කථාව ජංජාලේ එහෙට මෙහාට ගිහින් තියන බව පේනව . මම ඔය කථාව ලියල තියෙන්නෙ ගිය අවුරුද්දේ දෙසැම්බර් 5 . මෙන්න ලින්ක් එක http://buwagesithuvili.blogspot.com/2010/12/blog-post.html . ඕගොල්ලන්ට ආවෙත් මම ලියපු එකමද ? නැත්නම් ඒ කථාවම වෙනත් කෙනෙක් ලියපු එකක්ද කිලල කියන්න පුලුවන් ද ?

චතුමිතු said...

නෑ නෑ මාත් දැක්කා.. ඕක නෙවයි.වෙන විදිහකට ලියලා තිබුණේ.. මරු කතාව.. අපේ lectures ලට ඔය පාට් දාන්න ගියොත්... ලියපු එකේ ලකුණුත් නැති වෙලා ආය ලියන්නත් බැරි වෙයි.. :D

චතුර විජේකෝන් said...

කිති කවා ගන්න ඕන වුණේ නෑ නෙව, හොඳට හිනා ගියා...

Post a Comment

පි‍ටු පෙරලපු ගාන