මගේ කැඩෙට් ජීවිතේ රසමුසු තැන්

Thursday, June 16, 2011
මෙන්න මමත් කුළුදුලේ සිතුවිලි පවුරට කතාවක් කොටන්නයි යන්නේ.වැඩිය කියවන්න ඕනි නැ.එහෙම උනහම කම්මලිනේ.ඔන්න කෙලින්ම කතාවට බැස්ස.කට්ටිය දන්නවනේ කැඩෙට් කියන දේ ගැන.දන්නේ නැද්ද?මලා.දැන් ඔය විශ්‍යවිද්යල බබාලට දෙනවා කියන්නේ ඔය කැඩෙට් පුහුණුව තමා.මමත් 2006 ඉදන් ජාතික ශිෂ්‍ය භට බලකායේ ක්‍රියාකාරී භටයෙක් 2011 වෙනකන්.මේ තමා මගේ අවසාන අව්රුද්ද.එක ගැනනම් ගොඩක් දුකයි.කතාවෙන් පිට පැන්නද මන්ද.ඒ උනාට හැදින්වීමක් තියෙනකොටනේ ලස්සන.හරි හැදින්වීම ඉවරයි.
මෙන්න මේකයි කතාව.මේක උනේ 2010 අව්රුද්දෙ.ඒ කියන්නේ මම නාවික සහ ගුවන් හමුදා වාර්ෂික ඇගයීම කඳවුරට සහබාගි වෙලා ඉන්නකොට තමා.ඒ වෙනකොට මගේ රෑන්ක් එක කණ්ඩායම් කනිෂ්ට මෙහෙයුම් නිලදාරී(CJUO,CQMUO) වෙලා තිබුනේ.ඒ කියන්නේ ආමි එකේ රෑන්ක් එහෙකින් ස්ටාෆ් කියන රෑන්ක් එක.ඉතින් ඔය රෑන්ක් එකේ ඉන්නකොට කට්ට වැඩිය නැ ඒ උනාට වගකීම වැඩි.දන්නෝ දනිති.ඉතින් මේ වගේ කම්ප එහෙකට සෙට් වෙනවා ලංකාවේ හැම පැත්තකම ඉන්න කැඩෙට්ල,ඔෆිසර්සලා මටත් සෙට් උනා එල කිරි වගේ සෙට් එකක්.වැඩ කරගන්න ලේසි.ඉතින් මට සෙට් උනා එල ඩයල් එකක් බණ්ඩාරවෙල ස්කොලෙකින් ආපු.නමනම් කියන්න බැ.මම ඕනි තැනදී බණ්ඩා කියල කියන්නම්.එදා රෑ කෑම කන වෙලාවේ මම කොලබ පැත්තේ ස්කොලෙක අයට සද්දයක් දැම්ම කියල මට ගහන්න සෙට් වෙලා ඉන්නවා කියල ආරංචිය ආව.මාත් බැලුව කව්ද දෙයියනේ කුළුදුලේ ගහන්න ඉන්නේ කියල.මොකද මම කැම්ප් එකේ කාත් එක්කවත් ගහගෙන නැ.අනික මම ආමි, 2006 ඉදන් කැම්ප් එනවා එහෙව් එකේ මට ගුටි කන්න පුලුවන්ද මේ අලුතෙන් කැම්ප් ආපු සෙට් එහෙකින්.මට ආරංචිය අවේ රැට මම බිලට් එකට යනකොට ගහනවා කියල තමා.මාත් ඉතින් වැඩ ටික ඉවර වෙලා රෑ යන්න පිටත් උනා.මම බිලට් එකට යනකම් කිසිම අව්ලක් උනේ නැ.ටික වෙලාවකින් මට ඇහෙනවා එහා පැත්තේ බිලට් එහෙකට සර්ලා වගයක් ඇවිල්ල කියල.මොකද මහියංගනේ ස්කෝලයක් එකෙක්ට අල්ලගෙන ගහල තිබුන එදා රෑ කානුවක දාගෙන.ඉතින් මමත් ගිය මොකද්ද අව්ල කියල බලන්න.යනකොට අපේ සේරම අන්ඩර් ඔෆිසර්සලා ඉන්නවා එතන.එතකොට එතන හිටපු මගේ යාලුවෙක් සර් කෙනෙකුට කිව්වා මට ගහන්න ඔන්න කතාව.පස්සේ කොලබ ස්කොලේ සාජන්ට්ව ගෙනල්ල ඇහුව සඳරුවන්ට ගහනවා කියන්නේ ඇත්තද කියල.පස්සේ මු කිව්වා නැ සර් ගහන්නේ නැ කියල.එහෙනම් මගෙන් වැදලා සමාව අරගෙන සතියම මගේ බූට් පොලිෂ් කරන්න කිව්වා.මටත් මාර හැපී.ඇයි දෙවියනේ සතියම
බූට් පොලිෂ් කරලා දෙනවනම් කව්ද එපා කියන්නේ.මාත් හිටිය සද්දේ වහල.
ටික වෙලාවකින් අපිට ඇහෙනවා උඩ බිලට් වල කෙල්ලෝ හු තියල කැ ගහනවා.මොනවා උනත් කෙල්ලොනේ.උන්ට මොනවා හරි උනොත් අපිට ඉදලා වැඩක් නැනේ.එක නිසා අපිත් කැ ගහගෙන ඒ පැත්තට දිව්වා.එතකොට අපි දැක්කා එකෙක් කළු කිට් එකක් ගහගෙන දුවනවා.මුලින්ම දුවගෙන ගියේ සර් කෙනෙක්.පත පොල්ලකුත් අතේ තිබුන.එකෙන් එකෙක්ට ගැහුවොත් මැරිලා වැටෙනවා.සර් පැනපු ගමන් ගැහුවේ නැ.මොකද අරු එතකොට බිම වාඩිවෙලා සර්ට වදිනවා අනේ සර් ගහන්න එපා කියල.පස්සේ අපිට වෙච්ච දේ දැකල අම්බානකට හිනා.සර්ලත් හිනාවෙනවා.
බලනකොට වදින්නේ අපේ බණ්ඩා.පස්සේ කෙල්ලෝ ටික එලියට ඇවිල්ල සිද්දිය කිව්වේ.කව්ද එකෙක් ජනෙලෙකින් අත දාල.ඒ බය තමා මුන් කැ ගහල තියෙන්නේ.බලනකොට බණ්ඩා ඇවිල්ල තියෙන්නේ කගහන්නේ ඇයි කියල බලන්න.සිද්දිය බලන්න ආපු බණ්ඩා තවපොඩ්ඩෙන් ගුටි කනවා.මොකද මු ඉදලා තියෙන්නේ විසිට් එකක් යන ගමන්.කෙල්ලෝ කගහුව නිසා ඇවිල්ල බණ්ඩා දොරට ගහල පයින්.එතකොට කෙල්ලෝ තව හයියෙන් කැ ගහල.පස්සේ මහා රෑ අපිට කව්ද බිලට් එකට පාන්නේ කියල හොයන්න උනා.එත් හොයාගන්න උනේ නැ.අපිට පාන්දර 4 වෙනකොට අපහු ඩියුටි.එත් අරුව හොයල බිලට් එකට එනකොට පාන්දර 3.30.ආපහු එහෙම්මම ඩියුටි ගියා.දවස් දෙකක් එකම ඇදුමෙන් ඩියුටි.
මේ එක සිදුවීමක් විතරයි.මම 2006 ඉදන් කැඩෙට් කරන්නේ මේ වගේ සිදුවීම් ඔනිතරම් තියෙනවා.මම හිමිට එක එක දාන්නම්.

14 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

සිත් අහස said...

බණ්ඩා තව පොඩ්ඩෙන් ගුටි කාලා තමයි නතර වෙන්නෙ නේ,.. කොහොම වුනත් හොඳ කොල්ලෙක්, කථාව නම් නියමයි සහෝ,. තව ඔය වගේ රස කථා දාන්නකෝ අපිට බලන්න...

Yasantha Hennayake said...

මම නම් දන්නව බණ්ඩව.. හී හී.. කැඩෙට් ජීවිතේ රස සිද්ධි මාත් දාන්නම්කෝ..

Anonymous said...

කෑඩෙටින් වලනම් කතන්දර ගොඩයි....
අතීතය මතක් උනා....

Banda said...

mala balu wade appa..., Kawda me Banda.., LOL <
mama danui meka dakke.., hafooiiiii

Anonymous said...

aiyooooooo........
me banda paw appah...

නොහික්මුණු ඇස said...

ඕවට කියන්නේ අප්‍රසිද්ද මඩ ප්‍රහාර.., අනේ කලේ වනේ වසේ..,
උ හොද අහිංසක කොල්ලෙක් වෙන්න ඇති නේද ?

Yasantha Hennayake said...

ඔව් ඔව්.. ඌ නම් මාර අහිංසක කොල්ල.. අපරාදෙ කියන්න බෑ.. බංඩයි මමයි කැලේ පැනල ගස් උඩ ගෙවල් හදපු කතාව ලගදීම බලාපොරොත්තු වෙන්න

හරී said...

මොකක්ද ඔය අලුත් ආමි නේවි කේස් එක... අපි යන කාලෙ නම් ඔක්කොම කැඩෙට් තමයි....

දැන් රෑන්ක් එහෙමත් වෙනස් වෙලා නේද මල්ලියෝ... ඉස්සර හිටපු CQලා CSMලා RSMලා දැන් නෑනෙ නේද?......

නොහික්මුණු ඇස said...

@හරි - දැන් හැම එකම තියෙනවා .., පොලිස් එකත් ගිය අවුරුද්දදේ එකතු උනා..,
@චතු- දැන් මචං ඔය විස්තර දැම්මොත් අරු පවු වගේ නැද්ද??? :දිව//.

Anonymous said...

රටේ නැති ආතල් කැඩෙට් වල නම් තියෙන්නේ.... මහව විජයබා තහනම් උනාට පස්සේ අපි 2004 රේ පටන් ගත්තා.. ගොඩක් අය නම් විජයබා තහනම් වුන හේතුවනම් දන්නවත් ඇති...

හරී said...

http://dreamsofharee.blogspot.com/2013/02/blog-post_3.html

හරී said...

මාත් ලිව්වා මේ ගැන..

නාඩියා නාඩිරත්න said...

අම්මේ ඒ කාලෙනම් පිස්සු පීකුදු කාලේ බං.. මතක් වෙනකොටත් සන්තෝසයි!

muditha said...

Affoi deiyane. Matath mathakai me kathawa.he he heee ..... mokada mamath ethana hitiyane.mathakada??

Post a Comment

පි‍ටු පෙරලපු ගාන