රුද්‍රා..

Sunday, June 19, 2011

ශේෂ වූ වන පෙත,
රුදුරු අවි අත ගෙන,
තුරුණු දිවියම 
ඊළමට යට කල,
සයනයිට් වෙනුවට
පිච්ච මල් මාලය,.
පළාවන් ඇඳුමට
රතු පැහැති සළුපට
ඇඳන් හැඩ වෙන දිනයක,.
මං ගොතන්නම් නුඹේ,
සිනිඳු මුදු කොණ්ඩය,.
කියූ ඒ දෙඅතම
එක්කොට තැබූවෙමි
උණ්ඩය.....
මව් බිමට නුඹ හටත් වඩා,
පෙම් කල නිසාවෙන් මම,..

2 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

Yasantha Hennayake said...

බලෙන් යුද්ධෙට ගෙනාව කී දෙනෙක්ට නම් ඔය ඉරණම අත් වෙන්න ඇද්ද??
ගැබුරු තේරුමක් තියෙන ලස්සන කවි පෙලක්..

සිත් අහස said...

ස්තූතියි මල්ලියෝ,.. :ඪ්

Post a Comment

පි‍ටු පෙරලපු ගාන