නංගි ඔ‍ටුවා ලියයි

Friday, June 24, 2011

මේ සිද්ධිය වෙනකාලේදි එයාට වයස 6ක් විතර ඇති. කොහොමහරි ඉස්කොළේ නිවාඩු කාලේ දවස් වල අපි ගියා අම්මලගේ ගමේ. නංගිත් ආවා එයාගේ නිවාඩු කලේ දීපු වැඩත් අරගෙන.
එහේ ගිහින් දවසකට විතර පස්සේ අම්මා කිවුවා නංගිට ඉස්කොළේ වැඩ ඉක්මනට ඉවර කරන්න කියලා. එතකොට ඇති තරම් සෙල්ලම් කරන්න පුලුවන් කියලා. මම ශිෂ්ශත්වේ ලියලා හිටිය හින්දා මට වැඩ නැහැ.

ටිකකට පස්සේ මෙයා කියනවා " ඔ " යන්නෙන් පටන් ගන්න වචන 10 ක් කියන්නලු. දැන් ඉතින් ආච්ච්යි, නැන්දලයි මෙයාට කියනවා එක එක එවා. මෙයත් ඉතින් ලියනවා.

ටිකකට පස්සේ අම්මට මතක් වුනා ඔ‍ටුවාව. අම්මාත් ඉතින් නංගිට කිවුවා.
දැන් නංගි කියනවා වචනේ වචනේ කඩලා කියන්නලු.
අම්මත් ඉතින්, "ඔ" , "ටු" , "වා" කියලා කිවුවා.

දැන් ඉතින් හරි වචන 10ම තියෙනවා නේ, :D
එත් ඉතින් අම්මා ඉල්ලගත්තා පොත බලන්න හරිද කියලා...........
මෙන්න බොලේ අපේ අම්මා හෙනට හිනා වෙනවා.................
පොත ගත්තමයි මටත් තෙරුනේ වැඩේ.
මෙන්න මෙහෙමයි නංගි ඔ‍ටුවා ලියලා තියෙන්නේ









ඔ2වා


කොහොමද නංගිගේ වැඩ :D :D

2 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

අනූ said...

21 වැනි සියවසේ විදිහට මේක හරි නෙ.

සිත් අහස said...

හිකිස්.. නංගිත් දැන්මම ඉදන් SMS කොටන්න පුරුදු වෙනවා වගේනේ...

Post a Comment

පි‍ටු පෙරලපු ගාන