පිටසක්වල ජීවය.. පුරාතනයේ සිට පැවතුනාද?

Saturday, November 5, 2011
පිටසක්වල ජීවය.. මේක ඉතාමත් විවාදාත්මක මාතෘකාවක්.. අද මං කතා කරන්න යන්නේ මේ බ්ලොගේ කවදාවත්ම කතා නොකරපු එත් මගේ හිතට ගොඩක් වැදුන මාතෘකාවක්. මේ ලෝකයේ පිටසක්වල ජීවයක් තිබුනද? එහෙනම් ඒවාට සාක්ෂි මොනවාද? තිබුනානම් ඒවා කොහේද? කියන දේ ගැන මම කොටස් වශයෙන් කතා කරන්නයි මේ සුදානම. මේ කතා බහේදී ආගම ගැන වගේම විවිධ පුද්ගලයන් ගැන කතා නොකරම බෑ. ඒ නිසා කතාව පටන් ගන්න කලින්ම මම ඒ සම්බන්ධව යම් කෙනෙක්ගේ හිත රිදෙනවනම් සමාව ඉල්ලනවා.


පිටසක්වල ජීවය කියන දේ එහෙමත් නැතිනම් අද්භූත ආගන්තුකයන් ගැන පුරාතනයේ ඉඳල පැමිණෙන සටහන් අපේ අතරේ තියනවා. එකම දේ අපි ඒ දේවල් බොහෝ විටම සාමාන්‍ය විදියට කියවන දකින නිසා මගහැරිලා යනවා. ඉතිහාසයේ විවිධ කාල වකවානු වලදී අපේ මුතුන්මිත්තන් විවිධාකාරයේ චිත්‍ර පිළිම ඒ වගේම සටහන් මගින් මේ අද්භූත අමුත්තන් ගැන කියල තියනවා.. ලෝකේ ගොඩක් ආගම් මේ දේ කියනවා. බය්බල් දේශනා වල, බුද්ධදේශන වල සක්වල ජීවයක් ගැන සඳහන් වෙනවා. ග්‍රීක් පුරාවෘත්ත වගේම මායන් ඉන්කන් ඊජිප්තු වගේම අපේ සිංහල ඉතිහාසෙත් මේ වගේ දේවල්වල සලකුණු තියනවා. එත් අපි මේ දේවල් සාමාන්‍ය ලෙස දකින්නේ ඒවා අපි නිතරම කියවන, නැවත නැවත පැහැදිලි කරන දේවල් උනත් ඒවාට මේ අර්ථ කතන නොදීම නිසා.. ඒ කියන්නේ අපි ඒ දේවල් මේ මාතෘකාව සම්බන්ධ කරගෙන කතා නොකරන නිසාවෙන්.

සක්වල ජීවින් දසදහසක් දෙනා අහන්න ආව සුත්‍ර පිටක බුද්ධ දේශනාවල පැහැදිලිව සඳහන් වෙනවා.. බුද්ධ දේශනා අහන්න එන දෙවිවරු අහස බබුළුවමින් ජේතවනාරාමයට ගොඩබැස්ස වග ග්‍රන්ථ වල සඳහන් වෙනවා. මහා මංගල සුත්‍රයේ මේ බව පැහැදිලිවම තියනවා. එවං මෙසුතන් ඒකන් සමයන් භගවා සවත්තියන් විහරති ජේතවනේ අනාථ පිණ්ඩිකස්ස ආරාමේ අතකෝ අඟඥතරා දේවතා අභිඛන්ඨාය රත්තියා අභිඛන් වන්නන් කේවලකප්පන් ඔභාසෙත්වා යනුවෙන් කියන්නේ මෙවැන්නක් නොවේද? ඒ පාලි පිටකයේ තේරුම ගත්විට එය මෙසේ වේ. එක්තරා සමයක මා විසින් අසන ලදී, භාග්‍යවතුන් වහන්සේ ජේතවන විහාරයේ අනේපිඬු ආරාමේ වැඩවසන එක කාලයක එකවිටම රාත්‍රී අහස විවිධ වර්ණයෙන් ඒකාලෝක කරමින් විවිධ වර්ණයන්ගෙන් බබුලමින් දේවතාවෙක් කෛලාසකුටයේ සිට පැමිණියා . මේ කියන්නේ විවිධ වර්ණ විහිදුවන යානයක නැගී විවිධ වර්ණයේ සඥ්යා එලි දෙන නුතන ගගනගාමි ඇඳුමක් වගේ දෙයක්  ඇඳගත් කෙනෙක් මවු යානයේ සිට හෝ තමන්ගේ ග්‍රහවස්තුවේ සිට මෙහි පැමිණි බවක් නොවේද?

බයිබලේ සඳහන් වෙනවා දෙවියන් වහන්සේ ගිනි ජාලාවක් මැදින් එන බව..අහස ගිගුරුම් කවන සද්ද එක්ක ඇස අන්ධ කරවන එලි ගැන.. මේ මොනවාද? මේ අහස ගිගුම් දෙනා ශබ්ද එක්ක ආව ගිනි ජාලාවන් ආකාශ වස්තුවක් පහත් කරන දර්ශනයක් වෙන්න බැරිද? දෙවියන් වහන්සේ දශපනත දෙන්න මෝසස් සිනායි කන්ද මුදුනට අඬගහන වෙලාවේදී කියන්නේ කන්ද වටේට වැටක් බැඳලා ජනතාව එයට ලංවෙන එක වලක්වන්න කියල. බයිබලයේ එක්සොදස් 12:19 මෙහෙම කියනවා.. කන්දට පිවිසෙන අයට සීමා පනවන්න. එසේම ඔවුන්ට මෙලෙස කියන්න කන්ද තුලට නොඑන්න. අඩියක් හෝ නොතබන්න. සීමා පසුකරගෙන එන කවරෙකු හෝ වේවා.. ක්ෂණික මරණයට පත්වනු ඇත,.. ඒ ලෙස කියන්නේ ඇයි? අභ්‍යවකාශ යාන පහත් කරන විට ඇතිවන පොලව දෙදරීම, ගෑස් එන්ජින් වල දුම සහ ගිනි සමග එන අධික ශබ්ද මේ ආදී කල්පිත මිනිස්සු පුදුමයටත් භීතියටත් පත්කරන දේවල්. ඉතින් ඒ දේවල් වලින් උන්ව පුදුම කරව උන්ට දෙන්න යන මහාර්ඝ දේ ගන්නටවත් නොසිට පලා ගියොත්? එහෙමනම් මදක් සිතින් මවාගන්න.. මේ අපි අද දකින සයිෆයි සිනමා දර්ශන ඒ කාලයේ ඒ මිනිස්සුන්ට පෙන්නුවොත් ඔවුන් ඒවාට මොනවා කියාවිද?

ආගම ගැන එහෙම කියද්දී, නොකියම බැරි තවත් දෙයක් මගේ මතකයට එනවා. ඒ තම රාම රාවණ යුද්ධය.. මේ යුද්ධයට සම්බන්ධ දෙයක් අදටත් ගාල්ල රූමස්සල තියනවා. ඒ තමා රූමස්සල කන්ද. රාම කුමාරයාගේ පිරිස යුද්ධයෙන් තුවාල වෙද්දී ඔවුන්ට බෙහෙත් කරන්න මේ රූමස්සල පර්වතය හිමාලයේ ඉඳන් ගෙන ආව බව තමා අදටත් ජනප්‍රවාදයේ එන්නේ. ඒ වගේම රාම රාවණ කතාවලත් සඳහන් වෙන්නේ. පුදුමයකට වගේ මේ රූමස්සල වැවෙන සමහර පැල ලංකාවේ ඒ අවට කොතනකවත් නැති බවක් තමයි දැනගන්නට තියෙන්නේ. එත් ඒ පැල හිමාලයේ වාර්තා වෙලා තියනවා. එහෙමනම් මේ රූමස්සල ඇත්තෙන්ම ගලවාගෙන ආව ඔසු උයනක්ද ? එහෙමනම් ඒ කොහොමද? රාම රාවණා කතාව ගැන කියද්දී තව එක දෙයක් කියන්න වෙනවා. ඒ දඬු මොනර යානයෙන් ගමන් බිමන් ගිය රජකෙනෙක් විදියට රාවණ රජු ඉතිහාසයේ සඳහන් වෙනවා. එහෙනම් සමකාලින රාම සතුවත් මේ තාක්ෂණය නොතිබෙන්න හේතුවක් නෑ.. 

ග්‍රීක කතාවල එන ඔලිම්පස් කන්ද ගැන ඔයාල හැමදෙනෙක්ම අහල ඇති.. ග්‍රීක් කතාවලට අනුව ඔලිම්පස් කන්ද මුදුන දෙවියන්ගේ වාසස්ථානය වෙලා තියනවා. නායක සියුස් දෙවියන් ප්‍රමුඛ දේවතාවුන් මේ කන්දේ ඉඳන් ලෝකය පාලනය කරලා තියනවා. ග්‍රීක කතා වල සමහර තැනක කියනවා ඔලිම්පස් කන්ද මුදුන සමහර විටක ගිගුරුම් අකුණු එක්ක අහසට එසැවිලා යනවා කියන එක.. ඒ එක්කම ඒ පළාතම වලාකුලින් වැහෙනවා කියලත්.. මේ කියන්නේ ඔලිම්පස් කඳු මුදුන උඩ අභ්‍යවකාශ යානාවක් තිබුන එකක්ද? එක ගුවන්ගත් වෙන වෙලාවට එන ගෑස් දුම් ආදී දේවල්ද? ඒ එක්කම ඇපලෝ දෙවියා ගැන ග්‍රීක් කතා වල වගේම රෝම කතා වල එකම නමින් කියන්නේ ඔහු ගිනි සිළු විහිදුවන වාහනයෙන් අහස පුරාම ඇවිද්ද බව. ඒ ඇපලෝ දෙවියන් කියන්නේ ජෙට් යානයක් වැනි දෙයක් ගෙනියන නියමුවෙක්ද?

එහෙමනම් මේ පහත පින්තුර ටික බලන්න.. අපේ මුතුන් මිත්තන් එදා ඒ දක්කාවූ දේ ඔවුන්ට තේරුම් ගතහැකි ලෙස සටහන් තබා ඇති හැටි.. මේ පින්තුර සම්බන්දයෙන් වැඩි විස්තර අපි ඊලග ලිපි එක්ක කතා කරමු...

මේ ඇන්ටිකතියරා මැෂින් නමින් හඳුන්වන වසර 2000 පමණ පැරණි පරිගණකය  


පැරණි ගගනගාමි පිළිමයක්.. මේ පිළිම දෙකේම හෙල්මට පලන්දාගන ඉන්න බව පේනවා නේද? ඒ වගේම එකක ගගනගාමියගේ ඇඳුම සම්පුර්ණයෙන්ම නුතන ගගනගාමී ඇඳුමට අතිශය සමානයි.. එහෙනම් මේ වසර 2000 කට එහා අපේ මුතුන් මිත්තන් මේ පිළිම අඹන්නේ හිතලුවකින්ද? බලන්න සම්පුර්ණ පිළිමයේ ගගනගාමියගේ හිසවටා ඇති විදුලි ආලෝක පද්ධතිය?  






දකුණු ඇමරිකාවෙන් සොයාගන්න ලද මේ රන්මුවා ආකෘතිය නුතන ජෙට් යානාවක් වගේ නේද? එහෙමනම් මේත් හිතලුවක්ද? මේ ආකෘතියේ 10 ගුණයක් විශාල අනු ආකෘතියක් පියාසර කර අත්හදා බලා තියනවා. එහිදී හොයාගෙන තියෙන්නේ මේ ආකෘතියට සම්පුර්ණ පියාසර හැකියාව තියන බවක්.. ඉතින්, මේවා දකින්නේ නැතිව ඔවුන් මේ නිර්මාණ කරන්නේ කොහොමද? එහෙමනම් එදා අදට වඩා දියුණු තත්වයක් තිබුණාද?

(මෙය ක්සැන්ඩරයාගේ කොලමේද පලවන ලිපි පෙළකි..)

තරු

Wednesday, November 2, 2011

එකක භාර

Sunday, October 30, 2011
කලින් පාඩම් ඔක්කොම පිනාගේ කුප්පියේ තියෙනවා 
කොටස් වෙලදපලෙන් ටිකක් එලියට බැහැලා අපි අද තවත් ආයෝජන මාර්ගයක් වන එකක භාර ගැන සලකලා බලමු. මම ජොබ් එක කරන තැන නිසාම මුල්‍ය වාර්තා විශ්ලේෂණය පාඩම නම් තව ටිකක් කල් යනවා. 
මොකක්ද මේ එකක භාරයක් කියලා කියන්නේ. මේක ඉතාමත් සරල ආයෝජන ක්‍රමයක්. අපි මේ සංකල්පය උදාහරණයකින්ම පැහැදිලි කරගනිමු.
රත්තරන් කියලා කියන්නේ මේ දවස්වල ඉතාම වේගයෙන් මිල ඉහල යන වත්කමක්.  අපි හිතමු අද ඔයාට  රත්තරන් කිලෝ එකක් මිලදීල ගන්න ඕන උනා කියලා. එත් ඒක මිලට ගන්න තරම් ප්‍රමාණවත් මුදලක් දැනට ඔයා අතේ නැහැ. නමුත් ඒ රත්තරන් වල අනාගත වටිනාකම පෙන්නලා දීලා ඔයාගේ යහළුවන් කිහිප දෙනෙක් එකතු කරගත්තොත් ඒ රත්තරන් ප්‍රමාණය මිලදීල ගන්න ඔයාට පුළුවන් වෙයි. ඒ සාමුහික ප්‍රයත්නයක් විදියට තමුන්ගේ මුදල් යෙදවීමෙන්. යම්කිසි කාලයකදී ඒ රත්තරන් ප්‍රමාණය  වටිනාකම වැඩි වූ විට විකුණා දැමීම තුලින් ලැබෙන ලාබය සියලු දෙනා අතර බෙදා ගැනීමටත් ඔබට හැකියාව ලැබෙයි.
එකක භාරයක තියෙන්නෙත් මෙන්න මේ සංකල්පය තමයි.ආයෝජකයන් රාශියකගේ මුදල් කොටස් වෙලදපොලේ හෝ  භාණ්ඩාගාර බිල්පත්, බැදුම්කර, සාංගමික නයපත්‍ර වැනි සුරක්ෂිත ආයෝජන මාර්ගයක යෙදීම තමයි මෙමගින් සිදුවෙන්නේ. 
එකක භාර වෙළදපොල මත රැදී සිටියත් වෙළදපොල ඉහල පහල යාම් වලට සාපේක්ෂව උද්දමනය හා බැංකු පොලි අනුපාත අභිබවමින් පැහැදිලි වර්දනයකින් ඉදිරියට යන ආකාරය දැක ගන්නට පුළුවන්. හොදම උදාහරණයක් විදියට මේ අරමුදල්වලින් එක අරමුදලක්  1996-2006 කියන වසර 10 ක කාලය තුල 359% ක ප්‍රතිලාබ පිරිනැමීම පෙන්වන්න පුළුවන්.
මේකේ තියන වැදගත්ම දේ තමයි රු 1000 ක් වැනි මුදලකින් වුවත් එකක මිලට ගැනීමට හැකියාව ලැබීම.
විශේෂයෙන්ම එකක භාර තම ආයෝජන උපක්‍රමය ලෙස භාවිතා කරන්නේ ආයෝජන විවිදාන්ගිකරණය. ඔවුන්ගේ සියලුම ආයෝජන එකම ආයෝජන උපකරණයක යෙදීමෙන් අවදානමකට භාජනය වීමට ඔවුන් කිසිසේත්ම කටයුතු කරන්නේ නැ.   ඒ වගේම මේ අරමුදල් කළමනාකරණය කිරීම සදහා ඉදිරිපත් වන්නේ ආර්ථික ක්ෂේස්ත්‍රයේ දිගුකාලින අත්දැකීම් වලින් පරිපුර්ණ කළමනාකරුවන් පිරිසක්. ඒ නිසාම තමන්ට තමන්ගේ ආයෝජන සම්බන්දයෙන් කැපකිරීමට කාලයක් දැනුමක් නොමැති උනත් ඔබේ ආයෝජන ප්‍රවීන කළමනාකරුවන් ලවා කළමනාකරණය කරවා ගැනීමේ අවස්තාව ලැබෙනවා.
ඒ වගේම ඔබ දැරීමට කැමති අවදානමේ ස්වභාවය අනුව විවිද අරමුදල් වර්ග රාශියක් මේ තුල ක්‍රියාත්මක වනවා. ඔබ ආයෝජනය කරන මුදලෙහි ප්රාග්දන සුරක්ෂිත තාවයත් අවසානයේදී ස්ථිර ප්‍රතිලාබයක් ලැබීමත් ඔබේ බලාපොරෝත්තුවනම් ඔබ තෝරාගත යුත්තේ රජයේ සුරැකුම්පත් වල මුදල් ආයෝජනය කරන අරමුදල් වර්ගයකි. ඒ වගේම ඉහල ප්‍රතිලාබයක් සදහා ප්රාග්දන අවදානමකට මුහුණදීමට වුවත් ඔබ කැමතිනම් තෝරා ගත යුත්තේ අරමුදල් අඩු වැඩි වශයෙන් කොටස් වෙළදපොල සදහා මුදාහරින ආකාරයේ අරමුදලකි. කෙසේ නමුත් එකක භාර සමාගම් එකක භාර හිමියාට උපරිම ප්‍රතිලාබයක් ලබාදීමට කටයුතු කරන නිසා ඒ සම්බන්දයෙන් එම සමාගම් සමග සාකච්චාකර තමන්ට කැමති අරමුදලක් තෝරාගැනීමේ හැකියාව ආයෝජකයන් සතුවනවා. මේ එකක භාර ආයෝජනයෙන් උපයන සියලුම මුදල් බද්දෙන් නිදහස්. එකත් ඔබට ලැබෙන විශාල වරප්‍රසාදයක්.
කොහොම උනත් එකක බාර වල බලාපොරොත්තුව තමයි  දිගුකාලින ආයෝජන සදහා ආයෝජකයන් යොමු කිරීම. ඒ කියන්නේ සරුසාර පැලයක් වැඩෙන ආකාරයට සෙමෙන් හා ස්ථාවරව ඉහල ප්‍රතිලාබයක් සහිතව ඔබව ඉහලට ඔසවා තැබීම. ඒ සදහා අවම කාලය වර්ෂයකට වඩා වැඩි වෙන්න ඕන. ඔබේ එදිනෙදා අවශ්‍යතා සදහා ඇති මුදල් එකකභාර සදහා ආයෝජනය කරන්න එපා. මාස්පතා සුළු මුදලක් හරි ආයෝජනය කරන්න. ඔබ ආයෝජනය කරන මුදල් ප්‍රමාණය සුළු උනත් ඔබට ලැබෙන ප්‍රතිලාබයේ අනුපාතය සුළු අගයක් නොවන බව මතක තියා ගන්න. ඔබ දැනට හුරුවී ඇති බැංකු තැන්පතු. ස්ථාවර තැන්පතු වලින් ලබන ප්‍රතිලාබ අනුපාතයත්, එකක භාරවල ප්‍රතිලාබ අනුපාතයත් සංසන්දනය කරලා තමන්ට ගැලපෙන ආයෝජන මාර්ගය මොකක්ද කියලා තීරණය කරන ඒක ඔබ විසින් කල යුතු වෙනවා. මේ ගැන වැඩි විස්තර දැනගන්න ඕන නම් එකක භාර වල ආයෝජනය කරන්න කැමතිනම් මෙතනට කොටලා ඔයාලට කැමති ආයෝජන කළමනාකරන සමාගමකට ගොඩ වෙන්න පුළුවන්.
එහෙමනම් ආයෙමත් ටික කාලෙකට ආයුබෝවන් 

Mera Brother Ki Dulhan චිත්‍රප්ට විචාරය (+ තවත් චිත්‍රපට දෙකක් පිලිබඳ තොරතුරු )

Saturday, October 29, 2011
සැහෙන කාලෙකට පස්සෙ සිතුවිලි පවුරට බොලිවුඩ් සිනමා පටයක් අරගෙන එන්නයි මේ සුදානම . මේ ටික දවසකට කලින් ඩිවිඩි පිටප්ත් නිකුත් වුනු Mere Brothe Ki Dulhan  චිත්‍රපටිය . සරල  චිත්‍රපටි වලට කැමති ඕනි කෙනෙකුට රසවිඳින්න පුලුවන් නිසා තමයි චිත්‍රපටිය  සිතුව්ලි  පවුරට එකතු කරන්නෙ . මේ ලිපියට චිත්‍රපටියේ මූලික කථාව සහ චිත්‍රපටිය ගැන අපේ විචාරය  සහ නිල ප්‍රචාරක පටය අඩංගුයි . චිත්‍රපටියේ ගීත විඩියෝ සහ ඡයාරූප නැරඹීමට කැමති නම් මෙතනින් අපේ අඩවියට පිවිසිලා ඒ දේවල් ලබා ගන්න පුලුවන්

Mera  brother ki dulhan හෙවත් "මගේ සහෝදරයාගේ මනාලිය " කියන්නෙ මේ වසරේ තිරගත වුනු තවත් සාර්ථක නිර්මාණයක් .ඉම්‍රාන් ඛාන් , කත්‍රිනා කයිෆ් සහ අලි සෆර් ගේ රංගනයෙන් හැඩවුනු මේ චිත්‍රපටිය නිෂපාදනය කලේ යාෂ් රාජ් සමාගම



මූලික තොරතුරු - (උපුටා ගැනීම විකි විඩියාවෙන්



Mere Brother Ki Dulhan

Theatrical release poster
Directed byAli Abbas Zafar
Produced byAditya Chopra
Story byAli Abbas Zafar
StarringImran Khan
Katrina Kaif
Ali Zafar
Music bySohail Sen
CinematographySudeep Chatterjee
Editing byRitesh Soni
Distributed byYash Raj Films
Release date(s)September 9, 2011
Running time145 minutes
CountryIndia
LanguageHindi
BudgetINR29 crore (US$6.47 million)[1]
Box officeINR57.25 crore (US$12.77 million)[2

 නිල ප්‍රචාරක පටය






කථාව

ලව් සහ කුෂ් කියන්නෙ මධ්‍යම පාන්තික පවුලක සහෝදරයින් දෙන්නෙක් . ලව් ලන්ඩනයෙ ජීවත් වෙත්ඩි කුෂ ජීවත් වෙන්නෙ මුම්බායි වල . ලව්ට විවාහනය සඳහා සුදුසු තරුණියක් සෙවීම බාර වෙන්න ලව් ගෙ සහෝදරය වුනු කුෂ් ට . මේ වැඩේ කරගෙන යත්දි කුශ්ට මුණ ගැහෙනව තමන්  ඉස්සර මුණ ගැහිල තියන කෙනෙක් කව්ද ඒ ?... කියල චිත්‍රපටිය බලල දැනගමු නේ

අපේ අදහස | Editor's Comments


  • ඉතාම සරල කථා තේමාවක් වුනත් වෙනදා දකින්න නොලැබෙන ගලායාමක් සහ වින්දනයක් ලබාදෙන්න මේ චිත්‍රපටිය සමත් වෙලා තියනව කියල කියන්න පුලුවන් 
  • Romantic Comedy චිත්‍රපටියක් විදිහට වර්ගවෙන චිත්‍රපටිය ඒ වර්ග දෙකටම අයත් වීම වෙනුවෙන් උපරිම සාධාරණය ඉටු කරනවාය කිව්වොත් ඒක ඉතාම නිවැරදියි 
  • චිත්‍රපටියේ ගීත වගේම පසුබිම් සංගීතයත් චිත්‍රපටියේ අලංකාරයට ලබා දෙන්නෙ ලොකු පිටුවහලක් . චිත්‍රපටියෙ එන වඩාත්ම අලංකාර ගීත තුනක් (අපේ තේරීම අනුව ) තමයි උඩ විඩියෝ පට වලින් දක්වලා තියෙන්නෙ 
  • කත්‍රිනා කයිෆ් ගේ දිනෙන් දින දියුණු වන රංග කුසලතාවය වගේම ඇයගේ රූප ස්වාභාවයත් වැඩි වෙලාද කියල හිතෙන තරමට මේ චිත්‍රපටියේ ඇයගේ රූපය පියකරුයි . විශේෂයෙන්ම මීට පෙර චිත්‍රපටි වලදි අපි නොදැකපු කෝණයන් හරහා ඇයගේ ලස්සන ඉස්මතු කරන්න අධ්‍යක්ෂකවරයා සමත් වෙලා තියනව
  • සරල චිත්‍රපටියක් රසවිඳලා හිනා වෙන්න , සතුටක් විඳින්න කැමති  අයට මේක ඉතාම හොඳ තේරීමක් කියල නිර්දේශ කරන්න කැමතියි !
                              Our Overall Rating  - 4/5 


චිත්‍රපටියේ හොඳ මට්ටමේ පිටපතක් භාගත කරගැනීමට පහත පද කොපි කරල ගුගල් හරහා සෙවුමක් කරන්න (මීට වඩා  ගුණාත්මක ප්‍රමාණයෙන් විශාල පිටපත් වුනත් සැහෙන්න තියනව . ඔබ කැමති ටොරන්ට් සෙවුම් යන්ත්‍රයකට ගිහින් චිත්‍රපටියෙ නම කොපි කරල පේස්ට් කලොත් අදාල සියලුම පිටපත් ගැන දැනගන්න පුලුවන් )

Mere Brother Ki Dulhan - DVDRip - XviD - 1CDRip - DDR

(ඉහත සෙවුම් පද  දැනුවත් කිරීමේ අරමුණින් පමණක් පල කර ඇත |Above search keywords are posted solely for the information uses )


NOTES - 
01) සල්මාන් ඛාන් රඟපාපු BodyGuard චිත්‍රපටියෙත් ඩිවිඩි නිකුත් වෙලා තියෙන්නෙ , ඉන්දියාවේ අධික ජනප්‍රියත්වයට පත්වුනත් ලංකාවේ රසිකයින්ට ඒ තරම් ගැලපෙන එකක් නැය කියල හිතුන නිසා සිතුවිලි පවුරට එකතු  කරන්නේ නම් නැ කැමති කෙනෙකුට මෙතනින්  ගිහින් විචාරය කියවීමේ හැකියාව තියෙනව

02) ෂාරුක් ඛාන් රඟපාපු දැවැන්ත සිනමා නිර්මානය Ra.One  ගැන සම්පූර්න  ලිපියකුත් අපේ අඩවියේ අන්තර්ගතයි මෙතනින් ගිහින් කියවන්න පුලුවන් . දින තුනක් ඇතුලත් රුපියල් කෝටි 80 ඉක්මවූ ආදායමක් ලබා ගන්න ra.one සමත් වෙලා තියෙයි . සුපිරි දෘෂ්‍ය ප්‍රයෝග සහිත සුපිරි වීර ගණයෙ ක්‍රියාදාම චිත්‍රපටියක් වුනු රාවන් දරුවන්ගෙ සහ යෞවනයින්ගෙ ප්‍රසාදයට ඉහලින්ම ලක් වෙලා තියනව . මේ වගෙ චිත්‍රපටියක නියම රසය විඳින්න මේ වෙනකොට අන්තර්ජාලය පුර දකින්න තියන කැමරා කොපි වලින් නම් බැ . ඒ නිසා අපේ නිර්දේශය ලංකාවේ මැජස්ටික් හෝ සිගිරි (කටුගස්තොට ) ගිහින් චිත්‍රපටියෙ නියම රසය විඳින්න කියන එක තමයි . ඒක නීත්‍යානුකුල වගේන කර්මාන්තය රැකෙන්නත් උද්ව්වක් , ඒ වගේම නිත්‍යානුකුල නොවන පිටපත් ප්‍රවර්ධනයට විරුද්ධව චිත්‍රපටියෙ නිෂ්පාදකයින්ට විතරක් නෙවෙයි ලංකාවේ බෙදා හරින්නන්ට ලංකාවේ අධිකරණය හමුවට හැකියාවක් තියනවාය කියන එකත් මතක් කරන්න ඕනි . සල්ලි වියදම් කරන්න අක්මැති කෙනෙකුට ඩිවිඩි පිටපත එනකන් ඉඳල  චිත්‍රපටිය රසවිඳින්නත් පුලුවන්  

200 KMPH ගිය බයිසිකලයේ කථාව

Friday, October 28, 2011
ඔන්න එකෝමත් එක ඩයල් එකක් වෙනසකටත් එක්ක ට්‍රිප් එකක් යන්න තීරණය කරාලු බයිසිකලෙන්.
යන්නේ තනියෙන්....
..අනික හෙන දිග ගමනක් ....ඔන්න ඔහොම ඉතින් මිනිහ යනකොට එක හරියකදී හම්බුනාලු මහ පතසාර කන්දක් ....පොරත් ඉතින් ඩයල් එක වගේ කන්ද පාගන්න ගත්තලු....ටිකක් යනකොට මෑන්ට හොඳ ගණන්....අම්මෝ පපුවත් රිදෙනවලු....පොර වගේ වැඩේට බැස්සට දැන් ඉතින් වැඩේ අමාරුයිලු..
.කරකියාගන්න දෙයක් නැතුව පොර බයිසිකලේ පාරෙ අයින් කරන් නැවත්තුවලු

..පැත්ත පලාතක මිනිස් පුළුටක් නෑලු....අහිංසකය වාහනයක්වත් අල්ලගන්න කියල ඔහොම පැයක් විතර ඉන්නකොට ...ඔන්න බොලේ පිඹගෙන එනවලු Ferrari කාර් එකක්...ගිනි කුරුල්ල වගේ.



...කරන්න දෙයක් නැති හින්ද ඕන මගුලක් කියල මිනිහ අත දැම්මලු ...කාර් එකත් මනුස්සකමට කරාස් ගාල බ්‍රේක් ගහල නවත්තපි......

"මොකද අවුල ?"
"මම මේ බයිසිකලෙන් ගමනක් යනගමන්...මට මේ කන්ද නැගගන්න හරිම අමාරුයි....බැරිද ලිෆ්ට් එකක් දෙන්න පොඩ්ඩක් ..?"
"අපොයි දෙන්නම්....හැබැයි පොඩි අවුලකට තියෙන්නෙ ඔයාගෙ බයිසිකලේ තමයි...ඕක දාගෙන යන්න මේකේ ඉඩ නෑනේ....ඕකත් අරන්යන්න ඕනමද ?"

"අනේ ඔව්....මේකනම් දාල යන්න බෑ"

මදක් කල්පනා කළ ferrari එකේ රියදුරු තෙමේ....

"හොඳයි....අපි මෙහෙම කරමු.....මගේ ගාව තියෙනව දිග කඹයක්....මම ඒකෙ එක කොනක් මගේ කාර් එක පිටිපස්සේ ගැටගහල අනිත් කෙලවර ඔයාගේ බයිසිකලේ ගැටගහන්නම්.....ඊට පස්සෙ ඔයා බයිසිකලේ ඉඳගෙන හෙමින් සැරේ එන්න....මම ඔයාව ගානට ලතාවට හෙමින් හෙමින් ඇදගෙන යන්නම්....හදිසියෙවත් මම යන වේගේ වැඩී වගේනම් ඔයා ටක් ගාල ඕකෙ බෙල් එක ගහන්න....එතකොට මම ටකස් ගාල slow කරන්නම්....එලනේ ?"

ඔන්න ඉතින් මේ විදියට අපේ බයිසිකල් කාරයව කන්ද උඩට හෙමින් හෙමින් ඇදගෙන යනකොට...එකපාරටම කොහෙන්දෝ ආපු BMW කාර් එකක් සිං......ගාල Ferrari එක පහු කරන් ගියා නෙව...ඒ මදිවට කින්ඩියට "පෝක්" ගාල හෝන් පාරකුත් ගහගෙන....



මලා....මේක දැක්ක විතරයි අපේ ferrari එකාට මල පැනපි...
"අඩෝ ව්....BMW එකක් මාව පහු කරන්න ?!!??!!...එව්වා කොහෙද මයේ දෙයියො!!! "කියල.......පොරට පිටිපස්සේ ගැටගහල ඇදන් එන බයිසිකල් කාරයත් අමතක වෙලා "බ්‍රර්ර්ර්ර්ර්ර්ර්රාරං" ගාල ඇද්දුවේ නැතෑ.....

ඔන්න දැන් ferrari එක BMW එක අල්ලන්න පාගල යනවලු ලෙල්ලටම....අනේ අර බයිසිකල් බුවා...."ඕයි ඕයි....වේගෙ වැඩී"...කිය කිය බෙල් එක ගහනවලු ටලන් ටලන් ගාල කැඩෙනකන්...කොහෙද.....වාහනේ එලවන එකාට ඒ ගැන සිහියක්කත් නෑ...

ඔහොම යනකොට ඔන්න එනවලු පොලිස් චෙක්පොයින්ට් එකක්....ඒකෙ රාලහාමි මීටරේ ඇල්ලුවම ...මෙන්න බොලේ වේගෙ 200 ට ඔන්න මෙන්න ලු....පොරත් ඉතින් අත දැම්මලු නවත්තන්න කියල....කොහෙද.....පොරව ගණන් ගත්තේවත් නැතුව වාහන ටික ගියාලු පිඹලා.....

දැක්ක දෙයින් ෆුල් හොල්මං වෙලා ගිය රාලහාමි..ටක්ගාල එයාගේ වෝකි ටෝකි එකෙන් කතා කරාලු ඊළඟ චෙක්පොයින්ට් ඒකෙ ඉන්න රාලහාමිට....කතා කරලා මෙහෙම කියනවලු



" ඕයි ඕයි .....ඔන්න දැන් මෙතනින් ගියා BMW එහෙකුයි ferrari එහෙකුයි පිඹගෙන 200 ට විතර.....දැන් ඔය පැත්තට ඒවි.....ඒක නෙවෙයි අයිසේ වැඩේ.....ඒ දෙකට ඔන්න මෙන්න පිටිපස්සෙන් සයිකල් කාරයෙක් හිටු කියල පැදගෙන එනවා ඒ වේගෙන්ම...ඒ මදිවට ඒ යකා නවත්තන්නෙම නැතුව උගේ බෙල් එකත් ගහනව ටලන් ටලන් ගාල අර කාර් දෙක ඕටෙක් කරන්න...." 



මේක මේ මගේ කථාවක් නං නෙවේ ඕං... මටත් ඊයක් ආව එකක් මගේ යාළුවෙක්ගෙන්... එහෙමම අරන් මේකට දැම්මා ...! 

එදා ඔබ.. අද මම...



ඔයා
මහා අයිස් කන්දක්
දිය කරලා වතුර බින්දුවක් ගන්න හදත්දි
තවතවත් මිදෙන්න හදන 
මහා අයිස් කන්දක් 
මම
ඒ අයිස් දිය කරලා
වතුර ටිකක් අත් දෙකට ගන්න 
බලාගෙන හිටියා

දැන්
මුලු උණුහුමම බින්දුවක්වත් ඉතිරි නොවෙන්නම
නැති වෙලා ගිහින්..

එක පාරටම මහා වතුර කන්දරාවක්
අත්දෙකම පිරෙන්න ගලාගෙන ඇවිත්
ඒත්... 
ගලාගෙන යන වතුර වල 
සීතලවත් නොදැනෙන්නම 
මම
සීතලෙන්ම මිදිලා ගිහින්. 

බ්ලොග්වල, මූනු පොතේ ලියපු තමන්ගෙ නිර්මාණ සයිබරයෙන් එ...

Tuesday, October 25, 2011

ඉස්සර හිතට දුකක්... සතුටක්... ආවම අපි අහුවෙන කොල කෑල්ලක පොතක පිටිපස්සෙ ඔහේ කුරුටුගෑව...
මතකද...

සමහර වෙලාවට ඒව දකින්නෙ අපිම විතරයි...ඕනෙනම් ඉස්කෝලෙ .. පන්තියෙ.. අල්ලපු ඩෙස් එකේ යාලුව දකීවි...

වැඩිම උනොත් බිත්ති පුවත්පතට යාවි.....

ඒත් දවස් කීයකටද... ..

සමහර වෙලාවට  කොලකෑලිවල පොත් පිටිපස්සෙ ලියපු ඒව  ගේ අතුගාගෙන  යනකොට අපිටම ආයෙ අහුවෙලා  නැද්ද... ??

කාඩ් බෝඩ් පෙට්ටි පුරවපු පරණ පොත් බෝතල් පත්තර කාරයට දෙනකොට කාවොකාපු තමන්ම ලියපු පරණ කවියක් කකුල් දෙක මුල වැටිල නැද්ද...

පස්සෙ පස්සෙ අන්තර්ජාලෙ එක එක අඩවි වල... මූනුපොතේ තමන්ගෙ වෝල් එකේ... ගෲපයක වෝල් එකේ...
එහෙමත් නැත්නම්  බ්ලොග් එකක....

ඒවනම් ටිකක් දෙනෙක් දැක්ක...
ලයික් දෙක තුනක් වැටුනාම කමෙට් එක් වැටුනාම.. හිතට එනවා මාර ගැම්මක්...

ඔන්න ඉතිං ලියනව.. ෆේස්බුක් එකේ...  ගූගල් එකේ සවර් පිරෙන්න  කවි.. නිසදැස් ... සින්දු කෙටිකතා... අපිට හිතෙන දේවල්  ඔය හැම ජාතියම

ඒත් මූනුපොතේ වෝල් එකේ දාපු පරණ කවියක් ආයෙ හොයාගන්නෙ කොහොමද......

 අන්තර්ජාලෙ හැමෝටම සමීපත් නෑ...

ඒවගේම අන්තර්ජාලෙ කියන මාහා විසාල  මුහුදෙ අපි පුංචිම පුංචි එක වතුර බින්දුවක් විතරයි...

සයිබරයෙ හිරවුන අපේ නිර්මාණ ඊට ටිකක් එහාටත් ගෙනියමුද...
මොකද කියන්නෙ....

කැමතිනම් මෙන්න හැමෝටම අවස්තාව......  බ්ලොග් ලියන කියවන හැමෝටම....


                



ඔබේ අපේ නිර්මාණ වලටම එලිදකින පත්තරයක්...

මාසෙට කලාප දෙකක් එලියට දාන්න තමයි අදහස.....

මංගල කලාපෙ ලගදීම ....

තමන්ගෙ නමින්.. එහෙමත් නැතිනම් බ්ලොග් අඩවියේ නමින් පින්තූරයක් ඇතුව නැතුව... තමන්ට කැමති විදියකට... කැමතිනම් ඕනෙ කෙනෙක්ට පුලුවන් වියමනත් එක්ක එකතුවෙන්න...

ඔබේ අතින්ම වියූ හොඳම අකුරු සහ ලස්සනම වචන...
අපට එවන්න ඕන මෙහෙමයි..

 
අපිට ඊ මේල් කරනවානම් viyamana.art@gmail.com

  අපේ 'වියමන' face book group එකේ wall එකේ දාන්නත් පුලුවන්

   එහෙමත් නැත්නම්   'ප්‍රවිෂ්ඨ' ප්‍රකාශන, 199/ඒ, ඔරුතොට, ගම්පහ, ශ්‍රී   ලංකාව, ලිපිනයට තැපෑලෙන් එවන්නත් පුලුවන්...



                        හොඳම අකුරුවලින්
                        ලස්සනම වචනවලින්
               නිදහස් කරගන්න කාලය ඇවිත්
                       හිත පුරාවට පිරුණු
                             ආදරණීයම
                               හැ ඟී ම්. . .
                 මගේ ආදරණීය නොරිකෝ෴

        
  

හිඟන කොල්ලෙක්ගේ ආදර පැතුම්...

Monday, October 24, 2011
ජීවිතේ බබා චුට්ටක් කචල් වගේ නේද...
මං කියන්නේ නිකං පැටලිලා පැටලිලා වගේ නේද....© Jeff Adams© Jeff Adams

බලන්න....

කවදාවත් නැති විදිහට සීතලයි.
හෙට අනිද්දා ස්වීටර් අදින්නත් වෙයි...
හද්දා වැස්ස....
වැව් ඔක්කොම වානේ දානවා.
ඇල වේලි පුපුරලා යනවා.
ඇනිකට් උතුරනවා.
සොරොව් ඉබේම අරිලා පුපුරනවා.

මින්නේරියේ ගංගා
ප්‍රජා ශාලාවේ.....
අනුරාධපුරේ රන්මලී
සෙන්ට්‍රල් එකේ ශාලාවේ....
කඩුවුලු වැවේ සඟරා මිටියකුත්
ගහගෙන ගිහින්....

මේ පැත්තෙන් පොල් ගෙඩිය හැටයි
අමු මිරිස් සීයයි...
පොල්තෙල් තුන්සීයයි....
පහනක් පත්තු කරන්නවත් හිතෙන්නෙ නෑ....

ලාබ එකම දේ
අවුට් ගොඉන් කෝල් රේට්ස් විතරයි.
ඒ නිසා පනහක සීයක රීලෝඩ් එකක් දාගෙන
 අපි තකා කරනවා...

ඔයාට කොහොමද අනේ...
ඒ පැත්තෙන් අඩනවා.
හෝ ගාල අඩනවා.
ඇයි වස්තුවේ .මේ...
අයියට කතා කලා
දැයට කිරැළ බලන්න යන්න
එයාට බැහැලු....
ඔන්න කතාව..... මේ රටේ පැත්තක් යටවෙලා
මෙයාට දැයට කිරැළ.. ෂෝක්....

අනේ මන්දා මොනා කරන්නද කියලා
වෙලාවකට හිතෙනවා තනියම ඉන්නත් නේද
කසාද බැදලා කොහොම උයන් කන්නද
බඩවල් උස්සගෙන දුක් විදිනකොට
ආදරේ කොහෙන් යයිද...

අපි ටිකක් ඉම්...මු....

ඇයි....

නෑ.... ලබන අවුරැද්දේ විතර බඳිමු.
අඩුම ගානේ පොල් මිලවත්
අඩු වෙනකල් ඉවසමු.

මං ඔයාට පොල් කිරි නොදා
කෑම හදලා දෙන්නම්..

පිස්සදු...

පොල් කිරි නොදා මොන කිරි දාන්නද....

(හරියට හිනා)

ජීවිතේ අමු පල් අයියෝ....
කිසිම ගතියක් නෑ
ජීවිතේට අලුත් ගෝ එකක් ඕන
මොන ගෝද... බස් ගාස්තුත් යනවලු...
ඊට පස්සේ පැට්‍රල්....
ඊට පස්සේ කිරිපිටි....
ඒකනේ කිව්වේ බඳින්නැතිව ඉමු කියලා...
බබාල හදා ගත්තම හරි ප්‍රශ්න
උන්ව ඉස්කෝලෙ දාන්න ඊට වඩා ප්‍රශ්න
ඔයාට ඉතිංන් ජාතික පාසලකට දාගන්න ඕනි කියයි.

වැඩක් නෑ යකෝ...
එක්කෝ අපි බදාන අඩමු
නැත්නම් බදාගෙන....

ඔයාට විහිලු... ජීවිතේ ගැන
සීරියස් හිතන්න බබා....
ඔයා මොනවද මේ කරන්නේ...

ඔයා දන්නවද....

අනාරක්ෂිත ලංගික එකතුවීඹක් උනොත්
පැය තිස් හයකට ඉස්සෙල්ලා
පොසිටිනෝ දෙකක් බොන්නලු.
බබාලා හිටින්නෑලු
පවුල් සංවිධානෙන් කියන්නේ

අනේ බබා මේකත්
ජීවිතයක්ද....

මාත් කියන්නේ ඒක තමා වස්තුවේ.
මේකත් ජීවිතයක්ද....

කොහොමද බඳින්නේ කෙල්ලේ
පවුම් තිස් අටදාහක්

කමක් නෑ ඉමිටේෂන් දාන්න....

වෙලාවකට හිතෙනවා ඇස් පියාගෙන
උඩරට මැණිකේ එකට පින්න
ඒකත් මේ දවල් වල නෑ
පීල්ලට කඳු නාය ඇවිත්

අනේ හිනාවෙන්න එපා
අද ජීවිතේ ඔහොමයි.
ඒත් ඔයා ජීවත් වෙන්න හිත හදාගන්ඩ

අපිට හෙට අනිද්දා මොනවා
මොනවා හරි වෙයි සුදූ
ඒ හින්දා ඔහේ ඉමු
කොහොමත් 2012 ලෝක විනාශයලුනේ
ඊට පස්සේ අලුත් විහ්වයක අපි හුමුවෙමු

එහෙම උනොත් ඔයා මලක් වෙන්න
මම මේ මහ පොළොව වෙන්නම්
පරවෙච්ච චාකට කඩාගෙන වැටෙන්න
බායි.....

මං හිඟන්න....

අනේ ආදරය කොච්චර ලස්සනද?


Image Detail
  • ආදරය යනු දෙදෙනෙකු විසින් කරන දෙදෙනාටම ජය අත්වන ක්‍රීඩාවක්... ඒ නිසා කවමදාකවත් ඔබේ පෙම්වතා පෙම්වතියව පරාජය කර වීරයෙක් වන්නට යන්න එපා...
  • ආදරය යනු පරිත්‍යාගයයි.  අනෙකා වෙනුවෙන් කරන කැපකිරීමයි. අනෙකා වෙනුවෙන් ජීවත් වීමයි.
  • දෙවියන්ට හැමවිටකදීම මිනිස්සුන්ට කතා කරන්න නොහැකි නිසා දෙවියන් ආදරය මැව්වේය. ආදරය ඇති හැම තැනකම දෙවියන් වැඩ සිටිනා බව මතක තබා ගන්න
  • හැම කෙනෙකුගේම හදවතේ දෙවියෙකුත් යක්ෂයෙකුත් ඉදියි. යක්ෂයා රජවූ විට කෙනෙක් වෛර කරයි. ඊර්ෂ්‍යා කරයි. දෙවියා රජ වූ විට ආදරය කරයි.
  • ආදරය යනු ලබන දෙයක් නොවේ. දෙන දෙයකි. පූජා කරන දෙයක්. ඒ නිසා ආදරය ලැබීමට පෙර දන් දෙන්න
  • ආදරය ජීවිතයේ අමාරැම දුෂ්කරම මොහොතෙදීත් ජීවත් වීමට උපකාර කරනවා. ජීවත් වෙන්න ධෛරයත් දෙනවා
  • හදවතක නිර්මලත්වය කැඩපතක් වගේ. නිසල දිය විලක් වගේ. ඉන් හැම විටම පේන්නේ ආදරයේ ප්‍රතිමූර්තියයි.
  • ජීවිතයේ ලස්සන බලන්නට ඔබ කැමතිද? එසේනම් වරක් ආදරය කර බලන්න. ජීවිතයේ කැත බලන්නට ඔබට අවශ්‍යද? එසේනම් එක් අයෙකුට වෛර කරන බලන්න.
  • දෙදෙනෙක් ආදරය කරද්දී ඒ දෙදෙනා අතර කාන්දම් බලයක් හට ගනී. ඒ බලයන්ට දෙවියන් පවා ආකර්ෂණය වේ.
  • ආදරයේදී සාධාරණ වන්න. ඒ වෙනුවෙන් ඔබට දිය හැකි දේ මිස ඉන් සූරා ගත හැකි දේ ගැන නොසිතන්න. ආදරයට ආදරය දෙන තරමට ආදරයම ලැබෙන බව සිහිතබා ගන්න
  • ආදරය උදෑසණ වැටෙන පිණි බිඳක් මෙන් පිරිසිදුය. එය රාගයෙන් අපිරිසිදු නොකරන්න. ඔබේ ආදරයේ මිහිරිහ මොහොතේදී ඔබේ ශරීරයට උණුසුමක් දැනේවි. එය රාගය නොවේ. ආදරයේ පරම නිර්මල ශෘන්ගාරයයි. එය විදින්න
  • ඔබ ලෝකයේ ලස්සනම දේ බලන්නට කැමතිද? ඔබේ ලෝකයේ පිවිතුරැ දේ ඇත්තේ ඔබට ආදරය කරන ඒ දෑස් වලයි. 
  • ඔබටත් වඩා ඔබ ගැන හිතන කෙනෙක් ඇත්නම් ඒ ඔබ ආදරය කරන කෙනාය. ඒ ආත්මය වෙනුවෙන් ජීවත් වෙන්න. ඔබ කවදාවත් තනි නොවනු ඇත.
  • කරදරයක්, දුකක්, විපතක් එන සෑම මොහොතකම ආදරය ගැන සිතමින් ජීවත් වන්න. සැබෑ ආදරයකට පුදුමාකාර බලයක් ඇත. ඒ ගුප්ත බලය හදවතින් විදගන්න.
  • කෙනෙක් උතුම් වෙන්නේ ආදරය ලැබීමෙන් නෙවේ. ආදරය කිරීමෙන්. ආදරය කිරීමෙන් කෙනෙකුට පිරිසිදු විය හැක. උතුම් කෙනෙකු විය හැක. 
  • ආදරයේදී වැදගත් වන්නේ රසබර චොකලට්වත්, රතු රෝසවත්, වටිනා රත්තරන්වත් නොවේ. පිරිසිදු හදවතයි. එය පිරිසිදුවම තිළිණ කරන්න. ඔබට ලෝකයම ලැබේවි.
  • කෙනෙකුට මරණයේදීත් ජීවත් විය හැක්කේ ආදරය නිසාය. එසේම කෙනෙක් ජීවත් වෙද්දීත් මැරෙන්නේත් ආදරය නිසාය. ආදරය නිසා කෙනෙකුගේ හදවතේ ඇතිවන මරණීය තුවලා සුවපත් කල හැක්කේද ආදරයටමයි. පුදුම ඒකය.
  • ඔබට දෙවියන් පෙනෙනවාද? එසේ නොසිතන්න. ඔබ හොඳින් සැබෑ ලෙසම ආදරය කරද්දී ඔබට දෙවියන් පෙනීම කෙසේ වෙතත් දෙවියන්ට ඔබව පෙනෙනු ඇත

පුතු තුළින් වත් නුඹට සහනයක් ලැබේවා...!

කල්පයක් පෙරු පිරුම් මොහොතකින් සිඳ බින්දු
කල්පයක් රැකි කිරට මුහු වෙච්ච ගොම බින්දු
ආත්මය පාරවන නුඹේ දුක රැඳි සින්දු
මට පුදුම නුඹෙ දිරිය, දැවෙන හදවත රැන්දු

දරුවාගෙ' නාමයෙන් මා පියන් අතැර නුඹ
විඳවනා දුක් ගැහැට, මලක් සේ හැදුණු නුඹ
කිසිවකට හිමි සමඟ අමනාප නොවී නුඹ
පතිවතම රකින රන් හෙළ කතකි නඟේ නුඹ

හිමිගෙ' ගෙරැවුම් පවා ගීයක් ව ඇසේවා
අග හිඟය නිමා වී සිත සතුට මැවේවා
හෙලන හැම ඩා බිඳම සුවයක්ම ගෙනේවා
පුතු තුළින් වත් නුඹට සහනයක් ලැබේවා...!

පි‍ටු පෙරලපු ගාන