මට පිස්සු වගේ

Monday, September 3, 2012




හිතේ නෑ කිසි නිදහසක්
හිත නිවා ගන්ඩ
කියවන්ඩ ගත්තා
සේකර
අනේ බං සේකර
උඹත් අවුල් කරනවා විතරයි
ඔලුව, හිත, ගත

හවස හරි වැස්ස
හයිඩ් පාර්ක් එකේ
පිකට් එකේදි තෙමුනා හොඳටම
යකඩ කටෙන් ගුගුරලා
කට්ටිය කිව්වා දිවුරලා
රැකගන්නවා කියලා
නිදහස් අධ්‍යාපනේ
ඒ උනත් තෙමුනා අපි වැස්සට

නහයත් බරයි
කැස්සත් වගෙයි
සීයයට හයක් දුන්නොත්
අධ්‍යාපනේට
හැදෙන එකක් නැද්ද
හෙම්බිරිස්සාව


පීනසෙත් වගේ
ඉදිලා තැනින් තැන කෙස් ගස්
පීනසේටමත් නෙමේ
ඉගෙනගෙනම
වයසට ගිහිල්ලා

දුකට සැපට
එකට හිටපු
සිගරැට්ටුව බෙදං බීපු
මිත්‍රයෝ හම්බ කරනවා
හරි හරියට
අපි තාම වියදං කරනවා
හරි හරියට
බස් එකේදි ළඟිං හිටපු
පන්තියේදි පොත පෙන්නපු
මිතුරියෝ
තඩි බඩවල් උස්සාගෙන
ක්ලිනික් යනව

ලෙචාලා ඉස්ට්‍රයික්ලු
ආණ්ඩුවට ගානක් නෑලු
ඩිග්‍රිය වැඩක් නැතිලු
මේවට ජොබ් නෑලු


රජරට වගේ නැතිලු
මාළඹේ සුරපුරක්ලු
සුර අඟනුන් යත් එහේ මෙහේ
සුර දනන් නෙත් පවස නිවමින්
බස්වලින් නෑ ගමන්
මාතලීලා එනවා උදේට හවසට
කේඑෆ්සී එකෙන් කාලා
එම්සී එකේ මූවි එකක් බලලා
ක්ලිනිකල්ස් යනවාලු

හයිඩ් පාර්ක් එකේ ඉඳං
ආවා පයිංම
ඉතුරුයි නේ රුපියල් නවයක්ම
නෑ දහයක්ම
ඉතුරු රුපියල දෙන්නෑනෙ කොන්දා
මහපොලක් දාලලු
සතුටට කෑවා කැන්ටිමෙන්
උළුඳු වඩේ දෙකක්ම
දත් අස්සේ ඉතුරු වෙච්චි
වඩේ කෑලි ටිකත්
ප්ලේන්ටියකින් හෝදලා
යැව්වා බඩටම
බෝඩිමට ආවට
නෑ කිසි නිදහසක් හිතේ, ගතේ

සේකර,
මම ආයෙත් කියවන්නං
තව මොනවා අවුල් වෙන්ඩද?
හිතේ, ගතේ.....



13 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

පිසාචයා said...

මොනව කියන්නද කියල හිතා ගන්න බෑ....
තනි වචනෙන් කිව්වොත්...සුපිරි....!!!

Anonymous said...

කියල වැඩක් නැහැ.හොඳටම ලියලා ලියන්න තියන දේ ඔබ..

ධමිමික ස‍‍දරුවන් said...

නිදහස් අධ්‍යාපය නැති එකම තමා හොද..

ලස්සන වචන ටික.නියමයි

kashyapa1917 said...

මොකට හිත ගත අවුල් කරගන්නවද...අපිත් යමු සෙට්වෙලා ආශ්චර්‍යයට යන පාර දිගේ මාලඹේ..

සරත් ලංකාප්‍රිය said...

අනේ මෙතනට ඇවිත්
ඒක එක්කෙනා කියපු
සටන් කවි අහලා
මට නම් තිත්ත වෙලා.
(හයිඩ්පාක් )

Anonymous said...

සටන් කවි හැමදාම, හැම තැනම.
…දවසක් දෙකක් යනවිට
…නිකම්ම නිකම් කවිලු ඒවාත්.

චතුර විජේකෝන් said...

හොඳ නිමිත්තක්.. ඉදිරිපත් කිරීමත් හොඳයි..

තරියා said...

මං මොනා කියන්නද ඉතිං...

දිනුක said...

@පිසාචයා:- ඉස්තූතියි මචං

@හිරුහිමාවී:- ඉස්තූතියි සහෝදරී

@ධමිමික ස‍‍දරුවන්:- කොහොමහරි නැති කරලම දාන්ඩ ඕනේ

@kashyapa1917:- ඇත්තට ඔය ආශ්චර්යය කියන්නේ එහේ වෙන්ඩැති නේද? මම ඒත් බැලුවා කොහෙද කියලා ඔය කියන ආශ්චර්යය තියෙන්නේ

@සරත් ලංකාප්‍රිය :- ඇයි දන්නෑ නේද සටන් කවි කියන්ඩ ඔය පාර්ක් එකම තෝර ගන්නේ.අනිත් පාර කට්ටියට කියන්ඩ ඕනැ නෙළුම් පොකුණවත් බුක් කරන්ඩ කියලා.

@Chandana :-
විප්ලවද ඇත
කවියෙන් දිනූ
ඉතිහාසය යනු
වැව් දාගැබ් නොවේ
සටන් කිරීමයි
අයිතීන් වෙනුවෙන්

@Chatura Wijekoon:- ඉස්තූතියි සහෝදරයා

@තරියා අබේ:- අනේ මොනා හරි කියපං මචං.අඩුම තරමේ බැනපං

නරුමයා said...


අම්මා බයයි පොලිසියෙන් ගුටි කයි කියලා
අක්කා බයයි අපි උස්සයි කියලා
අප්පා බයයි හිර බත් කයි කියලා
කෙල්ල බයයි අත පය නැති වෙයි කියලා

අපිට දුකයි මේ වින්නැහි දැකලා
ලේ උනු වෙයි මේ වැඩ ගැන හිතලා
පෑන අතින් දැන් පැත්තක තියලා
අපිත් බැස්සා පිටියට හඩ දීලා

රෙහානි said...

ශා...නිදහස් කවිය නවමු අදහසකින්..මරු මරු..

දිනුක said...

@නරුමයා:-

අපිත් බයයි ඔය ඔක්කොම වෙයි කියලා
එහෙම උනත් ඉන්නේ කොහොමද ලැගලා
අධ්‍යාපනේ කනකොට මුං හප කරලා
සිංහල මගේ ලේ ධාතුව එයි නටලා

@රෙහානි:- ඉස්තූතියි සහෝදරී....

Anonymous said...

මම මේ කතාව හැමෝගෙම කොමෙන්ට්ස් වල දන්නා හිතුවේ මම මේක මාරයාගේ එකේ දැම්ම මිනිහ ඇත්තට බය නිසා කොමෙන්ට්ස් එක මකල දල සද්ද වහල හිටිය. මේ කතාවේ ඇත්ත හොයා ගන්න ඕනි නම් ලිපිනය අංකය 70 වගේ තමයි මම හිතන්නේ වැව පාර, වැබොඩ නුවර පාරේ නුවර පැත්තේ ඉදන් කඩවත පැත්තට යනකොට කඩවතට කිට්ටුව ඉදිගහමුල හන්දියෙන් හැරිලා යන්න. මාරයාගේ පොස්ට් වලින් 99.9% කම බොරු. රන්ගි ගැන ඇත්ත කතාව රන්ගි කියන්නේ පුංචි අම්මගේ දුව මරය නිසා ප්රෙග්නනට් උන. කට්ටිය එකතු වෙලා වෙන කෙනෙක්ගේ කරේ එල්ලලා බේරුනා. ඇත්ත එලි වෙනකොට ඒ හැම දෙයක්ම ඉවර උන. අම්ම ඒ ගැන හෙව්වේ නැත්තේ අයි කියල කට්ටිය අහල තියෙනවනේ. අම්ම කියන්නේ අංක එකේ බඩුවක්, තරුණ වයසේදී පොඩි උන් දෙඑකුඉ මිනිහයි දල වයස වැඩි කෙනෙක් එක්ක පැනල ඇවිත් තමන්ගේ ඕන එපා කම් පිරිමහ ගන්න ගමේ ඕනෑම කොල්ලෙක් රවට්ටපු අංක එකේ අම්මණ්ඩි කෙනෙක්. ගමේම ඉන්න හොඳ සල්ලි කරයෙක්ගේ ස්පෙයා වීල් එක කියල ගමේ හැමෝම අදටත් හොඳටම දන්නවා. අම්ම රට ගියේ මේ මිනිහගේ ඕනි එපා කම් වලට. මරය කියන්නේ පිළිකාවක් නිසා පපුව ඔපෙරේසන් කරලා ඉන්න ගනියෙක්ගේත් පපුවේ අනිත් පැත්ත මිරිකලා අතල් ගන්න හදපු අංක එකේ වලත්තයෙක්. මල්ලි කියන්නේ සුදු කැප්ටන් කෙනෙක් ඒ වගේම නම්බ වන කසිප්පු මුදලාලි. තව විස්තර ඕනි නම් ලිපිනය තියෙනවනේ කට්ටිය එකතු වෙලා හොයා ගන්න. මරල කුණුහරප කොමෙන්ට් ගැන කිව්වට මේ කොමෙන්ට් එක ගැන කතා නැහැ නේද. මම කොමෙන්ට් කරනවා ඌ මකනවා.

Post a Comment

පි‍ටු පෙරලපු ගාන