ගැහැණු යට ඇඳුමට පෙම් කරන භූතයා - යකුන් හා ප්‍රේතයන් සමඟ කතා පෙළ අංක 05

Tuesday, July 24, 2012


ගොඩක් කාලෙකින් අලුත් කතාවක් දෙන්න බැරිවුනු නිසා ඔන්න අද දෙන්න යන්නෙ නියම කතාවක්. මේකෙ මාතෘකාව දැකපුවහම ඉතිං කාන්තා පක්ෂයනම් කියවන්නෙ නැතිවෙයි. කමක් නෑ. කියවන්නෙ නැතිව ඉන්න. :D මේ වෙන කොට මම ඔයාලට කතා තුනක් කියල තියෙනවා. ඒව කියෙව්වෙ නැත්නම් මෙතන ක්ලික් කරල ගිහින් ඒව කියවන්න.එහෙනම් අපි කතාවට බහිමු.

යකුන්ගේ භූතයන්ගේ, ප්‍රේතයන්ගේ අත්භූත කතා අප බොහොමයක් ගැන අසා ඇත. අප කථා කරන්නේ එවැනි අත්භූත සිදුවීම් වූ අපූරු භූත කතාන්දරයකි.


ගයත්‍රීගේ ගම අම්පාර ප්‍රදේශයේ දුෂ්කර ගමකි. ආර්ථික ප්‍රශ්න අතින් මිරිකී සිටි ඇය එම ගමේම තරුණයෙකු වූ සුනිල් සමඟ විවාහ වූවාය. සුනිල් වෘත්තියෙන් රියදුරෙකි. ව්‍යාපාර ආයතනයක ලොරියක වැඩ කළ සුනිල් එම උපයන මුසලින් ගයීත්‍රී සමඟ කාලය ගත කළේය. මේ කාලය තුල ගයත්‍රීගේ පියාගේ මව එනම් ගයත්‍රීගේ ආච්චී මිය ගියාය. ආච්චිගේ මරණයෙන් පසු ගයත්‍රීටත්, සුනිල්ටත් එම ගෙදර පදිංචි වී සිටි සීයාගේද දුක සැප සොයාගෙන සිටින ලෙස ඥාතීන්ගෙන් ආරාධනා ලැබුනි. හරි හැටි හොඳ ගෙයක් දොරක් නොතිබූ මොවුනට මේ ආරාධනාව පුදුමාකාර විදියේ සතුටක් ගෙන දෙන්නක් වියත මෙලෙස මාස කීපයක් එම නිවසේ පදිංචිව සිටින අතර තුර අමුතුම දෙයක් සිදුවිය.
                                              ගයත්‍රී නිවස අතුගාමින් සිටින විට තමන්ගේ ආච්චී ජීවත්වූ කාමරයේ කලු ඉටි බෑගයක් දැකිය හැකි විය. මේ කාමරය ආච්චි ජීවත්ව සිටි කාලයෙන් පසුවද පාලුවට ගිය එකක් නොවේ. නමුත් මෙම නිවසේ කාමර කීපයක්ම ඇති නිසා මෙම කාමරය නිදා ගැනීමට පාවිච්චි නොකරයි. ගයත්‍රී මෙම කලු බෑගය අතට ගෙන එහි ඇති දේ දිග හැර බැලුවාය. ගයත්‍රී අන්ද මන්ද වන්නට වූවාය. එම බෑගය තුල ගැහැණු යට ඇඳුම් කීපයක්ම විය. මේවා කාගෙද, කොහොමද මෙතනට ආවේ, කවුද මේවා ගෙනාවේ ඇයට ප්‍රශ්නයකි. එම නිවසේ මේ වන විට ජීවත් වෙන්නේ ගයත්‍රීත් සුනිලුත් අවුරුදු 85කටත් වඩා වැඩිමහල් සීයාත් පමණි. වැඩ නිමාවී සුනිල් ගෙදර එන තෙක් ඇය බලා සිටියාය. සුනිල් ගෙදරට ගොඩවනවාත් සමඟම 'මේ කාගෙද ඕයි, මේ ඇඳුම්' කියමින් ගයත්‍රී කලු ඇඳුම් බෑගය සුනිල් දෙසට විසි කළාය. මොන ඇඳුම්ද කියමින් සුනිල් එම බෑගය තුල යට ඇඳුම් දෙස බලා 'චික් මේ මොන ජරාවක්ද' කියමින් බෑගය පසකට විසි කළේය. සුනිල්ගේ මෙම හැසිරීම දුටු ගයත්‍රීට මෙය සුනිල්ගේ ක්‍රියාවක් නොවන බව හොඳින් පැහැදිලි විය. ඇත්තටම මේවා ගෙනාවේ ඔයා නෙමෙයිද යනුවෙන් ගයත්‍රී යලිත් වරක් විමසුවාය. පිස්සුද මට මොනවටද ගෑණු යට ඇඳුම්. තමුසෙට මොලේ අමාරුවක්ද යනුවෙන් සුනිල් තදින් කියන්නට විය. එහෙනම් මේ ඇඳුම් ගෙදරට ආවේ කොහොමද? මොවුන් දෙදෙනාම කතාකරන්නට වූහ. ගයත්‍රී මේ බව තමන්ගේ ඥාතීන්ටද කියූ අතර ඇතැමුන්ගේ මතය වූයේ මෙය සුනිල්ගේ ක්‍රියාවක් බවත් කලාතුරකින් අයෙක් මෙය වයසක සීයා කල දෙයක් විය හැකි ලෙසද සැක පහළ කලේය.
                                      ඔවුන්ගේ චර්යා ගැන විමසිල්ලෙන් කීප දිනක් බලාසිටියද ගයත්‍රීට කිසිම විදිහක සාක්ෂියක් මේ ගැන සොයා ගැනීමට නොහැකි විය. නමුත් ගයත්‍රීට මෙය ලොකු ප්‍රශ්ණයක් විය. මෙහි අගක් මුලක් සොයා ගැනීමේ අරමුනින් හාස්තරයක් අසන්නට මැය තීරණය කලාය. එසේ සිතා අසල්වැසි කාන්තාවක් සමඟ පිත්තිනි දේව වරමින් ශාස්ත්‍ර කියන මහා බලගතු සුදු මෑණි ශාස්ත්‍ර කාරිය සොයා ගොස් ශාස්ත්‍රයක් අසන්නට වූහ. සුදු මෑණිට ගෙදර සිදුවූ සියලුම විස්තරය ගයත්‍රී කීවාය. ඉන්පසු සුදු මෑණි දේව වරමිනන් මෙහි ඇතුළාන්තය බලා ශාස්ත්‍රය කියන්නට වූවාය.
                                                                    දරුව, උඹට තවම දරුවන් නැහැ නේද? මෑණි ඇසුවාය. ඔව් මෑණියනි, ගයාත්‍රී පිළිතුරු දුන්නාය. දරුවා උඹ විවාහ වී අවුරුද්දකට ලඟයි. නමුත් උඹට දරුවො නැත්තෙ උබට කලු කුමාර යක්ෂයාගේ බැල්ම වැටිලා. උන්ට උදව් කරන ප්‍රේතයන් තමයි ඔය ගෑණු යට ඇඳුම් ගෙදරට ගෙනත් දාන්නේ .. යනුවෙන් දිග හෑල්ලක් කියාගෙන කියාගෙන ගියාය. ඉතින් මෑණියනි අපි මොනවද කරන්න ඕනි? ගයත්‍රී ඇසුවාය. ඔය කලු කුමාර දෘෂ්ඨිය අයින් කරන්න ඕනෑ. එතකොට ඔය වගේ දේවල් ආයේ වෙන එකක් නෑ. ඒකට අවශ්‍ය කලමනාටික හොයාගෙන දිනයක් යොදාගන්නයැයි පවසා සුදු මෑණි ශාස්ත්‍රය අවසන් කලාය. සුදු මෑණි ගයත්‍රී දෙස බලා ශාස්ත්‍රය හරි හැටි කියවුනාද යැයි ඇසුවාය. ඔව් මෑණි මට ලමයි නැති එක ගැනත් කියවුනා. කලු කුමාර බැල්ම අයින් කරගත්තම ඔය ඔක්කොම ප්‍රශ්ණ ඉවරවෙයි කියල කීවා. ඕක මහා ලොකු ප්‍රශ්ණයක් නෙමෙයි. ඔය බැල්ම අයින් කරගත්තම ඉවරයිනේ. දිනයක් දාගන්නකෝ කියමින් ඇය ශාස්ත්‍ර කීම අවසන් කළාය.
                                                                        ඥාතීන්ටත් මේ බව පැවසීය. නමුත් ඥාතීන් කීවේ ඔය මනස්ගාත අතහැර දාන ලෙසයි. නමුත් සුනිල්ටද කලු කුමාර බැල්ම අයින් කරන්නට ඕනෑ බව පවසමින් ගයත්‍රීට සහය දුන්නේය. තව දින අටකින් ශාන්ති කර්මය කිරීමට නියමිතයි. මෙලෙස දින යොදාගෙන ඇති ඇති නිවස අවට ටිකක් පිරිසිදු කිරීමට ගිය ගයත්‍රීට තවත් අත්දැකීමට මුහුණ දෙන්නට විය. වත්තේ කෙසෙල් පදුරක් යට තවත් ගැහැණු යට ඇඳුම් කීපයක්ම හමු වූවාය. ඒ වගේම කුණු ගොඩේද තවත් යට ඇඳුම් කීපයක් දමා තිබුණි. මේ බව අවට අයට කියූ විට ඇතැම් කාන්තාවන් පැවසූවේ ඔවුන්ගේද ඇතැම් යට ඇඳුම් සෝදා වැලේ දමා තිබූ විට ඒවා නැතිවූ බවයි. මේක බලාන ඉන්න හොඳ දෙයක් නෙමෙයි. ඉක්මනින් කරන දෙයක් කල යුතුයැයි සිතා ඉක්මනින් සුදු මෑණි ගෙන්වා කලු කුමාර දිෂ්ටිය ඉවත් කිරීමට කටයුතු සැකසුවාය. අදින් පස්සෙ ඔය වගේ දේවල් වෙන එකක් නෑ කියමින් පොරොන්දු මුද්ලද රැගෙන සුදු මෑණි ප්‍රමුඛ දේව ගැති පිරිස ඉවත්ව ගියෝය. ඉන්පසු වත්තේ තැනින් තැන තිබූ ගැහැණු යට ඇඳුම් සොයාගෙන ඒවා ගිණි තබා අදින් පස්සෙ ඒ කරදරෙත් ඉවරයියැයි සිතා සුනිලුත් ගයත්‍රීත් අලුත් ජීවිතයක් ගත කරන්නට ඉටා ගත්තෝය.
                                                                                                                   මෙලෙස ගත වූයේ සති කිහිපයකි. තමාගේ ඥාතියෙකුගේ හදිසි මරණයක් විය. ඒ සඳහා ගයත්‍රීත් සුනිලුත් දෙදෙනාම ගිය අතර ගයත්‍රී දින කිහිපයක් මළ ගෙදර නැවතුනාය. දින කිහිපයකින් පසු යළිත් ගෙදර ආ ගයත්‍රීට දක්නට ලැබුනේ තමන්ගේ ඇඳ උඩ එක් එක් වර්ණවල කාන්තා යට ඇඳුම් රාශියකි. ඒ වන විට සුනිල් ගෙදර නොසිටි අතර ඔහු නිවසට ආ සැනින් මේ බව ගයත්‍රී ඔහුට කීවාය. කොච්චර සල්ලි වියදම් කරලත් මේ කරුමේ ඉවරයක් නෑනේ කියමින් සුනිල් ඇඳුම් ටික ගේ පිටුපසට දමා ගිනි තැබුවේය. නමුත් මේ වට විට මෙය සුනිල් කරන්නේද සැකයක් ගයත්‍රීට ඇති විය. නමුත් සුනිල් ඒවා පුච්චා චැමීමත්, ඔහුම ගොස් නැවත සුදු මෑණිව හම්බවී මේ බව පැවසීමත් නිසා සැකය යටපත් වී තිබුණි. මේ අතර ගමේ කාන්තාවන්ගේ යට ඇඳුම් නැතිවන බව බොහෝ කාන්තාවන් කියන්නට වූහ. මේ නිසාම විශේෂයෙන්ම රාත්‍රී කාලයේ කාන්තාවන් යට ඇඳුම් වැලේ නොදමන තත්වය පත් වූවාය. මෙලෙස ගත වූයේ සුලු කාලයකි. දිනක් ගයත්‍රී උදේ නැගිටින විට සුනිල් ඇදේ සිටියේ නැත. රාත්‍රී 10, 12 වෙන තෙක්ම යහලුවන් සමඟ ඇවිදීම සුනිල්ගේ පුරුද්දක් නිසා ගියපු තැනක රෑ නවතින්න ඇතැයි ඇය සිතුවාය. ගතවූයේ විනාඩි කිහිපයකි. කවුදෝ ගයත්‍රී නංගී කියමින් දොරට ගහන හඬක් ඇසිනි. 
                   නංගී තරහ වෙන්න එපා උදේ පාන්දර කරදර කලාට. එන්නකෝ පොඩ්ඩක් අපේ ගෙදර පැත්තට කියමින් වට පිටාවේ සිටි සුමනා අක්කා කතා කළාය. පොඩ්ඩක් ඉන්න අක්කේ මම වෙන ඇඳුමක් දාගෙන එන්නම් කියා ඉක්මනින් සුමනා අක්කාගේ ගෙදර බලා ගයත්‍රී ගමන් කළාය. ඇයට පෙනුනේ සිතා ගන්නවත් බැරි දෙයකි. ගමේ මිනිස්සු එකතුවී සුනිල්ව ගස් බැඳ ඇති අතර පහරවල් කිහිපයක්ද සුනිල්ට ගැසූ බවද ඔවුහු පැවසුවේය. හේතුව ගයත්‍රී අසන්නටම පෙර ගයත්‍රීට විස්තර කලෝය. නංගී දැන් කාලයක් තිස්සේ ඉදන් මේ ගමේ ගෑණුන්ගේ යට ඇඳුම් නැතිවුනා. අපි ඒක ගැන හෙවිල්ලෙන් හිටියේ. මූ අපේ ගෙදර තිබිලා යට ඇඳුමක් ගත්තා. අපි ඇස් දෙකෙන්ම දැක්කා. මූ තමයි හැමදාම මේක කරල තියෙන්නේ. අපි මූව පොලිසියට භාර දෙනවා. එතකල් මූව අතාරින්නෙ නෑ යනුවෙන් ගමේ පිරිස ගයත්‍රීට කියන්නට වූහ. ගයත්‍රී කොතරම් කීවද ගමේ මිනිසුන් මොහු නිදහස් කළේ නැත. පොලිසියට මොහුව බාර දුනි. පොලිසියේ රාජකාරි කිරීමෙන් පසුව පොලිසියේ මතය වූයේ වෛද්‍යවරයෙකු වෙත යොමු කරන ලෙසය. ඒ අනුව සුනිල්ව වෛද්‍ය පී.එන්.විද්‍යාකුලපති මහතා වෙතට යොමු කෙරිණි.
                                                            විද්‍යාකුලපති මහතා සුනිල් සමඟ බොහෝ වේලා කථා කිරීමෙන් පසු සුනිල් සියලු විස්තර කැමැත්තෙන් කුලපති මහතාට පැවසීය. මෙය තමාට අවුරුදු 17, 18 පමණ වයසේ සිට තිබූ බනත් සියලුම නිවෙස්හි හමුවූ කාන්තා යට ඇඳුම් තමා සොරකම් කළ ඒවා බවත් ඔහු පවසන්නට විය. මාස කිහිපයක ප්‍රතිකාර වලින් පසුව සුනිල්ගේ මෙම පුරුද්ද ඉවත් විය. එහි ඇතුලාන්තය කුලපති මහතා මෙසේ විස්තර කලේය. 
                              සුනිල්ට තිබුනේ අසම්මත ලිංගික චර්යාවක්. මෙලොව ජීවත් වුණ මිනිසුන් කායිකව මෙන්ම මානසිකවද රෝගීවේ. එහිදී මොළේ රසායනික වෙනස් වීම් මත ඇතිවන උග්‍ර මානසික රෝගද මානසික හේතු මත ඇතිවන උසුලු මානසික රෝගද වේ. ඊට අමතරව අසම්මත චර්යාවන්ටද ඇතැම් අය ගොදුරු වෙති. ස්වබාවයෙන් ස්ත්‍රියක හා පුරුෂයෙකු එක් වීමෙන් ලංගික කාර්යය ඉටු කරගනී. නමුත් කලාතුරකින් ඇතමුන් අසම්මත ලිංගික චර්යාවන්ටද හුරුවේ. උදාහරණ ලෙස ගත් විට ඇතමුන් විරුද්ධ ලිංගික ඇසුරට වඩා සම ලිංගික ඇසුරට ප්‍රිය කරයි. තවත් සමහර අය සතුන් සමඟ එක් වීමට හුරුවේ. කලාතුරකින් අය මෘත දේහ එනම් මළමිනී සමඟ ලිංගිකව එකතු වීමට හුරු වෙයි. ඇතමුන් කුඩා ළමයින් සමඟ එක් වීමට ප්‍රිය කරයි. සමහරුන්ගේ සිත් තුල ඇත්තේ වයසක පුද්ගලයන් සමඟ එක්වීමටයි. ඒ අතර ඇතැමුන් විරුද්ධ ලිංගිකයාට වධ දෙමින් (පරපීඩා කාමුකත්වය) සතුටු වීමට කැමතිය. ඇතැමුන් තමන්ගේ සිරුරට වේදනාවක් ඇතිකර ගනිමින් (ස්වපීඩා කාමුකත්වය) සතුටු වේ. තවතත් අයෙක් ලිංගික අවයව තව කෙනෙකුට පෙන්වීමෙන් සතුටක් ලබයි. (ප්‍රදර්ශන කාමුකත්වය) තවත් අය අනෙක් අයගේ නිරුවත දැක සතුටු වේ. මේවා කිහිපයක් පමණි. මෙවැනි අසම්මත චර්යා බොහොමයක් තිබේ.
                                                                                       මෙවැනි ආකාරයේ එක්තරා ගැටලුවකට පත්වූ අයෙකි සුනිල්. ඔහු කාන්තා යට ඇඳුම් සොරකම් කිරීමෙන්, ඇල්ලීමෙන්, ළඟ තබා ගැනීමෙන්, සතුටක් ලබයි. මෙය මනෝ විද්‍යාවේදී (Fetishism) ලෙස හඳුන්වයි. මෙවෙනි තත්වයෙන් පෙළෙන්නන් කාන්තාවන්ගේ යට ඇඳුම් පමණක් නොව ඇතැමුන් කාත්නා ඇඳුම්, ලේන්සු, මේස්, සපත්තු, කුඩ, කොණ්ඩ පටි ආදී දේ පවා ආශා කරන වස්තූන් වෙයි. සුනිල් කළේ ගෙවල් වලින් සොරකම් කරන යට ඇඳුම් ගෙදර හෝ වත්තේ තැනින් තැන සඟවා තබා අවශ්‍ය විට ඒවා ගෙන සතුටු වීමයි. මොහු ඉතා සූක්ෂම ලෙස මේවා කර තිබේ. මෙවැනි පුද්ගලයන් සමාජයේ කලාතුරකින් සිටී. බොහෝ විට මොවුන් ස්ව කැමැත්තෙන් ප්‍රතිකාර සඳහා යොමු නොවේ. බොහෝ විට මිනිසුන්ගෙන් ගුටි බැට කා පොලිසි වලටත් හසුවීමෙන් පසුව මොවුන් ප්‍රතිකාර සඳහා යොමු කරයි. මොවුන්ගේ මෙම තත්වයන්ට ජානමය බලපෑමක් තිබෙන බව ඇතැම් විද්‍යාඥයන්ගේ මතය වූවද මේවා වෙනස් කළ හැකි තත්වයයි. මේවාට චර්යාවාදී ප්‍රතිකාර හා එපාකරවීමේ ප්‍රතිකාර යොදා ගැනීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැකිය. මෙවැනි සුනිල්ලා අද සමාජයේ ඕනි තරම් සිටියි. ඔවුනට කල යුත්තේ ගුටි බැට දී දඩුවම් කිරීම නොව ප්‍රතිකාර ලබාදී සමාජ ගත කිරීම බව වැඩිදුරටත් පී.එන්. වෛද්‍යකුලපති මහතා පවසයි.
                     

17 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

sAm (සෑම්) said...

මුල ඉදන් බලන්න වෙයි නිදහසේ !

Anonymous said...

අම්බෝ......කියෙව්වා.....මාර කතාවක් නෙව!

තරියා said...

එතකොට පේනෙ කියපු ගෑනි හෙන කෙබරයක්නෙ ඇරලා තියෙන්නේ..

අවතාර් said...

පී.එන්.විද්‍යාකුලපති කියන කෙනා සම්පූර්ණයෙන් හොල්මන් අවතාර මතය බැහැර කරන කෙනෙක් ඒක එහෙම කරන්න පුලුවන්ද කියන එක සැකයක්
අද සිද්ධිය නම් තනිකර ලිංගික අසහන්යෙන් කරපු එකක්

Anonymous said...

ලංකාදීප පත්තරෙන් විද්‍යාකුලපති ගේ තීරුවෙන් කියවා ඇත ..

Nishan de siva said...

මාර කළු කුමාරයෙක්නේ මේකා :)

Unknown said...

අපේ ගමේ එකෙක් හිටියා ජංගියා කියලා , පස්සේ ඌ ගැන පෝස්ට් එකක් දාන්නං...

සිරාගෙ කාමරේ said...

ලංකාදීප පත්තරෙන් මේ විස්තරේ කියෙව්වා මතකයි...

මුදලින් කියන වචනෙ මුසලින් කියලා ලියැවිලි තියෙන්නෙ... ඒක නිවැරදි කරගන්න.. ජය!

#sirkinna said...

@sAm (සෑම්) said...

මුල ඉදන් බලන්න වෙයි නිදහසේ !
July 24, 2012 11:52 PM
-------------------------------------------------------------------*

ඇත්ත සෑම්. මේක තැනින් තැන බැලුවට තේරෙන කතාවක්නම් නෙමේ.

#sirkinna said...

@හිරුහිමාවී said...

අම්බෝ......කියෙව්වා.....මාර කතාවක් නෙව!
July 25, 2012 12:17 AM
--------------------------------------------------------------------------*

අප්පෙ ඇති යාන්තම් කියෙව්වා ;)

#sirkinna said...

@තරියා අබේ said...

එතකොට පේනෙ කියපු ගෑනි හෙන කෙබරයක්නෙ ඇරලා තියෙන්නේ..
July 25, 2012 1:53 AM
-------------------------------------------------------------------*
ඔව් යාලුවාත මීට කලින් කතා කියෙව්වනම් ඔයා පේන කියන අයව කොහොමත් විශ්වාස කරන්නෙ නෑ.

#sirkinna said...

@අවතාර් said...

පී.එන්.විද්‍යාකුලපති කියන කෙනා සම්පූර්ණයෙන් හොල්මන් අවතාර මතය බැහැර කරන කෙනෙක් ඒක එහෙම කරන්න පුලුවන්ද කියන එක සැකයක්
අද සිද්ධිය නම් තනිකර ලිංගික අසහන්යෙන් කරපු එකක්
July 25, 2012 8:11 AM
------------------------------------------------------------------------*

ඔව් ඒක ඇත්ත. එතුමා ඒ මත බැහැර කරන්නෙ ඒවගේ ගොඩක් වෙලාවට කිසි සත්‍යයක් නැති නිසයි. දේවාල ගානෙ ගිහින් බොරුවට මවාගන්නවා භුතයෙක්, යක්ෂයෙක්, මොකෙක්ගේ හරි වැඩක් කියලා. අද සිද්දියනම් ඇත්තටම ලිංගික අසහනයෙන් කරපු වැඩක් තමයි. බලන්න එතනත් මේ පේන කියන අය කරල තියෙන බොරුව.

#sirkinna said...

@Anonymous said...

ලංකාදීප පත්තරෙන් විද්‍යාකුලපති ගේ තීරුවෙන් කියවා ඇත ..
July 25, 2012 8:31 AM
----------------------------------------------------------------------*
අනිවා. එල

#sirkinna said...

@මඩිස්සලේ නිශාන් said...

මාර කළු කුමාරයෙක්නේ මේකා :)
July 25, 2012 11:18 AM
-----------------------------------------------------------------------------*

;) අන්තිමේදී තමන්ගේ ස්වාමිපුරුෂයාම කලු කුමාරයා උනා

මඩයා said...

හොද වැඩේ ගෙදර එව්වා තියෙද්දී පිට එව්වා හොයන් යනවට ;)

Unknown said...

හොදා එල ඈ

Manasindiviyata said...

අප්පේ හති මට දැන්....හොඳයි ඇ

Post a Comment

පි‍ටු පෙරලපු ගාන