අවාසනාවට සත්‍ය කතාවක් : යකුන් හා ප්‍රේතයන් සමඟ කතා පෙළ අංක 02

Sunday, April 8, 2012
පළවෙනි කොටස මෙතන ක්ලික් කරලා බලන්න පුලුවන්. ඒක පොඩි තාක්ෂණික දෝෂයකට මුලපිරුණු නිසා මේකෙ දාන්නෙ නෑ. හැබැයි ඔන්න දෙවෙනි කොටසනම් දෙනවා.






පෙර භවයේදී මිනිසා විසින් කරන කුසල් අකුසල් සියල්ලම ඕලාරික සිරුර හැරදා යාම හඳුන්වන්නේ මරණය ලෙසිනි. එතැන් සිට විඤ්ඤාණය අරඹයි. එය කර්ම විපාක සමඟ භවයේ සැරීම ලෙස හැඳින්විය හැකිය. එම භව ගමනේදී පෙර ආත්මයේ කර්ම පලවිපාක වලින් මිදීමට කිසිඳු සත්වයකුට නොහැකිය. මෙහිදී පැහැදිලි වන්නේ මනුෂ්‍යයාගේ මරණයෙහිදි ඕලාරික සිරුරින් විඤ්ඤාණය ඉවත් වූවද අන්තරාභවයේ නොමැරෙණ බවයි. එය තව දුරටත් පැහැදිලි කලහොත් අත තැබූ දෙයක් බිම තැබූ ඉක්මනින් උපතල් නොලැබුවහොත් කලක් එම ස්වරූපයම පවතියි. පසුව වෙනත් උපතක් ලබා ගනී. අන්තරාභවය ලෙස සැලකෙන්නේ මරණයත්, ඊලඟ උපතත් අතර වූ මනෝමය කායයෙන් ජීවත්වෙන කාලයයි. (මහා අස්සපුර සූත්‍රය) මේ අන්තරාභවය පෙර ආත්මයේම දිගින් දිගටම යාමක් මිස අලුත් උපතක් ලෙස සැලකිය යුතු නොවේ. මෙගින් පැහැදිළි වන්නේ විඤ්ඤාණය නොකැඩී වෙනස් නොවී ආත්මයෙන් ආත්මයට ගමන් ගන්නා බවයි. මෙම ගමනේදී කුසල් අකුසල් සමඟ වෛරය හා ද්වේශය ද රැගෙන යන බව බුදුරජාණන් වහන්සේ පැහැදිලි කර ඇත. මෙය වර්තමානයේ කල පරීක්ෂන මඟින්ද සනාථ වී ඇත. පහත සඳහන් කතාව මඟින් එය මනාව පැහැදිලි වේ.


__________________
මෙම කතාවට මුල් වන්නේ නගරයෙන් බොහෝ දුරස්ව පිහිටි ගම්මානයකි. ඉපැරණි වලව්වක් ලෙස ප්‍රසිද්ධ මෙම පැරණි නිවස අතීතයේ බොහෝ පුද්ගලයන්ගේ වාසභවනක් විය. එම නිවසේ ජීවත් වූයේ පැරණි වලව් පරම්පරාවේ අවසන් පුරුකය. පියතිස්ස අත්තනායක හා රමණී අත්තනායකගේ එකම දියණිය නේත්‍රාංජලී දැක්මෙන් අතිශයින්ම ප්‍රියන්කර තරුණියක් වූවාය. ඇය උපන්දා සිට මවට වඩා ආදරය කලේ පියාටය. දිනක් හෝ ඇයට පියාව නොදැක සිටීම මහත් වේදනාවක් විය. නේත්‍රාංජලීට වයස විස්ස වන විට පියාට පිලිකාවක් වැළඳී රෝගාතුර වූයෙන් නේත්‍රාංජලී දැඩි වේදනාවට පත්විය. වසරකට පසු පියා ඇය අතහැර මිය පරලොව ගියේය. එතැන් සිට නේත්‍රාංජලීගේ ක්‍රියාකාරකම් වෙනස් විය. මව සමඟ කතා බහ ක්‍රමයෙන් අඩු කලාය. මව මේ පිළිබඳව යම්කිසි විමසිල්ලකින් පසුවූ අතර දියණියගේ වෙනස්කම් කුමන හේතුවක් නිසා සිඳුවන්නේද යන්න ප්‍රහේළිකාවක් විය. 

නේත්‍රාංජලී මව සමඟ සමහර දිනවල කතා බහ නොකළාය. ඒ පිළිබඳව විමසීම ආරවුල් ඇතිවීමට හේතු විය. මම කැමති නැහැ අම්මත් එක්ක කතා කරන්න. මට පාඩුවේ ඉන්න දෙන්න. මව මුලදී සිතුවේ පියාගේ වියෝවයෙන් පසු ඇතිවූ තත්වය නිසා කියාය. පසුකාලීනව එය එසේ නොවන බව පැහැදිලි වූයේ අනෙකුත් ඥාතීන් හා කතා බහ කිරීමෙනි. තත්වය මඟ හැරවීම සඳහා මව ශාන්තිකර්ම වල පිහිට පැතුවාය. දෙවියන්ගේ පිහිට සෙව්වාය. එහෙත් කිසිඳු ප්‍රතිඵලයක් ඇති නොවීය. භූත දෝෂ හේතුවෙන් දියණියට අපල ඇතැයි විශ්වාස කොට යාගයක් පැවත්විණි. එහෙත් කිසිඳු ප්‍රතිඵලයක් අත් නොවුනි. මේ අතර හිතමිත්‍රාදීන් එක්ව මෙය මානසික ආබාධයක් යැයි සිතා මනෝ වෛද්‍යවරයෙකුට පෙන්වීමට උත්සාහ කලෝය. මෙහිදී පැහැදිලි වූයේ මව නොසලකා හැරීම ආත්මයෙන් ආත්මයට රැගෙන එන වෛරයක් බවයි. මේ තත්වයට පත්වීමට හේතු සාධක සෙවීම සඳහා නේත්‍රාංජලී මෝහන ප්‍රතිගමනයට ලක් කෙරිනි. නේත්‍රාංජලීගේ පෙර භවයේ ඇය උපත ලබා ඇත්තේ විශාල කඳු පන්තියකින් සැදුම් ලත් පරිසරයකය. ඇය රෝහලක රැකියාවක් කොට ඇත. නගරයෙනක් බොහෝ දුරස්ව පිහිටි මෙම රෝහලේ එක් වෛද්‍යවරයෙක් සහ සුලු කාර්යය මණ්ඩලයක් සේවය කොට ඇත.

පෙර ආත්මයේ ඇය පියසීලිය. රෝහලේ සුලු සේවිකාවක් වූ ඇය රැකියාවට අමතරව වෛද්‍යවරයාගේ ආහාරපාන සකස්කරන්නියද වූවාය. මේ නිසා පියසීලි සහ වෛද්‍යවරයා අතර දැඩි සම්භන්ධතාවයක් පැවතිනි. පසුකාලීනව එම හිතමිතුරු කම ආදරය දක්වා දුර දිග ගියේය. වෛද්‍යවරයාට පියසීලිව නොමැතිව ජීවත් විය නොහැකි තත්වයට පත් විය. එතරම් දෙදනා අතරේ බැඳීමක් ඇතිවිය. පියසීලිගේ දෙමාපියන් විවාහ යෝජනා ඇයට ගෙන ආවද ඇය ඊට අකමැති වූයේ වෛද්‍යවරයාගේ බලපෑම් මතය. එහෙත් මාපියන්ගේ බලවත් ඉල්ලීම පිට පියසීලිට විවාහ වීමට සිඳුවිය. වෛද්‍යවරයාගේ අනියම් ඇසුරින් ඉවත්වීමට එහු ඉඩ නොදුන් අතර එය විවාහයට මහත් බාධාවක් විය. ඇය වෛද්‍යවරයාගේ ඉල්ලීම් පසෙකලා විවාහවූයේ අනියම් ඇසුර කිසිවිටකත් තමාගේ ජීවිතයට යහපත් නොවන බව තේරුම් ගැනීමෙනි. ඒ වන විට පියසීලිගේ හා වෛද්‍යවරයාගේ අනියම් අසුර මාපියන්ටද දැනගැනීමට ලැබී ඇත. පියසීලි විවාහයෙන් පසු වෛද්‍යවරයාගේ ඇසුරෙන් ඉවත් විය. එහෙත් වෛද්‍යවරයාට එය වේදනාවක් බැවින් නිරන්තරයෙන් පියසීලි පිළිබඳව විමසීමෙන් පසුවිය. ඔහු උත්සාහ කලේ කෙසේ හෝ පියසීලි යලිත් තමා වෙත සමීප කොට ගැනීමටය. ඒ පිළිබඳව වෛද්‍යවරයා නිරතුරු විමසිල්ලෙන් පසුවිය. පියසීලිගේ සැමියා පිලිබඳව තොරතුරු සෙවීමට ඔහු දැඩි උත්සාහයක් ගත්තේය. වෛද්‍යාවරයා පියසීලි සහ තමා අතර සබඳතාවයක් ඇතැයි යන්න පියසීලිගේ සැමියාට දැනගැනීමට සැලැස්විය. එමඟින් ඔහු බලාපොරොත්තු වුනේ අඹුසැමියන් අතර බේදයක් ඇති කිරීමටය. 

වෛද්‍යවරයාගේ මෙම කෘර ක්‍රියාමාර්ගය පිළිබඳව දැනගත් පියසීලි ඔහු සොයාගොස් සැමියා සමඟ නිදහේ ජීවත්වීමට ඉඩදෙන ලෙස බැගෑපත්ව ඉල්ලා සිටියාය. මේ පිළිබඳව කතාබහ කිරීමට ගිය පියසීලිට වෛද්‍යවරයාගෙන් පහරකෑමටද සිඳුවිය. වේදනාවෙන් පැමිණි පියසීලි මාසයක් පමණ කාලයක් විවිධ ආරවුල් මැඳ සැමියා සමඟ ජීවත් වූවාය. වෛද්‍යවරයා පියසීලිගේ සැමියාට දුරකතනයෙන් පියසීලිගේ හා තමන් අතර තිබූ අනියම් සබඳතාව පිළිබඳව කොරකුරරු යලි යලිත් හෙලිකරන්නට වීම මහත් ප්‍රශ්ණයක් විය. මේ නිසා සැමියාද පියසීලිට රැකියාවෙන් ඉවත් වන ලෙස බලපෑම් කරන්නට විය. මෙම තත්වය පියසීලිගේ ජීවිතයට මහත් තර්ජනයක් ළුූයෙන් හොඳින් හෝ නරකින් වෛදයවරයා සමඟ ඇතිවූ අනියම් ඇසුර පිළිබඳ ප්‍රශ්ණය විසඳාගැනීමට අවශ්‍යවූයෙන් වෛද්‍යවරයා හමුවීමට තීරණය කලේය. ආරෝග්‍යශාලාවේ වෛද්‍ය නේවාසිකාගාරය පිහිටා තිබුනේ රෝහලේ එක් පැත්තක පාලු පරිසරයකය. දිනක, නිවාඩු ලබාගත් පියසීලි ගෙදර නොගොස් සවස්වරුවේ වෛද්‍යවරයා හමුවීමට ගියාය. බලාපොරොත්තු නොවූ ආකාරයට කතා බහ දික්ගැස්සුණු අතර අවසානයේ පියසීලි සබඳතාවයේ තොරතුරු හෙලිකරීම නතර නොකලහොත් දැඩි පියවරක් ගන්නා බව පැවසීමෙන් වෛද්‍යවරයා කෝපවිය. බහින්බස් වීමඑකිනෙකා අතර පහරදීමට තරම් දරැණු විය. පියසීලිට කිසිසේත්ම වෛද්‍යවරයාගෙන් බේරීමට නොහැකි වූ අතර ඔහු පියසීලිගේ ගෙල තදින් මිරිකාලමින් වෛරය පිරිමසාගැනීමට උත්සාහ කිරීම නිසා පියසීලිට හුස්ම ගැනීම අපහසු වූයෙන් ඇය දඟලන්නට විය. පියසීලි ජීවිතයෙන් සමුගැනීමේ අවස්ථාව අම මොහොත විය. 

එතැන් සිට මෝහන ප්‍රතිගමනයේදී ඇය පැවසූ විස්තර වලින් කොටසක් මෙසේය. 

බෙල්ල මිරිකන කොට තේරුනා. හුසුම ගන්න අමාරුවුනා. මම දැඟලුවා බේරෙන්න. දැන් ඔබට පැහැදිලිව පෙනෙනවා ඔබ ඉන්නේ කොහිද කියලා, විස්තර කරන්න -- මම වේගයෙන් ඇදිල පාවෙමින් ගියා. උස් කන්දකින් පහළට වැටෙනවා වගේ දැණුනා. තව විස්තර කරන්න පුලුවන්. මගෙන් විස්තර අහනවා..... මොනවද අහන්නේ..... තේරෙන්නේ නැහැ. කවුද ඉන්නේ එක එක විදියේ මිනිස්සු අමුතු මිනිස්සු කට්ටියක් පියසීලිගේ ආත්මය එතැන් සිට දීර්ග කාලයක් පැහැදිලි නැති ලොවක සිට ඇත. ඒ සඳහා මුල් වූයේ මරණයට පත් වන අවස්ථාවේදී ඇය දැඩි මානසික කම්පනයකට ලක්වීමයි. පියසීලි මරණයට පත්කල වෛද්‍යවරයා කුමන තත්වයට පත්වීදැයි සොයාගත නොහැකිය. එහෙත් පියසීලි ඊලඟ ආත්මයේ උපත ලද්දේ නේත්‍රාංජලී ලෙසිනි. ඇයගේ මව ළුූයේ රමණි අත්තනායකය. රමණී අත්තනායක යනු පෙර භවයේ පියසීලිත් සමඟ අනියම් ඇසුරක් පවත්වා ඇයව මරාදැමූ වෛද්‍යවරයාය. නේත්‍රාංජලී පෙර භවයේ පියසීලිය. මේ ආකාරයට වෛද්‍යවරයා රමණී අත්තනායක වූයේ පෙර භවයේ පියසීලිට දුන් වධබන්ධනයකට දඬුවම් වශයෙනි. පියසීලි පෙර භවයේ කාන්තාවක් ලෙස සිටි ආකාරයෙන්ම නේත්‍රාංජලී ලෙස උපත ලැබුයේ පෙර ආත්මයේ වෛද්‍යවරයා දෙනු ලැබූ වධබන්ධනයට පළිගැනීමටය. පියසීලි පෙර ආත්මයේ වෛද්‍යවරයාගේ වෛරයට පත්වීමෙන් වූ මානසික පීඩිව නිසා ඊලඟ ආත්මයේද විවාහයට මහත් බියක් දැක්වූවාය. රමණී විසින් විවාහයක් සිඳුකොට නොගැනීමට තීරණය කොට තිබීම මෙයට හොද උදාහරණයකි. 

වෛද්‍යවරයා මරණයට පත්වන තෙක් පියසීලි ආත්මභාවයක් නොලබා සිටි බව පැහැදිලි වන්නේ ඇය විසින් මෝහන ප්‍රතිගමනයේදී අපහැදැලි ලොවක දීර්ඝකාලයක් සිටි බව පැවසීමෙන්ය. ඉන් මනාව හෙළිවන්නේ පියසීලි වෛදයවරයා සමඟ තිබූ වෛරය නිසා ආත්මභාවයක් නොලබා අන්තර්භවයේ සැරිසරමින් වෛද්‍යවරයා මරණයට පත්ව යලිත් ආත්ම භවයක් ලබාගන්නා තෙක් අන්තරාභාවයේ සිටි බවයි. මෙය සැබැවින්ම විස්මය දනවන්නකි. මිනිසෙකුගේ මරණය සිඳුවන අවස්ථාවේදී ඇතිවන මානසිකත්වය ඊලඟ උප්පත්තිය සඳහා හේතු සාධක වන බව බුදු දහමේ පැහැදිලිව පෙන්වා දී ඇත. පියසීලිගේ මරණාසන්න අවස්ථාවේදී ඇයට විදින්නට සිඳුවූයේ දැඩි මානසික පීඩනයකි. ගෙලසිරකර මරණ අවස්ථාවේදී පුද්ගලයෙකු තුල ඇතිවන්නෙන් කුමන අන්දමේ බිහිසුණු මානසිකත්වයක්දැයි විස්තර කල නොහැක. එම බිහිසුණු තත්වයට පියසීලි හසුවුනාය. ඒ අනුව උප්පත්තිය ලබා ගන්නා අවස්ථාව වන විටත් ඇයගේ මනස තුල එම බිහිසුනු තැතිගැන්ම පැවති බව පැහැදිලි වෙයි. විඤ්ඤාණය සමඟ මේ සියල්ලම මනෝකාය හා බැඳි අන්තරාභවයේ සැරිසැරීම අරබයි. පියසීලිගේ මනෝකායද අන්තර්භවයේ සැරිසැරීම අරබා ඇත්තේ විඤ්ඤාණයේ තැන්පත් වූ වෛද්‍යවරයාගේ බිහිසුනු ක්‍රියාකලාපය නිසාවෙනි. ඒ නිසා වෛද්‍යවරයාගේ ආත්මය සොයාගොස් ඔහුගේ කුසේ ඉපදී ඔහුගෙන් පලිගැනීම ඇරඹිනි. එය කර්මයේ හේතු ඵලය තුලුන් නිර්මිත කර්මඵලයයි. 

24 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

Anonymous said...

පළවෙනි කොටසට යන ලින්ක් එක වැඩ නෑ..........

සහන් සටහන් said...

අහම්බෙන් වගේ මේපැත්තෙ ආවෙ, කියල වැඩක්නෑ නියම blog post එක, දිගටම ලියන්න.. ඔන්න bookmark කරගත්තා

Anonymous said...

පළවෙනි කොටසට යන ලින්ක් එක වැඩ නෑ..........

L.Punch

Nishan de siva said...

බුදු දහම ගැන නම් මං දන්නේ නැහැ ඒත් මෝහනය බොරුවක් කියලා අද විද්‍යාවෙන්ම ඔප්පු වෙලා තියෙනවා..

රයිටර් said...

නියම සටහන. මම මේවගේ ඒවා කියවන්න ගොඩක් ආසයි. තව තවත් මේ වගේ සටහන් පල කරන්න කටයුතු කරනවානම් ගොඩක් වටිනවා

Anonymous said...

@මඩිස්සලේ නිශාන්
කියහන් බලන්න කොහෙද ඕක ඔප්පු කරලා තියෙන්නේ කියලා?

#sirkinna said...

Anonymous said...

Link එක සැකසුවා යාලුවා. දැන් හරි.

#sirkinna said...

Sahan Weerasinghe said...

ස්තූතියි යාලුවා. දිගටම මාත් එක්ක ඉන්න. තව හොඳ කතා බලා ගන්න පුලුවන්

#sirkinna said...

Anonymous said... (L.Punch)
ඔන්න දැන් හරි යාලුවා

Damith Sriyantha said...

නියම පෝස්ට් එක....මම ගොඩක් ආසයි මේ වගේ කතා වලට..
මෝහනය සම්පුර්ණයෙන්ම බොරුවක් වෙන්ඩ බෑ කියන එකයි මගෙනම් අදහස...

#sirkinna said...

මඩිස්සලේ නිශාන් said...

සමහර විට එහෙම වෙන්න පුලුවන්. නමුත් මේක සත්‍ය කතාවක්. මෝහනයෙන් කරන්න පුලුවන් වැඩ ගොඩක් තියෙනවා. වෛද්‍යවුන්ගේ පහස ලබා ගෙනම පමණක් සමහර දේවල් කරන්න අමාරුයි

#sirkinna said...

Damith Sriyantha said..ඒකනම් ඇත්ත. මොකද මම දාපු තුන්වෙනි post එකෙන් අවසානයේදී නිද්‍රාවකට පත් කරලා මෝහනය තුලින් තමයි වෛද්‍ය වරයෙකු වන පී.එල්. විද්‍යාකුලපති මහතා සත්‍ය හෙලි කරගන්නේ.

ස්තූතියි ඔබගේ කමෙන්ටුවට!

Nishan de siva said...

@අර ඇනෝ
මචන් මට ඕක ඔප්පු කරන්න ලින්ක් නම් නැහැ මං අහලා තියෙන දේයි කිව්වේ.

@ශාන්
සමහර විට උබ හරි ඇති.

Madhawa Habarakada said...

වටිනා ලිපි මාලාවක් වේවි මෙය.
මෝහනය බොරුවක් කියල නම් මම කිසිසේත්ම පිළිගන්නේ නෑ. මෝහනය හරහා කරන්නෙ ඒ මිනිසාගේ විඤ්ඤාණය තුළ තිබෙන පසුගිය ජීවිත වල මතකයන් මතුපිටට ගෙන ඒමක් වෙන්න පුළුවන්.
බුදු දහමේ කියවෙන දේවල් එක්ක සසඳනකොට මෝහනය හරහා හෙලිදරව් වන දේවල් ඇත්ත කියල හිතෙනව නේද.

Tharindu Abesinghe said...

මේකනං සිරාම සිරා...
දිගටම ලියන්න..

#sirkinna said...

මඩිස්සලේ නිශාන් said...

මෙහෙමයි. සමහර විට කියන එකෙන් ගොඩක් දේවල් තේරුම් ගන්න අමාරුයි. මම කියන්නේ මෝහනය කියන දේ බොරුවක් නෙමේ කියලා. මොකද ඕනි තරම් හේතු සාධක මේ ලෝකෙ තියෙනවා මෝහනය තුලින් විසඳගත්තු ප්‍රශ්ණ ආඳියට...

#sirkinna said...

Madhawa Habarakada said...

ඔබ කියන දේ හරි. බුදු දහමත් එක්ක සසඳන විට මෝහනය බොරුවක් කියල කියන්න අමාරුයි. ස්තූතියි ප්‍රතිචාරයට!

#sirkinna said...

Tharindu Abesinghe said...

අනිවාරයෙන්ම. බොහොම ස්තූතියි

රොසෑන්ගේ ලෝකය said...

ලස්සනයි යාළු! :)

රුවන් said...

නියමයි

පාට හීනය said...

මම හිතන විදියට පියසීලි මරනින් මතුව යම් යක්ෂ ආත්මයක් ලබා ගන්න ඇති. මොහනයේදී ජීවිත දෙකක් අතර අපැහැදිලි කාලයක් ඇතිවෙන්නේ. ඒ ගතකල ජීවිතය මිනිස් ජීවිතයක ඇති දේ සමග සංසන්දනාත්මකව හෝ කියන්නට නොහැකි නිසා වෙන්න ඇති.
මීට ආසන්න කතාවක් තියනවා නේද ධම්මපදයේ කාලි යක්ෂනියගේ කතාව විදියට.

#sirkinna said...

@Rozan Fernando said...

ලස්සනයි යාළු! :)
June 25, 2012 1:22 PM
--------------------------------------------------------*

ස්තූතියි සහෝ!

#sirkinna said...

@රුවන් said...

නියමයි
July 14, 2012 8:05 PM
----------------------------------------------------------------------------*
ස්තූතියි සහෝ!

#sirkinna said...

@දඟයා said...

මම හිතන විදියට පියසීලි මරනින් මතුව යම් යක්ෂ ආත්මයක් ලබා ගන්න ඇති. මොහනයේදී ජීවිත දෙකක් අතර අපැහැදිලි කාලයක් ඇතිවෙන්නේ. ඒ ගතකල ජීවිතය මිනිස් ජීවිතයක ඇති දේ සමග සංසන්දනාත්මකව හෝ කියන්නට නොහැකි නිසා වෙන්න ඇති.
මීට ආසන්න කතාවක් තියනවා නේද ධම්මපදයේ කාලි යක්ෂනියගේ කතාව විදියට.
July 25, 2012 10:24 AM
----------------------------------------------------------------*

ඔව් යාලුවා සමහර විට එහෙම වෙන්නත් පුලුවන්. කාලි යක්ෂනියගේ කතාවනම් මම අහල නෑ යාලු

Post a Comment

පි‍ටු පෙරලපු ගාන