ඔක්කොම තියෙනවා--එහෙනම් මොකද යකෝ ඕකේ කරන්නේ ?

Thursday, February 2, 2012

ඔටු අම්මයි ඔටු පුතයි බර සාකච්චාවක්.ඔටු අම්මට  'අ' කියලයි පුතාට 'පු"  කියලයි දාගෙන මේක කියමුකෝ.
අ:- ඇයි පුතේ උඹ ආස පොලොව ගැටලන්න වගේ කල්පනා කොරන්නේ ?
පු :- අම්මේ මං ප්‍රශ්න කීපයක් අහන්නද ? ඔන්න පලවෙනි එක.. ඇයි අම්මේ අපේ මේ මහා මල්ලක් වගේ මොල්ලියක් තියෙන්නේ.?
අ:- ආ ඒ පුතේ අපි කාන්තාරේ දුර යනකොට තිබහ වෙන එක නවත්තන්න වතුර ගබඩා කර ගන්නනේ..
පු: එතකොට අපේ කකුල්වල කුර මේ රවුමට මහතට තියෙන්නේ ?
: ඒ පුතේ කාන්තාරේ හයියෙන් ඇවිදිනකොට සමබරතාවේ තියන් එරෙන්නේ නැතුව යන්නනේ..
පු:  හොඳයි එහෙනම් මොකටෙයි මේ තරම් දිග බෙල්ලක් ?
අ: පුතේ ඒක ඕන අපිට උස ගස් වල මුදුන් වල තියෙන දළු කඩන කන්න කටු ඇනගන්නේ නැතුව.. 
පු: එතකොට   මේ කැත විසාල  ඇහිපිය ?
;- කොල්ලෝ .. එවුව කාන්තාරේ වැලි කුනාටු  එනකොට ඇස් දෙක වහගන්නනේ.. 
ඔටු පුතා දැන් අම්ම දිහා බලන්නේ අමුතු සතෙක් දිහා වගෙයි  
අ:- ඇයි කොල්ලෝ උඹ මං දිහා ඔය විදිහට බලන්නේ?
පු: මොන මගුලකටද වදේ එහෙනම් අපි මේ සූ එකේ කුඩුවක් ඇතුලේ ඉන්නේ ?

ආදර්ශය: අද්යාපන  සුදුසුකම්, පළපුරුද්ද, දක්ෂතාවය, නායකත්වය උද්යෝගය .... මේ ඔක්කොම දේ වලින් වැඩක් වෙන්නේ අපි හරි ජොබ් එකේ ඉන්නවනම් තමයි  .. ඔබ ඉන්නේ හරි තැනද ?  බොරු කියන්නේ මොටද? මං නම් ඔටු පැටියා වගේ තමයි..
(මේක මන් ජංජාලෙන් උපුටගත්තා එකක් මගේ නිර්මාණයක් එහෙම නෙවෙයි..)

13 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

නරකයා....!! said...

රියල් සිද්ධිය... ජොබක් නැත්තං....?

kumaraya said...

හැක ... හැක ... මරු කතාව.

Anonymous said...

Eakanam niyameta weduna...............

මාධව විදුරංග said...

සිරාම ටෝක් එක! අද සුදුස්සාට සුදුසු තැන නෑ! මේ ඔටුවො ඉන්න ඕනි හිර කරලා නෙමෙයි! හිර කරන්න ඕනි අපරාධකාරයෝ අද නිදැල්ලේ! ඔන්න ඕකයි තත්තෙ! ඇඩෙනවා තනි ඇහැට මේවා හිතෙද්දි!

Shaggy said...

මමත් යන්න හිටපු පාර ඔන කමින් වරද්දගත්ත මොට්ට ඔටු පැටියෙක්,

The තරුවා said...

හිකිස්...ඇත්තනේ...

Nishan de siva said...

අපි ගොඩක් අය ඔහොම තමා

චතුර විජේකෝන් said...

මිත්‍රයා.. පොඩි අඩුවක් දැක්කා.. මෙය උපුටා ගැනීමක් බව සඳහන් කරන්ට අමතක වුණා නේද? මේක ඔබ තුමාගේ නිර්මාණයක් නෙවෙයි නේද? මං මේක මීට කලිං ඊ මේල් එකක දැක්කා වගේ මතකයි..

Unknown said...

හප්පේ මේල් එකකින් ආපු එකක්ද මේ .....

සරත් ලංකාප්‍රිය said...

ඇත්ත.. මගේ එකක් නෙවෙයි..ඔන්න නිවැරදි කළා ..බොහොම ස්තුතියි..

Anonymous said...

හරි අපි ඔටුවො කියමුකො.එතකොට ඔය සුදුසුකම් මොකුත් නැතුව හොඳ තැන්වල ඉන්න උන්???

--
හරී
http://dreamsofharee.blogspot.com/
--

අලුත් කොල්ලා | The New Guy said...

සම්පූර්ණ ඇත්ත...

සරත් ලංකාප්‍රිය said...

"හරි අපි ඔටුවො කියමුකො.එතකොට ඔය සුදුසුකම් මොකුත් නැතුව හොඳ තැන්වල ඉන්න උන්???"
උන් බුරුවො.. නිකම් බුරුවො නෙවෙයි පොල් බුරුවො !!

Post a Comment

පි‍ටු පෙරලපු ගාන