ළමා විය!

Thursday, September 22, 2011


අහිංසක ළමා විය!
කිමද නුඹ අසරණව
යදින්නේ ඇසුර මා
සමා වනු මැනවි මට
පමා විය නොහැක තව
සමු ගැනිය යුතුය දැන්

දයාබර ළමා විය !
කිමද නුඹ බලන්නේ
කඳුලු පිරි දෙනුවනින්
මා වෙන්ව ගියත් දැන්
වඩිනු ඇත නුඹෙ ලොවට
තවත් අය නිසැකවම

දඟකාර ළමා විය !
කිමද අඬගසන්නේ
කෙලි දෙලෙන් සිටින්නට
තවත් ඉඩ නොමැත මට
සමු අරන් යමි ඉතින්
උරුම වැඩිහිටි ලොවට

සෙනෙහෙබර ළමා විය !
අවoක වූ නුඹෙ සෙනෙහෙ
එපා මට තව තවත්
උනුන් පරයා නැගෙන
අනාගත මගෙ ලොවෙහි
කිරුළු පැළඳිය යුතුය
එයයි මගෙ ඉලක්කය
 පරාජිත ළමා විය !

2 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

පිසාචයා said...

උපරිමයි.....!!

චතුර විජේකෝන් said...

@පිසාචයා~

බොහොම ස්තුතියි....

Post a Comment

පි‍ටු පෙරලපු ගාන