කියවීම

Tuesday, November 22, 2011
සැප්තැම්බර් කියන්නේ සාහිත්‍ය මාසේ, අපි ගොඩ දෙනෙක් පොත් මිලදී ගනන් පොත් ප්‍රදර්ශනය තියෙන්නෙත් ඒ මාසෙ. ඊට පස්සේ ඔක්තොම්බර් කියන්නේ කියවීමේ මාසය. මන් හිතන්නේ සැප්තැම්බර් ගත්ත පොත් ටික කියවන්න තියෙන මාසේ. දැන් නොවැම්බර් වෙලා ඒත් මන් සැප්තැම්බර් ගත්ත පොත් වලි තාම බොහෝම ටිකයි කියවලා ඉවර කලේ කලින් අවුරුදු වල ගත්ත පොත් හිටන් තියෙනවා කියවලා නැති.

මන් පොත් කියවනවා ඒත් මන් දන්නේ නැහැ මන් කියවන විදිහ හරිද කියලා. ඒ කියන්නේ පොතක් අරගෙන කියවද්දි මතුපිටින් කියවෙන කතාව හැර දෙයක් මගේ ඔළුවට යන්නේ කලාතුරකින්. සමහර පොත් ගැන අනික් පොත් කියවන අය කියවන දේවල් බැලුවම එහෙම දේවල් ඒ පොතේ තිබුනද කියලවත් මන් දන්නේ නැහැ.

කම්මැලි පොතක් ඇරුනම අනික් පොත් ආසවෙන් කියෙව්වත් ඒ පොත්වල මතුපිටින් කියැවෙන කතාව හැර ලේඛකයා විසින් ඊට වඩා ගැඹුරු පණිවිඩයක් දීලා තියෙනවනම් ඒ ඒගේ දේවල් මට ග්‍රහණය වෙන්නේ නැහැ. ඒ විදිහට පොත් කියවන එකේ තේරුමක් තියෙනවද කියලා මන් දන්නේ නැහැ. 

අපේ පොත් ගැන විචාර කියවන්න ලැබෙන්නේ කලාතුරකින් ඒ විචාරත් ගොඩක් වෙලාවට හිතවත්කම් මත ලියැවෙන ඒවා කියලා ගොඩ දෙනෙක් කියන්නේ ඒක නිසා මැදහත්ව පොතක් ගැන ලියපු විචාරයක් අපිට බලන්න ලැබෙන අවස්තා නම් නැති තරම්. එහෙම උනාම මන් වගේ පොත් කියවන අයට හොඳ පොතක් අඳුනා ගන්න, පොතක මතුපිටින් කියැවෙන කතාවට වඩා ගැඹුරින් කියැවෙන දේ ගැන දැනගනන් තියෙන අවස්තා නම් ඇත්තේම නැති තරම්.

මේක ලිව්වේ මන් දනන්වා මන් පොත් කියවන විදිහ මීට වඩා හරි විදහට කරන්න ඕනේ කියලා ඒත් ඒක කරගන්න අවස්තාවක් අපිට නැති නිසා. සමහර විට ඒ වගේ තේරුමක් ඇතුව පොත් කියවනව නම් මීට වඩා පොත් වල තියෙන දේවල් රසවිඳින්න ලැබෙයි කියලා මන් හිතන්නේ.


7 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

kumaraya said...

ඉතින් .. ඔයාට කියවන්න ඔච්චරම අමාරු නම් .. පොත් ටික මට දෙන්නකො කියවන්න.
මම පට ගාල කියවල ආපහු දෙන්නම්.

Buru Babe said...

මේක මටත් වේන දෙයක්. මේ ඊයේ පෙරේද මම මක්කියාවේලිගේ පොතක් කියෙව්වා. ඒකේ තිබ්බ කතාව එච්චරයි. ඒත් ඊයේ පෙරේදා දවසක මම දැක්කා ඒ පොතම වෙන කෙනෙක් අමුතු විදියට කියවලා තිබුනා. මට දෙවෙනි පාර කියෙව්වමයි ඒ කතාව ඔළුවට ආවේ. ඒකත් අර පොත කියවපු එක්කෙනාගේ අදහස හින්දා මිසක් තනියම කියෙව්වා නම් එන්නේ නෑ කියලා හිතුනා.

පොත් විතරක් නෙමෙයි මට නම් මිනිස්සු වුනත් කියන වෙනස්ම අරුත් තියෙන කතා තේරෙන්නේ නෑ!!!!!!!!!!!!!!!!!!!

Madhawa Habarakada said...

මටත් මේ ප්‍රශ්නෙම තිබෙනවා. මමත් ගත්තු පොත් වලින් තවම 2යි කියවල තියෙන්නෙ.
ඊළඟට කියල තිබෙන කතාවත් ඇත්ත. මමත් මතුපිටින් තිබෙන කතාව කියවනවා, නමුත් සමහරක් වෙලාවට නම් යටින් තියෙන්නෙ මොකද්ද කියල තේරුම් ගන්න උත්සාහ කරනව. ඒත් සමහර වෙලාවට උඩින් තියෙන කතාවත් තේරෙන්නෙ නෑ. :D

දිනුක said...

පුළුවන්නං එක පොතක් එක පාරකට වඩා වැඩි වාර ගාණක් කියවන්න ට්‍රයි කියවන්න.වෙලාවනං යනවා තමයි.ඒත් පොත් ගොඩක් තෙරුමක් නැතුව කියවනවට වඩා තේරුමක් ඇතුව එකක් කියවන එක හොඳයි කියලයි මටනං හිතෙන්නෙ.මම සාමාන්‍යායෙං එහෙම කීප පාරක් හොඳ පොත් කියවනවා.එතකොට ඒකෙ හැංගිලා තියෙන අර්ථ සම්බන්ධතා එහෙම හොඳට අවබෝධ වෙනවා.

විචාර ගැනනං කතා කරලා වැඩක් නෑ.

චතුරංග පෙරේරා [චතූගේ කථා] said...

+1 දිනුක !!!

ඔබ නොදු‍ටු ලොවක්..... said...

සිතුවිලි පවුරු දෙකයි දැන්.......

Miyuru said...

මටත් හිතෙන්නෙ දිනුක කියපු එක හරි... පළවෙනි පාර කියෙව්වහම ඔළුවට ගියේ නැති ගොඩක් දේවල් දකිනවා දෙවෙනි පාර කියවනකොට....

Post a Comment

පි‍ටු පෙරලපු ගාන