හිඟන කොල්ලෙක්ගේ ආදර පැතුම්...

Monday, October 24, 2011
ජීවිතේ බබා චුට්ටක් කචල් වගේ නේද...
මං කියන්නේ නිකං පැටලිලා පැටලිලා වගේ නේද....© Jeff Adams© Jeff Adams

බලන්න....

කවදාවත් නැති විදිහට සීතලයි.
හෙට අනිද්දා ස්වීටර් අදින්නත් වෙයි...
හද්දා වැස්ස....
වැව් ඔක්කොම වානේ දානවා.
ඇල වේලි පුපුරලා යනවා.
ඇනිකට් උතුරනවා.
සොරොව් ඉබේම අරිලා පුපුරනවා.

මින්නේරියේ ගංගා
ප්‍රජා ශාලාවේ.....
අනුරාධපුරේ රන්මලී
සෙන්ට්‍රල් එකේ ශාලාවේ....
කඩුවුලු වැවේ සඟරා මිටියකුත්
ගහගෙන ගිහින්....

මේ පැත්තෙන් පොල් ගෙඩිය හැටයි
අමු මිරිස් සීයයි...
පොල්තෙල් තුන්සීයයි....
පහනක් පත්තු කරන්නවත් හිතෙන්නෙ නෑ....

ලාබ එකම දේ
අවුට් ගොඉන් කෝල් රේට්ස් විතරයි.
ඒ නිසා පනහක සීයක රීලෝඩ් එකක් දාගෙන
 අපි තකා කරනවා...

ඔයාට කොහොමද අනේ...
ඒ පැත්තෙන් අඩනවා.
හෝ ගාල අඩනවා.
ඇයි වස්තුවේ .මේ...
අයියට කතා කලා
දැයට කිරැළ බලන්න යන්න
එයාට බැහැලු....
ඔන්න කතාව..... මේ රටේ පැත්තක් යටවෙලා
මෙයාට දැයට කිරැළ.. ෂෝක්....

අනේ මන්දා මොනා කරන්නද කියලා
වෙලාවකට හිතෙනවා තනියම ඉන්නත් නේද
කසාද බැදලා කොහොම උයන් කන්නද
බඩවල් උස්සගෙන දුක් විදිනකොට
ආදරේ කොහෙන් යයිද...

අපි ටිකක් ඉම්...මු....

ඇයි....

නෑ.... ලබන අවුරැද්දේ විතර බඳිමු.
අඩුම ගානේ පොල් මිලවත්
අඩු වෙනකල් ඉවසමු.

මං ඔයාට පොල් කිරි නොදා
කෑම හදලා දෙන්නම්..

පිස්සදු...

පොල් කිරි නොදා මොන කිරි දාන්නද....

(හරියට හිනා)

ජීවිතේ අමු පල් අයියෝ....
කිසිම ගතියක් නෑ
ජීවිතේට අලුත් ගෝ එකක් ඕන
මොන ගෝද... බස් ගාස්තුත් යනවලු...
ඊට පස්සේ පැට්‍රල්....
ඊට පස්සේ කිරිපිටි....
ඒකනේ කිව්වේ බඳින්නැතිව ඉමු කියලා...
බබාල හදා ගත්තම හරි ප්‍රශ්න
උන්ව ඉස්කෝලෙ දාන්න ඊට වඩා ප්‍රශ්න
ඔයාට ඉතිංන් ජාතික පාසලකට දාගන්න ඕනි කියයි.

වැඩක් නෑ යකෝ...
එක්කෝ අපි බදාන අඩමු
නැත්නම් බදාගෙන....

ඔයාට විහිලු... ජීවිතේ ගැන
සීරියස් හිතන්න බබා....
ඔයා මොනවද මේ කරන්නේ...

ඔයා දන්නවද....

අනාරක්ෂිත ලංගික එකතුවීඹක් උනොත්
පැය තිස් හයකට ඉස්සෙල්ලා
පොසිටිනෝ දෙකක් බොන්නලු.
බබාලා හිටින්නෑලු
පවුල් සංවිධානෙන් කියන්නේ

අනේ බබා මේකත්
ජීවිතයක්ද....

මාත් කියන්නේ ඒක තමා වස්තුවේ.
මේකත් ජීවිතයක්ද....

කොහොමද බඳින්නේ කෙල්ලේ
පවුම් තිස් අටදාහක්

කමක් නෑ ඉමිටේෂන් දාන්න....

වෙලාවකට හිතෙනවා ඇස් පියාගෙන
උඩරට මැණිකේ එකට පින්න
ඒකත් මේ දවල් වල නෑ
පීල්ලට කඳු නාය ඇවිත්

අනේ හිනාවෙන්න එපා
අද ජීවිතේ ඔහොමයි.
ඒත් ඔයා ජීවත් වෙන්න හිත හදාගන්ඩ

අපිට හෙට අනිද්දා මොනවා
මොනවා හරි වෙයි සුදූ
ඒ හින්දා ඔහේ ඉමු
කොහොමත් 2012 ලෝක විනාශයලුනේ
ඊට පස්සේ අලුත් විහ්වයක අපි හුමුවෙමු

එහෙම උනොත් ඔයා මලක් වෙන්න
මම මේ මහ පොළොව වෙන්නම්
පරවෙච්ච චාකට කඩාගෙන වැටෙන්න
බායි.....

මං හිඟන්න....

9 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

Kanishka said...

ලස්සනයි :)

unknown said...

නියමෙට ලියලා තියනවා...

පන්සල් හංදිය said...

ඔය විදියට හිතුවොත් ජීවිතේට බඳින්න වෙන්නෙ නැහැ ......

චතුරංග පෙරේරා [චතූගේ කථා] said...

හ්ම්... ලස්සන නිර්මාණයක්...!

හොඳ ආදාරයක් මැද්දට මොනම විදියකටවත් සල්ලි හරස්වෙන්නෑ සහෝ... ! අත්දැකීමෙන් කියන්නේ... නවල් වල දෙබස් නෙවේ... ! කොහොම වුනත් සංවේදී නිර්මාණයක්. ජය

චතුරංග පෙරේරා [චතූගේ කථා] said...

//ආදරයක්// හොඳඳ

#sirkinna said...

Chathuranga Perera said...

යාලුවා මට උන දෙයක් .. ඇතත්ටම සල්ලි හරස් වෙනවා ... සමහර විට ඔයාට මේක අත්දැකීමක් නැතිව ඇති. ඒත් මට තියෙන නිසයි මම ලිව්ව. අවුලක් නෑ. comment එකට thanx...

#sirkinna said...

Kanishka | කණියා said...

ස්තූතියි

#sirkinna said...

unknown said...

බොහොම ස්තූතියි

#sirkinna said...

පන්සල් හංදිය said...

හික්ස්. මොනා කරන්නද යාලුවේ

Post a Comment

පි‍ටු පෙරලපු ගාන