සිංහල බ්ලොග් වල අලුත්ම පිස්සෝ

Thursday, September 8, 2011


මම හිතාගෙන හිටියේ මගේ බ්ලොග් එක එච්චර කට්ටිය එන්නේ නැති පාලු තැනක් කියල. එහෙව් තැනකත් අද(08) අන්න කුණුහරප ලියපු කොමෙන්ට් එකක් දාල. ඇනො කෙනෙක්. අනේ මන් දන්නේ නෑ මේ පිස්සන්ට මොනවාද කරන්න ඕනේ කියන එක. මගේ බ්ලොග් එක බලන්නේ ටික දෙනෙක් උනාට ඒකට සහෝදරියන් කීපදෙනෙක් එනවා. බොහෝ වැදගත් මහත්වරු එනවා. තව ෆලෝ නොකර බලන අය ගැන මම දන්නේ නෑ. ඒ අයගේ වයස තරාතිරම මම දන්නෙත් නෑ. ඉතින් මේ පාක ප්‍රජාව වෙනුවෙන් මගේ බ්ලොග් ඒක පිළිවෙලට පිරිසිදුව තියාගන්න ඒක මගේ වගකීමක්.

කොහෙවත් යන පිස්සෙක් අද මගේ බ්ලොග් එකට රිංගල මගේ පොස්ට් එකක් කියවල මට බැනල ගිහින්. මගේ බ්ලොග් එකේ මම ලියන්නේ මට හිතෙන දේවල්. ඒක හරි නැතිනම් සභ්‍ය විදියට කියන්න තිබ්බ නේද? සිංහල බ්ලොග් වලට මම අලුත් උනාට මම බ්ලොග් ලියන්නේ 2009 විතර ඉඳල. ඒ කාලේ ඉඳල අද වෙනකම් මට ආව පලවෙනි කුණුහරුප කොමෙන්ට් එක තම අද මේ ආවේ. මොකද්ද මේ වෙලා තියෙන්නේ කියන්න මම දන්නේ නා එත් මම ඔහොම ඒවාට සැලෙන්නේත් නා. අනෝ ඔයාට මම කියන්නේ ප්‍රවේසම් වෙන්න, මොකද කොට්ටෝරුව කොටුවෙන්නේ කෙහෙල්ගහට කොටපු දාට..

11 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

Nadun said...

me loke eka eka jathiye minissu inna oni. eka eka wenas vada karanna oni. natnam pawatmak naha. umba owa ganan nogena indapan. eka eka pisso eka eka vada karanawa.

රාජ් said...

ඔයවගේ පිස්සො ඉන්නව ගනංගන්න එපා.

Amila Chathuranga said...

මමනම් දකින්නෙ ඒක පාඨකයගෙ අයිතිවාසිකමක්..ඒ කෙනාගෙ සමාජ තත්වෙ අනුව තමා ඒ ඒ අය කමෙන්ට් කරන්නෙ..අපිට කරන්න දෙයක් නෑ..මමනම් කමෙන්ට් මකන්නෙ නෑ...

nihal said...

එහෙම එකක් දාපුවාම ඒක ඩිලීට් කරන්න එපා .ඒ විදියටම තියෙන්න අරින්න. ඒ දාපු එකා ආයෙමත් ඇවිල්ල බලනව මොනවද අනික් අය කියල තියෙන්නෙ කියල බලන්න. එතකොට ඌටම ලැජ්ජ හිතෙයි.

Anonymous said...

uba owata salenna epa malli

සංකල්පනා - රුවන් said...

වැරදි මාතෘකාව:

සිංහල බ්ෙලාග් පටන්ගන්නත් ඉස්ෙසල්ල මුන් හිටිෙය..

Anonymous said...

Oyawage modayo koheth innawa...don't warry

රත්නේ said...

indi කියපු දෙට මාත් එකගයි..ඒක පාඨකයගෙ අයිතිවාසි කමක්.ඉංගිසි බ්ලොග් වල කොච්චර කුණුහර්ප තියනවද? ඒවා දරාගන්න බැරිනම් කමෙන්ට් ටික මොඩරෙට් කරගන්න ඔනෙ නැත්තම් බ්ලොග් නොලිය ඉන්න ඔනේ..
කොට්ටෝරු කථාවත් ප්‍රයොගික නෑනෙ.කුණුහර්පයක් ලිවා කියල මිනිහව ඒල්ලනයැ අපි...

ක්සැන්ඩරයා said...

කට්ටියටම බොහොම ස්තුති කොමෙන්ට් කරාට... ඇත්ත.. එක මකන්නේ නැතුව තිබ්බනම් හරි තමයි. එත් මගේ බ්ලොගේ කියවන අයව මම එකෙන් ඈත කරනවාදෝ කියල මට හිතෙන්නේ එතන සභ්‍යත්වය එක්ක පොඩි පරහක් තියන නිසා. මම ඇනෝලව අයින් කරන්නේ නෑ කවදාවත්. ඒවගේම කොමෙන්ට් මොඩරේට් කරන්නෙත් නෑ.. නිකම් රිමුව් කරනව. පිස්සෙක් හින්ද මොකටද හොඳ දේවල් නැතිකරන්නේ නැද්ද?

....ජනියා.... said...

මාරසෙන් ලා බුදුන්ටත් හිටියා...
ඉතින් අපිට නොසිටිවිද?

ඔවා ඔහොම තමයි

Anonymous said...

kollo meka budu hamuduruwantath gal peralapu,jesus wahanseta ana gahapu,mahathma gandhita wedi thiyapu,lokayak. ehema baladdi umbata wela thiyenne sulu deyak. ganan ganna epa, umba digatama wede karagena palayan. api umba ekka innawa.

Post a Comment

පි‍ටු පෙරලපු ගාන