ලංකාව ටෙලිනාට්‍ය හා අතුරු කතා..

Sunday, September 11, 2011

ලංකාවේ තියන ටෙලිනාට්‍ය වල ගොඩක් යන්නේ වල්පල්. මම මෙහෙම කියන්නේ හේතුවක් ඇතුව. මොකද අද සතියේ විකාශය වෙන ටෙලිනාට්‍ය 10 ක් ගත්තොත් එයින් 8 වත් කතා තේමාව වෙන්නේ එක්කෝ කිසිම හරයක් නැති දිගටම ගලාගෙන යන කෙහෙම්මලක්, එහෙමත් නැත්තන් හරයක් නැති පවුලක් ෆුල්ම අවුලෙන් ඉන්න කතාවක්. ඔය කතා වල සාමාන්‍ය සිද්දි වෙන්නේ එක්කෝ මංකොල්ලකෑම්, පැහැරගෙන යාම්, තර්ජන වගේ ඒවා තමා. ඔක්කොම ටෙලිවලින් බාගයක් රබර් නැත්තන් ඉලාස්ටික් කතා... දැන් ඒවාට කියන්නේ මෙගා. පිස්සු හැදෙනවා. ඉතින් මෙව්වා ඉලාස්ටික් රබර් වෙන්න කතාව ඇතුලට අර කියන එව්වා දානවා ප්‍රධාන චරිතේ උස්සන්න කප්පම් ඉල්ලන්න වගේ සීන් එක්ක..

සමහර ටෙලිනාට්‍ය උපරිම ඉන්දියානු කොපි කියන එක බැලු බැල්මටම පෙන්න තියන කාරණයක්. කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමින්වහන්සේ කියනවා වගේ කාලකන්නි ගෑනු හත්දෙනෙක් සතියට ඉන්නවා.. ඒ කතාව නම් සහතිකයි. ඇයි ඉතින් හැමදාම යන්නේ ජීවිතේ තියන හැම කරදරයක්ම විඳින ගෑනියක්ගේ කතාවක් නේ. මෙව්වගේ පෙන්නන දේවල් අපේ දරුවෝ ග්‍රහණය කරනවා ඉතාමත් ඉක්මනට. ඒවගේම තමයි සමහර ගෙවල්වල ඔන්න කට්ටිය දුවනවා ප්‍රවීණ බලන්න, ඊටපස්සේ තව කෙහෙම්මලක් ඊටත් පස්සේ තව එකක් විදියට.. මේකේ ලීඩ් එක ගන්නේ ගෙදර අම්මා. මම දන්නා ගෙදරක් තියනව, එයාලට ඔය ටෙලිනාට්‍ය යන වෙලාවට ට්ව් එකයි සලේ ඉඳන් ඉන්න පුටුයි තියල මුළු ගෙදරම අරන්ගියත් ගානක් නෑ.

ට්ව් එකේ තව සීන් එකක් තමයි ඔය වැඩියෙන් හිට්ස් තියන ටෙලියක් යන වෙලාවට ඔන්න ඇඩ් දානවා හිටු කියල මැදට. අනේ දෙය්යනේ කතාව බලන්න වෙන්නේ කොලේකුත් තියාගෙන. ඇයි අර මගින් නවත්තල ඇඩ් එහෙම දාල අයෙ පටන්ගත්තාම නවත්තපු තැන මතක්වෙන්න සීන් එක ලියල තියාගන්න.

මේකේ තියන කනගාටුම දේ එක නෙවෙයි. දැන් රූපවහිනි වල යන්නේ මෙගා ස්ටාර් සිඟින් ස්ටාර් වගේ රියලිටි. අර ඉස්සර වගේ කාලෙයි අරන්ගම් පොන්මාලෙයි පොලොන්දු, මනෝහාරී චාර්ට් ෂෝ වගේ ඒවා අද නෑ. ඒවගේම රූපවාහිනියෙ කාලයක් විකාශය උන ඩිස්කවරි චැනල් එක වගේ දේවල් වලින් වෙච්ච මෙහෙය ඉතාම අපුරුයි. ඒවගේ දේවල් අද සිද්ද වෙන්නේ නැත්තේ ඇයි කියන එක මටනම් මහා ම මහා ප්‍රහේලිකාවක්. ඔයාලට මතකනම් ආර්ථික විද්‍යාව ලස්සනට කාටුන් වලින් උගන්නපු ගණු දෙනු කියන වැඩසටහන කොයිතරම් ලස්සනට ආකර්ශනීය විදියට ඒ දේ කරාද? අටපට්ටම විතරයි අද දරුවන්ට බලන්න තියන එකම දේ. ඉස්සර පොඩ්ඩන්ට රසාර, දොස්තර හොඳ හිත, පිස්සු පුසා වගේ කාටුන් ගියා. ඒවා රසාස්වාදනය මොට කරන දේවල් නෙවෙයි. පුංචි ඇත්පැටවා වගේ සිනමා, සුරඟන කතා කරලිය වගේ වැඩසටහන් දරුවන්ට තිබ්බ දේවල්.  අද දරුවන්ට රූපවාහිනිය කියන්නේ බාල කඩචෝරු විකුණන පිස්සන් කොටුවක් වෙලා හමාරයි.. ඉගනගන්න දරුවන්ට දෙයක් දෙන්න සල්ලි වියදම් කරනවට වඩා මිනිස්සුන්ව විකුනන්න මාර්කට් හදන තැනක් බවට මේ නාලිකා අද පත්වෙලා. දේශපාලන වට්ටෝරුවේ තවත් එක උපාංගයක් බවට පත්වෙලා.

මට අන්තිමට හිතෙන්නේ මෙහෙමයි. මමනම් මගේ එකෙක්ව ට්ව් එකට හුරු කරන්නේ නැතුව ඊටවඩා අන්තර්ජාලයට යන්න යොමු කරනවා. ඒක දාහෙන් සම්පතයි. දැන් ඔයාල හිතාවි මේ  මොන පිස්සු කතාවක්ද කියල... නෑ...... ටෙලි නිලියෝ ගණිකාවෝ වෙච්ච රටක ළමය ඉන්ටර්නෙට් එකට යද්දී එච්චර කලබල වෙන්න ඕනේ නෑ. ඕනේ කරන එකම දේ කොම්පියුටරේ සාලෙන් හරි නිතර පේන තැනකින් හරි තියන ඒක විතරයි. අනික මම ඇත්තම කිව්වොත් කව්රු කොහොම වැට බැන්දත් නියම වයසට ආවම ළමයි කුතුහලේට කොහොමත් ඔය නිල් දේවල් බලන එක කාටවත් නවත්තන්න වෙන්නේ නෑ. 

11 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

hare :-) said...

ඔය කියන ඒව පෙන්නුව කියල අද ඉන්න පොඩි උන් ඒව බලන එකක් නෑ බං. උන්ටත් ඕන අරවම තමයි. ගෙදර පොඩි එකා අම්මල බලන්න ඕන නාට්‍යය තෝරන අවස්ථාත් මම දැකල තියෙනවා. පොඩි එකාට ඕන එක නොදැම්මොත් මල ජූලියයි.

එක තැනක් වරද්දගත්තම ඒක හදන්න බැරිව දිගට දිගට වැඩුණු අවස්ථාවකට හොඳම නිදසුන් තමයි මේවා.

හොඳ වාර්තා වැඩසටහන් ටිකක් හොයාගෙන ඉඳල හිටලවත් ළමයින්ට පෙන්නන එක තමයි කරන්න තියෙන්නෙ.

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...

කොම්පියුටරයට පේරන්ටල් කොන්ට්‍රොල් එකක් දාන්නත් පුලුවන්

මම නම් ලංකාවේ රූප වාහිනි නාලිකා වලින් බලන්නේ

01) අද දෙරණ (කලාතුරකින් තවත් මොකක් හො ප්‍රවෘත්තියක් )
02) ඇන්ඩ් කොම්පැනි (සතිපතා )
03) දෙරණ 360 , ජනහඬ , වාදපිටිය (ඉතාම කලාතුරකින් තමයි දැන් නම් )

පමණයි

හරී said...

සහතික ඇත්ත....... ඒත් සහෝ අටපට්ටමෙත් කියන්න තරම් හොඳක් නෑ... එකම දේ චුට්ට චුට්ට පෙන්න පෙන්න පිස්සුනෙ කෙලින්නෙ.......

Yapa said...

මැක්සා කතාව.. මල් හත‍යි. කීවට විස්වාස කරන්න සහෝ, මම 2002න් පස්සේ තාම එක ටෙලි‍යක් Tvඑකෙන් බලල නෑ.
ඒ මම වෙද්‍ය සඟරාවක දැක්කා "නිතර නිතර බොලඳ දේවල් දැක්කම මොළ‍යට තාර්කික විසඳුම් ගන්න හැකි‍යාව නැතිවීගෙන ‍යනවා" කි‍යලා දැක්කට පස්සේ.
ඔවගේ පෙන්වන කුණුහරප බලලා තමා අපේ රටේ පවුල් පිටින් වැනසිලා ති‍යෙන්නේ. එක කතාවකවත් ආදර්ශවත් දෙ‍යක් නෑනේ.
මිනිහා වෙන ගෑනි‍යක් එක්ක. ගෑනි වෙන මිනිහෙක් එක්ක.
ඉස්කෝල‍යක් පෙන්නුවත් එක්කෝ teachersලගේ love, කෙල්ලො කොල්ලො loveකරනවා. ඉතින් මේවා දිහා කට ඇරගෙන බලන් ඉන්න මොන්ටිසෝරි පොඩි එකත් හිතන්නේ "කෑල්ලක්" නැත්නම් ජීවිත‍යක් නෑ කි‍යලා. අනි‍යම් සම්බන්ධ‍යක් නැත්නම් " අද" කාලේ " පොෂ්" පවුලක් නෙවේ කි‍යලා.
අනික දැන් හො‍යාගෙන ති‍යෙනවා නිතර tvබලන අ‍යට මානසික ඒකාග්‍රතාව‍ය රඳවාගන්න පුලුවන් වෙලාව සීමිත‍යි කි‍යලා. මොකද නිතර tvබලනකොට කතාව විනාඩි 10ක් ගි‍යොත් ඊලගට Adඑකක්.
එතකොට මොල‍ය පුහුණු වෙන්නේ අවධාන‍ය එක තැනක රදවාගන්න ඕනේ ටික වෙලාවකට විතරක් කි‍යලා.
ටික කාල‍යක් ‍යනකොට අපේ පොඩිවුන් ටික නිකම්ම මැට්ටො වෙනවා.

පිස්සා පලාමල්ල said...

ලන්කාවේ චැනල් නම් දැන් අර මෙලෝ රහක් නැති ගණයට වැටිලා... ඉස්සර ගියපු නාට්ටි... ටීවී සීරිස්‌ ( රොබින් හුද සමුධුරු දැරිය ) වගේ එවා... පිස්සු පුසා.. හා හා හරි හාවා... වගෙ කාටුන් මොන තරම් ලස්සනද...

Deeps said...

හික්...ටී වී නම් නොබලන තරමට වඩා හොඳයි :)

පිස්සු පුසා said...

හොද ලිපියක්...ඇත්ත ඇතිසැටියෙන් ලියලා තියෙනවා...

පිසාචයා said...

ඉස්සර මාත් හෙන ආසාවෙන් බැලුව එකක් තමයි ඩිස්කවරි චැනල් එක.
ඒක නවත්තපු එක නම් හරිම අපරාධයක්.....

කාලෙට වටින ලිපියක් අයියෙ......

Anonymous said...

අපෝ අටපට්ටම හොඳයි කිව්වට ඒකත් ලාබ ගණයේ වැඩසටහනක්....නිවේදකයා හැකර කටින් දොඩවන දෙඩවිල්ල අහගෙන ඉන්න අමාරුයි....අන්තර්ගතයෙත් දැන් ගන්න දෙයක් නෑ...අතු බෙදුනු පොල් ගස්, බැල්ලියොන්ගෙන් කිරි බොන හා පැටවු ඒව විතරයි හැමදාම.....

ක්සැන්ඩරයා said...

@ hare :-)
පොඩි උන්ට පොඩි වයසේ ඉඳල පෙන්න තියන එකට උන් ඇදිල යනවා. එකයි ඔය විදියේ දේවල් වෙන්නේ. මේවට දෙමව්පියෝ පොඩ්ඩක් විතර වගකියන්න වෙනවා නේද? අර කිව්වා වගේ ඉඳල හිටලා හරි හොඳ වාර්තා වැඩසටහන් බලන්න දෙන එකනම් ගොඩක් හොඳයි.

@ buwa
පේරන්ටල් කොන්ට්‍රෝල් එකට ෂොට් එක දෙයි දැන් ඉන්න උන් ඔක්කොටම කලින්. හා හාහ්.. ඇත්ත සහෝ. මමත් ඉඳල හිටලා දෙරණ බලනවා. එච්චරයි.. වැඩි හරිය කොම්පීතරේ තමයි.

@hari
කතාවෙත් ඇත්තක් තියනවා සහෝ. මොකද අර අමුතු සතෙක් ගැන පෙන්නපු අටපට්ටමේ පොඩ්ඩක් තව ගවේෂණය කරලා ඔය සත ගැන දෙන්න තිබ්බ විස්තර එකක්වත් නැතුව නිකම්ම නිකම් යාන් හෑල්ලක් නේ හැලුවේ. ඒත් එකේ යන ඒවායින් සීයට 80 වත් හොඳයි නේද?

@yapawijerathna
ස්තුති සහෝ.. ඇත්තටම සන්තෝසයි අදුනගන්න ලැබීම. ගොඩක් වටිනවා මේ කොමෙන්ට් එකෙක් විදියට දීල තියන අදහස් ටිකම. සහතික ඇත්ත, දැන් දැන් ළමයින්ට වැඩිහිටියන්ට තියන දේවල් බැලුවම ට්ව් එකෙත් සම්බන්ධයක් නැතිවෙන්න බෑ..

@පිස්සා පලාමල්ල
කතාවනම් ඇත්ත. කිසිම ගතයුතු දෙයක් නැති ඒවානේ අද ට්ව් එකේ යන්නේ? රොබින් හුඩ් නම් මම මාරම ආස කරන ප්‍රෝග්‍රෑම් එකක්. හැබැයි 1984 වර්ෂන් එක. මතකද ඔෂින්? තව කීයක් ගියාද?

@deeps
එක නම් සහතික ඇත්ත..

@ පිස්සු පුසා
නමට විතරනේ පුසට පිස්සු? ස්තුති සහෝ..

@පිසා
මල්ලි.. මමත් ඩිස්කවරි යනවනම් ආයේ වරද්දන්නෙ නෑ කොහොම හරි බලනවා. මැක්ස ප්‍රෝග්‍රෑම් එක. ඕක යන කාලේ මම ඕලෙවල් කරලා හරි ඒ ලෙවල් කරලා හරි ගෙදර හිටපු කාලේ. ආයේ උදේ 7 ඉඳන් නිදහසේ බලනවා.
ප ලි: කොල්ලෙක්ට පිසචය කියන්න මට හිතෙන්නෙම නෑ..

@චතුරංග පෙරේරා | chathuranga Perera
ස්තුති සහෝ..

Anonymous said...

great

Post a Comment

පි‍ටු පෙරලපු ගාන