පිය ඔබ හට කව් ගී ලිය උනාමදි..

Saturday, September 17, 2011

ආදරණීය තාත්තාට 


ංංංංංංංංංංංංංංං
සිව් පද පේළිට       තැබිච්ච
ගත්තොතින් හඹූව  සොවිච්ච
ඒ කවියේත් පුරා ලිය තිබ්ච්ච
ඔබ නැත මා හද තතු  බිදිච්ච


ඔබ ගැන මෙතුවක්      නොලිව්ව
ලියමි ස්නෙහේ පවනට     යවත්ව
අද පමණක් හිත් වැට       බැදිච්ච
එක් පදයක් වත් ඔබ ළඟ රැදේන්ව


වැටේන්න එපා පිය මාගේ       සිතේන්
ස්නේහේ තවත් සුවද හැම දස   අතේන්
මෙතුවක් දරාන පුතඅගේ ලියූ   සිතේන්
ඔබ මතු බූදුවන ඔබමයි මගේ සේතේන්
ංංංංංංංංංංංංංංංංං







2 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

පිසාචයා said...

ඇස් දෙකට දුක් දෙමින් අපමණ
නිදිවැරූ දින ගණන් කොපමණ
තාත්තේ පොඩි පුතා ලොකු වෙන
ආදරේ නම් අඩු නොවේ කිසි දින

Loku John said...

එකම කවිය තැන් දෙකකදි දුටු මෙමට
එකම දෙයක් නොලියන්නට සිතුනි මට
කවියා එකම වූවත් නිවහන් දෙකට
රස ඇති වෙන්නෙ එක්වුනු අදහස් වලට

පද හතරෙන් මේ ගැන මට කිව නොහැක
එනිසා තවත් එක්වුනි එක් පද කවක
තිබෙනවාද මේ වැනි කවි තව තැනක
එහෙනම් ඉතින් තව කවි මට ලිවිය හැක

Post a Comment

පි‍ටු පෙරලපු ගාන