පිනාගේ කුප්පිය 05 කොටස පිනා කොටස් වෙළද පොළට

Tuesday, September 6, 2011

ඔන්න එහෙනම් පිනත් කොටස් වෙළදපොල පැත්තට පය ගැහුවා. ඇත්තටම මොකක්ද මේ කොටස් වෙළදපොලක් කියලා කියන්නේ. ආයෝජකයන් විසින් කොටස් ණයකර හෝ වෙනත් ඕනෙම සුරැකුම්පත් වර්ගයක් මිලයට ගන්නා හෝ විකුණන ස්ථානයක් තමයි. ලංකාව් මේ ගනුදෙනු සිද්ද වෙන්නේ කොලබ කොටස් හුවමාරුව එහෙමත් නැත්තම් C .S .E . Colombo Stock Exchange කියන සන්විදානාත්මක වෙලදපොලේදී . තාම වෙලාව අටහමාරයි. මේකේ වැඩ පටන් ගන්න තව පැයක්ම තියෙන එකේ අපි බලමුකෝ මේකේ ඉතිහාසේ ගැන ටිකක්. මුලින්ම ලංකාවේ කොටස් ගනුදෙනු ආරම්බ උන වර්ෂය ලෙස සැලකෙන්නේ වර්ෂ 1896. මොකටද සුද්දෝ ලංකාවේ මෙහෙම එකක් ආරම්බ කලේ. අනේ අසරණ සිංහල මිනිස්සු, කොටසක් හරි විකුණගන කියක් හරි හොයා ගනියිනේ කියන ආදරණිය හැගිමෙන්ද? හිකිස්... එහෙනම් මේකට මුලිකම හේතුව උනේ 1820 විතර ඉදලා ලංකාවේ ප්‍රදානතම බෝගයක් උණු කොපි වගාවට දිලිර රෝගයක් වැළදිලා විනාශ වෙලා යාම. කොපි වගාව විනාශ වීමත් සමගම වතු වගා කරුවන් ලංකාවේ තවත් ජනප්‍රිය බෝගයක් වන තේ වගාව ආරම්බ කරන්න පටන් ගත්තා . එත් කොපි වගාවෙන් ඔවුන් උපයාගත් විශාල ලාබය ඔවුන් විසින් මේ වන විට ඔවුන්ගේ මව් රට වන එංගලන්තයට යවා තිබීම නිසා තේ වගාව නැවත ආරම්බ කිරීමට තරම් අතිරික්ත මුලදනයක් මේ වන විට ඔවුන් ඇත තිබුනේ නැ. ඔවුන්ට අවශ්‍ය වූ මුලදනය සොයා ගැනීම සදහා වැවිලි කරුවන් තමන්ගේ වතු පවුම් සමාගම් ( sterling companies ) බවට පරිවර්තනය කර ලන්ඩනයේ සහ කොලබ ලියා පදිංචි කළා. මහජනතාවට සාමාන්‍ය කොටස් , වරණිය කොටස් සහ ණයකර නිකුත් කිරීම මගින් තමයි මොවුන් තමන්ට තේ වගාව සදහා අවශ්‍ය කරපු මුලදනය සොයා ගත්තේ. එදා සිට අද දක්වා විවිද ස්නදිස්ඨාන පහු කරමින් කොටස් වෙළදපොල දිගු ගමනක් ඇවිත් තිබෙනවා. මේ තියෙන්නේ ඒ ගමන් මගේ වැදගත් සන්දිස්ඨාන ටිකක්
  • 1896 කොටස් තැරව් කරුවන්ගේ සංගමය
  • 1904 කොලබ තරව්කරුවන්ගේ සංගමය
  • 1984 ප්‍රසිද්ද වෙළද බුමියක් යටතේ විව්ර්තව හඩගා ලන්සු තැබීමේ ක්‍රමය
  • 1985 කොලබ සුරැකුම්පත් හුවමාරුව
  • 1990 කොලබ ව්‍යාපාර වස්තු හුවමාරුව
  • 1991 මධ්‍යම තැන්පතු ක්‍රමය ආරම්බ කිරීම
  • 1997 ස්වයංක්‍රිය වෙළද ගනුදෙනු ක්‍රමය  
  1. භව්තික වශයෙන් වෙළද පොලක් නැත
  2. තැරව්කාර සමාගම් දක්නට නැත
  3. ආයෝජක පැමිණිම අත්‍යාවශ්‍ය නැත 
  4. සම්පුර්ණයෙන්ම පරිගණක ගත කර ඇත 
  5. මිලකළ ප්‍රමුකතාව මත ගනුදෙනු සිදුවේ
  6. හඩගා ලන්සු තැබීමක් නැත
  7. ගනුදෙනුවක් වූ සැනින් මධ්‍යම තැන්පතු ක්‍රමයෙහි සටහන් වීම
  • 2004 ස්වයංක්‍රිය ණයකර වෙළද ගනුදෙනු ක්‍රමය 
  1. සාංගමික ණයකර සහ රජයේ බාන්ඩාගාර බිල්පත් සහ බැදුම්කර මෙම ක්‍රමය යටතේ ගනුදෙනු වේ.
  2. සියලුම තැරව්කාර සමාගම් මගින් ගනුදෙනු කල හැකිය
එහෙනම් ආයෙත් අපි අතීතයෙන් වර්තමානයට එමු. මුලින්ම බලමු මොනවද මේ කොටස් වෙළද පොලේ ගනුදෙනු වෙන්නේ කියලා 
01 සාමාන්‍ය කොටස්  ( Normal shares )
    මේවා මිලදී ගැනීමෙන් සමාගමේ හිමිකාරිත්වය ලැබේ. නිශ්චිත ලාබාංශ ප්‍රතිශතයක් ප්‍රකාශයට පත් නොකෙරෙන අතර සමාගම බංකොලොත් වීමකදී මොවුන්ගේ හිමිකම් කොටස ගෙවනු ලබන්නේ අනෙකුත් සියලුම වගකීම් පියවීමෙන් පසු  වත්කම් ඉතිරි වුවහොත් පමණි. ප්‍රදාන අංශ දෙකකි 
    01 .1 ඡන්ද බලය සහිත  (voting - N )
    01 .2 ඡන්ද බලය රහිත (Non voting   - X )
02 වරණිය කොටස්
නිශ්චිත ලාබාංශ ප්‍රතිශතයකට හිමිකම් ඇති අතර සමාගමෙහි හිමිකාරිත්වය මොවුන්ට හිමි නොවේ. සාමාන්‍ය කොටස් වලට සාපේක්ෂව අවදානම අඩුය.
03 කොටස් බලපත්‍ර
අනාගතයේ නිශ්චිත මිලකට සමාගමක කොටස් මිලදී ගැනීමේ අයිතිය ලබා දෙමින් වර්තමානයේ නිකුත් කරන ලියවිල්ලකි. 
උදාහරණ ලෙස සීමිත ABC සමාගමේ කොටස් 5000/= ක් රු 25 බැගින් 2014 මාර්තු 25 දින මිලදී ගැනීමට ඔබට අයිතියක් ලැබීම දැක්විය හැක. අදාළ දිනයේ කොටසක වෙලදපොලේ වටිනාකම කොපමණ වුවත් ඔබට රු 25/= බැගින් කොටස් 5000 ක් මිලදී ගත හැක.
04 ණයකර 
සමාගමක ණය ප්‍රාග්දනය  සපුරා ගැනීමට නිකුත් කරයි. බොහෝවිට මේවාට නිශ්චිත පොලි අනුපාතයක් ප්‍රකාශ කරයි.
නමුත් පොලි අනුපාත රහිත හා විචල්‍ය පොලි අනුපාත සහිත ණයකර නිකුත් කිරීමේ හැකියාව ඇත. නිශ්චිත කල් පිරීමේ දිනයක් ඇති අතර විවිද ලක්ෂණ පදනම් කරගන නිකුත් කරයි උදා. රක්ෂිත ණයකර, පරිවර්තනය කල හැකි ණයකර
05 රජයේ ණය සුරැකුම්පත් 
රජය විසින් නිකුත් කරනු ලබන බාන්දාගාර බිල්පත් හා සරකුම්පත්
05.1 භාණ්ඩාගාර බිල්පත් - රජයේ කෙටිකාලින ණය සපයා ගන්නා මාධ්‍යය වේ.
05.2 භාණ්ඩාගාර බැදුම්කර - රජයේ දිගු කාලින ණය සපයා ගන්නා මාධ්‍යය වේ 
මේවායේ පහර හැරීමේ අවදානමක් නොමැත 

3 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

Nadun Ranaweera said...

මාව සිතුවිලි පවුරුන් ඉවත් කලේ ඇයි ?

kavindu said...

හොඳටපෑහෑදිලි කරනව ගොඩක් ස්තුතියි කොටස් වෙලඳපොලේ කොටස් මිලදී ගන්නකොට අපි අනිවාර්යයෙන්ම සොයන්න ඔන කාරනා මොනවද කියල කියන්න පුලුවන්ද..... සනත්

චතුර විජේකෝන් said...

අගෙයි..

Post a Comment

පි‍ටු පෙරලපු ගාන