අන්ධ ආදරය

Saturday, August 27, 2011

උනා ඇගේ කසී සළු
ලං උනා සීරුවෙන්
දැනුනි මහ සීතලක්
නැගෙයි රාගිනි මතින්

නෙතින් වැයෙනා වෙනෙන්
නැගෙයි තනු දහසකුත්
සිතින් යයි බොහො දුරක්
බයයි දැන් මට ගොඩක්

ආදරය හීනයකි
නොලැබෙනා බව සැබැවි
එහෙත් ඒ ආලයට
ආදරෙයි මම ගොඩක්


3 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

- said...

ආදරය අන්ධයි කියන්නේ නිකන් නෙවෙයිනේ!

ජින්තු said...

අන්ධයෙක්ටත් ආදරය ඕන.ඒක කාටත් ඕන පොදු අවශයතවයක් නේද?

kumaraya said...

මම නම් කවි වලට එච්චරම ආස නෑ.
ඒත් මේ කවි ටික නම් අල්ලලා ගියා.
මල්ලි උඹේ ඔය ජින්තු කියන නම වෙනස් කළොත් නරකද ..?[ ජින්තු කියන එකේ සැබෑ තේරුම දන්නවද ..?]

Post a Comment

පි‍ටු පෙරලපු ගාන