මගේම මදාවි නඟා මට ලියපු ලියුමක්!

Thursday, August 4, 2011

මෙයා පිටිසර ගමක හැදිච්ච දුප්පත් ගෑනු ලමයෙක්. එච්චර අකුරැ සාස්තරේ බෑ. ඔය ඉස්සෙල්ලම තියෙන්නේ එයා එවපු ලියුම. ඊට පස්සේ ඔන්න මම ට්‍රාන්ස්ලේට් කරපු එක තියෙනවා.



දොරේ ගලන ආදාරයෙන් ලියමී..


මං බාත් තාල දැං ආවෙ. සීරිපලයියත් අද ඇවිල්ලා ගියා. මං ගොනං ගත්තෙ නෑ. බේබෝ.. මේ රා හරිම සුවඳයි. හරිම රෝමටික්. මේ සුවඳ දීගේ ඔයත් එන්න. ඔයාට හිරෙන් එන්න පුලුවන්ද? හැබැයි අපේ දර කඩන්න වෙයි. වහලු නවයි. ඔයා පට් එක අරං ආප්ප ගෙදර එන්න. අපේ පපීගෙන් මාව ඉල්ලන්න. ඔයා කලින් මිනිහෙක්නේ. කාක්කටත් දවන්න බලාගෙන එන්න. මකද එයා පුස්කෝලෙ ගයි. වට් තිබ්බට කෙමක් නෑ. එන්න. මං බීලා සිටිමි.


මම ඔයාගේ රං කැඳ...

ලවුලි ගලේ මදාවි...........




කොහොම හරි ඉතිං ඔන්න වචන ගලපගෙන බලද්දී එන්නෙ ඔහොමයි.


දෝරෙ ගලන ආදරයෙන් ලියමි..


මං බාත් කලා. දැං ආවේ. සිරිපාල අයියත් අද ඇවිල්ලා ගියා. මං ගනං ගත්තෙ නෑ. බබෝ... මේ රෑ හරීම සුවඳයි. හරිම රොමෑන්ටික්. මේ සුවඳ දිගේ ඔයත් එන්න. ඔයාට හොරෙන් එන්න පුලුවන්ද? හැබැයි අපේ දොර කඩන්න වෙයි. විහිලු නෙවෙයි. ඔයා ෆිට් එක අරං අපේ ගෙදර එන්න. අපේ පප්පාගෙන් මාව ඉල්ලන්න. ඔයා කෙලින් මිනිහෙක්නේ. කෝකටත් දුවන්න බලාන එන්න. මොකද එයා පිස්තෝලෙ ගයි. වෙඩි තිබ්බට කමක් නෑ. එන්න. මං බලා සිටිමි.


මම ඔයාගේ රං කඳ...

ලවුලි ගර්ල් මේදාවී.........

8 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

Deeps said...

පිස්සු හැදෙයි සඳ බබලයි :)

පිස්සු පුසා said...

හිකිස් පට්ට

ද ෂර්ලොක් හෝම්ස් මහතා said...

‍මටත් බැරිද ඕං ඔය ව‍‍‍‍‍ගෙලියුමි කෑල්ලක් ලි‍‍‍‍යෝගන්න

සාතන් said...

කොහොම හරි පලයන්... වෙඩි කාල එන්න පුළුවන්...

සුශාන් ප්‍රියනාත් රත්නායක said...

පට්ට පට්ට . . . .:D

කිනා NoහොTh KingShan said...

deeps said...
ඇයි එතකොට ඉර බබලන්නේ නැත්ද?


පිස්සු පුසා said...
තැන්කුයි ඈ...


ද ෂර්ලොක් හෝම්ස් මහතා said...
ඈ බොල. උබ හිතුවද මගෙ ගෑණි උබට ලියුම් ලියනවා කියලා..


සාතන් said...
හෑ... බලමුකෝ... වෙඩිද නැත්නම් වෙන මොනව හරි කාල එනන්ද වෙන්නේ කියලා


සුශාන් ප්‍රියනාත් රත්නායක said...
ස්තූතියි මචං

Anonymous said...

මේක ලියුමකින්ද ආවේ නැතිනම් SMS එකකින්ද

Anonymous said...

ඔයාට මගේ නමෙන් වැඩක් වෙන්නේ නැති හින්ද මම ඇනෝ කෙනෙක් විදියට කියන්න තියන දේ කියන්නම් කෝ. මට නම් ඇත්තට මේකේ කිසිම ගතියක් තිබ්බේ නෑ. අර දුප්පත් කෙල්ලගේ අප්පච්චි පප්පා උනේ කොහොමද කියලවත් පිටිසර අකුරු නොදන්නා කෙල්ල කඩු කෑලි දන්නේ කොහොමද කියන එකත් මටනම් මචන් අප්සෙට් සීන් එකක්. සාමන්යෙන් පප්පා තුවක්කු ගන්නේ ටිකක් උද්දච්ච රදල පරම්පරාවේ පහුගිය පුරුකක් කියල නම් මට තේරෙනවා

Post a Comment

පි‍ටු පෙරලපු ගාන