ඇගේ වරද ගැබිනියක් වීම ද?නැත්නම් මුස්ලිම් කාන්තාවක් වීම ද?

Friday, August 19, 2011
මේ සිදුවීම 2011.08.18 වෙනිද ගාල්ල බස් නැවතුම්පලෙන් රාත්‍රී 10.10 ට පිටත් වෙච්ච ලංගම බස් රථයෙ වෙච්ච දෙයක්.මේ දවස් වල වැල්ලෙ දේවාල පෙරහැර නිසා සැලකිය යුතු පිරිසක් රාත්‍රියට ගමනාගමනයෙ යෙදෙනව.මමත් පිරිත් පලකට ගිහින් ගෙදර එන්න බස් එකට නැගල වාඩි වෙලා හිටියෙ පිටිපස්සෙ සීට් එකේ දකුණු පැත්තෙ කොනේම.



පෙරහැරට ගිහින් හිටි මිනිස්සු නිසා බස් එක පිරිල තවත් 10-12 ක් විතර නැගිටල හිටියෙ.
මේ වෙලාවෙ බස් එකට නැග්ග මුස්ලිම් ජෝඩුවක්.තරුණ පෙනුමක් තිබ්බෙ.ඒ අක්ක පිටිපස්සෙ පාපුවරුව ලඟ බාර් එක අල්ලගෙන හිටියෙ.මම ලාවට වගේ දැක්ක ඒ අක්ක ගැබිනියක් බව.නමුත් වාඩි වෙන්න ආසනේ දෙන්න එයාට කතා කරන්න විදියක් උනේ නැහැ.කොහොම හරි අන්තිමට ඒ අක්ක එක්ක ආව අයියට මං ළඟ හිටපු අංකල් කෙනෙක් සීට් එක දුන්න.
සීට් එක දෙන්න ඒ අක්ක බස් එකට නැගල විනාඩි 10 ක් විතර ගියා.
මේ සිදුවීම මගේ හිතට මොකක්ද කුකුසක් ගෙනත් දැම්ම.එතන හිටපු අනිත් හැමෝම බවුද්ධයන්.අනික හැමෝම වගේ වැල්ලෙ දේවාලෙ ගිහින් එන ගමන්.ඒ වගේ වෙලාවකවත් ඒ අක්කට සීට් එක දෙන්න කෙනෙක් ඉදිරිපත් වෙන්න එච්චර වෙලා ගියේ ඇයි?[මෙතනදි මමත් අදාලයි.]
ඒ අක්ක උනත් මනුස්සයෙක් නේද?අපි වගේම ඇස්,මස් වලින් හැදිච්ච කෙනෙක්.අනික දරුවෙකුත් කුස දරාගෙන.
ඒ අක්කට සීට් එකක් ලැබෙන්න එච්චර වෙලා ගියේ ඒ අක්ක මුස්ලිම් කෙනෙක් වීම නිසා ද?
ආගම් භේදය නිසා මේ වගේ වෙලාවකවත් "මනුස්සකම" වෙනුවෙන් ඒ වගේ යුතුකමක් කරන්න බැරි මිනිස්සු ද මේ රටේ දැන් ඉතුරු වෙලා ඉන්නෙ?
මේ සිදුවීම මටත් එක්තරා ආකාරයක කලකිරීමක් වගේ ම ලැජ්ජාවක් ගෙන දුන්න.මොකද මට ඒ යුතුකම කරන්න බැරි උන නිසා.ඇත්තටම අපි මිනිස්සු නේද?මිනිස්සු මිනිස්සුන්ට උදව් නොකර කාට උදව් කරන්නද?

ප.ලි-මම බ්ලොග් ලිවීමෙන් ඇත් වෙන්න තීරණය කරල තිබ්බත් මේ වෙලාවෙ නම් ඒ තීරණේ කැඩුව.අත්‍යාවශ්‍ය හේතුවක් මත මිස ආයෙත් ලිපි ලියන්නෙ නැ.

13 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

පන්සල් හංදිය said...

හැබැයි මලයා උඹට තිබුනා කවුරු දුන්නෙ නැති උනත් කතා කරලා සීට් එක දෙන්න. එහෙම දුන්නනම් උඹට මෙහෙම තැවෙන්න වෙන්නෙ නැහැ ....

මමත් ඔය බස්වල සීට් දෙන එක ගැන දැකපු දෙයක් අකුරු කලා. මේ තියෙන්නෙ ලින්ක් එක ......

http://pansalhandiya.blogspot.com/2011/07/blog-post_11.html

Yapa said...

මේ සිද්ධි‍යම මටත් බස් එකක ‍යද්දීවෙලා ති‍යෙනවා. එදා ඉඳගෙන හිටි‍ය ඔක්කොම ගෑනු. වුණේ කඩුගන්නාව පල්ලමේ ‍යද්දී. කොන්දොස්තර‍යි driverදෙන්නම කි‍යලත් විනාඩි 10ක් විතර ‍යනකම් එකෙක්වත් සීට් 1 ක් දුන්නෑ.අමාරුව විදලා ති‍යෙන ගෑනුත් දන්නෑ වගේ හිටි‍යා. පිරිමි සීට් නොදුන්නනම් කි‍යන්න පුලුවන් experience නෑ කි‍යලා හරි . ඒත් මේ ගෑනු! මාත් සිංහල ඒත් මට ඒ වෙලාවේ මරන්න කේන්ති ගිහින් හිටි‍යේ මේ කරපු බලු වැඩේට. මාත් blogකරන්න හිටි‍යේ මේක කමක් නෑ. හොඳවෙලාවට මට කලින්ම blogකරානේ.

Anonymous said...

මගේ බිරිඳ ඕනේ තරම් හිටගෙන ගිහින් තියනවා බස් වල එයා ගැබිනියක් කාලේ! අප සිංහල ජිවත් උනේ කොළොඹ!

Unknown said...

Ow aththa. E gana nam mage hithe podi kalakureemak thiyanawa. Namuth API anith minissunge paththen hithala balamu. Dewaale persuaders sahabaagee wela hamoma wage mahabsiyen inne. Anika bus eke waadi wela hitiyata e miniss kalpana karanne wenath dewal gana. Ithin bus eke athule sidda wena dewal gana e minissunta echchara watsheemak na. E hinda me wage dewal sidu wenna puluwan.

Anonymous said...

අපේ බෞද්ධයන් කියන්නේ කුහක පාහර (තව වචන තියෙනවාද මන්දා මීට වඩා සැර ) ජාතියක් කියලයි මට හිතෙන්නේ. ලෝකෙට පේන්න සිල් ගන්න, නමුත් තියෙන දහදුරා බලු වැඩ සේරම කරන කොටසක් තමයි ඒ.

‌netnews said...

බස් එකේ සීට් එකක් නොලැබෙන්නේ ජාතිය ආගම හින්දා නෙමේ..කුහක කමට ජාති ආගම් බේදයක් නෑ.මචන් අපෙ සිංහල මිනිස්සු තරම තමන්ගෙ ආගමට ජතියට නොන්ඩි කරගන්න එවුන් මම ජීවිතෙට දැකල නැ...

ක්සැන්ඩරයා said...

මේකට නම් මම මොනවත් කියන්නේ නැතුව ගියොත් මට හිතට නිදහසක් නෑ. මලේ, උඹම නේද කිව්වේ උඹත් දැක්කේ ලාවට වගේ කියල? සමහර අය කැමති නෑ කියල ඉල්ලන්න. සමහර විට කුස එතරම් නොපෙනෙන්න පුළුවන් නේද? මගේ අක්ක කොයිතරම් හිටගෙන ගිහින් ඇතිද බබා හම්බවෙන්න ඉන්නකොට? එයාගේ කුස එතරම් පෙනුනෙත් නෑ. එයා ඉල්ලන්න කැමතිත් නෑ. මමනම් ජාති බේදයක් ආගම බේදයක් බලන්නේ නෑ. සීට් එක දෙනවා. එත් එහෙම දෙන්න ගිහින් හොදට අහගත්තා අවුරුදු 35 ක විතර (නංගි) කෙනෙක්ගෙන්.. මොකද මට ළමයි හම්බවෙන්න ඉන්නවා කියල හිතුවද? කියල. එයාගෙන් නම් මම අහන්න ගියේ නෑ සිංහලද දෙමළද මුස්ලිම්ද කියල. එත් එක ගෑනියක් නේද? මේවගේ දේවල් ජාති ආගම බෙදා වලින් බලන්න එපා. මනුෂ්‍යත්වයෙන් බලන්න. ඔයා ඔහොම කිව්වම ජාති බේද ඇතිවෙනවා නේද? බලන්න කොමෙන්ට්ස් ටික දිහාවේම?

Anonymous said...

ඇයි යකෝ, කකුල් කැඩෙනකං හිටගෙන පෝලිමේ ඉදන් අරගන්න සීට් එක මගින් නගින එකෙක්ට දීල කොළඹ වෙනකම් හිටන් යන්නේ මොන බම්බුවටද? ඕනෙ නම් බස් එක පටන් ගන්න තැනට ගිහිපුවාවෙ. එතෙන්දි පොලිමේ ඉස්සරහ දෙන්න ඇහැකි. නැත්තන් මේක මොන මගුලක්දල බඩක් එක්ක නැග්ගත්, ගණයෙක් නැග්ගත් සීට් දෙන්න එපායැ.

Dilanka Madhawa said...

ක්සැන්ඩර් අයියේ මම එතන ඇත්තටම ආගම් ගැන විවේචනයක් නෙවේ කලේ.මගේ හිතේ තිබ්බ අප්සට් එක නිසා මේක ලිව්වේ.[මම අවුරුදු 6 කට විතර බ්ලොග් ලියන්නෙ නැ කියල තීරණේ කරල තිබ්බෙ.]

Kanishka said...

මචං පොඩ්ඩක් උබේ පෝස්ට් එක වගේම ඇනෝ කමෙන්ට් ටිකත් හරි කොලිටියකට තියාගනිං. බ්ලොග් එකේ තමන්ගේ අම්මා තාත්තා වගේ තියෙන ජාතියටයි ආගමටයි ගරහන්න දෙන්න එපා එක එක පාහරයන්ට.

ඉන්දික උපශාන්ත said...

එක අතකට අරාබිය හොඳයිනෙ! මෙහෙ බස්වල ගෑණු ඉඳගෙන ඉඩ තිබ්බොත් තමයි පිරිමි ඉඳගන්නෙ. රට තරාතිරම ගැටළුවක් නෑ, හැමෝටම මේ තියරිය තමයි.

පන්සල් හංදිය said...

@Kanishka | කණියා,
මමත් එකඟයි ......
මොන ආගමකටවත් ජාතියකටවත් ගරහන එක අනුමත කරන්න බැහැ ....

රුවන් සම්පත් වික්‍රමතිලක - Ruwan Sampath Waickramathilaka said...

oya ahala teyana prashenayata kelinma denna teyana pilitura tamaii musslim wecha nesa tamaii sheet eka denna mee taramm welawakk gatte keyana eka
mokada kawama dakawatt musslim unn wena katawatt sheet ekaskk denne nee bass ekaka , tran ekaka wena onama ekaka...
oba dakala teyanawada musslim unn yana bass ekaka kawadawatt bhedde wena sinhala ekekkta wadi wennawatt denawa ....
unnn gawa manussakama aduii ekaii .....
oya wediyata wenne ....
balapannkoo sinhala amma kanakk naggama pora kala sheet eka denne mokada sinhala unge hgeta hodaii....

eka nesa ubata dukk wenna karanayakk wela nee mekedii (uba SINHALA yakknamm)

Post a Comment

පි‍ටු පෙරලපු ගාන