හිතේ සංතෝෂය සල්ලි වලට ගන්න පුළුවන්ද?

Wednesday, August 17, 2011


සමාජය දැං ඉස්සරට වඩා ගොඩාක් වෙනස් වෙලා, සංකීර්ණ වෙලා. හැබෑටම කොහොමද මේක මේ තරම් සංකීර්ණ වුණේ?

මට මතකයි අපි ඉගෙන ගත්තා අවශ්‍යතා පිරමීඩය කියලා එකක්.  ඒකෙ නිර්මාතෲ මැස්ලෝ කියලා මහත්තයෙක්. ඒකේ පහළින්ම තිබුණේ ආහාර, ඇඳුම්, නිවාස වගේ  මූලික අවශ්‍යතා ටික. ඔය පහළින් තියෙන පිංතූරෙ තියෙන්නේ ඒක මට තේරෙන විදිහට මං ඉදිරිපත් කරණ විදිහ.

මැස්ලෝ ගේ අවශ්‍යතා පිරමීඩය මගේ විදිහට්


ඒ කාලෙ ආහාර කිව්වාම ඉතිං එළවළුයි, බතුයි, ධාන්‍ය වර්ගයි ඊට අමතරව මස් මාංශයි නොවැ තිබුණෙ. කොස්, දෙල්, අල, බතලත් තිබුණා.
අද එහෙමද? සොසේජස්, මැකරෝනි, සුප් කැට, … හපොයි ඔය ටික කියන්න ගියොත් ඉතිං නිකම්ම ලිපිය දික් වෙනවා. 
ඒ විතරක්යෑ අද කාලෙ ඉඳලා හිටලා වත් චයිනීස් එකකින් කෑවෙ නැත්නම් ශරීර සෞඛ්‍යයට එච්චර හොඳ නෑ නොවැ. මේ කෘතීම ආහාර හිංදම හැදුණු ලෙඩ වලින් ආරක්ෂා වෙන්නත් තවත් කෘතීම ආහාර වර්ග තියෙනවා නොවැ…  දැං පේනවා නොවැ ආහාර අවශ්‍යතාවය සංකීර්ණ වෙලා තියෙන තරම.

ඒ කාලෙත් විවිධ ඇඳුම් විලාසිතා තිබුණා තමයි. හැබැයි ඒ සමාජය පුරාම නෙවෙයි. සමස්තයක් විදිහට ගත්තාම හැමෝම තමන්ගේ තත්වයට, තරාතිරමට, පළාතට, සංස්කෘතියට ගැලපෙන්න ඇඳුම් ඇන්දා. ඒත් මේ විවෘත ආර්ථිකේ හින්දද මංදා කුරුඳු වත්තේ ළමයටයි හැටේ වත්තේ ළමයටයි එකම විලාසිතාව කරන්න පුළුවන්. හැබැයි ඒ විලාසිතාවට ගැලපෙන පසුබිමක් තමන්ට තියෙනවද කියලා මේ අය හිතන්නේ නෑ. ඉතිං ඔන්න ඔය විදිහට ඇඳුම් අවශ්‍යතාවයත් සංකීර්ණ වුනාලු.

නිවාස ගැන ඉතිං කියන්න දෙයක් නෑ නේ… කවුරු කවුරුත් ට්‍රයි එක දෙන්නේ ගෙවල් දෙක තුනක් හදාගෙන වැඩිපුර ගෙවල් රෙන්ට් එකට දීලා කි‍යක් හරි හොයාගෙන පාඩුවේ ඉන්න…. අලුත්ම අලුත් තාක්ෂණයත් එක්ක ගෙවල් වලට හොඳ හොඳ ඩිසයින් එකතු වෙලා තියෙනවා තමයි. ඒත් ඉතිං ප්ලෑන අඳින්න, පාස් කරගන්න, නැකැත් හදන්න, භූමි දෝෂ ඉවත් කරන්න… හපොයි කොච්චර ජාති කරන්න තියෙනවද? ඊට පස්සේ බාසුන්නැහැලා හොයන්න, සිමෙන්ති, ටයිල්…. ඉස්සර නං ගමෙන්ම හොයාගන්න පුළුවන් අඩුම කුඩුම ටිකයි සිමෙන්ති, හුණු, උළු, ගඩොල් ටිකයි අරගෙන ගමේ හත් අට දෙනෙකුට කිව්වාම සාමාන්‍ය ගෙයක් ගොඩ දාගන්න පුළුවන්. අද එහෙමද?

ජලය බෝතල් කරලා එන හිංදා වැඩේ ලේසියි කියලා හිතුණට තවමත් වතුර ඩිංගක් ගන්න හැතැක්ම ගනන් පයිං යන මිනිස්සු ඉන්න රටක් නොවැ මේක. අනික වතුර බෝතල් වලිං පිළිකා ඇති කොරණවයි කියලත් ලඟදී එළියට දැම්මේ ඔය.  වනාන්තර විනාශ කොරලා සොබාදහමට කරදර කරපු හිංදා සොබාදහමත් අපිට වතුර දෙන්නේ හරිම දරුණු විදිහට. සමහර දාට ගංවතුර නැත්නං නියඟය (ඔන්න ලයිට් කැපුවෝ..…)

නින්ද කොහෙද එදා තරම් සුන්දර. පිරිසිදු වාතය ටිකක් ඇසුරු කරමින්, නිශ්ශබ්ද පරිසරයක සුන්දර නින්දක් නිදියපු අපට දැන් මේ ගොරහැඩි වාතයත් විඳිමින්, කාලගෝට්ටි, වාහන සද්ද, මැසි මදුරු උවදුරු ඇසුරු කරමින් නොවැ නිදියන්න වෙලා තියෙන්නේ..

ලිංගික සතුට 18+ නිසා කතා නොකර ඉන්නම්. ඒත් මේ කලබලකාරී බව ලිංගික සතුටත් ඉන්ස්ටන්ට් කරලා කියලා විතරක් කියන්නම්.

ඔහොම ඔහොම පිරමිඩ් එකේ උඩට උඩට යනකොට ඔයාලට තේරෙයි මේ හැම දෙයක්ම කොයි තරම් සංකීර්ණ වෙලාද කියලා. සමහර විට ස්ථාන මාරු හම්බ වෙලත් ඇති… කොහොම වුණත් මේ කිසිම දේකින් සෑහෙන්න ලේසි නෑ කියන එක තේරුම් ගතහැකියි නේ… හැබැයි අන්තිමට නවතින්නේ සම්පූර්ණ තෘප්තිය කියන තැන. ඒක තියෙන්නේ කොහෙද කියලා දන්නවා ඇතිනේ…අපේ බසින් ඕකට කියන්නේ නිවන කියලා. කවුරු හරි මැරුණට පස්සේ නිවන් සැප ලැබේවා! කියලා බැනර් ගැහුවට නිවන කියන්නේ මැරුණට පස්සේ යන තැනක් නං නෙවෙයි ඕං. 

දැං ආයෙත් මාතෘකාවට...

හිතේ සතුට සල්ලි වලට ගන්න බෑ.  ඒක අපි නිතරම අහලා තියෙන කතාවක්. ඒත් සල්ලි තිබුණොත් හිතේ සතුට ඇති කරගන්න ලේසියි.  හැබැයි සල්ලිත් එක්ක බුද්ධියත් තියෙන්න ඕනි. ධර්මයත් ඇසුරු කරන්න ඕනි. හිතේ සතුටින් දිවි ගෙවන්නේ කොහොමද කියලා ධර්මයේ කියලා තියෙනවානේ. විමර්ශන බුද්ධියෙන් ඒ ධර්මය ප්‍රායෝගිකව භාවිත කිරීමෙන් හිතේ සතුට ලේසියෙන්ම ලඟා කරගන්න පුළුවන්.. 

සල්ලි වැඩිය නැතුව බුද්ධියත්, ධර්මයත් තිබුණොත් එහෙම?
එක්කෝ මහණ වෙලා අර පිරමීඩෙ මැද හරිය බයිපාස් කරලා යන්න පුළුවං. 
නැත්නං ඉතිං සංකීර්ණ අවශ්‍යතා ඉටුකරන්න සල්ලි හොයමින් පුලු පුලුවං විදිහට සතුටු වෙන්න තමයි වෙන්නේ… හැබැයි ධර්මය දන්න අයට හිතේ සතුට රැක ගන්න මහා ලොකු සල්ලියක් අවශ්‍ය නෑ...

සල්ලි තිබිලා හරි නැතුව හරි බුද්ධියත් ධර්මයත් නැති වුණොත්…. හපොයි සදා සොත්ථි භවන්තුතේ… තමයි… කරන්න තියෙන ඔක්කොම දහදුරා වැඩ ටිකත් කරලා සමාජයටම පිළිලයක් වේවි. මෙහෙම අය අපේ රටේ ඕනි තරම් හොයාගන්න පුළුවං...  දියවන්නාව පැත්තේ හෝල්සේල් ඉන්නවා…. තව තැන් වලත් ඉන්නවා.. මොකටද මං ඕවා කියලා නිකං කට වරද්ද ගන්නේ….

3 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

සාතන් said...

සතුට කියන එක සල්ලි වලට ගන්න බැරිවුනාට සල්ලි තියෙන එක සතුට ලඟාකරගන්න සෑහෙන උදව්වක්... :)

දිනුක said...

ධනවාදෙ.......මක්ක කොරන්ඩද ඉතිං.....

චතුර විජේකෝන් said...

@සාතන්
හරියට ම හරි සහෝ... ඕක තමයි සාරාංශය

@දිනුක ජයකොඩි
ඉවසපං පපුව... කිව්වලු..

Post a Comment

පි‍ටු පෙරලපු ගාන