පිනාගේ කුප්පිය 03 කොටස

Saturday, August 20, 2011
මෙන්න පලවෙනි පාඩම 
පිනාගේ කතාවේ පලවෙනි , දෙවැනි කොටස් ටික මතක ඇති කියලා හිතනවා නැත්තම් මෙතනින් ගිහින් බලන්න 
එහෙනම් ඔන්න අද ආයෝජනයේ පදනම 

මොකක්ද මේ ආයෝජනය කරනවා කියලා කියන්නේ. පොතේ හැටියට ආයෝජනය කියලා කියන්නේ අනාගතයේ යම් සම්පත් ප්රමාණයක් ලැබීමේ අපේක්ෂාවෙන් වර්තමානයේ සම්පත් කැප කිරීමට. එතැනදී අපි සැලකිල්ලට ගන්න ඕනේ කරුණු 03 ක් තියෙනවා.
01 සම්පත් කැප කරලා බලා සිටීමේ කාලය
02 අපේක්ෂිත උද්දමනය
03 අවදානම

දැන් අපි බලමු පිනාට මොකද වෙලා තියෙන්නේ කියලා. 
අපේ කතාවට අනුව පිනා මුලින්ම සල්ලි තැන්පත් කරලා තිබුනේ ආණ්ඩුවේ බැංකුවක එකෙන් ඔහුට අවුරුද්දටම ලැබුණු පොලිය 6% යි. පිනා සල්ලි බැංකුවේ දාලා බලාගන හිටියට   6% තියමුකෝ. ආණ්ඩුවෙන් කියන විදියට දැන් උද්දමනය 7% ක් 8 % විතර තියෙනවලුනේ. අපි හිතමුකෝ 7% කියලා. ආණ්ඩුවේ බැංකුවක් හින්දා අවදානම ගැන නම් වැඩිය හිතන්න දෙයක් නැ. එත් පුද්ගලික බැංකුවක් නම් පොඩ්ඩක් ගැනත් හිතන්න වෙනවා. මතකනේ ප්රමුක බැංකුවට වෙච්ච දේ. අවදානම් රහිත ආයෝජන මාර්ග කියන්නේ ආණ්ඩුවෙන් නිකුත් කරන භාණ්ඩාගාර බිල්පත් බැදුම්කර වගේ ඒවායේ දැමමා නම් අපිට 6% වත් ලැබෙයිනේ අපි එහෙනම් අවදානමටත්  6%  විතර තියමුකෝ.
එහෙනම් පිනාට මුදල් ආයෝජනය කරලා ලැබෙන්න ඕනේ ගැන මෙන්න 
බලා හිටියට 6%
උද්දමනෙට 7%
අවදානමට  6%
එකතුව      19%    බැංකුවේ දාපු මුදල රු 500,000/= x   19% = රු  95000/=  
එත් පිනාට ලැබිලා තියෙන්නේ රු 500,000/= x   6% = රු 30000/=
සල්ලි බැංකුවේ දාල බලා ගැන හිටියට පාඩුව රු 65,000/=  
ඇඩෙනවා නේද? එහෙනම් අඩුම වශයෙන් පිනාට මේ සල්ලි ආයෝජනය කරලා ලැබෙන්න ඕනේ අඩුම  ගාන රු 95000/=ක්       
ඊළගට අපි බලමු මොකක්ද මේ උද්දමනේ කියන්නේ කියලා. කියන්නේ සමස්ත මිල මට්ටමේ ඉහළ යාම. උදාහරණයක් විදියට අපි ගිය අවුරුද්දේ රු 100/= කට ගත්ත බදු මල්ලක් රටේ උද්දමන අනුපාතය 7%ක් නම් අද ගන්න වෙන්නේ රු 107/= කට. එදා පිනාට රු 500000 දීලා ගන්න පුළුවන් උන බාන්ඩයක් උද්දමනය 7 % නම් අද එක මිලට ගන්න 500000 x  107 % = 535000/= යනවා. එත් බැංකුවෙන් පිනාට ලැබුනේ 530000/= සල්ලි බැංකුවේ දාල පිනා හිටියටත් වඩා දුප්පත් වෙලා.
 ( මේවා කිව්වා කියලා බැංකුවල අය වෛරස් එකක් වත් එවලා පිනාගේ කුප්පියට වැඩක් දෙයිද දන්නෙත් නෑ, දේවා වගේ බැංකු මහත්තුරු මාත් එක්ක තරහා වෙයිද දන්නෙත් නෑ. තරහා වෙන්න එපා හොදේ  )     

මේ කතාවේදී කියනවා පිනා දවස් වල රු 500000/= කට ගන්න හදපු ඉඩම අද රු 1000000 ක් කියලා. ඒක ඉඩම් වලට තියෙන ඉල්ලුම සැපයුම මත තීරණය වුනු මිලක්. එදා සල්ලි බැංකුවට නොදා ඉඩම ගත්තා නම් පිනාට අවුරුද්දෙන් 100 % ක් ලාභයි. මිට අමතරව තියෙන ආයෝජන ක්රම කිහිපයක් බලමු.

01 රත්රන් බඩු වල ( මේ දවස් වල රෙකෝඩ් කඩා ගෙන මිල යන නිසා පාඩුවක් වෙන එකක් නෑ )
02 භාන්ඩගාර බිල්පත් හා බැදුම්කර (රජයේ සුරැකුම්පත් )
03 කොටස්, ණයකර. වානිජපත්, කොටස් බලපත් ආදිය ත් විකල්ප ආයෝජන ක්රම විදියට පෙන්නන්න පුළුවන් 

එහෙනම් කොටස් වෙළදපොල ගැන කියන ඊලග  පොස්ට් එකෙන් ආයෙමත් හමු වෙමු. මේක ගැන ඔයාලට හිතෙන දෙයකුත් ලියලම යන්න අමතක කරන්න එපා 

2 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

පන්සල් හංදිය said...

නියමයි නියමයි අති විශිෂ්ඨයි .........
සරලයි ලේසියි තේරුම් ගන්න පහසුයි .....
ඊගාව එකත් ඉක්මනට දැම්මනං ........

චතුර විජේකෝන් said...

දිගටම ලියමු.. මටත් අහන්න ප්‍රශ්ණ වගයක් තියෙනවා...

Post a Comment

පි‍ටු පෙරලපු ගාන