පරිඝනක භාවිතයේදී මම කැමතිම වෙලඳනාම |Brands I like in Computing

Friday, July 15, 2011
මාතෘකාව දැක්කාම කියවන අයට හිතෙන්න පුලුවන් මේ වෙලඳ දැන්වීමක් වගේ එකක් නේද කියල . මේ ලිපිය නිසා වෙලඳ නාම කිහිපයකට ප්‍රචාරණයක් ලැබුනත් ඒවා ප්‍රචාරණය කරන එක නම් නෙවෙයි මගේ අරමුණ (අයේ එහෙම කලා කියල මට කවුරුත් සල්ලි දෙන එකක් යැ ) . පරිඝණක  භාවිතා කරන අපේ සහෝදර සහෝදරියන්  ගොඩ දෙනෙකුට යම් නිශ්පාදනයක් මිලට ගන්න යන කොට  මගේ අත්දැකීම් ප්‍රයෝජනවත් වේය කියල හිතාන තමයි මේ ලිපිය ලියන්නෙ


 මෙතනදි මම මූලික කාරණා දෙකක් අනුව තමයි මේ වෙලඳ නාම තෝරා ගත්තෙ

01) ක්‍රියාකාරීත්වය

02) කල් පැවැත්ම

සාමාන්‍යයෙන් ඉතින් අපිට ඕනිම උපාංගයක තියන වැදගත්ම කාරණා දෙක ඔය දෙක නේ . හරි දැන් යමුකො ඒ මොනවද කියල බලන්න


Creative Audio Devices | Creative නාද උපාංග

පරිඝනකය ගීත ඇසීමට , චිත්‍රපට නැරඹීමට හෝ පරිඝනක ක්‍රිඩා කිරීමට භාවිතා කරන අයට පරිඝනකයේ නාද නිකුත් වීම සඳහා බොහෝ වෙලාවට අතිරේක ස්පීකර් පද්ධතියක් භාවිතා කරන්න සිද්ධ වෙනව . මේ සඳහා මම තෝර ගත්තේ උඩින් ලියල තියන සමාගමේ උපකරන . ඒ 2004 දි . 4.1 ස්පීකර් කට්ටලයකුත් , අදාල සමාගමේම සවුන්ඩ් කාඩ් එකකුත් තමයි ඒ . බලාපොරොත්තු වුන විදිහටම ඉතාම ඉහල ගනයේ සංගීත හා නාද අත්දැකීමක් මේ කාලය පුරාවටම ලබාදෙන්න ඒ උපකරණ වලට හැකි වුනා කිව්වොත් නිවරදියි . වින්ඩෝස් Xp ටත් කලින් OS සඳහා නිර්දේශ කල සවුන්ඩ් කාඩ් එකක් උනත් වින්ඩෝස් 7 දක්වාත් කිසිම ගැටලුවක් නැතුව Drivers  භාගත කරගෙන භාවිත කිරීමේ හැකියාව ලැබුනා . අකුණු කරදරයක් නිසා මේ උපකරන අඩපණ උනායින් පස්සෙ ගත්තු 5.1 ස්පීකර් පද්ධතියත් , මිතුරෙකු හර්හා ගෙන්න ගත්ත USB මගින් සම්බන්ධ කරන්න පුලුවන් (භාහිරව ) External Sound Card  එකත් බලාපොරොත්තු  වුනාටත් වඩා සාර්ථකයි කියල කියන්න පුලුවන් . අපේ ගම් ප්‍රදේශයේ (රත්නපුර )  තියන සිනමා ශාලා වලටත් වඩා හොඳ නාද සංකලනයක් චිත්‍රපටි සඳහ ලබාදෙනව වගේම Stereo  නාද සහිත Mp3  වලටත් 5.1   ආකාරයේ සංකලනයන් මුසු කරන්න මේ උපකරණ වලට හා ඒ මෘදුකාංග වලට හැකියාව තියනව . මම දැනට භාවිතා කරපු Sound Cards  දෙකම UBUNTU වලදිත් 5.1 උපකරන ලෙස හඳුන්වාදීම ඉතාම පහසුවෙන් කරන්න පුලුවන් .මම භාවිතා කරපු උප්කරණ මධ්‍යම මිල ප්‍රමාණවල ඒවා . ඊටත් වඩා හොඳ විශේෂිත නාද උප්කරන රාශියක්ම Creative සමාගම නිපදවනව.එක් විශේශ කාරනයක් සඳහන් කල යුතුයි . ඒ තමයි ඔබ Creative ස්පීකර් භාවිතා කරන්න බලාපොරොත්තු වෙනවා නම් Creative සමාගමේම Sound Card  එකකුත් භාවිතා කලොත් තමයි සාර්ථක ප්‍රතිපල ලැබෙන්නෙ කියන එක

Intel Mother Boards |Intel මවු පුවරු

මවු පුවරුවක ක්‍රියාකාරිත්වය නම් ඉතින් මැන ගන්න අමාරුයිනේ . ගත්ත දවසෙ ඉඳන් ලෙඩ දෙන කරදර කාරී මවු පුවරුවකට වොරන්ටිය ගන්න බැරි උනොත් මිසක ඉතින් මවු පුවරුවක ක්‍රියා කාරීත්වය ගැන විශේෂයෙන් කථා කරන්න දෙයක් නැ . ඒ නිසා කල්පැවැත්ම පැත්තෙන් තමයි ඒ ගැන කථා කරන්නේ . මගේ ඉන්ටෙල් ම්වු පුවරුව අරගෙන තාම වෙන්නේ අවුරුදු 3ක් වුනත් සැහෙන අල කලංචි වලට මේ වෙනකොට මුහුණ දීලයි තියෙන්නෙ . එක් වතාවක් මොඩමය හරහා දරුණු අකුණක් වැදුනා . පැය 4ක් පහක් යන් කන් වැඩ නොකර තිබිලා නිකන්ම හරි ගියා . දවසක් දෙකක් යනකන් පිස්සු නැටුවත් ඊට පස්සෙ බබා වගේ වැඩ .. ඊලඟ වතාවේ අකුණ නම් බරපතලයි . රවුටරය, VGA කාඩ් එක , අර කලින් කිව්ව ස්පීකර් සෙට් එක කියන ඔක්කොමටම වැඩෙ කෙල වුනත් මවු පුවරුවෙන් පිච්චුනේ නෙට්වර්ක් පෝර්ට් එක විතරයි . ඊලඟ අකුණ වැදුනේ  ගෙදර විදුලි පද්ධතිය හරහා පවර්   යුනිට් එක පිච්චිල යන්නත් සවුන්ඩ් කාඩ් එක චිරි, චිරි ගාණ තත්වයට පත්වෙන්නත් ඒ අකුණ ප්‍රභල උනාට මවු පුවරුව නම් බබා වගේ වැඩ . ඊට අමතරව UPS එක නැති වෙලාවක බරපතල විදිහේ  විදුලිය වෙනස් වීම් අවස්ථා දෙකකුත් ලඟ ලඟම සිද්ධවුනා වතාවක් , ඒත් මවු පුවරුව බොහොම හොඳින් වැඩ . මෙච්චර කලබැගැනි වෙලත් මගේ ම්වු  පුවරුව වැඩ කරත්දි ඉන්ටෙල් චිප්සෙට්ම තියන වෙනත් සමාගම් වල මවු පුවරු සුලු විදුලි බල කාන්දු වගේ ඒවා නිසා පිච්චුන  අවස්ථා කිහිපයක්ම මම දැකල තියනව . අමුතු වාසනාවක් බලපාල නෙවෙයි නම් ඉතින් ඉන්ටෙල් කියන්නේ හොඳ කල්පැවැත්මේ ශක්තියක් ඇති මවුපුරුවක් කියල කියන්න පුලුවන්

Samsung Optical Drives |Samsung සිඩි/ඩිවිඩි රොම්

සිඩි/ඩිවිඩි රොම් එකකින් අපි බලාපොරොත්තු වෙන්න දාන ඕනිම තැටියක දත්ත හොඳින් භාවිතා කරන එකනේ . මෙතනදි නම් හොඳ දේ දැන දැනත් වෙන කෙනෙක්ගෙ කීමට වෙනත් ප්‍රසිද්ධ බ්‍රැන්ඩ් එකකට ගිහින් කෙලවෙලා තමයි මම ඉන්නේ . සැම්සුන් සමාගමේ ඩිවිඩි රොම් එකක් හා ඩිවිඩි රයිටරයක් කියන දෙකම මම කාලෙකට ඉහත භාවිතා කලා . ඒ වායේ වැඩ නොකරපු තැටියක් නැය කියන තරමට ඒවා ඉතා හොඳින් ක්‍රියා කලා . පරණ වෙලා තිත් වැටුණු (තිත් ටික යවා ගන්නත් බැරි ) ඒවා, බල්ලො පහුරු ගාපු ගානට හීරිච්ච ඒවා,  හදිසියට 48 වගේ වේගවලින් බර්න් කරපුව වගේ ඕනි එකක් වැඩ කරවා ගන්න හැකියාව තිබුනා. විඩියෝ කුලියට දෙන තැන එකා මේක නම් වැඩ කරයිද දන්නේ කොල්ලෝ .. කියල දීපු ඒවත් වැඩ කරගන්න පුලුවන් කම ලැබුන . අඩුම තරමේ දත්ත ටික කොපි කරගන්නවත් තරමට . හැබැයි ඉතින් දැන් භාවිතා කරන සමාගමේ උපකරණ වලින් නම් මුලු ධාරිතාවම පිරෙන්න බර්න් කරපු තැටියක අවසන් ටික භාවිතා කරන්නෙත් අමාරුවෙන් ඒ නිසා . ඔප්ටිකල් ඩ්‍රයිවස් සඳහා මගේ නිර්දේශය නම් සැම්සුන්ග් තමයි

A4Tech Head Set 


හෙඩ් සෙට්වර්ග නම් ඉතින් බොහොමයක් තියෙයිනේ .මම භාවිතා කරන්නෙ ඔය කලින් කියල තියන සමාගමේ නිෂ්පාදනයක් රු 700 ගානක එකක් . සින්දු අහන්න එහෙම නම් සතපහකට වැඩක් නැතත් ස්කයිප් කෝල් වගේ අවශ්‍යතාවන්ට නිසා මට මේක ඉහටත්  උඩින් . විශේෂත්වය තමයි කල්පැවැත්ම . මේක අරගෙන වසර 21/2 විතර වුනත් කිසිම කරදරයක් නැතුව තාම වැඩ . ඒ මදිවට වයර් එකේ කකුල පැටලිලා බිම වැටුණු වාර සැහෙන්න තියනව (50කට වැඩි වාර ගණනක් ) . ඒත් අවුලක් වෙලා නැහැ . හැබැයි මගේ යාලුවන් කිහිප දෙනෙක් ගේ රු 1500 - 2000 අතර මිල ගණන්වල ඒවත්  බිම වැටුණු පලවෙනි පාරෙන් කැඩුණු අවස්ථාත් තියනව . ඒ නිසා ඇමතුම් ගැනීමේ වැඩවලට විතරක් යොදා ගන්නවා නම් රළු පාවිච්චියට මරු උපකරනයක්ය කියල කියන්න පුලුවන්


ඔය තමයි විශේෂයෙන් දෙයක් ලියන්න තිබුන වෙලඳ නාම . ඊට අමතරව මම සැම්සුන්ග් මොනිටර වලට කැමතියි හැබැයි ඉතින් ඒකට විශේෂ හෙතුවක් නම් කියන්න බැ . ලිපිය කියවල ඕගොල්ලන්ගෙ අත්දැකීමත් එකතු කරල යන්න . ආ.. තව එකක් මම වගේ අකුණු වද්ද ගන්න යන්නවත් උප්කරන බිම දාගන්නවත් එපා ඒවා පරිස්සමෙන් පාවිච්චි කරන්න පුරුදු වෙන්න :)

සිතුවිලි පවුර වෙනුවෙන්ම කියල ලියවුණ පලමුවෙනි ලිපිය මේක . හැබැයි Ready චිත්‍රපටිය පිලිබඳ විචාරයක් බොලිවුඩ් සිංහලෙන් අඩවියෙන් එකතු කරල තිබුනේ .. ඒක බොලිවුඩ් සිංහලෙන් අඩවියට ලිව්වෙ මම . එහෙම බැලුවොත් මේක දෙවෙනි ලිපිය . සිතුවිලි පවුරට එකතු කරගැනීම පිලිබඳ ඇඩ්මින් තුමාට ස්තුතුවන්ත වෙන ගමන්ම මගේ බ්ලොග් අඩවිය පැත්තේත් , මම  ලිපි වලින් දායක වෙන බොලිවුඩ් සිංහලෙන් බ්ලොග් අඩවිය පැත්තෙත් ඇවිත් යන්නය කියල හැමෝටම ආරාධනය කර සිටිනව 

8 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

Samee said...

ASUS බඩු පාවිච්චි කරල නැද්ද

Anonymous said...

ඔයා Altec Lansin, JBL, JVC, වගේ woofers පාවිච්චි කරල නැතුව ඇති...

Kanishka said...

Samsung තරම් සවුත්තු DVD writer ජාතියක් නම් මම දැකලම නෑ.. දෙකක් ගත්තොත් එකක් අනිවාර්යයෙන් ලෙඩ.. ඔයා මේක දාලාතියෙන්නේ පාවිච්චි කරපු ඒවයින් විතරයි නේද? DVD writer නම් මම නිර්දේශ කරන්නේ ASUS.

Sub woofer ගැන කියනවා නම් මගේ කැමැත්ත Microlab තමයි. හේතුව තමයි මිලට සාපේක්ෂ කොලිටිය. Altec වගේ sub ගනං වැඩියි..

MotherBoard නම් ඉතිං Intel තමයි.. ඒකෙ දෙකක් නැ.

පොඩි නිවැරදි කිරීමක් කරන්න ඕනා.. හරි වචනය පරිගණකය මිසක් පරිඝනකය නෙමෙයි.

සාටර් said...

ලොල්ය...තරහ වෙන්නෙපා කිව්වට මෛ තියෙන්නෙ උබ පාවිච්චි කරන ඓව වෙන්නෑති...මාත් එකග වෙන්නෙ මදර්බොඩ් බ්‍රැන්ඩ් එකට විතරයි..
සබ් නම් ක්‍රියෛටිව් හොදා තමා..ඓත් අස්ප ගනන්...
සාපෛක්ශව ගත් කල වෙන බ්‍රැන්ඩ් අපට හොදාය :)

Anonymous said...

@ Anno,

"ඔයා Altec Lansin, JBL, JVC, වගේ woofers පාවිච්චි කරල නැතුව ඇති..."

ඊට වඩා ක්‍රියේටිව් ලාබයි.

DBL said...

@samee|Kanishka -@ මම asus තමයි මේ වෙනකොට භාවිතා කරන්නේ වෙලඳ නාමයක නරක කියන එක එච්චර හොඳ නැති නිසා තමයි නොලිව්වේ . අවුරුදු 6ක් samsung භාවිතා කරලත් අවුර්දු 3ක් asus භාවිතා කරලත් තියනව (එකම පරිඝනකයේ සමාන්තරවත් අවුරුද්දක් භාවිතා කරල තියනව ).ඒ අනුව තමයි ලිව්වේ . asus තමයි මටත් නිර්දේශ කලේ ඒත් මගේ අත්දැකීම් අනුව නම් තත්වය ඕකයි

@kanishka - වචනය නිවැරදි කිරීම ගැන ස්තුතියි.මයික්‍රොලැබ් නම් මම ඕනි තරම් දැකල තියනව සින්දු වලදි නම් අවුලක් නැතත් චිත්‍රපටිවලදි නම් අහසට පොලොව වගේ තමයි

DBL said...

@ano 1 - Altec Lansin නම් මම භාවිතා කරනව දැකල තියනව 2.1 එකක් , සුපිරිම තමයි . ඒත් ඉතින් ඒක මගේ 5.1 එකටත් වඩා මිලෙන් වැඩියි .අනික 2.1 එකකින් සින්දු මිසක් චිත්‍රපටිගැන හරියට කියන්න බැනේ ඒ නිසයි නොලිව්වේ . අනික් බ්‍රැන්ඩ් දෙක නම් දැකලවත් නැ . ඒ නිසා කියන්න දන්නෙ නැ . ඒ එක්කම මෙහෙම දේකුත් තියනව . ඒ තමයි Creative වල හොඳ උප්කරන ලංකාවේ නැති එක . සැහෙන මිල ගනන් වෙන Creative උප්කරන තියනව ඉතා සුපිරිම නාද තියන . එහෙම 2.1 එකක් විත්‍රක් මම දැකල තියෙයි . දැකපු Altec එක තරම්ම හොඳයි . Creative SBS වගේ නිෂ්පාදන ගත්තාම නම් වාත වෙනවා තමා

@හැමෝටම සබ් එකක් සාමාන්‍ය සවුන්ඩ් කාඩ් එකකට ගැහුවාට නම් ඇති දෙයක් නැ , ඊට හොඳයි මයික්‍රොලැබ් ගන්න එක . හොඳ Creative ස්වුන්ඩ් කාඩ් එකකුත් සෙට් වෙන්න ඕනි ගතිය එන්න . මගේ දැනට තියන මුලු සෙට් එකට වියදම 20,000ට අඩුයි . ඒ ගානට අඩුවෙන් ඊට හොඳ නාදයක් ගන්න උප්කරන සෙට් එකක් මම දැකල නැ (5.1) . මොකද මට වඩා වැදගත් ගීත අහන එක නෙවෙයි චිත්‍රපටි . ගීත අහන කෙනෙකුට නම් ඇල්ටෙක් ලාන්සින් 2.1 හොඳ සෙට් එකක් ගන්න පුලුවන්වෙයි සමහර විට . හැබැයි මම දන්න තරමින් දැන් ලංකාවේ ඇල්ටෙක් කරන්නෙ නැ . Creative Gigaworks කියල සිරිස් එකක් තියනව 2.1 එකත් 25,000ට උඩ .ඒක භාවිතා කරන්න ලැබුනොත් ඇල්ටෙක් රසිකයින්ගෙත් හිතට වදී කියල හිතනව

different model different out come,cant say altec/creative win in all model in term of SQ o build quality o wat so ever

ඔන්න ඔය කැල්ල ෆෝරමයකින් ඉස්සුවේ ස්පීකර් ගැන සංසන්දනයට ඉතා වැදගත් කථාවක්
Link - http://forum.lowyat.net/topic/559300

kumaraya said...

ඉන්ටෙල් බෝඩ් කතාවට මමත් එකඟයි ..
මම පරිගණකය ගත්තෙ 2005 දී. ඒ සමග ගත්තු ක්‍රියේටිව් කෑලි තුනේ සවුන්ඩ් සිස්ටම් එකයි සැම්සුන්ග් ඩී.වී.ඩී. රයිටරයයි.. සාටා හාඩ් එකයි තවම බබා වගේ වැඩ.
ක්‍රියේටිව් උපකරණ වල මට නම් දොසක් පේන්නෙ නෑ. සවුන්ඩ් කාඩ් එකක් මම දාලත් නෑ. ඒ වුනාට සිංදු වලටයි ෆිල්ම්ස් වලටයි නියමෙට තියෙනවා.

Post a Comment

පි‍ටු පෙරලපු ගාන