කොම්පියුටරේ ඇතුලේ කොම්පියුටර් හදමුද?

Friday, July 22, 2011
මයික්‍රොසොෆ්ට් වර්චුවල් පී.සී.


මේ සිතුවිලි පවුරට කියන්න යන්නෙ නිදහස් මෘදුකාංගයක් (නොමිලේ ලබා ගත හැකි මෘදුකාංගයක්) ගැන. මේ නිදහස් මෘදුකාංගෙ දෙන්නෙ මයික්‍රොසොෆ්ට් එකෙ කීවොත් කට්ටිය පුදුම වෙයිද? ඇයි මයික්‍රොසොෆ්ට්ල දෙන තරමක් දෙන්නෙ සල්ලි වලටනෙ.

මේකේ නමින්ම තේරෙනවනේ මේක මොන වගේ සොෆ්ට්වෙයා එකක්ද කියලා..  මෙකෙන් පුලුවන් ඔයාලට ඔයලගෙ කොම්පියුටරේ අස්සෙම තව කොම්පියුටර් ගොඩක් හදාගන්න. ඒ කොම්පියුටර් වලට ඕන ඔපරේට්න් සිස්ටම් එකක් දාල තියාගන්න පුලුවන්. දැන් හිතන්නකො ඔයාගෙ කොම්පියුටර් එකේ Windows 7  දාල තියෙන්නෙ කියලා. ඔයාට පුලුවන් වින්ඩොස් 7 වලට මේ සොෆ්ට්වෙයා එක Install  කොරලා Windows XP, Windows Vista, Ubuntu, Linux  වගේ ඕන OS එකක් දාල කොම්පියුටරයක් හදාගන්න. ඒ කොම්පියුටරෙ RAM එක Ajust  කරන්න එකෙන් ඉන්ටනෙට් යන්න.. Shut Down, Restart  වගෙ වැඩත් කරන්න පුලුවන්.


මේ බලන්නකො මගේ Windows 7 ලැප් එකේ Windows XP  වැඩ කරන හැටි.
මේ බලන්නකො මගේ Windows 7 ලැප් එකේ Windows XP  වැඩ කරන හැටි.
කන්ට්‍රොල් පැනල් එක වෙනමම තියෙන නිසා එක පාර කොම්පියුර් ගොඩක් වැඩ කරන්න පුලුවන්

Virtual PC  සොෆ්ට්වෙයා එකෙ වාසි මොනාද?

OS එකක් Install කරන්න කලින් චෙක් කරල බලන්න පුලුවන්

Virus  එහෙම ටෙස්ට් කරල බලන්න පුලුවන්

+ ඕනම වෙලාවක හදපු කොම්පියුටරයක් ඩිලීට් කරන්න පුලුවන්

+ කොම්පියුටරයකට OS එකක් දාන විදිය කාට හරි ලෙසියෙන් කියල දෙන්න පුලුවන්නැත්තම් ඉගෙනගන්න පුලුවන්

+සොෆ්ට්වෙයා එකෙන් වැඩ කරන විදිය ඉගෙන ගන්නත් ලේසී

ෆුල් ස්ක්‍රීන් සපොර්ට් කරනවා

+ සෙටප් ෆයිල් එක 30MB විතර කුඩා අගයක් නිසා ඩවුන්ලෝඩ් කරගන්නත් පහසුයි

+ තව ජොලි ජොලි වැඩ ගොඩාරියයි



තව විස්තර නොදා ඉන්නම් නේ.. ඔයාලත් ඩවුන්ලෝඩ් කරගෙනම බලන්නකො වැඩේ කොහොමද කියලා

මේක ඩවුන්ලෝඩ් කරගන්නකොට පහල දාල තියෙන විදියට ඩවුන්ලොඩ් කරන්න

(ඩවුන්ලෝඩ් කරගන්න උපදෙස්)

පහල ඩවුන්ලෝඩ් කරන්න දාල තියෙන ලින්ක් එකට ගියාම ඔයාලට මේ වගෙ Window  එකක් පෙනේවි.

ඔයාගේ OS  එකේ Edition  එකයි භාශාවයි තොරන්න







ඊට පස්සෙ මේ වින්ඩො එක පෙනෙවි
ඒකෙ පහත රූපයේ පෙන්නල තියෙන Step 3 කියන තැන තියෙන Download  බට්න් එක උඩ කොටන්න.. ආය එතන මුකුත් ඩවුන්ලොඩ් කරන්න යන්න එපා. එහෙම කරන්න ගියොත්  ඔයාගෙ OS එක ඔරිජිනල් නෙමේ නම් ඒක අහුවෙලා OS එක දවස් 30කින් එක්ස්ෆයර් වන ට්‍රයල් එකක් බවට පත් වේවි.








මේක ඩවුන්ලොඩ් කරගන්න මෙතනට යන්න

මේ ගැන මොනාහරි දැනගන්න තියෙනවනම් හරි ඔයාලගේ අදහස් තියෙනවානම් හරි මෙතන කමෙන්ට් එකක් දාන්න හොදේ..

3 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

Travel Ceylon said...

ඕකෙදි Microsoft O/S ඇරෙන්න Ubuntu, Linux වගේ වෙන කිසිම OS එකක් install කරන්න බෑ. Ubuntu, Linux වගේ Virtual PC හදා ගන්න ඕන නම් Virtual Box වගේ software එකක් පාවිච්චි කරන්න.

Unknown said...

virtual box is much more effective and efficient than virtual pc in many ways.

Asanka said...

oka man kalin use karala thiyenava... Network course eka karaddi godak velavata oya software eka vadagath unaa.. thanx ayith mathak kalaata

Post a Comment

පි‍ටු පෙරලපු ගාන