තවත් වෛරසයකට පිලියමක්

Monday, July 18, 2011
Shortcut virus



මේක ටිකක් අමුතුම තාලේ වෛරස් එකක්… සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරන ප්‍රති වෛරස මෘදුකාංග වලින් වෛරස් එකක් හඳුනගත්තාම ඒ වෛරසයෙන් ආසාධනය වෙලා තියන ෆයිල් එක හෝ කුමක් හෝ නිරෝධනය කරලා දෙනවා. බැරිම නම් විතරක් අදාල ෆයිල් එක පිටින්ම ඉවත් කරලා දානවා. ඒත් මම මේ අද කියන වෛරස් එකත් එක්ක එහෙම ලේසියෙන් සෙල්ලම් කරන්න බෑ. අදාහරනයක් විදියට pen drive එකක් ගමු. ඒකට මේ වෛරස් එක ආසාධනය උනොත් ඒ වෛරස් එක විසින් pen drive එක ඇතුලේ තියන හැම ෆෝල්ඩර් එකක නමකින්ම short cut folder එකක් හදනවා. ඒ වගේම ඔරිගිනල් ෆයිල් එක හන්ගනවා. කොච්චර ඇන්ටිවෛරස් මෘදුකාංග දාලා සුද්ද බුද්ද කරත් අපේ හැංගුන ෆයිල්ස් එලියට එන්නේ නෑ. අර short cuts විතරයි.
පෙන් එක Format කරලත් මේකෙන් ගොඩ එන්න පුලුවන්. ඒත් වැඩක් නෑ. ඒ වගේ ප්‍රශ්නයක් ආවම ඒ ප්‍රශ්නෙනුත් තව මොකක් හරි ඉගෙන ගන්න පුලුවන් නම් අන්න ඒකයි වටින්නේ. ඒක නිසා Format නොකර මේකෙන් ගොඩ එන විදිය මම කියලා දෙන්නම් අද.
1. මුලින්ම තමන් පාවිච්චි කරන ඇන්ටි වයිරස් මෘදුකාංගයක් භාවිතා කරලා pen drive එක ස්කෑන් කරගෙන ඉන්න.
2. වයිරස් තියන සේරම සුද්ධ බුද්ද කරලා දාන්න.
3. දැන් COmmand Prompt එක ඔපෙන් කරගන්න.
ගොඩාක් අය නම් කමාන්ඩ් ප්‍රොම්ට් එකේ පාවිච්චි වෙන කෝඩ්ස් ගැන දන්නවා. නොදන්න අයගේ දැන ගැනීමටත් ඒක්ක මම මේ වැඩේට ආදාල කෝඩ්ස් විතරක් දාන්නම්.
4.අපි දැන් මේ ප්‍රශ්නෙට මුහුන දුන්න pen drive එක ඇතුලට යන්න ඕන මොන දේ කරන්නත්. ඒක නිසා අදාල pen drive එකේ drive letter එක පහල විදියට ගහන්න ඔන.
උදා:- pen drive එකට අදාල drive letter එක I නම්
I: ලෙස ටයිප් කරන්න
දැන් අපි ඉන්නේ වයිරස් එකෙන් හානි වෙච්ච pen drive එකේ.
5. දැන් මම මෙන්න මේ දෙන කෝඩ් එක කිසිම වෙනසක් නැතුව ඒ නියම හිස් තැන් එක්ක ඒ විදියටම ටයිප් කරන්න
attrib -r -a -s -h /s /d
6. හරි දැන් බය නැතුව Enter ප්‍රෙස් කරන්න. දැන් ඒක එහෙමම තියනකොට තමන්ගේ Pen Drive එක open කරලා බලන්න. short cuts එහෙමම තියද්දී මෙච්චර වෙලා නැතුව තිබිච්ච folders ටිකත් මතු වෙලා නේද ?

යම් විදියකින් පලවෙනි වතාවේ ආව නැත්නම් දෙවනි පාරට කරන්න. දෙවනි පාර අනිවා එනවා.
ඔන එහෙනම් අලුත් තාලේ වයිරස් එකකට තමන්ගේ මොලෙන්ම වැඩ ගන්න කියලා දුන්නා..

11 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

ගිනි කුරුල්ලා said...

ලිපිය නම් ගොඩක් හොඳයි..ඒත් පොඩි ප්‍රශ්නයක් තියෙනව..
ඕක ඔය විදියට නැතුව ලේසියෙන් කරගන්න පුලුවන් නේද folder options වලින්?
hide system folders check box එක unmark කරලා?

Anonymous said...

ලිපියෙයි, අදහස් පලකරලා දාලා තියන විධි දෙකටම ගොඩක් ස්තුතියි

Deeps said...

මේක අපේ ෆැකල්ටිය ඇතුලේ තියන ඔක්කොම ප්‍රින්ට් අවුට් ගන්න තැන් වල තියනවා...වැදගත් ලිපියක් එක නිසා අපිට නම් . ස්තුතියි

Anonymous said...

folder options වලින්?
hide system folders check box එක unmark කරලා පුළුවන්. එත් සමහර විරුස් වලින් folder option දිස්සබ්ලේ වෙනවා. ඒ වගේ වෙලාවට මේක පාවිච්චි කරන්න පුළුවන්.

Ravimal said...

winXP වල මේ ක්‍රමය භාවිතා කරන්න වෙන වෙලාවල් වැඩියි. ගොඩක් වෙලාවට read only සහ system folder දෙකම දාල තියෙනවනම් කුමක් හෝ හේතුවක් නිසා folder options වැඩේ හරියන්නේ නෑ... වරක් මම උත්සාහ කරලා බැරිම තැන ඉහත ක්‍රමය පාවිච්චි කලා... ඒ ක්‍රමය ප්‍රශ්නයක් නැතුව වැඩ කලා.

Nishan de siva said...

මු අපේ හාඩ් වලටත් රින්ගයිද?

මලිත් Max said...

@ආගන්තුකයා
නැහැ. මට නම් ඒ ක්‍රමය වැඩ කරේ නැහැ. මොකද මෙතන හයිඩ් උනාට වෙන්නේ සාමාන්‍ය විදියට නෙමෙයි. හයිඩ් උන ෆයිල්ස් පේන්න සෙටින්ග්ස් හැදුවත් මේ ඉලව් වයිරසයෙන් හංගපු කිසිම ෆෝල්ඩර් එකක් මට නම් අද වෙනතුරු පෙන්නුවේ නෑ. කැමති නම් ඔය වයිරස් එක හොයාගෙන ට්‍රයි කරලම බලන්නකෝ. එතකොට ක්ලික් වෙයි

මලිත් Max said...

@deeps
බොහෝම ස්තූතියි කොමෙන්ටුවට. එක්කෙනෙක්ට හරි ප්‍රයෝජනවත් උනා නම් මට ඒ ඇති.

MaRLaN said...

ආහ්... එකෙක් නෙමේ දෙකෙක්... මාත් ඕක කරලා බැලුවා.. වැඩේ හරි

මලිත් Max said...

@MaRLaN
එල තමයි එහෙනම්.... දන්න දේ බදාගෙන ඉන්නවට වඩා බෙදාගන්න එකේ සතුට මරු. තව දන්න හැමෝටම කියලා දෙන්න ඔය කෙහෙල් මලෙන් බේරෙන විදිය... බොහෝම ස්තූතියි කොමෙන්ට් එකට සහෝ

මලිත් Max said...

හික් හික්.. මේක වැඩක් නෑ කියපු දෙන්නෙකුත් ඉන්නවනේ බොලේ.. මම හිතන්නේ ඒ මේ හුචක්කු වයිරස් එක හදපු දෙන්නා වෙන්න ඇති

Post a Comment

පි‍ටු පෙරලපු ගාන