මිලින

Sunday, July 24, 2011


























කහ පැහැති දුම්රිය
විදුලි රැහැනින් දිවි ලද
යකඩ රෝදෙට දැනුනද
පණ නල සිඳෙනු කුසුමක?

එකම හුස්මට දිව යන
නිමාවක් නැති ගමනක
මොහොතක් මැවී පෙනුනද
පැතුම් ගොන්නක් මියැදුන?

ගැහැට පිරි ලොවකට
කඳුළු නොසිඳුනු නෙතකට
කහ පැහැති දුම්රිය
නුඹ විය එකම සැනසුම

හැමදාම යන එන මඟ
සිල්පර කොටං සිඹ සිඹ
රතු මල් පිපෙයි ගොන්නක්
පර නොවී මෙහි කිසිදින

3 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

දිනුක said...

මට තේරුණු විදිහට සියදිවිනසා ගැනීමක් නේද?සිරා....මමත් නිතර කෝච්චියෙ යන එන කෙනෙක්.හොඳට වැදුනා හිතට.....

Chamath N. Kirinde said...

හ්ම්ම්ම්..... හරිම හැඟීම්බරයි

malithi said...

ඕව් දිනුක ඇත්තටම සිදු වූ දෙයක්.

Post a Comment

පි‍ටු පෙරලපු ගාන