යලිත් එනු මැන

Thursday, June 16, 2011
ගිලන් වූ රිවි කිරන 
සිතිජයේ ඉම වසා,
සැගව ගිය මොහොතකදි
මැවුන ඒ රූ රටා,
පෙර දිනක මතකයන්
සොදුරු නුඹ ගැබ පුරා,
විසුරුවා හරිද්දී
සොයන්නෙමි ඔබව මා,
නෙතු වලට නිදි නොමැත
දෙනෙත් පිය බොද වෙලා,
මතක මං පෙත පුරා
ඔබෙ සුවද තැවරිලා,
නමුදු නොදනිමි සුවද
‍රැගෙන ඔබ කොහි ගියේ,
යලිත් එනු මැන මගේ ,
හදෙහි ‍රැදි සුසුම සේ,..

3 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

Anonymous said...

hmmmmmmmmm

Yasantha Hennayake said...

අනේ මංදා.. අක්කියගේ ජීවිතේ වෙනස් කරන්න ඉන්න කෙනාට ඉක්මනට එන්න කියපියව්..
මොනා උනත් ලස්සනයි අක්කියෝ..

සිත් අහස said...

@නරක සමනලයා- මොකෝ හ්ම්ම්.. සහෝ..

@ච්තූ මල්ලියා- හ්ම්ම්.. ඇවිත් ගියානේ මල්ලියෝ.. ස්තුතියි හොඳේ

Post a Comment

පි‍ටු පෙරලපු ගාන