ඔබ ලැප්ටොප් පරිගණකයක් ගන්න හිතන් ඉන්නවද?

Saturday, June 25, 2011
ඔන්න සිතුවිලි පවුරේ පනස් වන පෝස්‍ටුව මගෙන්... ආරම්භ කර දින 12ක් ඇතුලත සිතුවිලි පවුරේ පෝස්‍ටු 50.. සෙල්ලන්ද කොල්ලෝ කිව්වලු.. ඔන්න ඉතින් මං හිතුවා 50 ගැන විතරක් ලියන් නැතුව සිතුවිලි පවුරේ ලියවෙන පනස්වෙනි පෝස්‍ටුවත් වැදගත් පෝස්‍ටුවක් කරන්න...


ලැප්ටොප් පරිගණක පෞද්ගලික පරිගණක යන කැටගරිය යටතේ හදුන්වා දුන් සංයුක්ත උපාංගයක්.. ඇත්තටම ඉස්සෙල්ලාම හදුන්වල දුන්න ජංගම පරිගණකය තමා ලැප්ටොප් කියන්නෙ. අද කාලයේ ලැප්ටොප් පරිගණකයක් ගන්න බොහෝදෙනෙක් උනන්දු වෙන්නෙ එය ඕනෑම තැනකදී පහසුවෙන් භාවිත කිරීමේ හැකියාව තිබෙන නිසා.
ඉතින් ලැප්ටොප් පරිගණකත් ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙන පරිදි විවිධ විදියට විවිධ ගුණාංග වලින් එනවා. ඉතින් මුලින්ම ලැප්ටොප් පරිගණකයක් ගන්නට පෙර ඔබ කල යුත්තේ ඔබගේ අවශ්‍යතාවය හදුනා ගැනීම.
මෙහිදී අලුත්ම පරිගණකයක් ගන්න එක තමා කොහොමත් හොද. අපි උනත් යම්කිසි දෙයක් විකුනන්නෙ ඒකෙන් ගන්න පුලුවන් උපරිම ප්‍රයෝජනය අරගෙන ඉවර වෙලා. ඒ වගේම තමයි භාවිත කරන ලද ලැප්ටොප් පරිගණක. නමුත් මේවාගෙන් තවමත් ප්‍රයෝජනය ගන්න පුලුවන්.. ගූගල් දෙයියාගේ පිහිට පැතීමෙන් මට ලංකාවේ මහා පරිමාණයයෙන් භාවිත කරන ලද ලැප්ටොප් පරිගණක ගෙන්වන ආයතන කිහිපයක් හොයාගන්න පුලුවන් උනා. මෙන්න ඒවගෙන් මට හොදයි කියල හිතපු එකක්..

අලුත්ම ලැප්ටොප් මාදලි ගත්තම ඒවායේ මිල රුපියල් 50 000/= සිට ලක්ශ කිහිපයක් දක්වා විහිදෙනවා. ඔබ පරිගණකයක් සොයන්නේ ටයිප් සෙටින් වලට නැත්තම් අන්තර්ජාල භාවිතයට නම් ලක්ෂ ගනණක් වියදම් කර ලැප්ටොප් පරිගණකයක් මිලට ගෙන තේරුමක් තිබෙනවාද? මොකද ලක්ෂ ගානක පරිගණකයෙන් වගේම 50000ක් වටිනා පරිගණකයෙන්ද ඔය වැඩේ කරන්න පුලුවන්.. තීරණය ඔබට හිමියි. ඒ නිසා ඉස්සෙල්ලාම කල යුත්තේ ඔබේ අවශ්‍යතාවය හදුනා ගැනීම. උදාහරණ වශයෙන් ත්‍රිමාණ සජීවීකරණ කටයුතු වල නැත්තම් ඉන්ජිනේරු කටයුතු වල නියලෙන්නන් අගල් 19 වැනි විශාල තිර සහිත ග්‍රැ‍ෆික් උපරිම ලැප්ටොප් පරිගණක භාවිත කරනවා.. බොහෝ වෙලාවක් නිවසින් පිට සිටින අයෙකුට ගැලපෙන්නෙ තිරයේ ප්‍රමාණය අගල් 10.1 වගේ කුඩා ලැප්ටොප් පරිගණකයක්.. එවාගේ බර අඩුයි වගේම පාවිච්චියත් පහසුයි..

හරි.. මං හිතනවා ඔබේ අවශ්‍යතාවය ඔබ හදුන ගත්තා කියලා. එහෙනම් මේ කියන්න ලෑස්ති වෙන්නෙ වෙළදපොලේ පවතින ලැප්ටොප් පරිගණක වර්ග සහ ඒවායේ ගුණාංග ගැන.. බලන්න ඔබේ අරමුණට ගැලපෙන ලැප්ටොප් පරිගණකයක් හොයාගන්න පුලුවන්ද කියලා..
HP මිනි ඇටොම් ලැප්ටොප් පරිගණකයක්

මේ දවස් වල ජනප්‍රියම ලැප්ටොප් පරිගණකයක් තමා ඉන්ටෙල් ඇටොම් ප්‍රොසෙසරය සමග එන ලැප්ටොප් පරිගණකය.. 1GM ‍රැම් එකක් සහිත නිසා වින්ඩොස් සෙවන් සග පහසුවෙන් වැඩ කරන්න පුලුවන් ස්ක්‍රීන් ප්‍රමාණය අගල් 10.1 වන මිනි ලැප්ටොප් පරිගණකයක් ලෙස හදුන්වන්න පුලුවන්. මෙය ඒසර්, කම්පැක්, එච්.පී. , ටොෂීබා වැන බ්‍රෑන්ඩ් නේම් ‍රැසක් යටතේ එන ලැප්ටොප් පරිගණකයක්. කුමන බ්‍රෑන්ඩ් නේම් යටතේ ආවද මවුපුවරුව සහ ප්‍රොසෙසරය ඉන්ටෙල් සමාගම විසින් නිපදවූවක්.. වර්තමාන මිල රුපියල් 35 000/= ක පමණ සිට රුපියල් 60 000/= ක් දක්වා පරාසයක විසිරෙනවා. මෙහි තියෙන විශේෂත්වය භාවිත කිරීමේ පහසුව.. මෙය ඔබට ෆයිල් කවරයක් මෙන් අතේ ‍රැගෙන යන්නට පුලුවන්..ඔබට කිසියම් අවස්ථාවක මෙහි ස්ක්‍රීන් ප්‍රමාණය කුඩා යැයි සිතෙනවානම් වෙනමම අවශ්‍ය ප්‍රමාණයට මොනිටරයක් සවි කරගැනීමට ඇති පෝර්ට් අනෙකුත් ලැප්ටොප් පරිගණක වල මෙන්ම මෙහිද අන්තර්ගත කර තිබෙනවා.
මොනිටරයකට සම්බන්ධ කර ඇති ලැප්ටොප් පරිගණකයක්




මීලගට මං අවධානය යොමු කරන්නේ ගොඩක් ඉල්ලුම තිබෙන ලැප්ටොප් පරිගණක වර්ගයකට. මේවායේ ප්‍රොසෙසරය Intel Core i3 වර්ගයට වැටෙනවා. බොහෝමයක ස්ක්‍රීන් ප්‍රමාණය අගක් 14.1 හෝ 15.6 බොහෝ විට ‍රැම් එක 2GB ප්‍රමාණයෙන් සහිත මෙවා පෙර සදහන් කල ඇටොම් ප්‍රොසෙසරයට වඩා වේගවත් වගේම අන්තර්ගත Intel / nVidia හෝ ATI ග්‍රැ‍ෆික් කාඩ් වලින් බොහෝ විට සමන්විතයි.. එදිනෙදා වැඩ කටයුතු මෙන්ම පරිගණක ක්‍රීඩා සදහාද මේවා භාවිත කල හැකියි. විවිධ බ්‍රෑන්ඩ් යටතේ එන මේවායේ වර්තමාන මිල ගනන් පරාසය රුපියල් 60 000/= ක් පමණ සිට 90 000/= ක් දක්වා පමණ විහිදෙනවා. බොහෝ දෙනෙකු අතර දක්නට ලැබෙන්නෙ මේ ආකාරයේ ලැප්ටොප් පරිගණක.

3D තාක්ශණයට සහය දක්වන Core i7 ලැප්ටොප් පරිගණකයක්


මීලගට කතා කරන්නෙ වර්තමානයේ සුපිරි යැයි පිලි ගැනෙන ලැප්ටොප් පරිගණක පිලිබදව.. මේවායේ ප්‍රොසෙසර Core i5 හෝ Core i7 වෙනවා. ‍රැම් ධාරිතාවය 2GB සිට 8GB දක්වා වන අතර Core i5 ප්‍රොසෙසරය සහිත ලැප්ටොප් පරිගණක වල වර්තමාන මිල පරාසය රුපියල් 70 000/= සිට රුපියල් 100 000/= පමන දක්වා විහිදෙනවා. Core i7 නම් රුපියල් 100 000/=සිට ඉහලට ලබාගන්න පුලුවන්.. සුපිරිම වේගයක් සහිතව එන මෙම ලැප්ටොප් පරිගණක වල විවිධ විශේෂතා දක්නට පුලුවන්. බ්ලූ රේ ඩ්‍රයිව්ස්, 3D තාක්ශණයට සහය දක්වන ස්කීන, දිගු කාල පරාසයක් සහිත බැටරි එවායෙන් කිහිපයක්.. මෙම විශේෂතා වැඩිවන තරමට පරිගණකයේ මිලද ඉහල යනවා. ඔන්න ඔහොමයි ලැප්ටොප් පරිගණක වල වර්තමාන තත්වය..
(සැ.යු.: Core 2 Duo සහ Duel Core ලැප්ටොප් පරිගණක නැවත නිපදවන්නේ නැත. එම නිසා එවායේ අලුත් ඒවා වෙළද පොලෙහි දක්නට ලැබෙන්නේ ඉතාමත් සුලු වශයෙනි)

ඊලගට කියන්න යන්නෙ ලැප්ටොප් පරිගණකයක් දිගු කාලයක් පාවිච්චි කරන්න ගන්න ඕනි ක්‍රියාමාර්ග සහ සම්බන්ධ කල හැකි උපාංග ගැන..සාමාන්‍යයෙන් අලුත් ලැප්ටොප් පරිගණකයක් සමග අනිවාර්යයෙන් ලැබෙන දෙයක් තමයි උපදෙස් අත් පොත. ලැප්ටොප් පරිගණකය භාවිතය ආරම්භ කරන්න කලින් මේක හොදට කියවල ඉන්න ඕනි.. මොකද භාවිතයේදී කල යුතු සහ නොකල යුතු දේවල් පිලිබදව මෙම අත් පොතේ සදහන් වෙනවා.

මීට අමතරව ලැප්ටොප් පරිගණයකයක් කර්මාන්තශාලාවේදි සුලු වශයෙන් චාර්ජ් කර තිබෙනවා, නමුත් මුල්ම භාවිතයට පෙර සම්පූර්ණයෙන්ම චාර්ජ් කිරීම කල යුතුයි. එසේම පිලිවන් හැම මොහොතකම එය විද්‍යුත් සැපයුම සමග සම්බන්ධ කර භාවිත කිරීම හොදයි. සාමාන්යයෙන් ලැප්ටොප් පරිගණයක බැටරිය 95%කට වඩා චාර්ජ් වී ඇති විට චාර්ජරය හරහා විදුලි සැපයුමට සම්බන්ධ කලද බැටරිය චාර්ජ් වීමක් සිදු වන්නෙ නෑ.. පරිගණකය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වෙන්නෙ විදුලි සැපයුමෙන් ලැබෙන බලයෙන්.. ඒ නිසා කවදාවත් බැටරිය ඕවර් චාර්ජ් වීමක් සිදු වන්නේ නෑ.

බොහෝදෙනෙක් ලැප්ටොප් පරිගණක චිත්‍රපට බලන්න භාවිතා කරනවා. මෙහිදී සිදු කරන ලොකුම අත් වැ‍රැද්දක් තමයි මුලු චිත්‍රපටයේ ධාවන කාලය තුලම ඩි.වී.ඩි ඩ්‍රයිව් එක ක්‍රියාත්මක වීම. ඔබට මෙයට විසදුමක් වශයෙන් එම චිත්‍රපට සහිත ඩිස්කය තාවකාලිකව පරිගණකයට කොපි කර ගැනීමල් කරගත හැකියි. මේ සදහා විනාඩි 10ක් කෙටි කාලයක් පමණක් ගත වන නිසා ඩි.වී.ඩි ඩ්‍රයිව් එක භාවිත වන කාල පරාසය අවම වෙනවා. ඒ වාගේම බොහෝමයක් ලැප්ටොප් පරිගණක වල ඔප්ටිකල් ඩ්‍රයිව් එකෙහි ලෙන්ස් නිරාවරණයව තිබෙනවා. කිසි විටෙකත් මේවා අතින් ඇල්ලීම සිදු නොකල යුතුයි.

ආරක්ෂාව සුරක්ෂිත කරගමු
එසේම ලැප්ටොප් පරිගණක භාවිත කරන්න බොහෝලෙස සිදුකරන වැ‍රැද්දක් තමයි පරිගණකය ක්‍රියාතමක තත්වයේ තබාගෙන ගෙනයාම. ක්‍රියාත්මක තත්වයේ තියෙන පරිගණකයකට සෙලවීම් බොහෝවිට ඔරෙඔත්තු දෙන්නේ නෑ. මෙහිදී වැඩිම හාන්ය සිදුවුය හැක්කේ ප්‍රොසෙසරයට. ඒ නිසා නිතර නිතර සෙලවෙන විට (උදා: ලංකාවේ බස් රථ ව්ල යන විට) ලැප්ටොප් පරිගණකයක් ක්‍රියාතමක කිරීමෙන් වැලකිය යුතුයි. ඒ වාගේම ක්‍රියාත්මක තත්වයේ කිසිවිටක ප්‍රවාහනය නොකල යුතුයි.

ලැප්ටොප් පරිගණකය තිරය ඇගිල්ල්ලෙන් තද කිරීම බොහෝ දෙනෙකු කරන තවත් වැ‍රැද්දක්.. ඒ වාගේම තෙතමනය නැත්තම් ආර්ද්‍රතාවය වැඩි පරිසරයක මේවා භාවිතයෙන් වැලකිය යුතුයි.

කී බෝර්ඩ් එකෙහි ආරක්ෂාවට යොදන ගාඩ් එකක්
ඒ වගේම ලැප්ටොප් පරිගණකයක පැවැත්ම තහවුරු කර ගැනීමට පිටින් සම්බන්ද කල හැකි උපාංගද තිබෙනවා.. අපි ඒවා ගැනත් එකින් එක විමසා බලමු. ලැප්ටොප් පරිගණකයක යතුරු පුවරුව දුහුවිලි වලින් ආරක්ෂා කර ගැනීමට කී බෝර්ඩ් ගාඩ් එකක් යොදන්න පුලුවන්.. කී බෝඩ් ගාඩ් එකක් කියන්නෙ තුනී විනිවිද පෙනෙන රබර් පටලයක්.. ඔබේ ලැප්ටොප් පරිහණකයේ යතුරු පුවරුවේ ප්‍රමාණයට ගැලපෙන අයුරින් මිලදී ගන්න පුලුවන්. ඒ වගේම ලැප්ටොප් පරිගණකයක තිරය සදහා ස්ක්‍රීන් ගාඩ් එක යෙදීම කරන්න පුලුවන්. එමගින් තිරය සීරීම වලින් ආරක්ෂා කරනවා. ඔබ ගේම් ප්ලේ කරන්න නැත්තම් ටිකක් බර වැඩ කරන්න ලැප්ටොප් පරිගණක භාවිත කරනවා නම් එවිට පර්ගණකය රත් වීම ලොකූ ගැටලුවක්. මීට විසදුමල් ලෙස ලැප්ටොප් පරිගණකයටම නිපදවා ඇති කූලර් එකක් භාවිත කරන්න පුලුවන්. මෙම කූලර් එක ලැප්ටොප් පර්ගණකය සදහා ස්ටෑන්ඩ් එකක් විදියට ක්‍රියාකරනවා වගේම පිට කරන වාත ධාරා මගින් පරිගණකය සිසිල් කරනවා.
ලැප්ටොප් කූලර් එකක්




ඔබ ලැප්ටොප් පරිගණකය බොහෝවිට නිවසේ සිට භාවිත කරන්නේ නම් ඔබට වෙනමම යූ.එස්.බී කී බෝර්ඩයක් සහ මවුසයක් සම්බන්ධ කර ලැප්ටොප් පරිගණකට භාවිත කිරීම කල හැකියි. එමගින් පරිගණකයේ අන්තර්ගත කී බෝර්ඩ්ය සහ මවුසය දිගු කාලයක් භාවිත කරන්න පුලුවන්.. ඒ වාගේම ගේම් ප්ලේ කරන විට පරිගණකයේ අන්තර්ගත කී බෝර්ඩ්ය සහ මවුසයට හානියක් සිදුවන්නේත් නෑ




ඒක්ස්ටර්නල් කී බෝර්ඩයක් සහ මවුසයක් සම්බන්ධ කල ලැප්ටොප් පරිගණකයක්

මං කට්ටියටම වැදගත් වන ලින්ක් එකකින් මේ ලිපිය අහවර කොරන්නම්. මේ වෙබ් අඩවිය ලංකාවේ ප්‍රධාන ආයතන කිහිපයකම සම්බන්ධීකරණ කටයුතු කරන වෙබ් අඩවියක්. ඒ කියන්නෙ ලෝකෙට ලැප්ටොප් එකක් රිලීස් උනාට පස්සේ ඒක ලංකාවට ආපු ගමන් ඒක් ගන්න පුලුවන් කොහෙන්ද?? මිල ගනන් කොහොමද කියලා අපිට බලා ගන්න පුලුවන්.. මෙන්න ලින්ක් එක.. මං යනෝ..
ප.ලි.: මා හට මෙසේ ලිපියක් ලියන්න අදහස ලබාදුන්න ප්‍රාර්ථනා අක්කිට මාගේ හදපිරි ස්තූතිය. මා හට මග හැරුන දෙයක් හරි වැරදි දෙයක් හරි තියෙනවානම් පහල කොමෙන්‍ටුවක් දාන්න අමතක කරන්නත් එපා හොදේ!

13 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

සිත් අහස said...

නියමයි මල්ලියා... ස්තුතියි හොඳේ..

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...

ලිපිය නම් ඉතාම හොඳයි ..ඔය අන්තිමට ලින්ක් එක දීල තියෙන්නෙ නම් හොර ගුහාවකට .ඕක ගැන ටෙක් කථා වැඩසටහනෙදි කරුණු සහතව කථා කරල තියනව

සිතුවිලි පවුරේ ඇඩ්මින් said...

@ප්‍රාර්ථනා අක්කි: අක්කිටත් ගොඩක් ස්තූතියි..

@Buwa: ගොඩක් ස්තූතියි අදහසට.. ඒ වගේම අර ලින්ක් එක ගැන පැවසුවාට

Anonymous said...

වෙන කොහාට ගියත් laptop.lk(technocity) යන්න එපා.අත්දැකීමෙන් කියන්නෙ.

සිතුවිලි පවුරේ ඇඩ්මින් said...

@නදීර: ස්තූතියි සහෝ.. අපිව දැනුවත් කොලාට

Amila Chathuranga said...

1.ඇටම් සමග 7 හොඳින් වැඩ නොකරයි බූට් වීමටත් වැඩ කිරීමටත් වෙලායයි..
2.වෙනත් මොනිටරයට කෙලින්ම ගැසිය හැකි උවත් මව් පුවරුවේ වීජී ඒ මදිනම් කොලිටි නැත..
3.ඒ එම් ඩී ලැප් කීපයක් පී සී හවුස් සේල් කරයි..මිලට වඩා ඒවා වටී..
4.ලැප ගැනීමේදී ප්‍රොසෙසරයම මූලික කර ගෑනීම ගොන් කමකි...වීජී ඒ...රැම්..බැටරි..හාඩ් ස්ක්‍රින් ආදිය ගැනද සැලකිය යුතුයි...
5.ෆිල්ම් බැලීම වැනි වැඩවලටම පමණක් නම් ඕනෑම තැනක පහසුවෙන් හැසිරිය හැකි අයි පෑඩ් එකවටී...

සිතුවිලි පවුරේ ඇඩ්මින් said...

@indi: ඔබගේ අදහස් වලින් මෙම ලිපිය පෝෂණය කලාට බොහෝමත්ම ස්තූතියි..
ඔබ දක්වා ඇති 4 සහ 5 අදහස් සමග මට එකග වීමට නොහැක. මා මෙහිදී ප්‍රොසෙසරය මූලික කරගත්තේ ලැප්ටොප් පරිගණක පිලිවෙලකට වර්ගීකරණය කර ගැනීමට මිස එය සලකා බලා මිලදී ගතා යුතුය යන අදහස් නොවේ. මා මුලු ලිපියේම එවැන්නක් සදහන් කල නොමැති බව බල ඕනෑම අයෙකුට තේරුම් ගත හැක.

මෙහිදී ලැප්ටොප් පරිගණකයක් බහු කාර්යය උපකරණයක් ලෙස භාවිත කරන්නෙකුට අයි පෑඩය ගැළපෙන්නේ නැත.

kasun said...

එල...!!!

˙·٠•●♥ හිරු එළිය ♥●•٠·˙ said...

ලැප් ගැන දැනුවත් කිරිමට ස්තුතියි..=-=ඇඩෝ=-=

චතුරංග පෙරේරා [චතූගේ කථා] said...

වැදගත් ලිපියක්... පහුවෙලා දැක්කේ... ස්තුතියි දැනුවත් කලාට...

Anonymous said...

හොද ලිපියක්... ස්තුතියි සහෝ...

Unknown said...

ගොඩාක් වටින තොරතුරු ටිකක් නිසා වැදගත් යැයි සිතනවා (තව මිල දී ගත හැකි ස්ථාන සඳහන් කරන්න )

Supun said...

ස්තුති හොයා හොයා හිටිය ලිපියක් බොහොම ස්තුති අයෙමත්...

Post a Comment

පි‍ටු පෙරලපු ගාන