එය යහපත් සිතුවිල්ලක් නම්...

Monday, July 23, 2012


සිතුවිල්ලක් නැඟුණ විට  ගුණ දොස් සොයලා
නංවනු ක්‍රියාවට යහපත ගැන සිතලා
අවසර ගන්න එක උගහට වෙයි කියලා
ගත හැක සමා වැරදුණොතින් පා වැඳලා


එය යහපත් සිතුවිල්ලක් නම් නොපැකිල ක්‍රියාවට නංවන්න... අන් අයගේ අවසරය ගැනීමට වඩා එමඟින් සිදුවිය හැකි දොසකට සමාව ගැනීම බොහෝ සෙයින් පහසු වනු ඇත..


If it's a good idea, go ahead and do it. It's much easier to apologize than it is to get permission.

- Grace Hopper



මොකද හිතන්නේ...?

7 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

චමී4යූ~chami4u said...

ගත හැක සමා වැරදුණොතින් පා වැඳලා

වීපොකුරෙ වීයා said...

සම්පූර්ණ ඇත්ත.

දිනුක said...

යහපත් ක්‍රියාව පුද්ගලයා අනුව වෙනස් වෙනවා නේද? අපිට හොඳයි කියලා හිතෙන දෙයක් මුලු ලෝකෙටම නරකක් නං????

Anonymous said...

හ්ම්ම් හ්ම්ම්.. :)

චතුර විජේකෝන් said...

ඒක නම් ඇත්ත.. ඒත් අපේ රටේ මිනිස්සු නම් හොඳ නරක නොදැන නෙවෙයි.. මේ නරක වැඩ කරන්නේ..

සරත් ලංකාප්‍රිය said...

දැන් ඔය Z ස්කෝර් එකත් ඔහොම කරලානේ කෂ්ටිය සමාව ඉල්ලන්නේ..

චතුර විජේකෝන් said...

@සරත්
නෑ.. ඒ එහෙම කරලා නෙවෙයි නේද? වෙන වෙන අරමුණු වලට ලු නේ එහෙම කරලා තියෙන්නේ.. සිතුවිල්ල යහපත් කියන්නේ... හදවතින්ම යහපත් වෙන්ට ඕන..

චමි, හිරු හිමාවි, වී පොකුර...

බොහොම ස්තුතියි

දිනුක ට තමයි කලිං කමෙන්ටුව දැම්මේ.. අනික් ඒවා එවෙලේ පෙනුනේ නෑ නෙ..

Post a Comment

පි‍ටු පෙරලපු ගාන