පොලීසියට භාරවීමේ පහසු, නව ක්‍රමයක්: ගෝඨාගෙන් ‘Hot Line’ එකක්……………..

Tuesday, April 10, 2012
දැන් අපේ රටේ පොලිසියට භාරවන අලුත්ම හා පහසු ක්‍රමයක් හඳුන්වාදී ඇත. ආරක්ෂක අමාත්‍යාංශයේ අනුග්‍රහයෙන් මෙය අප්‍රේල් පලවෙනිදා සිට ක්‍රියාත්මක බව ලේකම්තුමා දොරමඩලාවෙන් රටට හෙලිකර ඇත. රටේ පුරවැසියන්ට මෙන්ම එසේ නොවන්නන්ටද මේ සුහඳ සේවාව එක ලෙස විවෘත බවද එතුමා දන්වා ඇත. දැන් ඕනෑම අයෙකු කිසියම් වරදකට හෝ වරදකට සැක කාරයෙක් නම් පොලීසියට භාරවීමට, නීතීඥ මහත්තුරු සොයමින් කරදර විය යුතු නැත. කල යුත්තේ ආරක්ෂක අමාත්‍යාංශයේ විශේෂ ‘හොට් ලයින්’ එකට ඇමතුමක් ගෙන ආරක්ෂක ලේකම් ගෝඨාභයතුමා අමතා තමංට භාරවිය යුතු ස්ථානය හා වේලාව පැවසීම පමනි.

නියෝජ්‍ය පොලිස්පති (ගායක ) සේනානායක යටතේ පවතින විශේෂ ඒකකය දවසේ ඕනෑම වෙලාවක ඔබගේ අවශ්‍යතාවය ඉටුකරදීමට සැදී පැහැදී සිටී. එය පාන්දර 4ද, 5හද යන්න තමංට වැදගත් නොවන බවත් තම අරමුන වන්නේ කලට වේලාවට,සේවාදායකයාට උපරීම සුහද සේවය බවත් D.I.G. තුමා පවා ඇත. ඉතිං ඇමතුම දීමෙන් පසු ඔබ කල යුත්තේ, ගෙදර දොර ජනෙල් අගුලුදමා නිදා ගැනීම පමනි. ලේකම් තුමාගේ ගෝල බාලයන් නියමිත් වේලවට පැමින, අහල පහල අසල්වැසියන් ගේද සුවදුක් විමසා, ඔබගේ නින්දට බාදා නොවන ලෙස ඔවුන් විසින්ම නිවසේ දොර කඩා බොහෝම ප්‍රවේසමින් ඔබව ගෙනයනවා ඇත. දවසක් දෙකක් ආගන්තුක සත්කාර කිරීමෙන් පසු, ආරක්ශක ලේකම් තුමාම, I.T.N. එකේ දොරමඩලාවට කතාකර ඔබ පොලීසියට භාර වූ බව රටටම හෙලිකරනවා ඇත. පොලිස්පති තුමාද, පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමාද ඇතුලු මුලු පොලිසියම, ඔබ පොලීසියට හොරෙන් පොලීසියට භාරවී ඇති බව එවිට දැන ගන්නවා ඇත. සිය අධික කාර්ර්‍ය බහුල තත්වය හමුවේ වුවද, T.V. එකෙන් භාර වූ වන්ගේ නම් ලැයිස්තු කියවීමේ භාරදූර කර්තව්‍ය තමන් නොවලහා ඉටු කිරීමට සූදානම් බව ගෝඨා බය තුමා, තානාපතිවරුන් හමුවේ ප්‍රතිඥා දී තිබේ.

‘හොට් ලයින්’ එකේ රිගිං ටෝන් එක ලෙස………………… ’වැඩේ අමාරුත් නැතේ…..ලෝයර් ෆීස් ඉතුරුයි අතේ………මෙන්න මෙහෙ වරෙව් කොල්ලනි ..නට නටා වරෙව්…පොලීසියට භාර වෙන්න නට නටා වරෙව්’ ……………………….යන ගීතය D.I.G. තුමා විසින්ම ගායනා කර ඇති බව අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරනවා.

5 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

දිනුක said...

අප්පද බොල එහෙම එකකුත් පටං අරංද?දැං එහෙනං සුදු වැන්වලිං උස්සයි කියලා බයෙන් ඉන්න ඕනෙ නෑ.අපිම දන්නවනෙ කොයි වෙලේටද එන්නෙ කියලා.

දයානන්ද රත්නායක said...

ඒ විතරක් නෙවේ කැමති රටකට ආරක්ෂා සහිතව යන්නත් වීසා එහෙම අරන් දෙනවා මයෙ හිතේ. ඔය සමහර ඈයො අතුරුදහන් වෙලා ඉදලා කෙලින්ම පොලිසියට බාරවෙලා යුරෝපා රටවලට යන්නෙ.

වින්චැට් කිරිල්ලි. said...

අනේ ප්ලීස් මේ වගේ භය හිතෙන කතා නොකියා අර කලින් වගේ යක්ෂයො,ප්‍රේතයො ගැන හොල්මන් කතා විතරක් ලියන්න..........!!

Nishan de siva said...

එහෙම සීන් එකක් ගැන දැනගත්තේ අදයි.කොහොමගරි වඩේ නැගලා යයි වගේ.දැන් ඉතින් බයක් සැකක් නැතුව අපරාධකාරයෝ බාර වෙයි.

sAm (සෑම්) said...

උන්ටම ගිය රට නොවැ.. !

Post a Comment

පි‍ටු පෙරලපු ගාන