හිමි පෙම පතා නොකළ යුතු කතා

Friday, January 13, 2012

ඔන්න මුලින්ම කියන්න ඕන මේක මම ලියපු එකක් නෙවෙයි.මම මේක හොයාගත්තෙ නවලිය පත්තරෙන්.මේක ලියලා තියෙන්නෙ ප්‍රේමා සුමනසීලි සුරවීර කියන ලේඛිකාව.මේ තියෙන දේ බ්ලොග් කියවන අක්කලාට වගේම අය්යලාටත් වැදගත් වේවි කියලා හිතුනා.(කසාද බැඳපු හා බඳින්න ඉන්න අයට විශේෂයෙන්.)
ඉතින් කියවලාම බලන්නකෝ.



  • අපේ මෙයාගෙ අතේ ගෙනියන සෙල්ෆෝන් එක මේසේ උඩ යට පොත් ගොඩවල් , පත්තර අස්සේ , හැම තැනම හෙව්වා, නෑ. "මන් කියලා තියෙනවා මගේ කාමරේට ඇවිත්,මේසේ උඩ තියෙන ඒවා අදින්න එපා කියල.මොනවහරි ගෙනියන්න මේසෙ ඇදලා තමයි ඕක නැති කරලා තියෙන්නෙ.දැන් මට වැඩට යන්නත් පරක්කු වෙනවා.හොයල තියපල්ලා ෆෝන් එක කොහෙන්හරි "  කියලා අපට බැණ බැණ යන්න පිටත් වෙනකොටම ,මෙන්න කලිසම් සාක්කුවෙන් සද්දයක් ඇහෙනවා. "ආ මේ සාක්කුවෙ ෆෝන් එක තිබිලානේ" කියලා හිනා වෙවී යන්න ගියේ, ඉවසුවා මගේ කට.

  • හොඳටෝම නින්ද ගිහින් ඉන්නකොට , " නැගිටිනවා,නැගිටිනවා කියලා මහ පාන්දර මාව හොලවලා තල්ලු කලා,මම වැටුනා ඇඳෙන් බිමට.මේ මිනිහට පිස්සු හැදිලද කියලා බැලුවා.අනේ සොරි සොරි විගහට කිරිබත් ටිකක් උයලා ගන්නවා.පාන පත්තු කරලා කිරිබත් කපුටන්ට දෙන්න කිව්වනේ,සෙනසුරු මාරුවට අපල නැතිවෙන්න, අනේ තමුසෙට පිස්සුද කියලා අහන්න කටට ආවත් කතා නොකර නැගිටලා කිස්සියට ගියා.

  • මේ දවස් වල යන්තම් හවස අඳුර වැටෙනකොට, දොර ජනෙල් වහ ගන්නවා. ඇයි බේරෙන්න බෑ මදුරුවෝ ගෙට රි0ග ගන්නවනේ. දොරවල් වැහුවම ගෙට කරුවලයි, ඉතින් ලයිට් දාගන්නවා.ලයිට් බිල ආපු දවසේ ,මෙන්න අපේ මෙයා බනින්න පටන් ගත්තා.ලයිට් දානවා කරුවල වැටෙන්නත් ඉස්සෙල්ලා කියලා.අනේ අපිත් ඉතින් අඳුරෙම වැඩ පල කරගත්තා.ලයිට් දාන්නැතුව.මෙන්න මෙයාලගේ නෑයෝ වගයක් දවසක් ගේට්ටුව ළඟට ඇවිත්,ආපහු හැරිලා ගියාලු.දොර ජනෙලුත් වහලා,ලයිටුත් නෑ,කොහෙද ගිහින් වෙන්න ඇති කියලා.අම්බලන්තොටින් නෑයෝ ඇවිත් මුදවපු කිරිහට්ටි අරගෙන අපටත් ඒවා ගෙනත් දෙන්නලු ආවේ.අපරාදේ , රස කිරි ටිකක් කන්න නැතිඋණා " කිය කිය බඩ අතගානවා. " බිල ගියාදෙන් දාපල්ලා ඔන්න ඔය හැන්දෑවට ලයිට්" කිව්වේ. අපි නෙමේ කතා කළේ.


මෙන්න මේකත් කියන්නම ඕන.ගෑණු ළමයි, කාන්තාවන් වුනාම ඉවසීම පිරිමි අයටත් වඩා අපිට තියෙන්න ඕනා.සැමියා එහෙමත් නැත්තම් තමන් යාළු වෙලා ඉන්න පිරිමි ළමයත් එක්ක එකට එක කියන් ගියාම වෙන්නෙ ප්‍රශ්නේ තවත් දුර දිග යන එක.ඒ නිසා එයාගේ වැරැද්දක් තියේනම් ආදරෙන් පෙන්නලා දෙන්න තරහ අරගන්නෙ නැතුව.( ඒකනම් කිව්වෙ ගැහැණු පිරිමි දෙගොල්ලන්ටම )

20 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

වර්ණා said...

මරු ලිපිය..

පවනි said...

ඔන්න මම එක....
වෙලාවට මට නම් ඔය තරම් තරහ යන්නෙ නෑලු ඕන්.....
අනික මම බඳින කෙනා.....
ඒක මොකටද ඔයාලට.. නේද??
:D

සාතන් said...

අනේ ඉතිං මේවට රිප්ලයි ලියන්න එකෙක් නෑනෙ ;)

හිතුවක්කාර කෙල්ල said...

ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්... වැදගත් ලිපියක්

Janitha said...

ඇත්ත කතාවක්..

෴නිමිල හිරණ්‍ය෴ said...

හිහි, ශෝයි!

නජාත් අක්‍රම් said...

බොහොම වැදගත්.. බුක් මාක් එකක් දාල තියන්න ඕන.. කවදා හරි මටත් කෙල්ලෙක් සෙට් උන දවසට එයාට පෙන්නලා මේ ටික තේරුම් ගන්න කියන්න...

Yasantha Hennayake said...

වැදගත් ලිපියක් නංගෝ.. ස්තූතියි බෙදාගත්තට.. මම නම් ඉතින් ඔය කාටවත් කරදරයක් නැති මනුස්සයනෙ..
"අහිමි පෙම පතා කල යුතු කතා.. " හි‍ටුකෝ මාත් ලියනවා ඔය ටයිටල් එකෙන් ලිපියක්..

Anonymous said...

නියම ලිපියක්... සහතික ඇත්ත......

චම්ලි කරුණාසේකර | Chamli Karunasekara said...

ඇත්තමයි මේවට රිප්ලයි ලියන්න එකෙක් නැනේ අම්මපා.... :P
කොහොම උනත් ඉවසන ඒක නම් කොයිකාටත් හොදා :)

සිස්ටම් චේන්ජ් said...

වැදගත් ඉතාම වැදගත් කොල්ලන්ගේ වැරදිත් පෙන්නන එක තම අව්ල් :පි

ලොකු පුතා said...

හික්.... :)

Unknown said...

අපිනං නෑ මේව්වට....

Shaggy said...

ඇත්තම ඇත්ත.....

හිම හංසි said...

වර්ණා අක්කේ : ස්තුතියි අක්කේ

පවනි : ඔයා නෙවෙයි අය්යේ වර්ණා අක්කා එක වෙලා තියෙන්නෙ.තරහ යන්නෙ නැත්තම් නරකයි නෙ.තරහ එන එකත් නරකයි.තරහ ආපු ගමන් ආයිම යනවනම් හොඳයි.

සාතන් : ආයිම අපි සිතුවිලි පවුර අළුතින් පටන් ගත්තා.මම ලියපු පෝස්ට් එකේ කමෙන්ට් වලට රිප්ලයි කරන්නෙ මම.ස්තුතියි ආවට.

හිතුවක්කාරි : ස්තුතියි අක්කේ.

ආගන්තුකයා : ස්තුතියි මල්ලියෝ.

නිමිල : ස්තුතියි නිමිල.

නජත් අය්යා : හා හා එහෙම කරන්නකෝ අය්යේ.ශුවර් එකටම අය්යත් ඉක්මන් කේන්තිකාරයෙක්ද?

යසයා : ස්තුතියි අය්යේ.ඒක ඉතින් වයිෆ් අක්කාගෙන් තමයි අහන්න ඕන.ස්තුතියි අය්යේ.

මහී : ස්තුතියි ඔයාට.

චම්ලි : මේවට කිව්වෙ ඔයාලගෙ කමෙන්ට් වලටද?අද ඉදන් රිප්ලයි කරනවා.ස්තුතියි අය්යේ.

ගුඩ් බබා : කොල්ලොන්ගෙ වගේම කෙල්ලොන්ගෙත් වැරදි තියෙනවා.ඒක මම නෑ කියන්නෙ නෑ.ඒත් කෙල්ලො ඉවසන්න ඕන.ඒකෙන් මම කියන්නෙ නෑ කොල්ලො කරන හැම ජරා වැඩේම ඉවසන්න කියලා.ඉවසීමෙත් සීමාවක් තියෙනවලු නෙ.

ලොකු පුතා : ස්තුතියි මෙහි ආවාට.

ඔබ නොදුටු ලොවක් : අපි නෑ කියන්නෙ මෙහෙම ඒවා වෙලාඅ ඇති අනිවාර්යෙන්.

ශැගී : ස්තුතියි අය්යේ.

කල්ප said...

හික් හික්..! අපිත් නෑ ඕවට.

The තරුවා said...

හිකිස්....ඇත්ත...

අනූ said...

මාරයි ඈ... ඉවසීම ඉවසීම, ඕක කොල්ලන්ටත් හුඟාක් තියෙන්න ඕන හැබැයි, කෙල්ලන්ට විතරක් තිබිල බෑ.:)

Anonymous said...

මගෙ කෙල්ලට පොඩ්ඩ බැරි වෙන්න බෑ, අප්සෙට් යනව, තරහ යනව. අනිත් එක, හැම මොහොතෙම එයා එක්ක ඉන්නයි එයාට ඕනෙ.
එයා නම් එයාගෙ වැරැද්ද උනත් එයා පරදින්න කැමති නෑ. :D :D :D මම ඉතින් ඉවසන් ඉන්න නිසා හොඳා... :)

ඇනෝ දැම්මෙ, කෙල්ල දැක්කොත් හරි නැති නිසා. :) දන්නෝ දනිති කවුද කියල. :)

~ M ~

Love for all said...

එළ කොල්ලෙක්නෙ.. තෑන්ක්ස් ඈ... කතාටික මසුරන් වටිනවා..

Post a Comment

පි‍ටු පෙරලපු ගාන