සිරා කරපු මගේ ලව් එක!

Sunday, December 18, 2011

අද පෝය දවස..
කාමරේ ලයිට් නිවල තිබ්බට ඒ වගේම එලියකින් කාමරේ පිරිලා..
ම‍ං ආස නෑ එලියට..මට ඕන කළුවර..
එහෙම හිතලා පැත්තකින් තිබ්බ කොට්ටෙ අරං මූන වහගත්තා..

හ්ම්ම්ම්...
රංගි එක්ක එක දිගට රණ්ඩු වුන කීවෙනි දවසද මේ කියල මං කල්පනා කරන්න පටන් ගත්තා..
අදත් සුපුරුදු පරිදි අපි කතා කලා...රණ්ඩු උනා..
මට පුලුවන් උපරිමයෙන් මං එයාට ආදරේ කලා..අදටත් කරනවා..හැබැයි එයා කවදාවත් ම‍ං කරන කිසිම දෙයක හොඳක් දැක්කේ නෑ..ම‍ං කරන හැම දේම වැරදි..
එයා ගැන හිතුවත් වැරදි..නොහිතුවත් වැරදි!

පොඩ්ඩ එහා මෙහා වෙනකම් ඉන්නේ එකට එක කියලා මා එක්ක රණ්ඩු වෙන්න..
දෙයක් කිව්වම,වැරැද්දක් කලාම පිලිගන්නවට වඩා එයා හරි කියලා සාධාරණීකරනය කරන්නයි එයාට ඕන..
ඒ ඔක්කොටම වඩා සැකය..
මටම පුදුම බයක් දැනෙනවා..අපි දෙන්නා ගැන..ඊට වඩා මං ගැන..

ඉස්සර ඉස්කෝලේ යන දවස් වල මං පස්සෙ කෙල්ලො අනන්ත ආවා..එකෙක්ව වත් ම‍ං තඹේකට ගනන් ගත්තේ නෑ..
මට මතකයි ඉස්සර මගේ යාලුවෝ
"ඒකි  සිරා බං...දාපං දාපං ඒකිව දාපං" කියලා කියනවා..

ඒ හැම වෙලාවෙම  මං කිව්වේ
"මචං මං දවසක සිරා කරන කෙල්ලට දෙන්න ම‍ ආදරේ එකතු කරනවා..මේ මග හම්බෙන එකියොන්ට දි දී ඒ ආදරේ නාස්ති කරන්න මං කැමති නෑ" කියල..
"උඹයි උඹේ පඬි ටෝකුයි..බලමුකො බලමුකෝ..අපිත් ඉඳීනේ උඹ ඔය කියන කාලෙ වෙද්දී.."
ම‍ං සැලුනේ නෑ..

කාලෙත් එක්ක මං ඒ කියපු කෙල්ල මට හම්බ උනා..
මං ආදරේ කලා මට පුලුවන් උපරිමෙටත් වඩා..
එයා වෙනුවෙන් හැමදේම කලා..
එයා එක්ක හිටියා එයාට ඕන හැම වෙලාවකම..

අවුරුදු දෙකක් පහුවෙලත් අදටත් ඒකි මට පැටියෝ කියලා කතා කරන්නේ නෑ..ඒ ආදරබර පැණි ටෝක්  දෙන්නේ නෑ..ඇහුවම කියනවා ඒ එයාගේ හැටිලු..
යතාර්ථවාදී කෙල්ලෙක් හම්බවෙන්න කොල්ලෙක් පිං කරලා තියෙන්න ඕන තමයි..
ඒත්...... මාත් කොල්ලෙක්..
මාත් කැමති ඔය හැමෝම කියන සුන්දර බොලඳ ආදරේ එක පාරක් හරි විඳගන්න..

මට මහේශ්ව මතක් වෙනවා..ඌට කෙල්ලො හැමතැනම..මාර ෆන් එකේ ඉන්නවා..
එකෙක් දාල හියොත් තව එකෙක් නෙවෙයි දෙන්නෙක්..
හැබැයි ඌට ඒ හැමෝම ආදරෙයි..ඒ කවුරුවත් ඌව සැක කරන්නේ නෑ...
හැබැයි මං පන වගේ ආදරේ කරන එකම කෙල්ල මාව සැක කරනවා..කොච්චර පැහැදිලි කරල කිව්වත් තේරුම් ගන්නේ නෑ..

ඇයි ඒ??

මං හොඳ කොල්ලෙක් නිසාද?අදරේට අවංක නිසාද?බොක්කෙන් ලව් කරලා අන්තිමට මට ඉතුරු වෙන්නේ මේ සිත් තැවුල් විතරද?
ඔව්...ම‍ං කැ*යෙක් වෙනවා..පිස්සු කෙලිනවා අද ඉඳලා...තව කෙල්ලොන්ට ටෝක් කරනවා..
කොහොමත් එහෙම අහගන්න එකේ ඇත්තටම එහෙම කරලම අහගත්තම මොකද වෙන්නේ??

"අඩෝ උඹ කන්නේ නැද්ද?? "නිමේෂ් කාමරේට එබිලා ඇහුවා...

සිහින බිඳුනා..සිතුවිලි ලෝකෙන් පියවි ලෝකෙට මං ආවා..හැබැයි ගියාට වඩා වෙනස් විදිහට..

කියන්න...මං වැරදිද????



නම් ගම් මනඃකල්පිතයි..

21 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

Loku John said...

අහෝ දුකකි ඉරකි තිතකි

ඔබ නොදු‍ටු ලොවක්..... said...

අනේ මන්දා මොනව කියන්නද කියලා .....

වින්චැට් කිරිල්ලි. said...

මේ කතාව මම කලිනුත් කියෙව්ව වගේ මතකයි..මම හරිද?

Yasantha Hennayake said...

ඕක මගේ කතාවමයි.. ඔය ගැන කතා කරලා වැඩක් නෑ අයියා.. ඕක මගේ කතාවමයි.. ඔය ගැන කතා කරලා වැඩක් නෑ අයියා.. මං මේක සබැදිය සමග මූණුපොතේ දැම්මට කමක් නැද්ද??

සිත්රූ සිහින said...

එයා ඔයාව සැක කරනවා නෙමෙයි..ඔයාට තියෙන ආදරේ වැඩි කමට වෙන්න පුලුවන් වරදක් ඇත්නම් ඒව වලක්ව ගන්න රන්ඩු කරන්නෙ..ඔයාව එයාට නැති වෙයි බයට..මොකද මමත් මෙහෙමයි..මේක කියවද්දි මටත් හිතුනා මම ආදරේ කරන කෙනා ඔහොමම හිතනව ඇති නේද කියල..මටනම් හිතෙන්නෙ කෙල්ලෙක් ආදරේදි ඕනවටත් වඩා නපුරු වෙන්නෙ ආත්මාර්ථකාමී වෙන්නෙ ගොඩාක් ආදරේ වැඩි වුනාම..

වර්ණා said...

හ්ම්ම් ඒ ඇත්ත ආදරයක් නෙමෙයි..

නරකයා....!! said...

Maxxaa........... mama ara mahesh newe hari...!!

Anonymous said...

මන් කියන්නද හොද විදිහක් ඔයාට ආදරය කරන කෙනෙක් හම්බ වෙනකම් ජොලියේ ඉන්න
waisha

සමනල් පැටියා said...

අව0ක ආදරේ කියන්නේ පරිත්යාගයක් මච0.

Anonymous said...

හ්ම්ම්ම්... අනේ මන්දා!
අවංකව ආදරේ කරා ම ඉතුරු වෙන්නේ දුක විතර ද???
ඒක මටත් ලොකු ප්‍රශ්නයක්....

දයානන්ද රත්නායක said...

සැබෑ ලෝකයේ සිතුවිලි සහ මනෝ ලෝකයේ සිතුවිලි අතර දුරස්ථ බව වැටහෙන්නේ සැබෑ ලෝකයේ සිතුවිලි අතර සිර වුණාමයි.

Sabith said...

කිසි ප්‍රශ්නයක් නෑ!

The තරුවා said...

ඔහ්:.....:(

Shaggy said...

අඩේ මමත් එක එක කෙල්ලට නොදී මගේ ඉරණම් කාරිට දෙන්න ආදරේ ඉතිරි කරන් ඉන්නෙ, ඉස්කෝලෙ යන කාලෙ ඉදන්ම, තාමත් එහෙමයි දැන් නම් ඉතිරිලා යනවත් එක්ක, දෝතින්ම පුදන්න කෙනෙකුත් ඉන්නවා. ඒත් එයා බාරගනීවිද කියන්න දන්නෙ නෑ. එයාගෙ ලෝකෙට වෙන වීරයෙක් ඉන්නවා.. ඉතින් මම මගේ ආදරේ තාමත් තියන් ඉන්නවා හරියනම කෙනාට පුදන්න. මටත් ඔය බොලද ලව් නම් බෑ. කරනව නම් එකයි සිරාවටම....

Anonymous said...

mamath oya kiyapu type eke kellek.. eth kisima sakayak nam na.eth ane manda.. 1ma 1 adarayak misak in ehata jeewithayak na wage.

Anonymous said...

මචන් තරහ වෙන්න එපා මෙහෙම කියනවට උබ මේක පිලිගන්න එකක් නෑ සමහරවිට.. උබේ කෙල්ල කැමතියි උබට රිද්දන්න.. එයා කැමති උබේ සතුට දකිනවට වඩා එයා උබට වඩා උසස් කියල පෙන්නන්න..මටත් ඔහොම වෙලා තියෙනව මචන්.. ඕකට කියන්නෙ කියල sadistic love කියල.. එයා දන්නව උබ පුලුවන් උපරිමෙන් ආදරේ කරනව කියල.. ඒකයි ඕකට මුල උබ ගැන දුකයි මචන් ඇත්තටම

ගොඩයා said...

හ්ම්ම්ම්...... මටත් එහෙම හිතුණ වෙලාවල් නොතිබුනා නෙවෙයි. ඒත් සමහර තැන් වලදී මම වැරදියි. මටත් හිතිලා තියනවා ඇයි කෙල්ලො සෙල්ලමට ලව් කරන කොල්ලන්ට පණ දෙන්න හදන්නෙත් සිරා ලව් කරන කොල්ලෙක්ව ගණන් නොගන්නෙත් කියලා. අර ආතල් එකට කරන එකෙක්ට පණ දෙන්න ආදරේ කරලා ඌ බූට් එක තිබ්බහම ලෝකෙම ඉන්න කොල්ලන්ට බනිනවා ඇරෙන්න ආදරේ වෙනුවෙන් ගොඩක් කැපකිරීම් කරන්න කැමති එකාව පෙන්නේ නෑ... ඇත්තටම මචන් කාටද වැරදිලා තියෙන්නේ?? කෙල්ලන්ටද කොල්ලන්ටද????

Sabith said...

ඔව් චින්චැට්! ඕක මං මගේ බ්ලොග් එකේ පලකල ලිපියක් මෙතනත් පල කලේ!
ස්තුතියි කට්ටියගෙම අදහස් වලට!

Anonymous said...

hmmm mokuth comentnikarama yanna hithunene..
mamath eka etawada wenas deyak

hmmmmm.....adare kiyanne paithyaga kirima therum nogenimama wennna athi.. ettika vitharayi...

කතන්දර Kathandara said...

එන එන විදියට ගහ උළුවස්සා!

Unknown said...

මේ කතාව මමද ලිවේ කියල හිතෙන තරමටම මගේම කතාව,එත් අවසානය වෙනස්, මම නැවැත්තුව බැරිම තැන, එකෙනුත් හරිගියේ එයාට.. හොයාගත්ත සුපිරි කොල්ලෙක්.. මට හුලං..

Post a Comment

පි‍ටු පෙරලපු ගාන