පුතු තුළින් වත් නුඹට සහනයක් ලැබේවා...!

Monday, October 24, 2011
කල්පයක් පෙරු පිරුම් මොහොතකින් සිඳ බින්දු
කල්පයක් රැකි කිරට මුහු වෙච්ච ගොම බින්දු
ආත්මය පාරවන නුඹේ දුක රැඳි සින්දු
මට පුදුම නුඹෙ දිරිය, දැවෙන හදවත රැන්දු

දරුවාගෙ' නාමයෙන් මා පියන් අතැර නුඹ
විඳවනා දුක් ගැහැට, මලක් සේ හැදුණු නුඹ
කිසිවකට හිමි සමඟ අමනාප නොවී නුඹ
පතිවතම රකින රන් හෙළ කතකි නඟේ නුඹ

හිමිගෙ' ගෙරැවුම් පවා ගීයක් ව ඇසේවා
අග හිඟය නිමා වී සිත සතුට මැවේවා
හෙලන හැම ඩා බිඳම සුවයක්ම ගෙනේවා
පුතු තුළින් වත් නුඹට සහනයක් ලැබේවා...!

3 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

short.kutz said...

ඇත්තටම කාන්තාවකට තියෙන්නෙ අපරිමිත විඳදරා ගැනීමේ ශක්තියක්.

පන්සල් හංදිය said...

දැන් කවි පොත එහෙම බලලා නියමෙට ලියනවා නේ .....
ලස්සනයි .......

මට ඒ පැත්තෙ එන්නත් බැරි උනා සෑහෙන දවසකින් ......

චතුර විජේකෝන් said...

@ short.kutz
ඇත්තටම පුදුම හිතෙනවා... අපිට දරා ගන්න පුළුවං හුඟක් දේ කාන්තාවන්ට දරා ගන්න බෑ.. ඒත් අපිට බැරි හුඟක් දේවල් එයාලට දරා ගන්න පුළුවං...

@පන්සල් හංදිය
අපොයි ඔවු.. දැං වැරදි සෑහෙන්න අඩුයි.. විවේක වෙලාවක ඒ පැත්තෙත් එන්නකෝ..

Post a Comment

පි‍ටු පෙරලපු ගාන