මව්බිමට නිදහස් මිනිසුන් ඕනෑ වී තිබේ.

Monday, September 5, 2011
 මේ මොහොතේ අපේ මව්බිමට, මානසික වහල් බවින් මිදුනු නිදහස් මිනිසුන් ඇවැසි වී ඇත. සියතින් ගෙල සිඳ ගනිමින් සිටින ජාතියකට නිවැරදි මග කියා දීමට හැකියවුන් ඉදිරියට ආයුතු අවධියක් නැවත පැමින ඇත. වඩාත් භයානක වන්නේ නරක මිනිසුන්ගේ ක්‍රියා නොව හොඳ මිනිසුන්ගෙ නිහඬතාවය බව දිනෙන් දින පසක් වෙමින් තිබේ. මෑත ඉතිහාසයේ අප රට ඉතා අඳුරු පරිච්ඡේද පසු කලද මෙතරම්ම ගර්හිත කල සමාජයක් තවත් තිබුනේ නැත. 89යේ භීෂනයේ කූඨප්ප්‍රාත්තියේ මහ සංහාරයෙන් පසුව තිබුනු බියෙන්,සැකයෙන් හා අවිනිශ්චිත බවින් පිරුනු ලාංකීය සමාජය තුල පවා අද තරම් නිහඬ බවක් නොවීය. වැරැද්ද නිවැරැද්ද දැකීමත් එය එලිපිට කියා පෑමත් ඉතා පහසුවෙන් මරනය කැඳවාගත හැකි කාලයේ පවා නොමැතිවූ නිහඬතාවයක්,අන්ඳභාවයක් අද මේ සමාජය වෙලාගෙන ඇත්තේ අපේ මවුබිම කාලකන්නිබවේ පතුලටම ගිලෙන්නට නියත විවරන ලබා ඇති නිසාවත්ද?
ප්‍රජාතන්ත්‍රවාදය විහිලුවක් වූ රටක, නීතිය බල්ලට ගිය රටක,පලිගැනීම රටේ දේශපාලන න්‍යාය පත්‍රයේ ඉහලින්ම ඇති රටක,වංචාව දුෂනය ආයතනගත කල රටක,පිස්සන් කුඩ්ඩන් හොරුන් මංකොල්ලකාරයින් මැති ඇමතිකම් කරන රටක මේ නිවට නිහඬ බව නියාලු දරා ගැනීම නොහොත් අනියම් එකඟතාවය කෙසේ විග්‍රහ කර ගනිමුද?
එදා මරනය ඉදිරියේ හිස නොනැමූවන් අද වරධාන ඉදිරියේ හිස පහත හෙලා ඉන්නේ කුමන කරුමයකටද? කොන්ඳ කෙලින් තියාගෙන පෑන මෙහෙයවූ පත්තරකාරයන්, නිවැරදි සමාජ දැක්මක් වෙනුවෙන් කව් ගී ලියූවන්, කියූවන්, සිනමා/නාට්‍යකරුවන්, සමාජ ප්‍රගමනයන්ට දර්ශනයක් දුන් ඇදුරන්,මහඇදුරන් අද පිටකොඳු බිඳගත් ඔල මොල නිවටුන් වී ඇත්තේ මන්ඳ?
මෙය වයසත් සමග සිදුවන පුද්ගල රූපාන්තරනයකට ලඝුකොට හැකිද? මියගියවුන් හා වයසත් සමග අවරට ගියවුන්ගේ රික්තය පුරවන්නට අංකුර බිහිනොවන්නේ මන්ඳ? අපේ රටේ හා ජනයාගේ කරුමයද? නැතහොත් දශක තුනක් තිස්සේ අප රට ගමන් ගන්නා දේශපාලන සමාජාර්ථික ගොහොරුවේ තාර්කික ප්රතිපලයක්ද?
ආත්මාර්ථය දහම කරගත් ලෝකය සිය කුටුම්බයේ ප්රමානයට කුඩාකරගත්,පොදු සමාජය, රට, අනාගත පරපුර ගැන හැඟිමක් තැකීමක් නැති මිනිසුන්ගෙන් පිරුනු සමාජයක්...... සියල්ල මුදලට යට කල සමාජයක්...... අතීතයේ සිට අප ජාතියක් ලෙස පවත්වාගෙන සාමූහිකත්වය,සහජීවනය,එකිනෙකා වෙත වූ පොදු වගකීම ඇතුලු ශුද්ධවූ සියල්ල  විනාශ කරගත් සමාජයක්............... ලෝකය විශ්ව ගම්මානයක් බව දේශනා කරමින් සිය ප්රාග්ධනය ලොව පුරා පතුරවමින් සිටින දැවැන්ත සමාගම් කිහිපයක් විසින් හසුරවන ඊනියා ලිබරල් ආර්ථික දේශපාලන න්යායපත්රය හරහා පරිධියේ කුඩා රටක් වන ශ්රී ලංකාවේ නිර්මානය කර ඇති විපරීත සමාජය එයය.  
තනිකරම මී පොරයක් වී ඇති ප්රාතමික හා ද්වීතීයක අධ්යාපනයද,ගිරා පෝතකයන් බිහිකරන විශ්ව විද්යාල පද්ධතියද,රියැලිටි ෂෝ එකක් වී ඇති රටේ තාරුණ්යද මේ අසංවේදී සමාජයේ කදිම පිලිබිඹු නොවේද?

5 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...

දැන් මොකක් කරමුයි කියලද කියන්නේ ? ලිබරල් ආර්ථිඅකය වෙනුවට වෙන එකක් ගේමුද ? ලිබරල් ආර්ථිකය ඇතුලේම අනික් ටික හදමුද ?

ඉන්දික said...

නිදහස්, නිවහල්.ඕව වචන විතරයිද මන්ද?

Anonymous said...

ලිබරල් ආර්ථිකයක් කියා ඒකාධිපති ආර්ථික රටාවක් ගෙන යද්දී ඊට වැරැද්ද ලිබර්ල් වීම පිට දාන්නේ කොහොම ද?

දිනුක said...

මිනිස්සු නිහඬ වෙන්නෙ මේ ඔක්කොම කරන්නෙ සිංහල බෞද්ධ රෙද්දෙං වහගෙන කරන හින්ද නේද? මුන්ට බැන්නොත් නාග ලෝකෙටනෙ ඇදං යන්නෙ.කලිං ආණ්ඩු මොනවා හරි විකුණද්දි ඒ ධනවාදය ඉදිරියේ හිස නැමීමක් උනාට දැං ඒක තමයි දේශීය චින්තනය.දේශ මාමකත්වය.අනික අපේ රටේ හරක් ඡන්ද දායකයින්ට කලිං වෙච්ච දේවල් පටස් ගාලා අමතක වෙනවනෙ.අපේ රටේ මිනිස්සුංව හදන්න බෑ.නැත්තං මිනිස්සුංව ගස් බඳින එකෙක්ව පාර්ලිමේන්තු යවයිද?ටී.වී එකේ හොඳට අඬලා පෙන්නුව පළියට ගෑනියෙක්ව තෝරනවද අපි ජීවත් වෙන විදිහ තීරණය කරන නීති සම්මත කරන්න?

සරත් ලංකාප්‍රිය said...

ගැලවුම්කරුවන් ලෙසින් පෙනී සිටිමින් ජනතාව ඉච්චා භංගත්වයට පත් කිරීමේ පාපය අයිති වෙන්නේ ඊනියා විපක්ෂයේ පෙරගමන්කරුවන්ට මිස වෙන කාටද ?

Post a Comment

පි‍ටු පෙරලපු ගාන