ඔබත් අදම නිර්මල දහමට එන්න…

Friday, July 22, 2011



අවසර       පතමි සිතුවිලි කවි        කරන්නට
මනහර     බුදු දහම ලොවටම        කියන්නට
මේ වෙර      නිමල දම් ඔබහට     බෙදන්නට
ගෙනහැර     පාමි ලිපි මම යන       ලියන්නට

නිර්මල   අමා     දම් රස   සොයලා  දෙන්නයි
සක්වල   සරා    පින්බිම්     වැඳලා    ගන්නයි
මංගල    මහා  සඳ තතු       කියලා  දෙන්නයි
සිංහල    දනා   මන තුල      මවලා පෙන්නයි

බොදු   සළකුණු ගැනත් වඩවා ගනු       සතර
බුදු      හිමි තතු අසනු ගතකළ පෙර      සසර
පිදු      දින ගැන කියමි බොදු අප හට    පවර
විදු     එළිපෙහෙළි කර පසු ගෙන එමි  මිතුර

බුදු   වදනින්  තමයි අපෙ දිවි      හැදෙන්නේ
මුදු    තෙපළින් යුතුව දෙසු බණ සොයන්නේ
සුදු   බුදුරැස්   වැටී මඟ හෙළි    කෙරෙන්නේ
රුදු   දළ සිත්    සතන් දහමින්     නිවෙන්නේ

අපිත්    පිළිවෙතින් පෙළගැසෙමුද        ඔන්න
මමත්    කැමති සදහම් දානය              දෙන්න
සිතත්    නිවා දහම් සුවය විඳ                ගන්න
ඔබත්    අදම නිර්මල දහමට                එන්න

4 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

සිතුවිලි පවුරේ ඇඩ්මින් said...

සිතුවිලි කවිපද වලට පෙලගස්සවා තිබෙන විදිය උපරිමයි.. සුබ පැතුම්.. දිගටම ලියන්න

Chamath N. Kirinde said...

බොහොම ස්තූතියි ප්‍රතිචාරයට, ඇත්තෙන්ම එකම ප්‍රතිචාරයට !

සිතුවිලි පවුරේ ඇඩ්මින් said...

සැලෙන්න එපා සහෝ.. සිතුවිලි පවුරේ පෝස්‍ටු වලට කොමෙන්‍ටු අඩු උනාට හිට්ස් වැඩී.. අද දවසට මේ ලිපිය 34ක් බලලා.. මං මේ කියන්නෙ ස්ටැට්ස් බලලා.. සිතුවිලි පවුරේ පෝස්‍ටු වලට කොමෙන්‍ටු අඩු වෙන්න හේතුවක් තියෙනවා. අපි ඒ ගැනත් කතා කරමුකො.. දිගටම ලියන්න.. අපිට ලියන එක අකුරත් වටිනවා..

Chamath N. Kirinde said...

නෑ පිස්සුද අපි සැලෙනවද එහෙම ? අපිට ඕවා පුරුදුයි හොඳට.. මගෙ blog එකටත් වැඩිය කට්ටිය නෑ. මොකද මගෙ blog එකේ තේරුමක් නැති, මෝඩ joke තියෙන ලිපි නෑනෙ. අද කාලෙ අය හොයන්නෙම ඒවනෙ... අනේ සංසාරේ.
කොහොම උනත් ඇඩ්මින් තුමා බොහොම ස්තූතියි දිරිගැන්වීමට..

Post a Comment

පි‍ටු පෙරලපු ගාන